Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවක් වෙන Vinland Saga ඇනිමේ එකේ 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි සමඟයි දැන් මේ එකතුවෙන්නෙ. කලින් කොටස් දෙක බැලුවා නම් කතාව ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනවා. ඔහොමම බලාගෙන යං. හොඳම සිදුවීම් තව ඉදිරියට… පසුගිය මතකයන් : – ලෝකයෙ උතුරු කෙළ…

ඉතින් මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවක් වෙන Vinland Saga ඇනිමේ එකේ 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි සමඟයි දැන් මේ එකතුවෙන්නෙ. කලින් කොටස් දෙක බැලුවා නම් කතාව ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනවා. ඔහොමම බලාගෙන යං. හොඳම සිදුවීම් තව ඉදිරියට…
පසුගිය මතකයන් : –
ලෝකයෙ උතුරු කෙළවරේ, හිමෙන් වැහී ගිය අයිස්ලන්තයෙ කුඩා ගම්මානයක ජීවත්වෙනවා “තෝර්ෆින්” කියල පොඩි ගැටයෙක්. මේ ගමේම ජීවත්වෙන තවත් කෙනෙක් තමයි “ලෙයිෆ් එරික්සන්” කියන්නෙ. ගමේ ඉන්න කාටත් වඩා මේ ලෙයිෆ්, මුහුදු ගමන් ගැන දන්නවා. මුහුදෙන් එහා තියෙන, ගොඩබිම් ගැන දන්නවා. ඒ විදිහෙ ගිය එක් මුහුදු ගමනකින් මේ ලෙයිෆ් හොයාගන්නවා අලුත් ගොඩබිමක්. ගහකොළ යහමින් හැදෙන, කොළපාට තණතිල්ලෙන් මුළු බිමම වැහිලා තියෙන, යුද්ධ කලකෝලාහල සහ වහල්කමින් තොර වුණු සාමයෙ පාරාදීසයක්! ඒ බිමේ නම තමයි “වින්ලෑන්ඩ්.” කුඩා තෝර්ෆින්, මේ ලෙයිෆ්ගෙ ඒ වික්‍රමාන්විත චාරිකාව ගැන අහගෙන ඉන්නෙ සෑහෙන කුතුහලයෙන්. නමුත් ඒ අතරෙ මේ කතා ඇත්තද කියන සැකයත් තෝර්ෆින්ගෙ හිතේ නැතුවම නෙමෙයි.
තෝර්ෆින්ගෙ පියා; “තෝර්ස්” කියන්නෙ හැඩිදැඩි ඉමහත් කායශක්තියකින් යුත් ගමේ ඉන්න කාගෙත් ගරුත්වයට පාත්‍ර උනු කෙනෙක්. කලකදි ඔහු උතුරු මුහුදෙ ශක්තිමත්ම මිනිසුන් වූ “ජෝම්ස් වයිකිංවරුන්ගෙ” නායකයා ලෙස යුධබිමේ දස්කම් පෑ අයෙක්. නමුත් දවසක ඔහු හිටිහැටියෙම යුධ බිමෙන් පලායනවා. ඒ ඔහු මියගියා කියල හැමෝටම හිතන්න සලස්වමින්. ඒ මරණයට පැවති බිය නිසාද? ජෝම්ස් වයිකිංවරු කියන්නෙ මාරයට බිය මිනිසුන් කණ්ඩායමක් නොවෙයි. පියෙකුගෙ වගකීම් දැන් තෝර්ස් මත පැටවිලා තියෙන නිසයි ඔහු යුධබිමෙන් පලායන්නෙ. වසර ගණනාවක් ඔහු මේ විදිහට අයිස්ලන්තයෙ සාමකාමීව ජීවත්වෙනවා, තමන්ගෙ ආදරණීය බිරිඳ “හෙල්ගා” වැඩිමල් දුව “යිල්වා” සහ බාලපුත් “තෝර්ෆින්” සමඟ.
එක් කුණාටු රාත්‍රියක හාෆ්ඩැන්ගෙ භාරයෙ හිටපු වහලෙක්, මේ තෝර්ස්ගෙ ගමටයි පලායන්නෙ. හිමෙන් යටවී සිටි ඔහුව මුදාගන්නෙ තෝර්ස් හා ඔහුගෙ දියණිය විසින්. නමුත් ඒ වහලා තමන්ගෙ අවසන් හෝරාවට ළංවෙලා. ඔහුගෙ අවසන් හෝරාවෙදි තෝර්ස් මෙන්න මේ වචන කීපයයි ඔහුට කියන්නෙ…
“බටහිරේ… දුර ඈතට වෙන්න, මුහුදිනුත් එහා, බිමක් තියෙනවා වින්ලෑන්ඩ් කියල. එහෙ උණුසුම්… අනික සාරවත්. වහල් වෙළදාමයි යුද්ධෙනුයි තුරන් වෙච්ච, ගොඩක් දුරින් තියෙන බිමක් ඒක. ඔයා මොකද කියන්නෙ? දවසක අපිත් එක්ක එහෙ ජීවත්වෙන්න එන්න.”
මේ මොහොතෙදි තමයි කුඩා තෝර්ෆින්ට, ලෙයිෆ් කියපු ඒ වින්ලෑන්ඩ් නම් බිමේ පුවත ඇත්තක් කියල තහවුරු වෙන්නෙ. කුඩා තෝර්ෆින්ගෙ හිතේ මේ විදිහටයි වින්ලෑන්ඩ් ගැන බලාපොරොත්තු ඇතිවෙන්නෙ.
මේ අතරෙ උතුරු එංගලන්තයෙ වයිකිං කඳවුරකට ඉංග්‍රීසින් පහරදෙනවා. ඒ පහර දීමෙන් ඩෙන්මාර්කයෙ ස්වෙයින් රජුගෙ නැඟණිය ඇතුළු බොහොමයක් ඩෙන්මාර්ක ජාතිකයින් මිය යනවා. ඒ අනුව දැන් ඩෙන්මාර්කය එංගලන්තය හා යුද්ධයකට අවතීර්ණ වෙන්නයි යන්නෙ. ජෝම්ස්බෝග් හී ජෝම්ස් වයිකිංවරුත් දැන් ඩෙන්මාර්කයෙ හමුදාවට එක්වෙලා. මියගියා යැයි හිතපු තෝර්ස්, තවමත් ජීවත්වෙනවා යන දූසමාන ආරංචි ඔවුන්ගෙ කනවැකිලා. ඒ අනුවයි “ෆ්ලෝකි” යටතෙ ජෝම්ස් වයිකිං කණ්ඩායමක් අයිස්ලන්තයට එන්නෙ. ඉතින් ෆ්ලෝකී තෝර්ස්ව හම්බවෙලා ඉහත කියපු එංගලන්තයෙ සිදුවීම කියනවා. ඔහුටත් ආරාධනා කරනවා මේ යුද්ධයෙ සටන් කරන්න එනලෙස. නමුත් ඔහු දැන් සටනට වැඩි කැමැත්තකින් නෙමෙයි ඉන්නෙ. මෙවර තෝර්ස් පලාගියොත් ඔහු ජීවත්වෙන ගමේ මිනිසුන්ටයි වන්දිගෙවන්න වෙන්නෙ. තෝර්ස් ඒ ගැන දන්නවා. ජෝම්ස් වයිකිංවරු හමුදාව අතාරින අයට සමාවක් දෙන්නෙ නෑ. ඉතින් අකමැත්තෙන් උනත් තෝර්ස්ට මේකට කැමතිවෙන්න වෙනවා. ගමේ ඉන්න හයහතර නොදත් කොල්ලො රෑන දැන් යුද්ධයට පිටත්වෙන්නයි ලෑස්තිය. හිතාගෙන ඉන්නෙ යුද්ධය කියන්නෙ හරි සුන්දර දෙයක් කියල.
මේ අතරෙ ෆ්ලොකී අයිස්ලන්තයට නුදුරින් තියෙන ෆැරෝ දූපත්වලදි “ආෂ්කෙලැඩ්” නම් කෙනෙකු මුණ ගැහෙනවා. මතකයි නේද ඒ යකාට කරන්න කිව්ව කොන්ත්‍රාත්තුව? තෝර්ස්ට ප්‍රශ්නයක් වෙයිද? ඔහු යහතින් ආපහු නිවස කරා එයිද? පිළිතුරු හොයාගන්න එහෙනම් මේ කොටස් දෙකත් බලලම ඉමු. ඒ වගේම මෙතෙක් වුණු කතාවට අදාල සිතියම ඔන්න පහළින් දාලා තියෙනවා. ඒකත් ඔයාලට වැදගත් වෙයි. හමුවෙමු එහෙනම් ඊළඟ කොටස් දෙකෙන්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,187 downloadsDownload Vinland-Saga-S01-E03-E04-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
4 comments
dilsara
Dasun Lakruwan
සුපිරි පවිත්...❤️
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරී සහෝ.... සබ් එක සුපිරියටම හදලා තියනවා.....thanx