Agatha All Along Sinhala Subtitles කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් සුපුරුදු විදියට පස්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවට ආවා. මේ වෙද්දිනම් හැමෝටම මේ කතාමාලාව අල්ලලා ගිහින් ඇති කියලා හිතනවා. කලින් කොටසේ උන දේවල් ඔයාලට මතක ඇතිනේ. හරිත මායාකාරිය වෙනුවට ආව අහිංසක හාට් නෝනා මියගියාට පස්සේ අපේ මායාකාරියෝ සෙට් එකට ඉ…

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් සුපුරුදු විදියට පස්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවට ආවා. මේ වෙද්දිනම් හැමෝටම මේ කතාමාලාව අල්ලලා ගිහින් ඇති කියලා හිතනවා. කලින් කොටසේ උන දේවල් ඔයාලට මතක ඇතිනේ. හරිත මායාකාරිය වෙනුවට ආව අහිංසක හාට් නෝනා මියගියාට පස්සේ අපේ මායාකාරියෝ සෙට් එකට ඉස්සරහට යන්නනම් තවත් හරිත මායාකාරියක්ව ඕන උනානේ. ඒ නිසා ජෙන් මායා කර්මයක් කරලා තවත් මායාකාරියක්ව ගෙන්නනවා. ඒ ගෙන්නුවේ ඇගතගේ පරණ යෙහෙළිය රියො විඩාල් බව අපිට දකින්න ලැබුනා. මේ වතාවේ කට්ටියට මූණ දෙන්න උනේ ඇලිස්ගේ පරීක්ෂණයටයි. ඇලිස් කියන්නේ ආරක්ෂක මායාකාරියක් බව දන්නවනේ. ඉතිං මේ කට්ටියට බලපාපු ශාපයකින් ඒ හැමෝම බේරගන්න වගකීම ඇලිස්ගේ අතට ලැබුනා. ඒ වෙනුවෙන් එයාලට ආපහු මායාකාරියන්ගේ මාවතේ ගීතය ගායනා කරන්නත් උනා. ඒත් ඒ කලින් සිංදුවනම් නෙමෙයි ඇලිස්ගේ අම්මා වෙන ලොරේන් වූ ගායනා කරපු වෙනස් අනුවාදයක් තමයි ගායනා කරන්න උනේ. ඒ වගේම මේ ශාපය කියන්නේ තමන්ගේ පවුලේ තියෙන පරම්පරා ශාපයක් බවත් තමන්ට ඒක විනාශ කරන්න පුළුවන් බවත් තේරුම් ගත්ත ඇලිස් කොහොමින් හරි ශාපයත් විනාශ කරලා කට්ටියවම බේරගත්තා.
මායාකාරියෝ සෙට් එක යහතින් බේරුනත් ටීන් කොළුවටනම් වීදුරු කෑල්ලක් ඇනිලා යස ඇබැද්දියක් වෙනවා. ඒත් කට්ටියම එකතු වෙලා කොහොමින් හරි කොළුවවත් බේරගෙන ආපහු පාරට එනවා. මායාකාරියෝ ටික පහුගිය දේවල් කතා කරන අතරතුර ඇගතා සහ රියෝ විඩාල් අතර දුරදිග ගිය සම්බන්ධයක් තියෙන බවත් දකින්න ලැබුනා. අන්තිමටම අපි දැක්කේ ටීන්ව ඇගතගේ පුතා කියලා හිතන්න එපා කියලා රියෝ කිව්ව එකට ඇගතා නෝක්කාඩුවෙන් යන විදියයි.
අද කොටස ගැන කිව්වොත් මේක ඉතාම සුවිශේෂ කොටසක්. මොකද අද කට්ටියට මූණ දෙන්න වෙන්නේ අපේ ඇගතා හාක්නස්ගේ පරීක්ෂණයටයි. ඉතිං ඇගතට ලැබෙන පරීක්ෂනය මොකක් වෙයිද. අනිත් එක තමයි මේ ටීන් කොළුවා කියන්නේ කවුද කියන එක අපිට ලොකු අභිරහසක් උනානේ. අද අපිට ඒ අභිරහස බොහෝ දුරට විසඳගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෙවෙනි කොටසෙදි ඇගතගේ පස්සෙන් පන්නපු සේලම් සෙවන් කියන කණ්ඩායම ඔයාලට මතක ඇති. අන්න ඒ කණ්ඩායම ආපහු මායාකාරියන්ගේ මාවතට ඇවිල්ලත් ඇගතගේ පස්සෙන් පන්නනවා. ඒ නිසා සේලම්ස් සෙවන් ගැන පුංචි විස්තරයකුත් ඔයාලට පහලින් දාලා ඇති.
සේලම්ස් සෙවන් (The Salem’s Seven)

අපිට මාර්වල් කොමික් වලදී සේලම්ස් සෙවන් දකින්න ලැබෙන්නේ ඇගතා හාක්නස්ගේ මුණුපුරන් සෙට් එක විදියටයි. ඒ කියන්නේ ඇගතගේ පුතා වෙන නිකලස් ස්ක්‍රෑච්ගේ දරුවෝ තමයි පසුව මේ සේලම්ස් සෙවන් කියන බලගතු මායාකරුවන්ගේ කණ්ඩායම බවට පත්වෙන්නේ. ඒත් Agatha All Along කතාමාලාවෙදි ඔවුන්ව හඳුන්වන්නේ ඇගතා විසින් ඇයගේ ආත්මාරක්ෂාව සඳහා මරා දැමූ තමන්ගේ මව වන එවනෝරා හාක්නස් සහ ඇයගේ සහෝදර මායාකාරියන්ගේ දරුවන්ගෙන් සමන්විත මායාකාර කණ්ඩායමක් ලෙසයි. මාවල් කොමික් වලදී මොවුන්ව මුලින්ම හම්බවෙන්නෙ 1977දී නිකුත් උන Fantastic Four #186 කලාපයෙනුයි. සේලම්ස් සෙවන් මුල් කාලයෙදී ස්කාර්ලට් විච් සහ ෆැන්ටෑස්ටික් ෆෝලාගේ සතුරන් විදියට ක්‍රියා කරලා තිබුනත් පසුකාලයේ ඔවුන් දෙපාර්ශ්වයම සමඟ එකතුවෙලා කටයුතු කරලා තියෙනවා. සේලම්ස් සෙවන්හි සාමාජිකයන් හත්දෙනාම Nicholas Scratch ගේ ළමයි එහෙමත් Agatha Harkness ගේ මුණුබුරන් කියලා මුලින් කිව්වනේ. ඒ නිසාම ඔවුනුත් මායා බලයෙන් යුත් රණකාමීන් වෙනවා වගේම එයාලට සුපිරි බලයන් සහිත අපූරු ජීවීන් බවටත් පරිවර්තනය වෙන්න හැකියාව තියෙනවා.
Brutacus – මෙයාට රතු අං තියෙන සිංහ මුහුණක් ඇති දැවැන්ත මනුෂ්‍යයෙකු බවට පරිවර්තනය වෙන්න පුළුවන්. බෘටකස් මෙම ස්වරූපයට පත්වුනාම ඔහුට ෆැන්ටෑස්ටික් ෆෝ සාමාජික Thing හෝ ඇවෙන්ජර්ස් සාමාජික Vision එක්ක සටන් කිරීමට පවා ප්‍රමාණවත් ශක්තියක් සහ දරාගැනීමේ හැකියාවක් ලැබෙනවා.
Gazelle – මැයට කුර බෙදුනු මුවෙක්ට සමාන පුද්ගලයෙකු විදියට පරිවර්තනය වෙන්න හැකියාව තියෙනවා වගේම ඒ වෙලාවට මෙයාට සුපිරි වේගයක් සහ කඩිසර බව වැනි හැකියාවන් ලැබෙනවා.
Hydron – මෙයාට මාළු මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ වම් අතේ කඳ කොටස මඟින්ම ජලය පාලනය කරලා ජලධාරාවන් වලින් වෙඩි තියන්න පුළුවන්.
Reptilla – මැයට සර්පයෙක් මෙන් පරිවර්තනය වීමට හැකියාව ඇත. ඇයගේ කකුල් තනි දිගු සර්ප වලිගයකටත් දෑත් විෂ සහිත සර්පයන් දෙදෙනෙකුගේ ස්වරූපයකටත් පරිවර්තනය වේ. ඇයගේ දෑත් සර්පයන් අවශ්‍ය පරිදි දිග අඩු වැඩි කිරීමටත් එහි ඇති සර්ප හිස් මගින් දෂ්ට කිරීමත් කල හැක වේ.
Thornn – අත් සහ පාදවලින් විශාල රතු උල් පනින කහ පැහැති යක්ෂයෙකු වැනි මානව ස්වරූපයකට පරිවර්තනය වීමට මොහුට හැකියාව ඇත. ඔහුට එම පුපුරන සුළු කටු සතුරන් මතට විසි කිරීමට හැක.
Vakume – විශේෂ හැඩයක් නොමැති දම් පැහැති මානව රූපයක් බවට පරිවර්තනය වන මොහුට පියාසර කිරීමේ හැකියාව, ඉතා සියුම් වීමේ හැකියාව සහ සුළං සහ රික්තක නිර්මාණය කිරීම මගින් වාතය පාලනය කිරීමේ හැකියාව තියෙනවා.
Vertigo – නිකලස් ස්ක්‍රෑච්ගේ වැඩිමල් දියණිය වන මැයට විශේෂ විශේෂ පරිවර්තන රූපයක් නැත. නමුත් ඇයට පුද්ගලයෙකුගේ සමබරතාවයේ හැඟීමට පහර දීමට හැකියාවක් ඇත.
මේ තමයි ඔරිජිනල් සේලම් සෙවන්ලගේ විස්තර සහ හැකියාවන්. ඒත් අපිට මේ කතාමාලවෙන් නම් මේ චරිත දකින්න ලැබෙන්නේ නෑ. කලින් කිව්වා වගේ මේ කතාවේ ඉන්න සේලම් සෙවන් කියන්නේ ඇගතගේ මුණුබුරු මිණිබිරියෝ නෙමෙයිනේ. හැබැයි මේකේ ඉන්න කට්ටියටත් තමන්ගේ රූපය සත්තු බවට පරිවර්තනය කරන්න පුළුවන්. වර්ටිගෝ චරිතයට අමතරව අනිත් හය දෙනා සර්පයෙක්, නරියෙක්, කපුටෙක්, මීයෙක්, බකමූණෙක් සහ වෘකයෙක් බවට පරිවර්තනය වෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්.එහෙනම් ඉතිං මාත් ගිහිල්ලා එන්නම්. මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
Agatha All Along Sinhala Subtitlesකතාංගයේ නම – “Darkest Hour / Wake Thy Power”
කතා රචනය – Laura Monti
අධ්‍යක්ෂනය – Rachel Goldberg
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 09
IMDb අගය – 7.9
මීළඟ කතාංගය – “Familiar by Thy Side”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,368 downloadsDownload Agatha-All-Along-S01-E05-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agatha All Along Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Agatha All Along
- #Agatha All Along Sinhala Subtitles
- #Disney Plus
- #Editor's Pick
- #Joe Locke
- #Kathryn Hahn
- #MaxxA
- #MCU
- #Offbeat
- #Sasheer Zamata
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #WandaVision
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Sandeep Madushan
namorr
epi 6 eke subtitile denne nedd?
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Superb work brother..