Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවෙ 5 සහ 6 කොටස්වලත් සිංහල උපසිරසි අරගෙන ඇවිල්ලයි තියෙන්නෙ. කලින් කොටස්වල සිදුවීම් නැවත ආවර්ජනය කරලා බැලුවොත්: යෝම්ස් වයිකිං කණ්ඩායමක් සමඟ තෝර්ස්ගෙ ගම්මානයට ආපු ෆ්ලෝකී, තෝර්ස්ට එක්තරා විදිහට තර්ජනයක් තමයි කරන්නෙ. හැබැයි මේ පාරත් පැනලා ගි…

Vinland Saga Sinhala Subtitles

ඉතින් මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවෙ 5 සහ 6 කොටස්වලත් සිංහල උපසිරසි අරගෙන ඇවිල්ලයි තියෙන්නෙ. කලින් කොටස්වල සිදුවීම් නැවත ආවර්ජනය කරලා බැලුවොත්: යෝම්ස් වයිකිං කණ්ඩායමක් සමඟ තෝර්ස්ගෙ ගම්මානයට ආපු ෆ්ලෝකී, තෝර්ස්ට එක්තරා විදිහට තර්ජනයක් තමයි කරන්නෙ. හැබැයි මේ පාරත් පැනලා ගියොත් තෝර්ස් ගෙ ගමේ අසරණ මිනිසුන් තමයි ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නෙ. තෝර්ස් ඒ ගැන හොඳාකාරවම දන්නවා. කරන්න දෙයක් නැතිනිසා අකමැත්තෙන් උනත් දැන් යෝම්ස්බෝග් වෙතට පිටත්වෙන්නයි තෝර්ස් සූදානම් වෙන්නෙ. ඒ ලෙයිෆ්ගෙ සහයත් ඇතිවයි. මේ අතරෙ යුද්ධය ගැන කිසිම දෙයක් නොදන්න ගමේ ඉන්න මෝඩ බයියො පස් දෙනෙකුත් ඔන්න කඩුහෙළි අරං තෝර්ස් එක්ක යුද්ධෙට යන්න ලෑස්ති උනානෙ. මේ අතරෙ තෝර්ෆින්ටත් දැන් යුද්ධෙ උස්නෙ ගහලා. මතකයි නෙ අර පොඩි උන් ටිකට නෙළපු විදිහ. අර මෝඩ බයියො ටික ආයුධ අරං ඉන්නවා දැකපු තෝර්ෆින්ටත් ආයුධයක් ඕනෙ වෙලා තමයි තෝර්ස් ගෙ ආයුධ පෙට්ටිය ඇරලා බලන්නෙ. ඒ වෙලාවෙ ආපු තෝර්ස් තෝර්ෆින්ට කියපු දේ මතකයි නේද?

“ඔයාට හතුරන් කියල කවුරුත් නෑ.
කාටවත්ම හතුරන් කියල කවුරුත් නෑ.”

තෝර්ස් ගෙ මෙන්න මේ වැකිය හොඳට හිතේ තියාගෙන මේ වින්ලෑන්ඩ් සාගා බලාගෙන යන්න.

ඉතින් අයිස්ලන්තයෙන් පිටත්වුණු මේ පිරිස ක්‍රමක්‍රමයෙන් ෆැරෝ දූපත් වෙතට ආවා. ඉතින් මෙතන තමයි ෆ්ලෝකිගෙ කොන්ත්‍රාත්තුව භාරගත් ආෂෙලැඩ් තමන්ගෙ පිරිස සූදානම් කරගෙන ඉන්නෙ තෝර්ස් මරන්න බලාගෙන.

තෝර්ස් කියන්නෙ සැබෑම පිරිමියෙක්. සැබෑම මහත්මයෙක්. නිර්භය රණශූරයෙක්. තමන්ගෙ ගමේ මිනිස්සු ගැන හිතලා, තමන් එක්ක මේ ගමන ආපු මිනිස්සු ගැන හිතලා, තමන්ගෙ දරුවා ගැන හිතලා ඔහු තමන්ගෙ ජීවිතය කැප කරනවා. ඒ වගේ බොහොම අමාරු තීරණයක් ගන්න හැමෝටම බෑ. එහෙම කරන්න පුලුවන් පියෙක්, රණශූරයෙක් හැබෑම පිරිමියෙක් වෙන තෝර්ස් වගේ අයෙකුට විතරයි.

“සැබෑම රණශූරයෙක්ට… කඩුවක් අවැසි නෑ.”

මේකත් හොඳින් හිතේ තියාගෙන වින්ලෑන්ඩ් සාගා නරඹන්න මහත්වරුනි.

ආෂෙලැඩ් කියන්නෙ මොනතරම් නරකාදි මිනිහෙක් උනත් පොරටත් තෝර්ස් ගැන ගරුත්වයක් තියෙනවා ඔයාලා දකින්න ඇති. තෝර්ස් වගේ හැබෑම පිරිමියෙක්ව අඳුනගන්න පුලුවන් ඒ හා සමාන හැබෑම පිරිමියෙක්ට විතරයි. ඉතින් මං මේ කියන්න හදන්නෙ ආෂෙලැඩ් කියන්නෙ සිරාම පිරිමියෙක් කියලද? මහත්වරුනි, ඒක මං ඔබලටම හොයාගන්න ඉතිරි කරන්නම්.

පිය සෙනෙහස අහිමි වුණු තෝර්ෆින් දැන් කොහොමද තමන්ගෙ ජීවිතය ගැටගහගන්නෙ කියල බලන්න එහෙනම්. ඒ වගේම මෙතෙක් කතාවට අදාල ස්ථාන ටිකත් ඔන්න පහළ සිතියමේ දාලා තියෙනවා. ඒකත් හොඳට බලාගෙන යන්න.

සිතියමේ පරිදි තෝර්ස් ඇතුළු පිරිස අයිස්ලන්තයෙන් පිටත්වෙලා ෆැරෝ දූපත් වෙතටයි ආවෙ. ෆැරෝ දූපත් තුළදි තමයි ආෂෙලැඩ් ගෙ කොල්ලකාරයො සමඟ ගැටීම වෙන්නෙ.

අවසන් වශයෙන් තව දෙයකුත් එහෙනම් කියල සමුගන්නම්. මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා කියන්නෙ තෝර්ස්ගෙ කතාව නෙමෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,113 downloadsDownload Vinland-Saga-S01-E05-E06-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Subtitles

2,113 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.