Agatha All Along Sinhala Subtitles ආයූබෝවේවා මාර්වල් රසික හැමෝටම… එහෙනම් ඉතිං කොටස් 9ක් ඔස්සේ ගලායන ඇගතා ඕල්අලෝන්ග් කතා මාලාවේ අවසානයටම අපි ඇවිත් ඉන්නේ. කතාමාලාව ඉවර වෙන මේ කොටසෙදී ඔයාලට හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි වගේම නොහිතන ට්විස්ට් එකකුත් දකින්න ලැබේවී. ඔක්කොටම කලින් අපි කලින් කොටස පොඩ්ඩක්…

ආයූබෝවේවා මාර්වල් රසික හැමෝටම… එහෙනම් ඉතිං කොටස් 9ක් ඔස්සේ ගලායන ඇගතා ඕල්අලෝන්ග් කතා මාලාවේ අවසානයටම අපි ඇවිත් ඉන්නේ. කතාමාලාව ඉවර වෙන මේ කොටසෙදී ඔයාලට හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි වගේම නොහිතන ට්විස්ට් එකකුත් දකින්න ලැබේවී. ඔක්කොටම කලින් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අන්තිම කොටස පැත්තට හැරෙමු.
කලින් කොටසෙදී වැදගත් සිදුවීම් කීපයක්ම සිදුවුනා. රියෝ විඩාල් නොහොත් හරිත මායාකාරිය කියලා ඇත්තටම කියන්නේ “මරණයට” කියලා ලිලියා මැරෙන්න කලින් කිව්වනේ. මායාකාරියන්ගේ මාවතේ ඉන්න හැමෝටම තම තමන්ගේ වෙනස් අරමුණු තියෙන බවත් අපි දන්නවා. ඒත් රියෝට ඕන එකම දේ තමයි මේ ඉන්න අයගේ ජීවිත ටික උදුරගෙන මරණ සංඛ්‍යාව වැඩි කරන එකයි. ඒ වගේම කාලේකට කලින් එක්තරා කෙනෙක් ජෙන්ගේ බලය හොරකම් කලා කියලා අපිට අහන්න ලැබුනා. ඒ කෙනා වෙන කවුරුත් නෙමෙයි අපේ සටකපට ඇගතා කියලා දැනගන්න ලැබුනා. ජෙන් කොහොමහරි ඇගතගේ බන්ධනය නැති කරගෙන මායාකාරියන්ගෙ පාරෙන් පිට වෙන්න සමත් උනා. ඒ වගේම බිලීට ඕන වෙලා තිබුනේ එයාගේ නිවුන් සහෝදරයා උන ටොමීව හොයාගන්නනේ. ඇගතගේ උදව්වෙන් ටොමීට අළුත් ශරීරයක් හොයලා දුන්න බිලීත් මායාකාරියන්ගෙ පාරෙන් පිට උනා. අන්තිමට ඉතුරු උන ඇගතත් පරීක්ෂනය කොහොමහරි සමත් වෙලා මායාකාරියන්ගෙ පාරෙන් පිට වෙන්න සමත් උනත් එයාට ඕන කරපු බලය ආපහු ලබාගන්න බැරි උනා. ඒ තමන්ගේ කලින් පෙම්වතිය වෙන රියෝ විඩාල් නොහොත් ඩෙත්ට පොරොන්දු උන මරණ සංඛ්‍යාව දෙන්න බැරි උන නිසයි. ඒ නිසා රියෝ එක්ක සටන් කරන ඇගතට නැවත බිලීගේ සහය ලැබෙනවා වගේම බිලී ඇගතට තමන්ගේ බලයෙන් කොටසකුත් දෙනවා. ඒත් කොහොමහරි මේ දෙන්නගෙන් කෙනෙක්ට රියෝ එක්ක යන්න සිද්ධ වෙන නිසා බිලීගේ ජීවිතය බේරලා තමන්ගේ ජීවිතයට සමුදෙන්න ඇගතා තීරණය කලා.
ඉතිං අපි මේ ඉන්නේ අවසාන කොටසේ නිසා මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. ඇගතට පුතෙක් හිටපු බවත් ඒ වගේම එයා කුඩා කාලේම මියගිය බවත් සඳහන් උනා ඔයාලට මතක ඇති. ඇගතගේ පුතාගේ නම නිකලස් ස්ක්‍රෑච් බවත් එයාගේ මරණයට රියෝගේ සම්බන්ධයක් තියෙන බවටත් ඉඟි පල උනා. සමහරු කියන විදියටනම් ඇගතා ඩාක්හෝල්ඩ් එක ලබාගන්න ඒ වෙනුවට එයාගේ පුතාව බිලිදුන්නා කියලත් කියනවා. ඉතිං ඇත්තටම පුතාට මොකද උනේ කියලා අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. ඇගතගේ පුතා නොහොත් නිකලස් ස්ක්‍රෑච් කියන්නේ මාවල් කොමික් වල බලවත් සුපිරි දුෂ්ට චරිතයක්. ඒ නිසා එයාගේ වගතුග ටිකක් අපි බලලා ඉමු.

නිකලස් ස්ක්‍රෑච් (Nicholas Scratch)
1977දී Len Wein සහ George Pérez විසින් මාවල් කොමික් වෙනුවෙන් නිර්මාණය කරන ලද නිකලස් ස්ක්‍රෑච් කියන චරිතය අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ Fantastic Four #185 කලාපයෙනුයි. නිකලස් ස්ක්‍රෑච් කියන නම හදලා තියෙන්නේ “Old Nick” (ඕල්ඩ් නික්) සහ “Old Scratch” (ඕල්ඩ් ස්ක්‍රෑච්) කියලා යක්ෂයාව හඳුන්වන නම් දෙකක් එකට එකතු කරලයි. ස්ක්‍රෑච් තමන්ගේ අම්මා වෙන ඇගතා හාක්නස් එක්ක කොලරාඩෝ වල නිව් සේලම්වල රහස් මායා කණ්ඩායමක් එක්ක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඇගතා සේලම් වලින් ගියාට පස්සේ ස්ක්‍රැච් බලගතු ඉන්ද්‍රජාලිකයෙක් වෙනවා වගේම සේලම් සෙවන්ස් කල්ලියේ පියා වෙන්නෙත් මෙයාම තමයි. කොමික් වලදි මෙයා ඇගතා සහ ෆැන්ටෑස්ටික් ෆෝ කණ්ඩායම එක්ක සටන් කරලා තියෙනවා වගේම මෙෆිස්ටෝ සහ ඩොර්මාමු එක්ක එකතු වෙලා වැඩ කරලත් තියෙනවා.
අපි දැන් මෙයාගේ බලයන් සහ හැකියාවන් මොනවද කියලා බලමු. නිකලස්ගේ අම්මා වෙන ඇගතා හාක්නස් කියන්නෙත් ලොකු මායා බලයක් තියෙන කෙනෙක්නේ. ඒ නිසා නිකලස්ටත් ඒ බලය උරුම වෙලා තියෙනවා. මායා බලය දක්ෂ විදියට හැසිරවීම මගින් මෙයාට විශාල වගේම අවිනිශ්චිත බලයක් ලැබෙනවා. ඒ වගේම ටෙලිපෝට් මගින් ගමන් කිරීම, බලශක්තිය පාලනය කිරීම, වෙනස් මානයන් අතර ගමන් කිරීම, මනස පාලනය කිරීම සහ මායාකර්ම පිළිබඳ විශිෂ්ට දැනුම ඇතුළු විවිධ ඉන්ද්‍රජාලික බල රැසකින් මෙයා සමන්විතයි. ඒ වගේම ස්ක්‍රෑච්ගේ සතුරන්ට මායා බලය එල්ල කරලා පහර දීමට හැකියාව තියෙන Satan Staff කියන බලවත් යෂ්ටියකුත් මෙයා ගාව තියෙනවා.
එහෙනම් ඉතිං ඇගතා හාක්නස්ගේ ගමන් මඟේ අවසානයත් එක්කම මගේ වැඩ කොටසත් මෙතනින් ඉවර වෙනවා. මට ලබාදුන්න සහයෝගයට අපේ සනූප මල්ලිටත්, රවිදු හේෂාන් සහෝටත් නැවතත් විශේෂ ස්තූතියක් පුද කරන්න ඕන. ඒ වගේම කතාමාලාව අවසාන වෙනකන් මාත් එක්ක හිටපු, ප්‍රතිචාර දක්වපු රසික ඔයාලා හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. අවස්ථාවක් ලැබුනොත් මේ වගේම මාවල් විශ්වයේ ඉදිරි කතාමාලාවලටත් උපසිරසි ගේන්න උත්සහ කරන්නම්. තවත් උපසිරසියකින් හමුවනතෙක් හැමෝටම ජය වේවා!!!
“සියවස් ගණනාවක් තිස්සේ මායාකාරියෝ පණ බේරගත්ත විදියටම අපිත් පණ බේරගන්නවා.”
~ ඇගතා හාක්නස් ~
කතාංගයේ නම – “Maiden Mother Crone”
කතා රචනය – Jac Schaeffer & Laura Donney
අධ්‍යක්ෂනය – Gandja Monteiro
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 30
IMDb අගය – 8.0
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,127 downloadsDownload Agatha.All_.Along_.-S01E09.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agatha All Along Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Agatha All Along
- #Agatha All Along Sinhala Subtitles
- #Disney Plus
- #Editor's Pick
- #Joe Locke
- #Kathryn Hahn
- #MaxxA
- #MCU
- #Offbeat
- #Sasheer Zamata
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #WandaVision
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Anonymous
Ravindu Heshan - Admin
Karala tynne
Heshara
සබ් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලගෙ කාලය ශ්‍රමය අපි වෙනුවෙන් කැප කරලා. මේ වගේ ලස්සන කතා අපිට බලන්න අවස්ථාව දෙනවට ගොඩක්ම ස්තූතියි. ජය වේවා...
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Episode 9 video eka upload karapanko bro