The Penguin S01 Sinhala Sub ආයුබෝවන් හැමෝටම. දින කීපයකට කලින් බැට්මෑන් චිත්‍රපටියේ Spin-Off එකක් විදියට නිකුත් වුණ පෙන්ගුයින් කතා මාලාවේ විකාශනය අවසන් වුණා. 2024 වසරේ හොඳම TV සීරිස් ගොන්නටත් ඇතුල් වෙන්න පෙන්ගුයින් කතා මාලාවට පුලුවන් වුණා. 2022 අවුරුද්දෙ බැට්මෑන් චිත්‍රපටිය නිකුත් වුණාට පස්සේ පෙන්ගු…

The Penguin S01 Sinhala Sub

ආයුබෝවන් හැමෝටම. දින කීපයකට කලින් බැට්මෑන් චිත්‍රපටියේ Spin-Off එකක් විදියට නිකුත් වුණ පෙන්ගුයින් කතා මාලාවේ විකාශනය අවසන් වුණා. 2024 වසරේ හොඳම TV සීරිස් ගොන්නටත් ඇතුල් වෙන්න පෙන්ගුයින් කතා මාලාවට පුලුවන් වුණා. 2022 අවුරුද්දෙ බැට්මෑන් චිත්‍රපටිය නිකුත් වුණාට පස්සේ පෙන්ගුයින් කතා මාලාව නිකුත් කරන එක තහවුරු වුණා. 2023 අවුරුද්දේ රූපගත කිරීම් පටන් අරන් 2024 පෙබරවාරි වල කතා මාලාව රූපගත කරලා හමාර කරනවා. 2024 සැප්තැම්බර් 19 වෙනිදා තමා පලවෙනි එපිසෝඩ් එක නිකුත් වෙන්නේ. සීරිස් එක බෙදාහරින්නේ HBOලා විසින්. පලවෙනි එපිසෝඩ් 3 අධ්‍යක්ෂණය කරන්නේ Craig Zobel කියන අධ්‍යක්ෂක විසින්. 4 සහ 5 එපිසෝඩ් Helen Shaver විසිනුත්, 6 සහ 7 එපිසෝඩ් Kevin Bray විසුනුත්, අවසාන එපිසෝඩ් එක Jennifer Getzinger විසිනුත් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

ඉතින් පෙන්ගුයින් කියන චරිතය DC රසිකයන්ට නුපුරුදු නැහැ. අන්තිමට නිකුත් වුණ බැට්මෑන් චිත්‍රපටියෙන් වගේම 1992 වසරේ Batman Returns චිත්‍රපටියෙනුත්, 2014 ගෝතම් කතා මාලාවෙනුත් පෙන්ගුයින්ව විශේෂයෙන් දැකගන්න පුලුවන් වුණා. පෙන්ගුයින්ව මුලින්ම හඳුන්වලා දෙන්නේ Bob Kane සහ Bill Finger විසින් 1941 වසරෙදියි.  ඒ වගේම 1966 ඉඳන් මේ වෙනකන් පෙන්ගුයින් චරිතයට නළුවන් 4 දෙනෙක් පණ පොවලා තියෙනවා. (වමේ සිට දකුණට – Burgess Meredith, Colin Farrell, Robin Lord Taylor සහ Danny DeVito) මේ අතරින් පෙන්ගුයින්ගේ හැබෑම භයානක ස්වරූපය පෙන්නුම් කරන්නේ Danny DeVito පෙන්ගුයින් චරිතයෙනුයි. හැබැයි 2022 බැට්මෑන් චිත්‍රපටියෙදි ඔයාලා දකින්න ඇති මේ පෙන්ගුයින්ගේ අමුත්තක්. ස්වරූපය වෙනස්, වැඩි කලබලකාරීත්වයක් නැහැ වගේ දේවල්. ඒ වගේම බිස්නස් වලට ලොකු තැනක් දෙනවා කියලත් පේන්න තියෙනවා. ඒ හින්ඳා ඔයා දැනගන්න ඕන වෙන්නේ පෙන්ගුයින් කපටියි, කෑදරයි කියන එක විතරයි. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමා කතා මාලාවට පෙන්ගුයින් විදියට Colin Farrell සහ කාර්මයින් ෆැල්කෝන්ගේ දුව වෙන සොෆියා ෆැල්කෝන්ගේ චරිතයට Cristin Milioti විසින් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඒ චරිත වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම Rhenzy Feliz, Clancy Brown, Michael Zegen වගේ රංගන ශිල්පීනුත් අනෙකුත් චරිත උපරිම දායකත්වය දීලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ  මීට වඩා කොහොම පැහැදිලි කරන්නද කියලා මම දන්නේ නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. ඉතින් අපි මේකේ කතාව පැත්තට හැරෙමු. කතාව පටන් ගද්දි, ගෝතම් වල ලොකු විනාශකාරී තත්වයක් ඇතිවෙලා තියෙනවා. හේතුව කාර්මයින් ෆැල්කෝන්ගේ ඝාතනය සහ රිඩ්ලර් සාගර බැම්මට කරපු හානියෙන් ඇති වෙච්ච විනාසය. කාර්මයින් ෆැල්කෝන්ගේ ඝාතනය නිසා අලුත් කල්ලි නායකයා විදියට පත් වෙන්නේ එයාගේ පුතා ඇල්බර්ටෝ ෆැල්කෝන්ව.

ගොඩක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච හාදයෙක්. ගෝතම් වල පාතාලයේ අනාගතයට මොනවා වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා. කල්ලි වල ගැටුම් ඇතිවෙද්දි පෙන්ගුයින් කියලා හඳුන්වන ඔස්වල්ඩ් කොබ් හැමදේම දිහා බලගෙන ඉන්නවා. එයා දෙයක් හිතනවා. ලොකු දෙයක්. කරන්න අමාරු දෙයක්.

මේ අතරේ ඔස්වල්ඩ් අයිස්බර්ග් එකට යනවා එහේ තියෙන වටින දේවල් අරගන්න බලාගෙන. එතනදි එයාට ඇල්බර්ටෝව හමබවෙනවා. පෙන්ගුයින්ගේ ගෝතම් වල බලාපොරොත්තුව හැබෑ කරගන්න පුලුවන් වෙයිද? එයා මොන වගේ සැලැස්මක් ගහයිද? අපි බලමු. තවත් එපිසෝඩ් හතක් එන්න තියෙනවා. අපි ඒවගෙන් මුණ ගැහෙමු. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,941 downloadsDownload The.Penguin-S01E01.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

3,941 downloadsDownload Subtitles33 KB

10 comments

  1. isuru

    thanks sub ekata
    denakan hitiye

  2. Isuru gamage

    සබ් දෙනකන් හිටියෙ thanks

  3. Shen

    Supiri

  4. kaveen

    thank you saho. okkoma gemu ikmanata.

  5. මසියා

    මේකට නොදුන්නොත් මේ සයිට් එකෙමුත් වැඩක් නෑ,,කාලේ ඇරන් සබ් ටික හරියට ඔනී.
    සබ් කරන්න අතගහපු බුවනෙකගේ දැතට දෙවි පිහිටයි
    E1 -8.8♨️
    E2 -8.5♨️
    E3 -9.0♨️
    E4 -9.5♨️
    E5 -8.8♨️
    E6 -8.7♨️
    E7 -9.0♨️
    E8 -9.6♨️

  6. masiya

    මේකට නොදුන්නොත් මේ සයිට් එකෙමුත් වැඩක් නෑ,,කාලේ ඇරන් සබ් ටික හරියට ඔනී.සබ් කරන්න අතගහපු බුවනෙකගේ දැතට දෙවි පිහිටයිE1 -8.8♨️\r\nE2 -8.5♨️\r\nE3 -9.0♨️\r\nE4 -9.5♨️ \r\nE5 -8.8♨️\r\nE6 -8.7♨️\r\nE7 -9.0♨️\r\nE8 -9.6♨️'

  7. Anonymous

    Ela ela supiri

  8. Sameeraudias

    Elama wedak supiri

  9. Chan

    Thank you for subtitles...

  10. Sahan Gayantha

    thanks a lot sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.