ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. හරියට අවුරුදු දෙකක් වෙනවා කලින් කතා සමය ඇවිත්. ගොඩක් කට්ටිය හිතුවේ දෙවැනි කතා සමයක් ආයෙ දකින්න ලැබෙන්නෙ නැතිවෙයි කියලා. මොකද කිව්වොත් මෙය නිර්මාණයට සෑහෙන මුදල් ප්‍රමාණයක් වැයවීම හේතුවෙන්. කොහොමහරි 2018 වර්ෂයෙදී නිළ වශයෙන්ම දෙවැනි කතා සමයක් ල…

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. හරියට අවුරුදු දෙකක් වෙනවා කලින් කතා සමය ඇවිත්. ගොඩක් කට්ටිය හිතුවේ දෙවැනි කතා සමයක් ආයෙ දකින්න ලැබෙන්නෙ නැතිවෙයි කියලා. මොකද කිව්වොත් මෙය නිර්මාණයට සෑහෙන මුදල් ප්‍රමාණයක් වැයවීම හේතුවෙන්. කොහොමහරි 2018 වර්ෂයෙදී නිළ වශයෙන්ම දෙවැනි කතා සමයක් ලබාදෙන බවට ප්‍රකාශ කළා. ඒ අලුත් චරිත එක්කම. ඒ කියන්නෙ අලුත් ටකාෂි කෝවැච් කෙනෙක්.

~ ටකාෂි කෝවැච් ~
මේ පාර ටකාෂි කෝවැච්ගෙ චරිතයට පණ පොවන්නෙ”ඇන්තෝනි මැකී” එහෙම නැත්තම් ”ඇවෙන්ජර්ස්” චිත්‍රපට පෙලේ දකින්න ලැබෙන ෆැල්කන්. ඒ කොහොමහරි මම නම් වැඩි කැමැත්තක් දක්වන්නෙ කලින් හිටපු චරිතයටමයි. එහෙමයි කියලා චරිතය වෙනස් වුණාට කතාව නම් කලින් වගේම හොඳට තියෙනවා. ඒවගේම කියන්න ඕන මට මේ කතාව කලින් වගේ කට්ටිය එක්ක රැගෙන එන්න වෙන්නෙ නැහැ. තනියෙමම අදින්න වෙන්නෙ කවුරුත් නැති නිසා. ඒ නිසා තමයි මෙතරම් පරක්කු වුණේ. හැබැයි බය වෙන්නෙපා ඉතුරු කොටස් ටික පිළිවෙලට ලබාදෙනවා කියලා පොරොන්දු වෙනවා. කලින් වගේම අපි කතාවට ආවේණික වචන වලින් පටන්ගමු. ඒවගේම තමයි සමහර තේරුම් සබ එකට ඇතුළත් කරාම මුළු තීරයේම දිස් වෙන නිසා ඇතුළත් කරේ නැහැ. ඒක ඇත්තටම බලන්න එපා වෙනවා. ඒ නිසා කට්ටියටම මේකෙ වචන ටික පොඩ්ඩක් බලාගෙන යන්න කියනවා. ඒවගේම මේ කතා සමයේදී හම්බවෙන අලුත් වචන එපියෙන් එපිය සඳහන් කරන්නම්.
- Sleeve = මේකට කියන්නෙ අර කලින් කියපු “Cortical Stack” එහෙමත් නැත්තම් “බාහික කැටිය” උපකරණය සම්බන්ධ කරන මිනිසුන් හටයි.
- Aerium = අහසේ ජීවත් වෙන මිනිස්සු.තවත් විදියකින් කිව්වොත් ගොඩක් පොහොතක් මිනිස්සු(මෙත් කියල කියන අය) ජීවත් වෙන ස්ථානයටයි.
- Bay City = උතුරු ඇමරිකාවේ ඇති අති විශාල නගරයක්.ඒවගේම තමයි එය මිනිස්සු මිලියන දහයකගෙ වාසස්ථානයක් වෙනවා.තව ඊට කලින් ඒකට පවසන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නමින් ය.
- Combat Sleeve = මෙයාලත් අර උඩ සදහන් කර වගේ ශරීර ගත් කරන මිනිස්සුන්මයි.හැබැයි මොවුන්ව විශේෂයෙන්ම සාදල තියෙන්නෙ සටන් වලට.
- Digital Human Freight (D.H.F.) = මෙය මනුශ්‍ය විඥ්ඥානයට කියන තවත් වචනයක්.
- Reaper = මෙය එක්තරා මත්ද්‍රව්‍යයක්.මෙමගින් මිනිස්සුන්ගෙ හැගීම් වගේම උෂ්ණත්වය අඩු කරගැනීමට හැකිය.ඒවගේම මෙය ඉහළ ප්‍රමාණයක් ලබාගතහොත් එම මිනිස්සු මිනීමරණ යන්ත්‍ර වලට පවා හැරෙන්න පුලුවන්.
- Rawling’s Virus = මෙය ඉහළ සදහන් කරපු “Cortical Stack” එහෙමත් නැත්තම් “බාහික කැටියට” හැදෙන වයිරසයක්.
- Real Death = “බාහික කැටියෙ” විනාශ වීම,ඒ කියන්නෙ මේ කෙනාව නැවත ශරීර ගත කිරීමට නොහැකියි. මැරුණොත් මැරුණම තමයි.ඒ නිසාමයි D.H.F උපස්ථ(Back-Up) ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ. කෙනෙකුගෙ “බාහික කැටිය” විනාශ උනත්,ඔවුන් ළග එම අයගෙ විඥ්ඥානයෙ පිටපත් තිබෙනවා.
- Envoys = මෙයාල සුපර්හියුමන් සොල්දාදුවන් වගේ කට්ටියක්.ඉතින් මෙයාලට කතාමලාවේදී මම යොදා ඇත්තෙ “භටයින්” කියන නමක්.ඒවගේම තමයි මෙයාල U.N. ආරක්ෂිත රාජ්‍යට වැඩ කරන අය.
- Simulspace = මෙය අතාත්වික යතාර්ථයක්.ඒවගේම තමයි මෙය සත්‍ය ජීවිතෙයෙන් වෙන් කොට හදුනාගත නොහැකියි.
- Spin Up = මේකත් ශරීර ගත කිරීම වගේම දෙයක් තමයි.හැබැයි මෙය තාවකාලිකව.ඒ කියන්නෙ යම් කිසි පුත්ගලයෙක් කෙනෙක්ව ඝාතනය කරොත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සදහා තාවකාලික ශරීර ගත කරන එහෙකටයි.
- Synthetic Sleeves = මෙය පරීක්ෂණාගාරයෙදී ගොඩනගන සිලිකන් ශරීර වගයක්.ඒවගේම මේවා සුපර්හියුමන් හැකියාවන් වලට වෙනස් විය හැකිය.
- Sleeve Sick = “බාහික කැටිය” අලුත් සිරුරකට ඇතුළු කිරීමෙන් පසුව ටික වෙලාවක ඇතිවෙන මංමුළා වෙන ගතියක්.හරියට අපිට අසනීපෙන් වෙනව වගේ.
- Sleeve Death = මේකෙදි කියවෙන්නෙ ඔය “බාහික කැටිය” ඇතුළත් කරන ශරීරය බාවිතා නොකරන තත්ත්වයකට විනාශ වීමයි.
- Broadcast Blocker = භෞතික ලෝකය අන්තර්ජාලය ලෙස සිතුවොත්, ඔබේ දැක්මට බාදා කරමින් අපැහැදිලි වෙළද දැන්වීම් නිරන්තරයෙන්ම හැම තැනකම ප්‍රදර්ශන වෙනවා. “Cortical Stack” එක පිටුපසට විකාශන බාධකයක් සවිකරාම,මේ පිස්සුවෙන් වෙන්කර තබාගන්නවා.
- Double Sleeving = මේකෙදී කියවෙන්නෙ එක විඥ්ඥානයක් ශරීර කිහිපයකට ගබඩා කිරීමක් ගැනයි.ඒ කියන්නෙ එක විඥ්ඥානයක පිටපත් කිහිපයක් ගෙන එය ශරීර කිහිපයකට උඩුගත කිරීමක්.
- Head in the Clouds = ගණිකා මඩුවක් වැනි ස්ථානයක්.
- Methusalah (Meth) = ගොඩක්ම පොහොසත් තැනැත්තාට කියන වචනයක්.මෙත්ලට පුලුවන් අත්ත්‍ය යතාර්ථ අමරණීයත්වයක් ළගාකරගන්න ඔවුන්ගේ සිරුරු වල ක්ලෝන නිර්මාණය කිරීමට හැකියව ඇති වගේම D.H.F පිටපත් කිරීමට.
- Needle Cast = විශ්වය හරහා එක් සිරුරකින් තවත් සිරුරකට වේගවත් ඩිජිටල් මිනිස් පරිවහනය කිරීමේ ක්‍රියාවලියකට තමයි මෙම වචනයක් පාවිච්චි කරන්නෙ.
- Al Hotel = මෙය එක්තරා ආකාරයක හෝටලයක්.මෙය සාදා තිබෙන්නෙ 19 සතවර්ෂයේ මන්දිරයක් හැටියට පේන්න වගේ.නමුත් එය ආක්‍රමණශීලී ස්ථානයක්.ඒ කිව්වෙ කෝකටත් කියල අවි-ආයුධ ගබඩා කරල තියෙන්නෙ.හැබැයි මේක හුගක් චාම් ස්ථානයක්.
- Contagion Bomb = මෙය එක්තරා යුධමය අවස්ථ වලදී මහමාරියා වැනි ලෙඩක් වේගයෙන් පැතිරවීම සදහා පාවිච්චි කරපු දෙයක්.ඕල්ඩ් බේ සිටි කියන ස්ථානයෙ තවමත් මොවුන්ගෙන් පැවතගෙන එන අය සිටිනවා.ඒවගේම තාමත් එම ප්‍රදේශය නිරෝධානයි.
- Cortical Stack = මෙයට තමයි තමන්ගෙ විඥ්ඥානය පවතින්නෙ.මෙය ඉතා කුඩා උපකරණයක් තමන්ගෙ සුෂුම්නාවේ සම්බන්ධ කරන.ඒවගේම මෙය පිටසකවල ශිෂ්ටාචාරයයේදී දාල ගියපු ලෝහයකින් තමයි හදන්නෙ.
- Dipper = “බාහික කැටිය” මගින් පෞද්ගලික තොරතුරු ලබාගන්නා හැක් කරන උදවියට කියන නාමයක්.
- On Ice = D.H.F ගබඩාවට කියන නමයි.සමහරවෙලාවට දඩුවමක් හැටියට D.H.F එක අවුරුදු සිය ගාණක් මෙම ගබඩාවේ තියනව.ටකාෂි හටත් සිදු වෙන්නෙ මේ දේමයි.
- D.H.F. Backup = තමන්ගෙ විඤ්ඤාණ හෝ D.H.F වල පිටපත් (D.H.F Backup) තියාගන්න පුළුවන්කමක් තියෙන්නෙ ධනවත්ම පුද්ගලයින්ට (Meths)විතරයි. D.H.F Backup ගබඩා කරල තියෙන්නෙ ”Cortical Stacks” ඇතුළෙ. සෑම මිනිත්තු කීපයකටම වතාවක් සැටලයිට් හරහා අලුත් මතකයන් D.H.F Backup වලට ස්ම්ප්‍රේෂණය වෙනවා. මේ නිසා ඔවුන්ගේ cortical stacks විනාශ වුණත් ගැටළුවක් නැහැ මොකද තව Backup එකක් තියන නිසා.
- Grounder = Grounder කියන්නෙ බේ නගරයේ ජිවත් වෙන පුද්ගලයින්ට. මේ අය ගොඩක් ධනවත් කට්ටිය නෙවෙයි. ඒ වගෙම එයාලට වළකුළුවලට එහායින් තියන ගොඩනැගිලි වල ජීවත්වෙන්න හැකියාවක් නැහැ.
- Neo-C = Neo-C කියන්නෙ මරණයින් මතු නැවත ජීවය ලබා නොදිය යුතුයි කියල විශ්වාස කරන කතෝලික ආගමික කණ්ඩායමක්. මේ ආගමික කණ්ඩායම Cortical stacks ලාගේ දැක්ම හා අදහස් හෙළා දකිනවා, මොකද එයාල විශ්වාස කරන විදිහට අපිට ජීවත් වෙන්න තියෙන්නෙ එක ජීවිතයක් විතරයි.
- Neo-C Coding = Neo-C Coding පුද්ගලයෙක් Neo-C කණ්ඩායමේ කෙනෙක් බව හදුනාගත්තොත්, එයාගෙ D.H.F නැවත බාහික කැටියට ඇතුළත් නොකළ යුතුයි කියල ඇඟවෙන ආගමික කේතකරණයක් යටතේ වර්ග කරනවා. අන්න ඒකට තමයි Neo-C Coding කියන්නෙ.
- Personality Frag = බොහෝ වාර ගණනක් බාහික කැටිය හුවමාරු කිරීම පෞරුෂත්වයේ හා මානසික මට්ටමේ බිඳවැටීමකට හේතු වෙන්න පුළුවන්. ඒකට තමයි Personality Frag කියන්නෙ. මෙත්ලා එයාලගෙ D.H.F වල කොපියක් තියාගන්න Personality Frag එකත් හේතුවක්.
- Portable 3D Bio Printer = මේ ගැජමැටික් එකෙන් කරන්නෙ පුද්ගලයෙකුගේ ක්ලෝනයක් නිවැරදිව පිටපත් කරන එක.
- Proposition 653 = රජය විසින් තමන්ගේ මිනීමැරුම් නඩු වලට පෙනී හිටින්න වගෙම සාක්ෂි දීමට Neo-C Coding යටතේ වර්ගීකරණය වුණු මිනිස්සුන්ට අවසර ලබාදීම.
- Protectorate = Protectorate කියන්නෙ පෘථිවිය වගෙම පෘථිවිය පවතින සියළුම කොලනි පාලනය කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක ආයතනයක්.
- Psychasec = Psychasec කියන්නෙ නිරන්තරයෙන් Methsලට වාසිදායක අන්දමේ සියළුම තාක්ෂණික කටයුතු සිදුකරන බලවත් සමාගමක්. ක්ලෝන ආදිය නිර්මාණය කරන්නෙ මේ සමාගම මඟිනුයි.
- Psychosurgery = Psychosurgery කියන්නෙ මානසික හානිවීම් සිදුවුණු D.H.F අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියට.
- CTAC = CTAC කියන්නෙ Colonial Tactical Assault Group එහෙම නැත්නම් උපාය මාර්ගික යටත්විජිත ප්‍රහාරක කණ්ඩායම හඳුන්වන කෙටි නමක්. CTAC බළකායෙන් කරන්නෙ කැරලි කෝළහල මැඩ පවත්වලා කොලනි වල පාලනය දිගටම පවත්වාගෙන යන එක.
- ONI – මෙම කෙටි වචනෙ තේරුම තමයි ”Online Network Interface”. මෙයින් අදහස් කරන්නෙ වෙනත් ශරීරයක් ඔරලෝසුවකින් නැත්තම් ටැබ්ලට් එහෙකින් වගේ පාලනය කිරීම. ඒවගේම මෙය දුරස්ථවත් කිරීමට හැකියාව පවතිනවා.
කලින් කතා සමයේදී දකින්න ඇතිනෙ ටකාෂිට තමන්ගෙ සහෝදරිය ද්‍රෝහී වෙනවා. අන්තිමේදී දැනගන්න ලැබෙනවා තමන්ගෙ නංගි ඔහු පණ වගේ ආදරය කරපු කෙනාව මැරුවා කියලා. ඒවගේම තමයි ඇය තවමත් ජිවතුන් අතර ඉන්නවා කියලත්. මොකද උපස්ථ ගොණුව රහසිගත තැනක සඟවලා තියෙන්නෙ. හැබැයි එයාගෙ නංගි මැරෙන්න කලින් ඒ කිසි දෙයක් පවසන්නෙ නැහැ. මුළු අහස් නගරයම කඩා වැටෙනවාත් එක්කම හැමදේම විනාශ වෙලා යනවා. ටකාෂිගෙ කලින් තිබ්බ සිරුර පවා. හැබැයි ටකාෂි වෙන සිරුරකට මාරු වෙනවා. පස්සෙ කුවෙල්ව හොයාගෙන යනවා. එතනින් තමයි කතාව ඉවරයක් කරේ. ඔන්න අද කොටසේදී එතනින් එහාට වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් ඔයාලා බලන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,030 downloadsDownload Altered-Carbon-S02-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
sachintha
ChamalKanishka
Thnq sub ekata
Isuruvirajitha123
Tnx bro ithuru tikath ikmanata denna❤️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Suranjan
Thanks jayawewa.....!
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....Shaggie
Thnks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bawantha75
thnk you brother
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
ජය!chinthaka.max4
thankx machan
Rumesh Asanka
thank you
Tharindu Madushan 96
Thank bro puluwannam the expense tv serious ekatath sub dennna
Dewadithya
Thanks for sub!
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Altered Carbon [S02 : E01] Sinhala Subtitles | නව ශරීරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Altered-Carbon-S02-1.1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු