මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස වෙන් වුණේ ගොඩක්ම චරිත හඳුනා ගන්නනේ. ඔයාලට කතාව මුලදිම දකින්න බ්බුණා චරිතවල ආරම්භය. 1989 ඔක්තෝබර් මාසේ දවල් දොළහට ලෝකෙ වටා ළමයි මවුවරු 43 කට ඉපදෙනවා. හැබැයි ඒකෙත් විශේෂත්වයක් තිබුණනේ.…

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.
කලින් කොටස වෙන් වුණේ ගොඩක්ම චරිත හඳුනා ගන්නනේ. ඔයාලට කතාව මුලදිම දකින්න බ්බුණා චරිතවල ආරම්භය. 1989 ඔක්තෝබර් මාසේ දවල් දොළහට ලෝකෙ වටා ළමයි මවුවරු 43 කට ඉපදෙනවා. හැබැයි ඒකෙත් විශේෂත්වයක් තිබුණනේ. ඉතිං මේ ළමයි විශේෂයි. ඒ හැම දරුවෙක්ටම එක එක බල තියෙනවා. මේක දැනගත්ත රෙජිනල්ඩ් හාර්ග්‍රීව්ස් නම් ධනවතෙක් ඒ ළමයින්ව එකතු කරනවා. කොහොම හරි ඔහු හත් දෙනෙක්ව එකතු කරගන්න සමත් වෙනවා. ඉතිං ඒ ළමයි එකතු කරලා තමා අම්බ්‍රෙල්ලා ඇකැඩමිය නිර්මාණය කරන්නේ. පස්සෙ කාලෙකදී සහෝදරයන් ටික වෙන් වෙනවා. එතෙන්දිත් බෙන් මිය ගිහින්. අංක පහ අතුරුදහන් වෙලා. ඒත් හදිස්සෙයෙම රෙජිනල්ඩ් හාර්ග්‍රීව්ස් මිය යෑමෙන් ආයෙත් ඉතිරි සහෝදරයින් එකතු වෙනවා ඔයාලා දකින්න ඇතිනේ. කොහොම හරි අංක පහ ආයෙත් එනවා. කියන විදිහට එයා කාලය හරහා ගමන් කරල තියෙන්නෙ. මොනා වුණත් මරණය නම් හැමෝටම අභිරහසක්. ෆයිවු කාලයා හරහා අනාගතයට ගිහින්. ඒත් අනාගතයෙදි ලෝකය විනාශ වෙලා. එහෙන් ෆයිවු දෙයක් හොයාගන්නවා.එයා හිතන විදිහට ඒක තමයි ලෝක විනාශයට වග කියන්න ඕන කෙනාගෙ කෘතීම ඇස. ඕක තමා කලින් කොටසේ සාරාංශය.
අද කොටසත් කුතුහලෙන් පිරුණු එකක්. ඔයාලට මතක ඇති ෆයිව් හොයාගෙන ස්නයිපර් කාරයො වගයක් එනවා. ඒත් ෆයිවු තමන්ගෙ බලය යොදාගෙන ඒ හැමෝවම මරලා ජීවිතේ බේරගන්නවනේ. ඉතිං පොලීසිය දැන් මේ ගැන හොයනවා. ඒකට කොහොම හරි දියේගොත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ෆයිවු කාලය හරහා ගිය හැටිත් බලාගන්න පුලුවන්. ඉතිං ෆයිවු හදන්නෙ ලෝක විනාශය කරපු කෙනා තනියම හොයාගෙන ඔහුව නවත්වන්න. ඒ වගේම චා-චා සහ හේසල් කියලා ජෝඩුවකුත් කතාවට එකතු වෙනවා. පේන විදිහට ඒ දෙන්නත් ෆයිවුව හොයනවා වගේ. ඉතිං මං කිවුවේ අද කතාවෙ සුලු කොටසක් විතරයි. ඉතිරිය රස විඳිම ඔබට භාරයි.
ඉතිං එහෙනම් මං ගිහින් එන්නම්. අදහසක් පළ කරන් යන්නත් අමතක කරන්න එපා. තුන්වෙනි කොටසින් ඉක්මණින්ම හමු වෙමු.
අද කොටස:- Run Boy Run
IMDb අගය:- 7.9
ධාවන කාලය:- විනාඩි 58
අධ්‍යක්ෂණය:- Andrew Bernstein
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15
සුභ දවසක්!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,360 downloadsDownload The-Umbrella-Academy-S01-E02.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
11 comments
Shaggie
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
D'O'N
Thanx for da sub...
Ayesh Prashan
Thank You
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa..........!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
podda
thanks
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnks mchn