Watch Trailer

American Crime Story (2016– ) [S01:E01 – “From the Ashes of Tragedy”] with Sinhala Subtitles | ඛේදාන්තයේ අළු ධුලි මතින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මේ වතාවේ සුප්‍රකට ඇමෙරිකානු ටෙලිවෘතාන්තයක උපසිරැසි ඔබ වෙත ගෙන එන්න මම තීරණය කළා. මේකේ නම American Crime Story, එහෙම නැත්නම් “ඇමෙරිකානු අපරාධ කතාන්දරය”. නමේ හැටියටම කතාවේ තේමාව පැහැදිලි ඇතිනෙ? ඔව්, මේක ඇමෙරිකාවේ සත්‍ය වශයෙන් සිදුවුණු අභිරහස් මිනීමැරුම් ගැන කෙරුණු විමර්ෂණ පිළිබඳව ගො…

American Crime Story

ඔන්න කාලෙකට පස්සේ මේ වතාවේ සුප්‍රකට ඇමෙරිකානු ටෙලිවෘතාන්තයක උපසිරැසි ඔබ වෙත ගෙන එන්න මම තීරණය කළා. මේකේ නම American Crime Story, එහෙම නැත්නම් “ඇමෙරිකානු අපරාධ කතාන්දරය”. නමේ හැටියටම කතාවේ තේමාව පැහැදිලි ඇතිනෙ? ඔව්, මේක ඇමෙරිකාවේ සත්‍ය වශයෙන් සිදුවුණු අභිරහස් මිනීමැරුම් ගැන කෙරුණු විමර්ෂණ පිළිබඳව ගොඩනගපු ටෙලිනාට්‍යයක්. සත්‍ය සිද්ධීන් පදනම් කරගෙන දිගින් දිගටම ප්‍රේක්ෂක කුතුහලය රඳවා තබාගත හැකි අන්දමින් මේ කතාව ඉතා ආකර්ෂණිය ලෙස ගොඩනඟා තිබෙනවා. අභිරහස් මිනීමැරුම් ගැන කතා බලන්න කැමති අයට මේක හොඳින් රසවිඳින්න පුළුවන් වේවි.

Season one: The People V. O.J. Simpson | පළමු කතාමාලාව :”O.J. සිම්සන්ට එරෙහිව… “

කතාංග දහයකින් සමන්විත මේ ටෙලිවෘතන්තයෙ පළමු කතා මාලාව පුරා දිවෙන්නේ, විසිවැනි සියවසේ ඇමෙරිකාවේ සුප්‍රකටම නඩුවිභාගය ලෙස සැලකෙන, මුළු ඇමෙරිකා එක්සත් ජනපදයම ආන්දෝලනයට ලක්කළ, “O.J. සිම්සන් මිනීමැරුම් නඩුව” ට පසුබිම් වුණු සත්‍ය සිදුවීම් දාමය යි. මේ සඳහා පාදක කරගෙන තිබෙන්නෙ එම නඩු විභාගය සම්බන්ධව “The Run Of His Life: The People v. O.J. Simpson” නමින් Jefry Toobin විසින් රචනා කළ ග්‍රන්ථයයි. පළමුවැනි කතාමාලාවේ කොටස් දහය පහත පරිදි පෙළගැස්විය හැකියි. අද පටන් ඉදිරියට මේ කතා වල සිංහල උපසිරැසි ඔබ වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ දිගහැරේවි.

  1. “From the Ashes of Tragedy” – “ඛේදාන්තයේ අළු ධුලි මතින්…”
  2. “The Run of His Life” – “ඔහුගේ ජිවිතයේ පැවැත්ම.”
  3. “The Dream Team” – “සිහින කණ්ඩායම
  4. “100% Not Guilty” – “100% ක් නිර්දෝෂයි!”
  5. “The Race Card” – “වර්ග වාදයක්??”
  6. “Marcia, Marcia, Marcia” – “අහෝ මාෂියා!”
  7. “Conspiracy Theories” – “කුමන්ත්‍රණ සිද්ධාන්ත”
  8. “A Jury in Jail” – “ජුරිය සිරභාරයේ”
  9. “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය”
  10. “The Verdict” – “අවසන් තීන්දුව”.

පළමු කතා මාලාවේ චරිත සහ එයට පණදෙන නළුනිළියන්:

  • O.J. සිම්සන් – Cuba Gooding, Jr
  • මාෂියා ක්ලාක් – Sarah Paulson
  • රොබට් කාඩේෂියන් – David Schwimmer රොබට් ශපීරෝ – John Travolta
  • ජොනි කොක්‍රන් – Courtney B. Vance
  • එෆ් ලී බේලි – Nathan Lane
  • ක්‍රිස්ටෝපර් ඩර්ඩන් – Sterling K. Brown
  • විනිසුරු ලාන්ස් ඊටෝ – Kenneth Choi
  • විලියම් හොග්මන් – Christian Clemenson
  • ගිල් ගාසෙටි – Bruce Greenwood 
  • ජෙෆ්රි ටූබින් – Chris Conner
  • ක්‍රිස් ජෙනර් – Selma Blair
  • ඇලන් ඩර්ශෝවිට්ස් – Evan Handler
  • කේටෝ කේලින් – Billy Magnussen
  • බැරි ෂේක් – Rob Morrow
  • මාක් ෆර්මන් – Steven Pasquale
  • A.C. කව්ලින්ස් – Malcolm­Jamal Warner

අද පළවෙන කොටස ගැන:

  • පළමු කොටස : “From the Ashes of Tragedy” – “ඛේදාන්තයේ අළු ධුලි මතින්…”
  • IMDb ratings: 8.8/10
  • අධ්‍යක්ෂක : රයන් මර්ෆි
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 15

1994 ජුනි මාසේ 12 වැනිදා රාත්‍රියේ ලොව සුපතල පාපන්දු ක්‍රීඩකයෙක් සහ සිනමා තරුවක් වුණු ඔරන්තල් ජේම්ස් සිම්සන් හෙවත් O.J. සිම්සන් චිකාගෝව බලා යන්නට පිටත් වෙනවා. එදාම රෑ ඔහුගේ දික්කසාද භාර්යාව වන නිකොල් බ්‍රවුන් සිම්සන් සහ ඇයගේ මිතුරෙක් වුණු රොන් ගෝල්ඩ්මන්, නිකොල්ගේ නිවසේදී ඉතා සාහසික අන්දමින් ඝාතනයට ලක්වී තිබියදී සොයා ගැනෙනවා. මේ මිනීමැරුම් ගැන විමර්ෂණය කරන පොලිස් නිළධාරීන් O.J.ගේ නිවෙසට යන්නෙ ඔහුට මේ මරණ ගැන දැනුම් දෙන්නයි. එතැනදී O.J.ට අයත් සුදු ෆෝඩ් බ්‍රොන්කෝ රථය තුළ සහ පිටත තිබී ලේ පැල්ලම් හමුවෙනවා. මිනීමැරුම සිදුවුණු තැනින් ඔවුන්ට ලේ තැවරුණු අත්වැසුමකුත් හමුවෙනවා. මේවා O.J.සිම්සන්ට එරෙහිව සැකය එල්ලවන ප්‍රධාන සාක්ෂි දෙකක් වෙනවා. සිම්සන් විසින් නිකොල්ට පහරදීමේ සිද්ධි කලින් වාර්තා වී ඇති නිසා දිස්ත්‍රික් නීතිඥ මාෂියා ක්ලාක් මේ අපරාධයට කෙලින්ම සැක කරන්නෙ O.J. වයි. පොලිස් මෙහෙයුම් O.J. සිම්සන්ට එරෙහිව ඉදිරියට යද්දී, තමන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට O.J. විසින් රොබට් කාඩේෂියන් සහ කීර්තිමත් නීතිඥ රොබට් ශපීරෝ යොදා ගන්නවා. ඇත්තටම මේ මිනීමැරුම් කළේ O.J.ද? තමන්ගේ පරණ බිරිඳට එවැනි අපරාධයක් කරන්න ඔහුට පුලුවන්ද? තමා පසුපස පොලිසිය හඹා එමෙන් කැළඹීමට පත්වෙන O.J. පොලිසියෙන් වසන් වීමට උත්සහ කරනවා. ඔහුට කවදා වෙනතුරු හැංගිලා ඉන්න හැකි වෙයිද? පළවෙනි කොටස බලන්නකෝ මොකද වෙන්නෙ කියල බලන්න.

මම ටිකක් කාර්යබහුල නොවෙන්න මේ ටෙලිවෘතාන්තයට සිංහල උපසිරැසි මීට කලින් ලබා දෙන්න තිබුණා. කොහොම වුණත් ටිකක් කල් අරගෙන හරි මං මේක හැකි උපරිම හොඳින් උපසිරැසි ගැන්වූවා. දැන් ඔයාලට ඒ උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

4,927 downloadsDownload American.Crime_.Story_.S01E01.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                       All Episodes                      Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

4,927 downloadsDownload Subtitles40 KB

31 comments

  1. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Eranga Sandaruwan

    එල කිරි
    බෝම ස්තූතියි උප සිරසියට ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ සහෝ,
    ජය වේවා
    දිගටම දෙන්න.....

  4. Isuru

    Thanks for sub degatama sub demu jaya wewa

  5. isuru

    elaa

  6. Gathsara Umesh Kumara

    අහ්හ්..ප්‍රබුද්ධ අයිය අලුත් කතාවකට අතගහල වගේ...ඒකත් පට්ටම කතාවකට වගේ..නියමයි sසහෝ.කොටස් 10තියෙන්නෙ නිසා කිසිම වුලක් නැතුව දෙන්න පෞලුවන්නේ..ඔන්න යාලු පල්වෙනි සීසන් එක එහෙම්ම බෑවෙන්න දැම්ම..මග නතර නොකර කතාව කම්මු..සීසන් 3ක් එනවා nනේ.පුලුවන්න්ම් ඔක්කොම කරමු......එහෙන්ම් ජයවෙවා....!(හැම එපියකටම කොමෙන්ම්ට් දාන්න වෙලාවක් නොලැබුණත් ඉඩ ලැබුණ හැම වෙලාවකම සප් එකක්ක් දෙන්නම්ම්....)

  7. Demon

    Niyama Series 1k wage... Thanks Sub 1ta. Download Karala iwarawelama thawa comment 1k dennam

  8. Rajitha

    Thanks bro.......jayawewa.....!

  9. Zeal

    sub ekata Thanks bro…

  10. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !

  11. supun

    niyamai sahoo .hoda wadak wage,balamu.tnx hode..digatama karagena yana,good luck.

  12. Chami

    Thanks bro............ JAYAWEWA...........

  13. Sajith Anthony

    මේ වගේ Series එකක් නම් අනිවා බලනව
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  14. Shanaka Chathuranga

    දිගටම දෙන්න ශක්තිය ලැබේවා එහෙනම් අලුත් ටෙලි කතාවක් බලන්ඩ පුලුවන් වෙයි ඉස්සරහට..
    ජය වේවා..ඔන්න බාන්ඩ දැම්මා...

  15. chan

    thank you

  16. Isuru Chamara

    ela mcn..onna okkma download kala,,,thxx sub ekata

  17. danurox diwarathne

    patta bro.anith tikath ikmanata danna

  18. Rasindu V. Perera

    පට්ට වගේ....නියමයි...සබ් එකට තැන්ක්ස්...

  19. සුපුන් බුද්ධික

    දැක්ක ගමන් හිතුවේ කියලා.
    මේකත් සුපිරිම කතාවක් තමයි.
    වෙලාවක් හම්බ උනාම ආයෙත් බලනවා.
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  22. darshana

    thank you baiscope crew fr the everything you done for us. thumbs up guys... :)

  23. chathu

    thnx broo thnx a lot

  24. jayanandana

    පට්ට වගේ…. සබ් එකට තැන්ක්ස්…

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  26. Miyuru Theekshana

    thanx machan sub walata.. SEASON 2 eketh sub oni bro...

  27. sahancharuka

    thank you

  28. nilad

    how to download video file.

  29. Akila

    the wire tv serius eketh sub dennko

  30. prabhath

    season 2 ekat ikmanata denna

  31. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..