Invincible [S02 : E02] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? ඔන්න උණුවෙම අරගෙන ආවා Invincible දෙවෙනි කතා සමයේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. කට්ටිය පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. ඒක නම් හොඳ එපියක්. IMDb 8.3ක අගයකුත් හම්බවෙලා තියෙනවා. මේ එපියත් ඒකට දෙවෙනි නෑ. පසුගිය කොටසින්… පහුගිය කත…

කොහොමද ඉතින් හැමෝටම? ඔන්න උණුවෙම අරගෙන ආවා Invincible දෙවෙනි කතා සමයේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. කට්ටිය පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. ඒක නම් හොඳ එපියක්. IMDb 8.3ක අගයකුත් හම්බවෙලා තියෙනවා. මේ එපියත් ඒකට දෙවෙනි නෑ.
පසුගිය කොටසින්…
පහුගිය කතාංගය පටන් ගත්තෙම ‘මේ මොකද මේ වෙන්නේ’ කියලා හිතෙන මොහොතකින්. අපි දැක්කා ඉන්වින්සිබල් සහ ඉමෝර්ටල් සටන් කරනවා. ඔම්නි-මෑන් ඇවිල්ලා ඉමෝර්ටල්ව මැරුවා වගේම ඉන්වින්සිබල් ඉමෝර්ටල්ගේ ඔලුව චප්ප කරලා දැම්මා, හරියට නිකන් පළවෙනි සීසන් එකේ ඔම්නි-මෑන් රෙඩ් රෂ්ගේ ඔලුව පොඩි කරලා දැම්මා වගේ.
අපිට ඉක්මනින්ම හොයාගන්න ලැබෙනවා මේක සිද්ධවෙන්නේ වෙනත් විශ්වයක කියලා. මේ විශ්වයේදී නෝලන් හෙවත් ඔම්නි-මෑන්ට පුළුවන් වෙලා තියෙනවා තමන් එක්ක විල්ටෘමයිට් අධිරාජ්‍යය වෙනුවෙන් වැඩ කරන්න Invincible ව කැමති කරගන්න. ඉතින් මාර්ක් තමන්ගේ තාත්තගේ අඩිපාරේ යමින් මිනීමරුවෙක් බවට පත් වෙලා. වෙන එකක් තියා එයා ඇටම් ඊව් ව පවා paralyze කරනවා. එතකොට එයාට සතියට පාරක් ඈව බලන්න යන්න පුළුවන් වෙන නිසා. මේකෙන් පැහැදිලි වෙන්නේ මාර්ක් ත් තමන්ගේ තාත්තා වගේම මිනිස්සුන්ව ‘සුරතලුන්’ විදියට දකින්න පුරුදු වෙලා කියන එකයි.
අපි දකිනවා මේ නරක මාර්ක් සහ ඔම්නි-මෑන්, ඒ පෘථිවියට කරල තියෙන විනාශය. ඒවගේම එයාලට බාධා කරන කිසිම කෙනෙක් මේ දෙන්නා පණපිටින් අතාරින්නේ නෑ, එහෙම කරන්නේ එයාලගෙම යාළුවෝ වුණත් කිසිම අනුකම්පාවක් නැතුව එයාලව මරල දානවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද.
මේ අතරේ අපේ මාර්ක්ට නම් කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි තත්වෙකයි ඉන්නේ. එයා තාමත් තමන්ගේ තාත්තා මිනීමරුවෙක් බව සොයාගැනීම, තාත්තත් එක්ක සටන් කරන්න සිදුවීම, ඒ සටන අතරතුරදී ජීවිත දහස් ගාණක් විනාස වීම වගේ දේවල් ගැන කල්පනා කරමින්, ඒ කම්පනයෙන් recover වෙන ගමනුයි ඉන්නේ. Invincible විදියට එළියට ගියාට එයාට මොන වීර ක්‍රියාවක්වත් කරගන්න බෑ කියලා අපට montage එකකින් පෙන්නුවා. හැමදේකින්ම එයාට මතක් වෙන්නේ එයයි එයාගේ තාත්තයි කරපු විනාශයයි.
ඩෙබීගේ තත්වෙත් මීට වඩා ලොකු හොඳක් නැහැ. එයා තමන්ගේ පුතාට පේන්න හැඟීම් ගොන්නක් පිටට නොපෙන්වා හිතේ තද කරන් ඉන්න බව පැහැදිලියි. ඉතින් ඔල්ගා ගේ ආගමනය එයාට ඒ පීඩනයෙන් නිදහස් වෙන්න වගේම ඒකෙන් ඩෙබීට ඇති වෙලා තියෙන බලපෑම අපට පෙන්නන්නත් කදිම මාර්ගයක්.
එපියේ සිද්ධවුණ ප්‍රධානම දේ තමයි ඉන්වින්සිබල්ගේ අලුත්ම හතුරා හඳුන්වා දීම. ඒ තමයි ඇන්ග්ස්ට්‍රම් ලීවායි. ගොඩක් අය මෙයාව Invincible ගේ පරම හතුරා විදියටත් හඳුන්වනවා. එයා මුලින්ම මුළු මල්ටිවර්ස් එක ම සුවපත් කරන්න හැදුවත් අන්තිමේ දී ඒකෙන් සිද්ධවුණේ එයාව විකෘති වෙන එකයි. ඒක එයාගෙන වැරැද්දෙන් සිද්ධ වුණ දෙයක් වුණත් එයා හිතන්නේ ඒකට වැරදිකාරයා Invincible කියලයි. මොකද එයාගේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙද්දී ඉන්වින්සිබල් එතනට පහර දුන්නේ නැත්නම් එයාට එහෙම නොවෙන නිසා. Across the Spider-Verse එකේ The Spot ට සමානයි කියලා හිතෙන්නේ නැද්ද කොහොම නමුත් ලීවායි The Spot ට වඩා ප්‍රචණ්ඩ බව නම් කියන්න ඕනේ. ඒක අපට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.
එපියේ ඊළඟට පෙන්නුව දේ තමයි අලුත් ගාඩියන්ස්ලගේ තත්වය. රොබොට්ට හෙවත් ජූඩිට තාම එයාගේ අලුත් ඇඟට හරියට පුරුදු වෙන්න බැරි වෙලා තියෙන නිසා එයාගේ නායකත්වය අඩු වෙලා කියලා තමයි සීසල් නම් කියන්නේ. මේක නිසා ගාඩියන්ස්ලගේ නායකයා විදියට Immortal ව පත් කරනවා වගේම Bulletproof නම් අලුත් සාමාජිකයෙක්වත් කණ්ඩායමට එකතු කරනවා. නායකත්වය මාරු වීම නිසා ජූඩිට අවුල් යනවා. එයා කියන්නේ හැම ප්‍රශ්නයක් වගේම ඒ ප්‍රශ්නයත් විසඳන්න ඕන බවයි. ඒත් එයා ඒක කියන විදියේ මොකක් හරි අමුත්තක් තියෙනවා. අනාගතයේ වෙන්න යන නරක දේකට එයාලා foreshadow කරනවා වත්ද?
ඒවගේම කාටද අමතක කරන්න පුළුවන් අලුත් title card එක–

ඉතින් කලින් එපිසෝඩ් එක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. හැම අතින්ම ගත්තාම ඒක සීසන් එකට හොඳ ආරම්භයක් ලබා දුන්නා කියලා කියන්න පුළුවන්. හැම ප්‍රධාන චරිතයක්ම දැන් ඉන්න තත්වයත්, මල්ටිවර්ස් එකත්, සීසන් එකේ දුෂ්ටයාගේ origin එකත්, අලුත් ප්‍රශ්නත් (හරියට “ඩොනල්ඩ් පණපිටින් ඉන්නේ කොහොමද?” කියන එක වගේ) ඒකෙන් අපට හඳුන්වා දුන්නා. එතනින් ඉස්සරහට වෙන්නෙ මොනවද කියල බලාගන්න දෙවෙනි එපිසෝඩ් එක බලන්න වෙනවා.
ඊළඟ සති දෙකේදී තුන්වෙනි සහ හතරවෙනි එපිසෝඩ්වල උපසිරසි අරන් එන්නම්. එතනින් පස්සේ ඉතුරු උපසිරසි ටික එන්නේ 2024 අවුරුද්දෙ දීයි. මොකද Amazon Prime එක විසින් හතරවෙනි එපිසෝඩ් එකේ ඉඳන් ඉදිරියට රිලීස් කරන්නේ 2024 අවුරුද්දෙදී නිසා. කලින් එපිසෝඩ් එකේ කමෙන්ට්ස්වල එක මහත්මයෙක් යෝජනා කරපු විදියට එපිසෝඩ් එක එන්නත් කලින් උපසිරසි දෙන්න මට පේන බැලීමේ හැකියාවක් නැහැ.
එහෙනම් ලබන සතියේ තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.
යන්න කලින් අද එපියට පොඩි හින්ට් එකක් දෙන්නම්:-
“The sins of the father are visited upon the son.”
“පියාගේ පව් පැමිණෙන්නේ පුත්‍රයා සොයා ය.”
– The Batman (2022)
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,523 downloadsDownload Invincible-S02-E02-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Mahesh Chaminda
Shaggy
Thank you brother
Anonymous
Thanks jayawewa....!
Heshan theekshana
නියම වැඩක් සහෝදරයා
viraj
thanks.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S02 : E02] Sinhala Subtitles | “පියාගේ පව් පැමිණෙන්නේ පුත්‍රයා සොයා ය…” [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/INVINCIBLE-SEASON-02-02.jpg)




ඒ මහත්තයා අනිත් අය කරන සබ්ටයිල් එකක් බලලා තව මදිවට සබ්ටයිල් කරපු එකාටත් බැනලා තව ලැජ්ජ නැතුව වෙන එකෙක්ට සබ් එක කරන්න දෙන්නලු මෝඩ යකෙක් ඌ.... මුන් හිතන්නේ එපියක් Release උන වෙලාවෙම සබ් එක දෙන්න ඕනි කියලා සබ් එක්ක බලන්න ඕනිමනම් ඉවසලා ඉදලා සබ් කරන අයට වෙලාවක් අවාම කරලා දෙන සබ් එක බලහන්..ඔය විදියට බැනලා මේකට සබ් කරන මල්ලිටත් බැනලා ඒ යකත් සබ් කරන එක නැවැත්තුවොත් උබලට හුලං සබ් එක්ක තමයි බලන්න වෙන්නේ...තව ඩින්ගෙන් අපිට attack on titan එකටත් වෙන්නේ ඕක තමයි....පෙර පිනකට වෙන මල්ලි කෙනෙක් ඒක බාරගෙන කලා...