American Crime Story [S03 : E04] Sinhala Subtitles හිතවතුනි ඔබට සුබ දවසක්. එහෙමනම් මේ වතාවේ මං ඔබට ගෙන එන්නේ Impeachment: American Crime Story කතා මාලාවේ සිව්වැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔබ දකින්න ඇති ලින්ඩා ට්‍රිප් ඉසිකොෆ් හා එක්ව ක්ලින්ටන්ට එරෙහිව ප්‍රකාශයන් ලබාදෙන අන්දම සහ ඒ වෙනුවෙන් ජනාධිපතිග…
American Crime Story Sinhala Subtitles
හිතවතුනි ඔබට සුබ දවසක්. එහෙමනම් මේ වතාවේ මං ඔබට ගෙන එන්නේ Impeachment: American Crime Story කතා මාලාවේ සිව්වැනි කතාංගයයි. පසුගිය කොටසින් ඔබ දකින්න ඇති ලින්ඩා ට්‍රිප් ඉසිකොෆ් හා එක්ව ක්ලින්ටන්ට එරෙහිව ප්‍රකාශයන් ලබාදෙන අන්දම සහ ඒ වෙනුවෙන් ජනාධිපතිගේ නීතිඥයා ලින්ඩාගේ චරිතය ඝාතනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කල හැටි. ඒ වගේම මොනිකා සහ ක්ලින්ටන් අතර සම්බන්ධතාවය කෙමෙන් බිඳ වැටෙමින් යන අන්දමත් එයින් මොනිකා දැඩිව කම්පනයට පත්වන අන්දමත් ඔබ දකින්නට ඇති. ක්ලින්ටන්ට එරෙහි පෝලා ජෝන්ස් නඩුව ඉදිරියට යද්දී, එය සමථයකට පත්වීම වෙනුවෙන් ක්ලින්ටන් ප්‍රදානය කරන්නට උත්සහ කළ මුදල සුසෑන්ගේ මැදිහත්වීමෙන් පෝලා සහ ස්ටීව් ජෝන්ස් විසින් ප්‍රතික්ෂේප කරනවා. අද කතාව එතැන් සිට.

පෝලා ජෝන්ස්ගේ සැමියා වන ස්ටීව් ජෝන්ස්ගේ චරිතයට පණපොවන ටරන් කීලම් සමඟ ස්ටීව් ජෝන්ස් (වමේ) ජනපතිගේ සහයිකා බෙටී කියුරි ලෙසින් රඟන රෙ ඩෝන් චං සමඟ බෙටී කියුරි (දකුණේ)
අද පළ වන කතාංගය ගැන:
- සිව්වැනි කොටස –“The Telephone Hour” – “දුරකථන හෝරාව”
- අධ්‍යක්ෂක –Laure de Clermont-Tonnerre
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2021 සැප්තැම්බර් 28
- IMDb Ratings – 7/10
අද කතාවට යොමුවෙමු. 1997 අගෝස්තු මාසය වන විට ලුවින්ස්කි නිතර නිතර ධවල මන්දිරයට යන්නට පටන් ගත්තේ වෙස්ට් වින්ග් වල රැකියා අවස්ථාවන් සොයමින්. නමුත් ඇයගේ උත්සාහයන් ව්‍යර්ථ වන්නේ ඇයට එවනි අවස්ථාවන් නොලැබෙන බව දැනගන්නා නිසයි. මෙයින් දැඩි කම්පනයට පත්වන මොනිකා ක්ලින්ටන් සහ බෙටී කියුරි සමඟ තදින් ගැටෙනවා. තමන්ගේ සම්බන්ධයෙ වේදනාවන් ලින්ඩා ට්‍රිප් සමඟ බෙදාගන්නා නිසා ලින්ඩා ට්‍රිප් සහ ඇය අතර සබඳතාවයත් යම් අන්දමකින් පලුදු වෙනවා. කෙසේ හෝ අවසානයේ ජනපති ක්ලින්ටන් සමඟ මොනිකාගේ සම්බන්ධයක් ඇති බව ලින්ඩා විසින් ලුසියැන්ට හෙළි කරනවා. ලුසියැන් යෝජනා කරන්නේ, ඒ සම්බන්ධය සඳහා සෘජු සාක්ෂි වශයෙන් ඇය සමඟ ගන්නා දුරකථන සංවාද රහසිගතව පටිගත කරනා ලෙසයි. ලින්ඩා එයට දැඩිව අකමැති වුවත්, මොනිකා සමඟ මිත්‍රත්වය අහිමි කරගනිමින් වුවද, ඇයගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි අදිටන් කරගනිමින් අවසානයේ සාක්ෂි වෙනුවෙන් ඇයව රහසිගතව පටිගත කරගැනීමට එකඟ වෙනවා. ඒ මොනිකාගේ බොහෝ දුරට ඒක පාර්ශවික ආදරයෙන් මොනිකා වේදනා විඳීම සහ ඇයගේ මානසික සෞඛ්‍යය එයින් පිරිහෙමින් පැවතුණු නිසයි. මේ අතර මොනිකාගේ නවාතැන වෙත යන ලින්ඩාට පෝලා හෙළි කරන රහස කුමක්ද? ක්ලින්ටන්ට එරෙහිව ලින්ඩාගේ සටනට එයින් ලැබෙන දායකත්වය කෙබඳුද? ක්ලින්ටන්-ලුවින්ස්කි සබඳතාවය ගැන හෙළි කරන්නට උපාය මාර්ග සොයන ලින්ඩා, පෝලා ජෝන්ස් නඩුවේ නීතිඥයන් සමඟ සම්බන්ධව සිතාසියක් ලබාගන්නට කටයුතු කරන්නේ මේ අතරයි. මේ අතර තමාට එරෙහිව විවිධ අපචාර චෝදනා ගොනු කරන කාන්තාවන් ලැයිස්තුවේ මොනිකා ලුවින්ස්කිගේ නම දකින බිල් අතිශය කැළඹීමට පත්වෙනවා. මෙයට බිල්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇතිද? බිල් ක්ලින්ටන්ගේ හිතවතෙකු වන වර්නන් ජෝර්ඩන් හමුවන්නට නිව්යෝක් වෙත යන මොනිකාට ඇය අපේක්ෂා කරන රැකියාව එහිදී ලබාගන්නට හැකිවේද? අද කතාවෙන් මේ දේවල් දැනගන්න.

බිල් ක්ලින්ටන් සහ වර්නන් ජෝර්ඩන් ගොල්ෆ් ක්‍රීඩා කරන අතරතුර (වමේ), වර්නන් ජෝර්ඩන් (දකුණේ) සහ එම චරිතය නිරූපණය කරන බ්ලෙයාර් අන්ඩර්වුඩ් (මැද)
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E04.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
533 downloadsDownload American-Crime-Story-S03-E04-Sinhala-Subtitles.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![American Crime Story [S03 : E04] Sinhala Subtitles | “දුරකථන හෝරාව” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/American-Crime-Story-S03-01.jpg)






Thanks Brother.. Good job.... ♥♥