American Crime Story [S03 : E05] Sinhala Subtitles අද ඔබට ගෙන එන කොටස Impeachment: American Crime Story කතා මාලාවේ පස්වැනි කොටසයි. පහුගිය කොටසින් ඔබට මතක ඇති, ලින්ඩා ට්‍රිප්, ලුසියැන්ගේ පෙළඹවීම මත මොනිකා ලුවින්ස්කි සමඟ ගන්නා ඇමතුම් පටිගත කරන්නට ආරම්භ කළ බව. මොනිකා ලුවින්ස්කි තම නිවසේදී ලින්ඩාට පෙන…
American Crime Story Sinhala Subtitles
අද ඔබට ගෙන එන කොටස Impeachment: American Crime Story කතා මාලාවේ පස්වැනි කොටසයි. පහුගිය කොටසින් ඔබට මතක ඇති, ලින්ඩා ට්‍රිප්, ලුසියැන්ගේ පෙළඹවීම මත මොනිකා ලුවින්ස්කි සමඟ ගන්නා ඇමතුම් පටිගත කරන්නට ආරම්භ කළ බව. මොනිකා ලුවින්ස්කි තම නිවසේදී ලින්ඩාට පෙන්වන ක්ලින්ටන්ගේ ශුක්‍රාණු තැවරුණු නිල් ගවොම ගැන ආරංචිය ලින්ඩා ලුසියැන්ට දන්වන අන්දමත් ඔබට මතක ඇති. ලුසියැන්ට අවශ්‍ය වන්නේ ඒ සියලු තොරතුරු මාධ්‍යයට හෙළි කරන්නයි. එහෙත් ලින්ඩා එයට අකමැත්ත පළ කරන්නේ තමන්ට මොනිකා ගැන තොරතුරු ටැබ්ලොයිඩ් පුවත්පතක පළ කළ නොහැකි බවයි. මේ නිසා ලින්ඩා හඬ පට සාක්ෂි ඉදිරිපත් කරන්නට මඟ පාදා ගන්නට පෝලා ජෝන්ස් නඩුවේ නීතිඥයන් හමුවූ බව ඔබට මතක ඇති. අද කතාව එතැන් සිට.

පසුකාලීනව බිල් ක්ලින්ටන්ට අපචාර චෝදනා එල්ල කළ කැත්ලින් විලී, 1993 දී ඇය විසින් සංවිධානය කරන ලද අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකදී ජනපති බිල් ක්ලින්ටන් සමඟ
අද පළ වන කතාංගය ගැන:
- පස්වැනි කොටස – “Do You Hear What I Hear?” – “මට ඇසෙනා දෙය ඔබට ඇසේද?”
- අධ්‍යක්ෂක –Laure de Clermont-Tonnerre
- මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 ඔක්තෝබර් 05
- IMDb Ratings – 8.0/10

ජෝර්ජ් කොන්වේ ලෙස රංගනයෙන් දායක වන ජෝර්ජ් සල්සාර් (වමේ) සහ මාධ්‍යවේදී ජෝර් සල්සාර් වර්තමානයේ (වමේ මැද) ක්‍රිස් රිගී නවක මාධ්‍යවේදී ජේක් ටැපර් ලෙසින්(දකුණේ මැද) සමඟ වර්තමාන ජේක් ටැපර් (දකුණේ)
අද කතාව වෙතට යොමුවෙමු. අද කතාව පටන් ගන්නේ 1997 දෙසැම්බර් වල වොෂින්ටනයෙන්. රාත්‍රී සාදයකදී ජේක් ටැපර් නම් කඩවසම් තරුණයෙක් මොනිකා හමුවී ඇය සමඟ රාත්‍රී කෑම ගැනීමක් අතරතුර සංවාදයක නිරත වන ජවනිකාවකින්. මේ කාලය වෙද්දී මොනිකා සූදානම් වෙන්නේ වොෂින්ටනය සහ ධවල මන්දිරය කෙරෙහි ඇති බැඳීම් අතහැර නැව ජීවිතයක් අරඹන්නට නිව්යෝක් වෙතට යන්න. ඒ ඇයගේ අලුත් රැකියාව වෙනුවෙන් සහ ධවල මන්දිරයේ මතකයන්ගෙන් ඈත්වෙන්න හිතාගෙනයි. එම සම්මුඛ සාකච්ඡාවට ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට ඇඳුම් තෝරාගැනීමට මොනිකා ලින්ඩා සමඟ සංවාදයක නිරත වෙනවා. මෙතැනදී ක්ලින්ටන්ගේ ශුක්‍රාණු තැවරුණු මොනිකාගේ නිල් ගවුම ඩ්‍රයි ක්ලින් කර ඇඳීමට අදහස් කරන බව මොනිකාගෙන් ලින්ඩා දැනගත් පසු ලුසියැන්ගේ මෙහෙයවීම මත ලින්ඩා මොනිකාට ඒත්තු ගන්වන්නේ එම ඇඳුම ඩ්‍රයි ක්ලීන් නොකරන ලෙසයි. එම ඇඳුමට මොනිකා මහත් වී පෙනෙන බව පැවසීමෙන් පමණක් මොනිකාව එයට එකඟ කරවා ගන්නට ලින්ඩා සමත් වෙනවා. මේ අන්දමින් ක්ලින්ටන්-ලුවින්ස්කි සබඳතාවය ඔප්පු කළ හැකි තියුණුම සාක්ෂිය ආරක්ෂා කරගන්නට ලින්ඩා සමත් වෙනවා. කෙසේ හෝ ක්ලින්ටන් සමඟ දුරකථන සංවාදයකදී තමන්ගේ නම පෝලා ජෝන්ස් නඩුවේ සාක්ෂිකාර ලැයිස්තුවේ ඇති බව මොනිකා දැනගන්නවා. ක්ලින්ටන් මොනිකාට උපදෙස් දෙන්නේ යම් හෙයකින් මොනිකාට සිතාසියක් ලැබුණහොත්, නීතිඥ සහය ලබාගෙන දිවුරුම් ප්‍රකාශයක් භාර දෙන ලෙසයි. මේ අනුව සිතාසිය ලද පසු මොනිකා තමාට ක්ලින්ටන් සමඟ කිසිදු ලිංගික සම්බන්ධයක් නොතිබුණු බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙනවා. ලින්ඩාටද මේ නඩුවට සාක්ෂි දීමට සිතාසියක් ලැබුණු බව ලින්ඩා හෙළි කරන්නේ පසුවයි. මේ නිසා මොනිකා සහ ලින්ඩා අතර මිත්‍රත්වය යම් තරමට පලුදු වෙනවා. මොනිකා ලින්ඩාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ මෙය තමන්ගේ මුළු අනාගතයටම බලපාන පෞද්ගලික කරුණක් නිසා මොනිකා සහ ක්ලින්ටන්ගේ සබඳතාවය ගැන බොරු සාක්ෂි දෙන ලෙසයි. එහෙත් ලින්ඩා එය ප්‍රතික්ෂේප කරන්නේ, සාක්ෂි විමසුමකදී මොනිකා සහ ක්ලින්ටන් ගැන විමසුවහොත් තමාට බොරු කිව නොහැකි බවයි. කෙසේ වෙතත් තවත් පමා නොකර තමා පටිගත කළ හඬ පට තමන්ගේ නීතිඥයාට භාර දෙනවා. කෙසේ වෙතත් අනවසරයෙන් දුරකථන සංවාද පටිගත කිරීම මේරිලන්ඩ් ජනපදය තුල සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතිඥයා ලින්ඩාට දන්වනවා. මේ වරදට ලින්ඩාට සිර දඬුවම් ලැබෙනු ඇතිද? දිවුරුම් ප්‍රකාශයක බොරු සාක්ෂි දීමේ වරද මත මොනිකාට සිරගත වන්නට සිදු වනු ඇතිද? ලින්ඩා ලවා මොනිකාගේ සංවාද පටිගත කරවූ ලුසියැන්ට තම සබඳතා පාවිච්චි කර ලින්ඩාව නීතියෙන් ගලවා ගැනීමට හැකි වේද? එන්න එන්නම උද්වේගකර වෙන මේ කතාවේ අද කොටසත් බලලම මේවා දැනගන්නකො එහෙනම්.
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E05.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.
ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
533 downloadsDownload American-Crime-Story-S03-E05-Sinhala-Subtitles.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![American Crime Story [S03 : E05] Sinhala Subtitles | “මට ඇසෙනා දෙය ඔබට ඇසේද?” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/American-Crime-Story-S03-01.jpg)




..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..