Watch Trailer

Poacher [S01: E02] Sinhala Subtitles | “තමන්ගේම යුද්ධයක.” [සිංහල උපසිරසි]

Poacher [S01: E02] Sinhala Subtitles හොර දඩයක්කරුවෙක් වුණ අරුකු තමන්ගේ වැරදි ගැන මහත් අපරාධකාරී හැඟීමක් ඇතිවෙලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ඇවිත්, ඇතුන් මරා දැමීම ගැන පාපොච්චාරණය කරන්න ගන්නවා. අරුකුගේ පැමිණීමෙන් නීති විරෝධී දඩයම් කිරීමේ ක්‍රියාකාරකම්වල විනාශකාරී බලපෑමත්, වන ජීවීන් ආරක්ෂා ක…

Poacher (2024) Sinhala Subtitle

Poacher [S01: E02] Sinhala Subtitles

හොර දඩයක්කරුවෙක් වුණ අරුකු තමන්ගේ වැරදි ගැන මහත් අපරාධකාරී හැඟීමක් ඇතිවෙලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ඇවිත්, ඇතුන් මරා දැමීම ගැන පාපොච්චාරණය කරන්න ගන්නවා. අරුකුගේ පැමිණීමෙන් නීති විරෝධී දඩයම් කිරීමේ ක්‍රියාකාරකම්වල විනාශකාරී බලපෑමත්, වන ජීවීන් ආරක්ෂා කිරීමට පැවරී ඇති අයවලුන් විසින්ම ඒවා වසන් කිරීමේ විස්තීර්ණ ජාලය පිළිබඳ හෙළිදරව් වෙමින් දැඩි අපරාධ කතාවක් ඇරඹෙනවා. වසර ගණනාවකට පෙර දඩයම් කිරීම අතහැර දැමූ රාස් කිසිම හාවක් හූවක් නැතිවම පහුගිය කාලයේ හොරෙන් දඩයම් කරමින් ඉඳලා තියෙනවා.

Poacher [S01: E02] Sinhala Subtitles

මරා දැමුණ ඇතුන් සංඛ්‍යාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගණනය 18ක් වුණත් හැබෑවටම ඊට වඩා අධික සංඛ්‍යයාවක්. වන අඩවි නිළධාරියෙක් වුණ මාලාට රාස් ඉන්න තැන ගැන තොරතුරක් අක්‍රමවත් මාර්ගයකින් දැනගන්න ලැබිලා ඒක අදාල බල ප්‍රදේශයේ වන අඩවි නිලධාරියාට කියනවා. වන සංරක්ෂණයෙන් විතරක් නෙවෙයි, පොලිසිය, වන සුපරික්ෂා ඒකකයෙනුත් රාස්ව හඹාගෙන යනවා. ඒත් කාටවත්ම රාස්ව හොයාගන්න ලැබෙන්නෙ නම් නැහැ. ක්ෂේත්‍ර අධ්‍යක්ෂක නීල් මේ භාරදූර විමර්ශනය මාලාට බාර කරනවා. රාස් එක්ක දුරකථනයෙන් සන්නිවේදනය කරගත් මොරිස් ෆින්ව නියෝජ්‍ය වන අඩවි නිළධාරියා විසින් අත්අඩංගුවට ගන්නවා. ප්‍රශ්න කිරීම් වලදී මොරිස් ෆින්ට කිලෝ 75ක් බර ඇත් දළ ගෙන්වා ගත් බවට මොරිස් පාපොච්චාරණය කරනවා.

Poacher [S01: E02] Sinhala Subtitles

රිචී මෙහෙතා අධ්‍යක්ෂණය කළ මේ කතා මාලාවේ නිමිෂා සජායන්, රොෂාන් මැතිව්, දිබ්‍යේන්දු බට්ටාචාරියා, අන්කිත් මාධව්, කනි කුස්‍රැති යන නළු නිළියන් රඟපානවා. මේක හුදෙක් මලයාලම් සීරීස් එකක් නෙවෙයි, ඒ අතරමැද්දට හින්දිත් තැනින් තැන එකතු වෙනවා. මේ සීරීස් එකේ පලමු කොටස් තුන Sundance Film Festival හිදී ප්‍රදර්ශනය කර තිබෙනවා.

Poacher [S01: E02] Sinhala Subtitles

නිමිෂාව පහුගිය කාලයේ නම් වැඩිපුර මලයාලම් නිර්මාණ වලින් දකින්න ලැබුණෙ නැහැ. Jigarthanda DoubleX (2023), Chithha (2023), Mission Chapter 1 (2024) දෙමළ චිත්‍රපටි වල ඇය විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා දකින්න ඇති. පෝචර් නිමිෂා සම්බන්ධ වන පලවෙනි සීරීස් එක. ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටයේ නිමිෂා, මලෛඅරසි කියන වනවාසී චරිතය රඟ දැක්වුවා. මලෛඅරසිගේ සැමියා වුණ අල්ලියස් සීසර් ඇත් දළ වෙළඳාම් කරනවා. ඒත් මලෛඅරසි ඇත් දළ විකිණීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඇත් දළ වෙළඳාම නිසා තමන්ගේ ජීවිතය විනාශයට ගෙන යනවා කියලා මලෛඅරසි තදින්ම විශ්වාස කළා. පෝචර් සීරීස් එකේ ෆස්ට් ලූක් පෝස්ටර් එක දකිද්දිම මට මතක් වුණේ මේ සම්බන්ධකම.

Poacher [S01: E02] Sinhala Subtitles

ඉන්දීය වන සංරක්ෂණ සේවයේ නිළධාරීන් කණ්ඩායමක්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්, පොලිස් නිලධාරින් සහ යහපත් ප්‍රදේශ වාසීන් තමන්ගේ ජීවිතය පරදුවට තබා ඉන්දීය ඉතිහාසයේ විශාලතම ඇත් දළ දඩයක්කරුවන් අල්ලා ගැනිමට සහ ඔවුන්ව දූෂිත පද්ධතියක් තුල නීතිය ඉදිරියට ගෙන ඒමට උත්සාහ කිරීමේ කතාවක් මෙහි ඇතුලත්.

Poacher [S01: E02] Sinhala Subtitles

කොටස් 8ක් සහිත මේ ඇමසන් වෙබ් සීරීස් එක පෙබරවාරි මාසයේ 23 වෙනිදා විකාශනය ඇරඹුවා. මේ වෙද්දි මේ සීරීස් එකට ලැබිලා තියෙන Imdb රේටින් අගය 7.2/10ක්. ඉතා යහපත් ප්‍රතිචාර මීට ලැබිලා තියෙනවා. NDTV 4/5ක්, ඉන්දියන් එක්ස්ප්‍රස් 3/5ක් ලෙසින් තමන්ගේ රේටින් අගය දක්වලා තියෙනවා. වනාන්තරයට, වනජීවීන්ට ආදරය කරන හැමෝම අනිවාර්යයෙන්ම මේ සීරීස් එකට කැමති වේවි. ඒ වගේම අද්විතීය VFX නිර්මාණ සහ සිත් වසඟ කරන සිනමාකරණයක් අත්විඳින්න පුළුවන්. විශේෂයෙන්ම “Amazon Prime“ එකේ වෙබ් සීරීස් එකක් කියලා කියද්දිම වැදගත්කමක් තියෙනවා කියලා තේරෙනවා ඇතිනේ.

ඉතින් අපේ හේෂන් සහෝදරයා පලවෙනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඒ එක්කම බන්දුල කහඳාව අයියා, සුභාෂිණි අක්කා, සොහොන් අයියා… ඒ විතරක් නෙවෙයි අපේ මයුර සුරාජ් අයියා මේ කතා මාලාවට ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එනවා. ෆීනික්ස් නැති තැන සීරීස් කොයින්ද?

Poacher [S01: E02] Sinhala Subtitles

එහෙනම් මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

Poacher [S01: E02] Sinhala Subtitles

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

1,993 downloadsDownload Poacher-2024-Ep-02-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Poacher [S01: E02] Sinhala Subtitles

Subtitles

1,993 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.