Watch Trailer

Anatomy of a Scandal [S01: E02] Sinhala Subtitles | අපවාදයේ මුහුණුවර [සිංහල උපසිරැසි සමඟ]

Anatomy of a Scandal S01 Sinhala Subtitles මේ කොටසේ කතාව නිකම්ම “අපවාදය” කියන දෙයින් ඔබ්බට ගිහින් “අපවාදයේ මුහුණුවර” ලෙස ගැඹුරට යනවා. මිනිස් විශ්වාසය, බලය, සහ සත්‍යය අතර තියෙන සංකීර්ණ සම්බන්ධතාවය පැහැදිලි කරනවා. කතානායක තුමාගේ පවුල් ජීවිතේ පැත්තට හැරුනොත් Sophieගේ මානසික තත්වය හොඳට පෙන්නන්වා. ඇය වි…

Anatomy of a Scandal S01 Sinhala Subtitles

මේ කොටසේ කතාව නිකම්ම “අපවාදය” කියන  දෙයින් ඔබ්බට ගිහින් “අපවාදයේ මුහුණුවර” ලෙස ගැඹුරට යනවා. මිනිස් විශ්වාසය, බලය, සහ සත්‍යය අතර තියෙන සංකීර්ණ සම්බන්ධතාවය පැහැදිලි කරනවා.

කතානායක තුමාගේ පවුල් ජීවිතේ පැත්තට හැරුනොත් Sophieගේ මානසික තත්වය හොඳට පෙන්නන්වා. ඇය විශ්වාස කරපු තම සැමියා ගැන තිබුණ අදහස ක්‍රමයෙන් බිඳ වැටෙන හැටි හරි සරල නාට්‍යනුසාරයට වඩා එහාට ගිහින් හිතේ ඇතුළාන්තයෙන් වැටෙන ආකාරය විස්තර කරනවා.

Jamesගේ චරිතයත් මේ කොටසෙදි පොඩි වෙනසක් දක්වන්න පටන් ගන්නවා. පළමු කොටසෙදි බලවත්, විශ්වාසයෙන් පිරුණු දේශපාලනඥයෙක් වගේ පේන ඔහු, මේ වෙද්දී තමන්ගේ දේවල් පාලනේ කරගෙන පසුබැසපු චරිතයක් වෙලා. කතාව බලන අපිටත්  සැකයක් එන්න පටන් ගන්නවා මෙයා කියන දේවල් ඇත්තමද කියලා.

උසාවි කටයුතු සුමටව, සැලකිල්ලෙන් ගොඩනැගෙමින් යනවා. සෑම ප්‍රශ්නයක්, පිළිතුරක්, සහ නිරීක්ෂණයක් හරහා බලපෑම ටිකෙන් ටික වැඩි කරනවා. මේක හරි රසවත්, උසාවියක් තුළ තර්ක තුළින් ජූරිකට නඩුවේ තත්වේ ඒත්තු ගන්වන එක. විශේෂයෙන්, නඩුව ඉදිරිපත් කරන පාර්ශවය (prosecution) සෘජුවම පහර නොදී, පියවරෙන් පියවර සැකයක් ඉතිරි නොවන ආකාරයට මතය ගොඩන නගනවා.

මෙම කොටසෙන් ඉදිරිපත් කරන වැදගත් අදහසක් තමයි  “යාථාර්තය කියන්නේ එකම පැත්තක් නෙවෙයි” කියන එක. එකම සිද්ධියක් වෙනස් අයගේ කෝණ වලින් බැලුවාම, වෙනස් අර්ථ ලැබෙනවා කියන දේ මෙහිදී පැහැදිලිව ගොඩනැගෙන්න පටන් ගන්නවා.

ස්තූතියි!

 

Anatomy of a Scandal S01 Sinhala Subtitles


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

159 downloadsDownload Anatomy-of-a-Scandal-S01E02.zip27 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Anatomy of a Scandal Sinhala Subtitles

Subtitles by

හේමාල් ගනේගොඩ (G.V.)

Subtitles

159 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සබ්එකට

  2. Anonymous

    Thanks Bro

  3. Sandaru Nimsara

    Thanks