Fist of the North Star Season 01 Sinhala Subtitles “Omae wa Mou Shindeiru” ඔබ දිර්ඝකාලීන ඇනිමෙ රසිකයෙක් නම් ඒ වැකිය හොඳට අසා ඇති. ඒ නැතත් අන්තර්ජාලයේ සැරිසරන ඔබ ඇතැම් තැන් වල මේ වැකිය ඔබට ඇසී ඇති. මොකද මේ වැකිය ආන්තර්ජාලයේ දකින්න ලැබෙන සුප්‍රකට Meme වැකියක් බවට පත් වුනු එකක්. මේ වැකියෙ තේරුම තමයි “…

“Omae wa Mou Shindeiru” ඔබ දිර්ඝකාලීන ඇනිමෙ රසිකයෙක් නම් ඒ වැකිය හොඳට අසා ඇති. ඒ නැතත් අන්තර්ජාලයේ සැරිසරන ඔබ ඇතැම් තැන් වල මේ වැකිය ඔබට ඇසී ඇති. මොකද මේ වැකිය ආන්තර්ජාලයේ දකින්න ලැබෙන සුප්‍රකට Meme වැකියක් බවට පත් වුනු එකක්. මේ වැකියෙ තේරුම තමයි “ඔබ දැනටමත් මියගොස් අවසානයි” කියන එක. ඒත් ඒකෙ උත්පත්තිය උනේ කොතනද කියල ඔයාලා දන්නවද? අන්න ඒ උත්පත්ති කතාව තමයි මේ.
මේක නිකන්ම Drama type එකේ කතාවක් නෙමෙයි, මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා පාවිච්චි කරල කරන සටන් කලාවක් එක්ක දිග හැරෙන කතාවක්. මේ සටන් ක්‍රම ඇතුළත් කතාවෙ බලපෑම සහ ජනප්‍රියත්වය මොන තරම්ද කියනව නම් මේ කතාවේ එන සටන් ක්‍රම Dragon Ball Z, JoJo’s Bizarre Adventure, Berserk සහ Vagabond වගේ නිර්මාණ සඳහා ආදර්ශයට අරන් තියෙනවා. මේ කතාව ගැන තවත් එහාට හොයල බැලුවොත් මෙහි මන්ගාව ලෝකෙ පුරා මිලියන 100 කට වඩා පිටපත් ප්‍රමාණයක් අලෙවි වෙලා ඉතිහාසයේ අතිසාර්ථක වුනු සහ ක්ෂේත්‍රයේ විශාල බලපෑමක් කරපු කෘතියක් වෙනවා. මේ කතාව තමයි Hokuto no ken හෙවත් Fist of the North Star.

Hokuto no Ken Manga Vol.1 Cover

Fist of the North Star (2026) Key Visual
මුල් නිකුත් වීම Hokuto no Ken මන්ගාව ඇසුරෙන් 1984 වසරේ සිට 1988 වසර දක්වා කතාංග 152 ක් ඔස්සේ Fist of the North Star ඇනිමෙ කතා මාලාව නිකුත් වී තිබෙනවා. එමෙන්ම මේ ඇසුරෙන් 1995 වසරේ Fist of the North Star නමින් Live Action චිත්‍රපටයකුත් නිකුත් වී තිබෙනවා. එතැන් පසුව ඉතා දීර්ඝ කාලයකට පස්සෙ Fist of the North Star හි 40 වන සංවත්සරය නිමිත්තෙන් තමයි මේ කතාව Remake එකක් ලෙසින් පසුගිය අප්‍රේල් 10 වෙනිදා නිකුත් වුනේ. 1984 දී මුල් වරට නිකුත් වුනු මේ කතා මාලාවට වඩා අලුත් විදිහට TMS Entertainment සහ 7Studio ආයතන වල එකතුවෙන් මේ Remake කතාව අරන් එනවා. Buronson අතින් රචිත මුළු Chapters 245 කින් සමන්විත Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවෙන මේ remake series එකේ කතාව කිසිම වෙනසක් සිදු නොකර තමයි මේ විදිහට ප්‍රතිනිර්මාණය වෙන්නෙ. ඒ අනුව ඇනිමෙ වල Golden Era එකේදි නිමවුනු අලංකාර ඇනිමෙ කතාමාලාවක නූතන ප්‍රතිනිර්මාණයක් තමයි මේ.
Remake කතාවේ music ගැන කිව්වොත් Alexandros කණ්ඩායමේ “Hallelujah” ගීතය opening theme එක විදිහටත්, මුල් කතා මාලාවේ ජනප්‍රියට පත්වුනු “Ai wo Torimodose!!” ගීතය Remix එකක් ලෙසින් ToshI විසිනුත් perform කරනු ලබනවා.

දැන් කතා පසුබිමට යමු. ලෝකය න්‍යෂ්ටික විනාශයකට මුහුණ දීමෙන් පසුව දිග ඇරෙන කතාවක් විදිහට තමයි මේ කතාව පසුබිම් වෙන්නෙ. හැබැයි මේකෙන් කොහොමහරි බේරුනු මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා. මේ විනාශ වුනු ලෝකයේ ප්‍රචණ්ඩත්වය රජ කරන අතරෙ වතුර සහ ආහාර වෙනුවෙන් තමයි මිනිස්සු සටන් කරන්නෙ. කතාවේ කතා නායකයා වෙන ‘කෙන්’, එහෙම නැත්නම් ‘කෙන්ෂිරෝ’ මේ වෙද්දි ඉබාගාතේ යන කෙනෙක්. හැබැයි මෙයා ලෝකෙ තිබුනු භයානකම සටන් කලාවක අනුප්‍රාප්තිකයෙක් වෙනවා. ඒ සටන් කලාවක් සාමාන්‍යයෙන් දකින ඒවට වඩා හුඟක් වෙනස්.
කෙන්ෂිරෝගේ මේ ගමනෙදි එක්තරා ගමක වෙන සිද්ධියක් එක්ක තමයි මේ පළවෙනි කොටස ආරම්භ වෙන්නෙ. ඒ සිද්ධිය මොකක්ද? කෙන්ෂිරෝගෙ මේ භයානක සටන් කලාව මොකක්ද? කෙන්ෂිරෝ කියන්නෙ කවුද? එයා මෙහෙම ඉබාගාතෙ යන්නෙ ඇයි? එයාට මුණ ගැහෙන අය කවුද? කියන දේවල් වලට උත්තර මේ ආරම්භයෙන් අපිට දකින්න ලැබෙනවා. බලන්නකො එහෙනම් මේ අලුත්ම කතාව. මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්.

නිකුත් වුනු දවසෙම කොටස් දෙකකින් තමයි කතාව ආරම්භ උනේ. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Hokuto no Ken (2026) (Fist of the North Star) – S01 [1080p] (Weekly) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode 01
Episode Name – A Cry from the Heart
IMDB Rating – 7.7 (at 2026.04.26)
Released Date – 2026.04.10
• Episode 02
Episode Name – A Better Tomorrow
IMDB Rating – 7.6 (at 2026.04.26)
Released Date – 2026.04.10
Fist of the North Star Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
242 downloadsDownload Fist-of-the-north-star-S01-E01-E02-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Ishan Madusha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fist of the North Star [S01 : E01 & E02] Sinhala Subtitles | අපරාජිත මුෂ්ටියේ ආගමනය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/FotNS_banner_01.jpeg)


බොහොම ස්තූතියි.