The Vampire Diaries S01 Sinhala Subtitles හම්මෝ ඔන්න එහෙනම් මේ මම අරන් ආවේ පළමු කතා සමයේ අවසාන කොටස… ඉතින්.. මේක කොච්චර ලස්සන කතාවක්ද කියලා බලපු අය දන්නවා. ඒත් මේක සීසන් 8ක් දක්වා ගියා.. හැමෝම මේකට අපසිරසි නිර්මාණය කරන්න බයවුනා. මොකද මේක ලොකු වැඩක්.. මගදි හිරවුනොත් එහෙම කොහෙටවත් නැති වෙනවා. දන්නවනේ…

The Vampire Diaries S01 Sinhala Subtitles

හම්මෝ ඔන්න එහෙනම් මේ මම අරන් ආවේ පළමු කතා සමයේ අවසාන කොටස… ඉතින්.. මේක කොච්චර ලස්සන කතාවක්ද කියලා බලපු අය දන්නවා. ඒත් මේක සීසන් 8ක් දක්වා ගියා.. හැමෝම මේකට අපසිරසි නිර්මාණය කරන්න බයවුනා. මොකද මේක ලොකු වැඩක්.. මගදි හිරවුනොත් එහෙම කොහෙටවත් නැති වෙනවා. දන්නවනේ ඉතින් අන්තිමට කුණු බැනුම් තමයි.. ඉතින් එහෙම අවධානමක් තියෙද්දි රවිදු රැක්ෂාන් මලයා මේකේ වගකීම කරට ගත්තා… ඉතින් තනියම මේක කරන්න දීලා එයාව අසරන කරන්න හොද නැති නිසා අපි උපසිරැසි කරැවන් කීප දෙනෙක්ම එයත් එක්ක සම්බන්ද වෙලා කොහොම හරි පුළුවන් ඉක්මණට මේ ලස්සන කතාමාලාව ඔයාලට සිංහලෙන්ම රසවිදින්න අවකාෂය සලසාදෙන්න තීරනය කලා. ඉතින් මේ වගේ කතාමාලාවකට සම්බන්ධ වෙන්න ලැබුන එකත් එක අතකට මගේ වාසනාවක්. කොහොම හරි කියන්න තියෙන්නේ මෙච්චරයි.. මේක බයිස්කෝප් අඩවියෙන් මග නතරවෙන සිරිස් එකක් නෙමෙයි. දෛනිකව එක කොටස ගානේ සිසන් 8ටම අවසානය දක්වාම ඔයාලට ලැබෙනවා. ඒක ස්ථිරවම කියන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඔනි නැහැනේ. ගොඩක් අය කියවන්නෙත් නැහැනේ කොහොමත් කතාව ගැන කෙටියෙන් කියන්නම්.

හැමෝම ගොඩක් කුතුහලයෙන්නේ ඇත්තේ කලින් කොටස් කීපයේ වුන දේවලුත් එක්ක. එහෙනම් ඒවා ගැන මම ආය කියන්න යන්නේ නැහැ. මේ කොටස ගැන කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්. කලින් කොටසේ අන්තිමට ඩේමන් ලග තියන උපකරණය ඉසබෙල්ට දෙන්න වෙනවනේ. බොනි ඒකේ මායාව අයින් කලා කිව්වට ඇත්තටම එහෙම වෙලා නැහැ. මොකද එයාට ඒක කරන්න බැහැ. ඉඩිතන් ඉසබෙල් ඒක ජෝන්ට දෙනවා. ජෝන් ලග තමයි ඇත්තම උප කරණය තියෙන්නේ . ඩේමන් ලග තිබුනේ ඒක ක්‍රියාත්මක කරන යතුර විතරයි. ඉතින් මේ උපකරණයෙන් පුළුළුන් යම්කිසි සීමවක් ඇතුලේ ඉන්න වැම්පයර්ලාව ඔළු පාලාගෙන යන තරම් ලොකු ශබ්ධ තරංගයක් නිකුත් කරන්න. ඒකෙන් එයාලව අඩපණ වුනාට පස්සේ එයාලට වර්වේන් එන්නත් කරලා අරන් ගිහින් මරලා දාන එක තමයි ජෝන්ගේ සැලැස්ම.. ඉතින් ඒ ගැන වැඩිය කියන්න යන්නේ නැහැ. කිසිම කසම්මැලි කමක් නැතිව එක හුස්මට මේ කොටස බලත හැකි. දුකකට කියලා තියෙන්නේ. මම මේ කතාව පුරාවටම ආදරේ කරපු ඇනා කෙලල අවසානෙදි මැරෙන එක විතරයි. ඒකනම් පට්ටම අවුල්…ඇනාගේ මරණෙත් එක්ක ජෙරමිත් තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්නවා ඒක ඉතින් ඊලග සීසන් එකේදි තමයි බලාගන්න වෙන්නේ. ඒ වගේම සීරීස් එක පුරාවටම කට්ටිය
බලාපොරොත්තු වුන කෙනෙක් අන්තිමට ආපහු එනවා.

එහෙනම් මෙතනින් එයාට ඔයාලට බාරයි.. හොදට කතාව රස විදින්න… ඒ වගේම මෙතෙක් කතාව රසවිදපු.. අදහස් දක්වපු හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි. මොකද ඔයාලා නිසා තමයි එක කොටසක සබ් එකක් කරලා ඉවර වුනාට පස්සේ තව කොටස් කරන්න ඔනි කියන ඒ ගැම්ම එන්නේ..ඉතින් මේකත් ඒ වගේම රස විදලා අදහසක් දක්වාගෙනම යන්න. මොකද එච්චරයි අපිට අන්තිමට ඉතිරි වෙන්නේ..අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අර අනුරැද්ධ ලියෝ කියනවා වගේ ඔයාලා මේක බලලා ඉවරවුනාට පස්සේ. මේ වගේ කතා වලට ආස තව කෙනෙකුට මේක දෙන්න… මොකද මේ වගේ කතා වලට ආස ගොඩක් කට්ටිය ඉන්නවා බලන්න විදිහක් නැතිව… එහෙනම් මම නවතිනවා… දෙවනි කතා සමයත් ලගදිම ලැබෙයි.. හැබයි මමනම් නෙමෙයි කරන්නේ…හැමෝටම ස්තුතියි. බුදු සරණයි..!

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

300 downloadsDownload Vampire-Diaries-S01E22-Sinhala-Subtitles.zip45 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

300 downloadsDownload Subtitles45 KB

1 comment

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේ කතාමාලාවට උපසිරැසි කරන්න දායක වන සියලු සහෝදරයන්ට නැවත වතාවක් ගොඩාක් ස්තූතියි
    2 වන සීසන් එකෙන් නැවත හමු වෙමු
    ජය