මේ තමයි පලවෙනි සීසන් එකේ අන්තිම වැඩසටහන. විකාශනය වුනේ 2010 මැයි 25 වෙනිදා. ඉතින් මේ වැඩසටහනේ උපසිරැසි ලබාදෙත්දී මගේ අතින් ගොඩක් ප්‍රමාද වීම් සිදු වුනා. ඒ ගැන ඇත්තෙන්ම සමාව ඉල්ලනවා. කොහොම වුනත් එහෙම වුනේ ඇයි කියලා පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා හිතුවා. ගොඩක් අය හිතන්න ඇත්තේ, මේක ප්‍රමාද වෙන්න හේතු…
මේ තමයි පලවෙනි සීසන් එකේ අන්තිම වැඩසටහන. විකාශනය වුනේ 2010 මැයි 25 වෙනිදා.
ඉතින් මේ වැඩසටහනේ උපසිරැසි ලබාදෙත්දී මගේ අතින් ගොඩක් ප්‍රමාද වීම් සිදු වුනා. ඒ ගැන ඇත්තෙන්ම සමාව ඉල්ලනවා. කොහොම වුනත් එහෙම වුනේ ඇයි කියලා පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා හිතුවා. ගොඩක් අය හිතන්න ඇත්තේ, මේක ප්‍රමාද වෙන්න හේතුව සුප(ර්)නැචුරල් වෙන්න ඇති කියලයි. ඒත් ඇත්තටම මේක ප්‍රමාද වෙන්න හේතුව සුප(ර්)නැචුරල් නෙමේ.
ප්‍රමාදයට හේතුව තමයි, මේ වැඩසටහන පරිවර්තනය කරද්දී වැඩිපුර වෙලාවක් ගත කරන්න වෙන එක. මොකද මේකේ තියෙන්නේ, මං වැඩසටහනක දැකලා තියෙන දිගම වාක්‍ය. ඒ වගේම, දිග ඉංග්‍රීසි වාක්‍ය, සාමාන්‍යෙන්, සිංහලෙන් බැලුවම උඩ යට මාරු වෙලයි තියෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසි උපසිරැසිය ඒ තියෙන විදිහටම පරිවර්තනය කලාට සිංහලෙන් තේරුම් ගන්න බැහැ. ඒ වගේම නිවැරදිව පරිවර්තනය කරන්න වැඩි වෙහෙසක් දරන්නත් වෙනවා. වාක්‍ය අනිත් පැත්ත හරවලා සිංහලයට පරිවර්තනය කලහම ඒකට ගැලපෙන්න කාල රාමු ආපහු හරි ගස්සන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙහෙසකර, කාලය ගතවෙන වැඩක්. මම දන්නේ නැහැ ඒ උත්සහය සාර්තකයිද නැත්ද කියලා. 😕 කොහොම වුනත්, ප්‍රමාදයට වගේම උපසිරැසි තේරුම් ගැනීමේ අපහසුතාවක් තිබුනානම් ඒකටත් ඇත්තම හේතුව ඔන්න ඕකයි.
ඉතින් අපි අද වැඩසටහන දිහා බලමු.
වැඩසටහනේ මෙපමණ දවසක් කතා කලේ පෞරාණික පිටසක්වලයන් ගැනනේ. ඔන්න අද කතාකරන්නේ අපි කවුරුත් කැමති මාතෘකාවක් වන, වර්තමාන පිටසක්වලයන් ගැනයි. 😎
රොස්වෙල් සිද්ධිය, ලොස් ඇන්ජලීස් සටන, හිට්ලර්ගේ පිටසක්වල තාක්ෂනය ඇතුළු තවත් පිටසක්වල යානා සම්භන්ධ මෑත කාලීන සිදුවීම් ගණනාවක් අද වැඩසටහනේ කතා කරනවා. ඊට අමතරව, “හෙට දවසේ පිටසක්වලයන් පෘතුවියට ගොඩ බැස්සොත් මොනවා වෙයිද?” 😯 කියන ප්‍රශ්නෙත් කතා කරනවා.
ඉතින් වර්තමාන පිටසක්වලයන් කරලා තියෙන දේවල්නුත් (උන්ට අපි කරපු දේවල්නුත්) බලන්නකෝ. 😛
එහෙනම් ඊලග එකෙන් හමුවන තුරු, හැමෝටම ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න febbc7b95fa2815a67efbb55755166e1fec40ecb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,522 downloadsDownload Ancient.Aliens.S01.E05.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
51 comments
shani
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි MDG සහො :D ජය
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති MDG සහො…… :)තුසිත
link aka wada nane
Bugger
TORRENT LINK IS NOT WORKING ...
indika perera
ඇත්තටම මම හිතුවේ මේක නවත්තලා දාලා කියලා.කාලයක් ගිහින් හරි දීපු එකනම් ලොකු දෙයක්. උපසිරැසියට ස්තුතියි !
Kulanjana Maduranga
patta...meka nawathla kiyla hithuwe..eth menna dila.eka nm loku deyak.subata thanks MDG saho.digatama sub demu.jaya wewa....
Ishan
thanx mchan,,,
blacksnow
ස්තුති දහස් වාරයක්.
Amil
MDG සහෝදරයට මගේ හෘදයාංගම ස්තුතිය මම පුදකරනවා. මොකද මෙවැනි වෙහෙසකර වැඩක් අපිවෙනුවෙන් කරලා නියම වැඩසටහනක් අපිට තේරෙන සිංහලෙන් රසවිදින්න අවස්ථාව ලබා දුන්නට.. මේක දෙනකම් නම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. ඉදිරියටත් මෙවැනි ගුණාත්මක වැඩසටහන් වලට සබ් දන්න ශක්තිය ලැබේවා!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
wasi
meka anakan godak kal balan hitiya,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ela jaya weva sahooooo>>>>>>>>>>>>>>>>>>>
දිල්ෂාන් කාලිංග (ඩිලා)
අපොයි ඔව්...මමත් දන්නවා.මේ වගේ ඒවට ලේසියෙන් උපසිරසි කරන්න බැහැ කියල.මොකද මමත් දෙක තුනක්ම කරලා තියනවා.
නියම වැඩක් තමයි කරන්නේ.ඒක හරියට කරන එකත් ලොකු දෙයක්.කාලය වැය කරලා උනත් කමක් නැහැ.හරියට දෙනවනම්.ඉතින් ඕනෑම වෙලාවක උපසිරසියටකට උදව්වක් එහෙම ඕනේ උනොත් කියන්න.වරුණ රංගජිත් (වරූ)
බොහොම ස්තුතියි
idunil
torant link eka wada nane
දසුන් සුචරිත
මේක දෙනකම් හිටියේ.
Sami
මෙච්චර මහන්සි වෙලා සබ් දෙනවට බොහොම පින් සහෝ
ජය වේවා.... :)sandu
link eka weda nene...
sandu
download karapu torrent file eka ganna puluwan widiyata biscope upload karanna...
ඇඩ්මින්
ලින්ක් එක අප්ඩේට් කලා.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........වරුණ නිරෝෂණ
මේ කතා මාලාව අපිට සිංහලෙන් දෙන්න දරන මහන්සියට බොහෝම ස්තුතියි සහෝ........
Malith
thanks saho api wenuwen me karana sub walata bohoma pin niyamaiiii jayawewa....
chamath
2nd season eka demu neda bro
sholon
මේකනම් පට්ටම series එකක් ඉතුරු ඒවත් ඉක්මනටම දෙන්නකෝ
yeshu
ඉතුරු කොටස් ටිකටත් සබ් දෙන්න මේ සීරියස් එකට සබ් දුන්නාට ස්තූතියි
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, සමාවෙන්න අදහසක් දාන්න පරක්කු උනාට, හැකිනම් ඉතුරු ටිකත් දෙමු නේ? ජයවේවා.
sholon
ithuru ewath denna sahoo api balan innnwa
Malinda
season 2 ekata sab dannakoooooo sahooo......
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
චන්දිම අමරසිංහ
Ancient Aliens s2kt ona..
Yasiru
2nd season 1 tath sub demu neda.
Amil
සහෝ ... මේකේ දෙවැනි සිරියස් එකක් තියෙනව නම් ඒකටත් සබ් දෙනවා නම් ලොකු පිනක්. මොකද මෙවැනි වැඩසටහනක් සිංහල සබ් එක්ක බැලුවා කියන්නේ මාරම සතුටක් සහ ගොඩාක් ලොකු දැනුමක්... ඒකට ගොඩාක් පිං... මේ දවස් වල Discovery Sc එකෙත් Alien Encounters කියලා වැඩසටහනක් යනවා.. පුළුවන්නම් සබ් දෙන්න උත්සහාකරන්න... ඒක ගොඩාක් ලොකු උදව්වක් වේවි දැනුමෙන් පිපාසිත අයට..
wimukthi wickramasinghe
2ni season eke sub ekath ikmanata denawa nam pin.....
Dilanka Madhusahn
puluwan nam 2nd season ake indan digatama subs danna.
godak hoda documentary akak.
Sahiru
අනේ මචං දෙවෙනි කොටසෙ එකක් හරි දාන්න පුලුවන්ද?
මේක ගොඩක් වටිනවා!prasadnalinda
Ancient Aliens Season 02/04 sinhala sub tika dennako
naleen
kohoma hari ithuru season akath denna... meka godak watinawa...
oyata godak thanks...sagara
මචන් චිත්‍රපටි බලනව වගෙ නෙවේ මේක නිකන් ආතල් ගනනව වගේ නෙවේ හිතන්න දෙයක් ඉතුරුකරන වෑදගත් දෙයක්,මචන් ඉතුරු සීසන් ටිකත් සබ් කරපන් ,අපි බලාගෙන ඉන්නවා. ඉතුරු සීසන් ටික සබ් කරන්න ශක්තිය ධේර්යය ලෙබේවා!
Anonymous
අයියේ තරහ නැතුව ඉතුරු ටිකත් සබ් කරල දෙන්නකෝ...
waruna
thanks saho...
Naleen
MDG යාළුවාට වගේම biscobaiscopelk එකටත් ගොඩාක් ස්තුතියි ,ගොඩක් පින් ,මේ වගෙ දෙයක් රසිකයෝ වෙනුවෙන් දුන්නට ...එත් ගොඩාක් දෙනෙක් බලන් ඉන්නවා නේද ඉතුරු season වලටත් sub දෙනකන් ....MDG යාළුවා 2014 අවුරුද්දේ මේ SUB එක එකතු කරපු දවසේ ඉඳල මේ දක්වා ,වෙන කිසිම කෙනෙකුට,කිසිම site එකකට, බැරි වෙලා තියෙනවා ඉතුරු season වලට sub දෙන්න ..එක නම් ලංකාවේ WEB SITE දිහා බලන කොට කනගාටුවට කරුණක් ..මේවගේ වැඩසටහන් කොච්චර වටිනවද ?
දෙකයි පනහේ HINDI FILM එකක් එහෙම out උනාම ඒවාට sub දෙන්නේ තරගෙට ...tv channel වල උනත් sinhala sub දාල ඒවා පෙන්නන්නේ තරගෙට '''ඒ උනාට පාසල් යන ළමයෙකුගේ ඉඳල වැඩිහිටියෙකුට යනකන් ගොඩක් අය බලන්න ආස කරන මේවගේ වැඩසටහන් මිනිස්සුන්ට සමීප කරන්න කව්රුවත් උත්සහ කරන්නේ නැහැ . ඒක ලංකාවේ අභාග්‍යයක්.
...
අද කාලේ tv channel එකක් උනත් මේවගේ දේවල් මිනිස්සුන්ට සමීප කරන්න උත්සහ කරන්නේ නැහැ ..Discovery channel වගේ දේයක් උනත් බලන්න පුළුවන් DIALOG TV වගේ bill ගෙවන පන්තියේ මිනිස්සුන්ට විතරයි .
ඒ අතින් බලපුවම MDG යාළුවාට වගේම biscobaiscopelk site එකටත් ගොඩක් පින් දෙනවා මේ කරපු හොද වැඩේට'''මං හිතනවා biscobaiscopelk වගේ වැදගත් site එකක් ,මේ වැඩසටහනේ ඉතුරු season වලටත් ඉක්මනින්ම sub දෙන්න අපේ යාලුවෝ උනන්දු කරවයි කියලා . ඒවගේම MDG යාළුවාත් අනිවාර්යයෙන්ම ඒ උත්සාහය දරයි කියල මන් විශ්වාස කරනවා...මොකද මන් දන්න විදියට season 1 වලටත් sub දෙන්න මේ දක්වා පුළුවන් උනේ ඔයාලට විතරයි .
මේකේ ඉතුරු වැඩසටහන් වලටත් කොහොමහරි sab දෙන්න...ගොඩාක් කට්ටිය බලන් ඉන්නවා ඒවා බලන්න ..file කොච්චර ලොකු උනත් අපේ අය එක කොහොම හරි download කරාවි ..ඒක sure ....ඒක ලොකු පිනක් ,ඒවගේම එක හරියට කරන්න පුළුවනුත් ඔයාලට විතරයි කියලයි මටනම් හිතෙන්නේ....
ගොඩාක් ස්තුතියි... ඔයාලට ජයෙන් ජයම වේවා!..
Srimal Priyanga
Great work, keep it up…
nirosha
meka baladdi apita therernawa sub eka denna kochchara amaaruda kiyala.sub denawata godak sthuthiyi
Tishan
godak thanx saho..
Udara Damith B\K
බොහොම ස්තූතියි ........................
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…yash
Thanks Bro
chinthaka.max4
thankx machan
Anonymous
thanks bn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ancient Aliens [S01 : E05] | පුනරාගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ancient-aliens.jpg)

thanks