Watch Trailer

Arcane [S02: E01] Sinhala Subtitles | අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවුරුදු තුනකට ආසන්න කාලෙකට පස්සේ ආයෙත් ඔයාලව මම හම්බෙන්න ආවා ආකේන් දෙවෙනි නැතිනම් අවසාන සීසන් එක තුලින්. ඔව්, පලවෙනි සීසන් එක නිකුත් වෙලා හරියටම අවුරුදු තුනක කාලයක් මෙහි නිර්මාණකරුවන් අරගන්නවා දෙවෙනි සීසන් එක හදන්න. හරියටම බැලුවොත් මෙයාලට පලවෙනි සීසන් එක හදන්නත් අවුරුදු හයකට ආසන්න කාලයක…

ඔන්න එහෙනම් අවුරුදු තුනකට ආසන්න කාලෙකට පස්සේ ආයෙත් ඔයාලව මම හම්බෙන්න ආවා ආකේන් දෙවෙනි නැතිනම් අවසාන සීසන් එක තුලින්. ඔව්, පලවෙනි සීසන් එක නිකුත් වෙලා හරියටම අවුරුදු තුනක කාලයක් මෙහි නිර්මාණකරුවන් අරගන්නවා දෙවෙනි සීසන් එක හදන්න. හරියටම බැලුවොත් මෙයාලට පලවෙනි සීසන් එක හදන්නත් අවුරුදු හයකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනව කියලයි මෙහි නිර්මාණකරුවන් පවසන්නේ. ඒකට හේතුව වෙන්නේ මෙහි නිර්මාණකරුවන්ට ඕනෙ වෙලා නෑ හදිසි වෙලා මේකෙ ප්‍රමිතිය අඩු කරගන්න. දෙන එක සුපිරියටම දෙන්නයි එයාලට ඕනෙ වුණේ. මොකද මේකෙ පිරිවැයත් සුළුපටු නෑ, කතා මාලව නිෂ්පාදනයට වගේම මෙහි ප්‍රවර්ධක කටයුතු වලට සීසන් දෙකටම මෙයාලට ඇමරිකානු ඩොලර් මිලියන 250 ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා. ඒ වගේම එච්චර අධික මුදලක් යට කරලා හදපු පලවෙනි ඇනිමේටඩ් සීරිස් එක වෙන්නෙත් Arcane මයි. ඉතිං සාධාරණයිනේ මෙයාල මෙච්චර කල් ගත්ත එක නේද? මෙච්චර මුදලක් වියදම් කරලත් ප්‍රතිපලය ඉස්තරම් කරගන්න එපැයි! දැං ඉතින් බලා හිදීම් අවසන්, පලවෙනි එපිසෝඩ්ස් තුනම මේ වෙද්දි නිකුත් වෙලයි තියෙන්නේ. ඒ අනුව දෙවෙනි කතා සමය නිකුත් වෙන්නෙත් පලවෙනි කතා සමය නිකුත් වුණ විදිහටමයි. ඒ කියන්නේ දවස් තුනකට, එනම් නොවැම්බර් 9 වෙනිදා පලවෙනි කොටස් 3, නොවැම්බර් 16 වෙනිදා ඊලඟ කොටස් 3, නොවැම්බර් 23 වෙනිදා අන්තිම කොටස් 3, වශයෙන්.  මීට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන නම් ආයෙ අමුතුවෙන් මතක් කරන්න ඕනෙත් නෑනෙ නේද? මේක Netflix එකේ ලොකු පෙරලියක් ඇති කරන්න සමත් වෙනවා. ඒ විතරක් නෙමේ IMDb දර්ශකේ මේ වෙනකොට මනාප ලක්ෂ තුනකට අධික ප්‍රමානයකින් 9.0 ඉතාම ඉහල අගයක් අරගෙන හොඳම ටීවී සීරිස් 250 තුල 27 වෙනි තැනට එන්න සමත් වෙලා තියෙනවා සහ කුණු තක්කාලි 100% කුත් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් ඒ කතා ඇතිනෙ, දැං අපි කතාව පැත්තට යමු, අලුත් කතා සමයට බහින්න කලින් අපි පලවෙනි කතා සමයෙ මොකද වුණේ කියලා කෙටියෙන් මතක් කරන් ඉමු. අපිට මේ කතා මාලාවෙදි ප්‍රධාන වශයෙන් නගර දෙකක් බලාගන්න හැකිවෙනවා. ධනවත්, ඉහල තාක්ෂණයන්ගෙන් හෙබි ටොප්සයිඩ් එක නැතිනම් පිල්ටෝවර් නගයරය සහ දුප්පතුන්, අන්ධකාරය වැජඹෙන අන්ඩසිටි එක නැතිනම් සෝන් නගරය ලෙසින්. පිල්ටෝවර් ජනයාට හැම සැපසම්පතක්ම තියෙනවා වගේම තව එය දියුණුවට යන ගමනුයි තියෙන්නේ. සෝන් නගරය ඊට අනිත් අත තව තවත් වල පල්ලට යන ගමනුයි තියෙන්නේ. මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි එහෙ, මිනිස්සු කැරලි ගහනවා පිල්ටෝවර් එකට විරුද්ධව. ඒත් මේ කැරලි පාලනේ කරන් සාමකාමීව සෝන් නගරය ගෙනියන්න එහි නායක වැන්ඩර් කටයුතු කරනවා මොකද නගර දෙක අතර ‍යුද්ධයක් ඇති වුණොත් ඒකෙන් වෙන්නේ තවත් විනාසයක් බව අද්දැකීම් සහිතව ඔහු හොඳින් දන්නා නිසා. ඒත් වැන්ඩර් කවද වෙනකල් මිනිසුන්ව මෙහෙම පාලනේ කරන් ඉන්නද? ඔව්, වැඩිකල් ඉන්න වෙන්නෑ මොකද වැන්ඩර් ඔහුගේම ලමයින් මෙන් රැකබලා ගන්නා වයි සහ පවුඩර් කියන හිතුවක්කාරී සහෝදරියන් දෙන්නා එයාලගෙ යාළුවොත් එක්ක පිල්ටෝවර් වල හොරකමේ ගිහින් අත්වැරද්දකින් ලොකු විනාශයක් සිදු කරනවා. එතනින් සෝන් සහ පිල්ටෝවර් අතර තත්වෙ වෙනස් වෙනවා. මොකද හොරකමේ ගිය වෙලේ පිල්ටෝවර් වල වටිනා වස්තුවක් වෙන මායා ගලක් පවුඩර් විසින් හොරකම් කරනවා. මේ මායාගල හොයන් පිල්ටෝවර් එකෙන් සෝන් වලට සොල්දාදුවන් එවනවා සහ ඔවුන් එහි මිනිස්සුන්ට ඉතාම ජරා විදිහට සලකනවා. මේ අතරෙදි සෝන් වල බලය ගන්න තන්හාවෙ හිටපු සිල්කො මැදිහත් වෙලා මේවා වාසියට අරගෙන වැන්ඩර්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා ඔවුන් පිල්ටෝවර් එකට විරුද්ධව සටන් කරන්න ඕනෙ කියා. සිල්කොට මේ පිල්ටෝවර් එකත් එක්ක සටන් කරන්න බලවත් තුරුම්පුවක් ලඟ තියෙනවා කියලා ඔයාලට මතක ඇති, ෂිමර් රසායනය. ඒකෙන් මිනිස්සුන්ව රාක්ෂයන් මෙහෙ කරහැකී. ඒ අනුව මේ කැරැල්ල සෑහෙන දුරදිග ගිහින් අවසානයේ නතර වෙන්නේ වැන්ඩර් ඝාතනයට ලක්වෙලා සහ වයි, පවුඩර් සහෝදරියන් දෙදෙනා විරසක වෙලා. මේ විරසකය කොච්චර දුරට ගියාද කියලා ඔයාලට මතක ඇති සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේදි. ඔවු, පවුඩර් නැතිනම් ජින්ක්ස් පිල්ටෝවර් වල ප්‍රධාන තැනක් වෙන කවුන්සිලේට එහි සාමාජිකයන් ඔක්කොමල ඉන්දැද්දි ප්‍රහාරයක් එල්ල කරනවා. ඒකත් හොඳම දේ කියන්නේ එයාල සෝන් නගරයට නිදහස දෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමා ඒ ප්‍රහාරෙ එල්ල කරන්නේ.  එතැන් පටන් වෙනදේ බලාගන්නනෙ ඔයාල මෙච්චර කල් ඉවසුවේ. එහෙනම් ඒ කුතුහලය ඔයාලටම ඉතුරු කරලා මෙතනින් නවතින්නම්. ආයෙ දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු, ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,482 downloadsDownload Arcane-S02E01.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

5,482 downloadsDownload Subtitles13 KB

11 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    සුපිරියක් තමයි ඔලිව සහෝ... ආපු ගමන්ම දීලනේ.
    මේ වගේ ඒවා ඉතිං ඔයාගේ වගේ කොලිටි සබ් එක්කම තමයි බලන්න ඕන.
    බොහෝම ස්තූතියි සහෝ.

  2. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
    මීළග episode එකත් ඉක්මනටම දෙන්න

  3. lakmal

    thanks bro

  4. Dilshan

    මෙච්චර ඉක්මනට සබ් ගේයි කියල හිතුවේ නෑ...thanx saho...ඊලග episode එකටත් ඉක්මනට ඕනි....

  5. buddika

    thank u ikmanata dunnata

  6. Dasun Lakruwan

    මහන්සියට ස්තූතියි ආසාවෙන් බලන් හිටපු එකක්

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  8. Nimashi

    Thanks subtitles dunnta

  9. Akila Dilhara

    Thanks for Sub....

  10. Anonymous

    බොහොම ස්තූතියි දෙවැනි කතා සමයටත් සිංහල උපසිරසි දුන්නට සහෝ.. ඔයාට ජය වේවා.. මේ කරන සේවයට ගොඩක් පිං..

  11. Sahan Gayantha

    thanks a lot Bimsara bro sub ekata