Watch Trailer

Arcane (2021-) [S01 : E09] Sinhala Subtitles | අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් කොටස් නවයක් පුරාවට සබ් ගෙනාපු Arcane කතා මාලාවෙ අවසාන කොටසයි මේ. මේක අවසානයක් නෙවේ ආරම්භයක් කියන්නත් පුළුවන්. එකක් මේක දෙවන කතා සමයක් දක්වා දැනටමත් දීර්ග කර අවසන්, සහ අනික් කරුන මේ කොටස බලල ඉවර වෙද්දී ඔයාලට තේරෙයි. මෙච්චර දවසක් පිල්ටෝවර් සහ අන්ඩර්සිටි එක දේශපාලන මත ගැටු…

සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් කොටස් නවයක් පුරාවට සබ් ගෙනාපු Arcane කතා මාලාවෙ අවසාන කොටසයි මේ. මේක අවසානයක් නෙවේ ආරම්භයක් කියන්නත් පුළුවන්. එකක් මේක දෙවන කතා සමයක් දක්වා දැනටමත් දීර්ග කර අවසන්, සහ අනික් කරුන මේ කොටස බලල ඉවර වෙද්දී ඔයාලට තේරෙයි.

මෙච්චර දවසක් පිල්ටෝවර් සහ අන්ඩර්සිටි එක දේශපාලන මත ගැටුම් මත ඇදී ගිය හැටි මතකනේ. යුද්ධයක් අත ලග ඒත් ඒක නවත්තන්න පුළුවන් පිල්ටෝවර් වල අයටම තමා. ඉතින් ඒකට ජේස් මුල පුරලා සිල්කො එක්ක ගිවිසුමකට එනවා. මොකද ජේස්ටත් මේ යන කැරලි කෝලාහල, ලේ වැගිරීම් නිසා හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් එහෙම සාමෙකට එන්න ඔන්නම් සිල්කො ඉල්ලන්නේ අන්ඩර්සිටි එකේ නිදහස, ස්වාධීනත්වය. ඉතින් ඒ යෝජනාවට දෙන්නම කොන්දේසි ඇතුලත් කරනවා. ඒකෙන් දෙගොල්ලන්ටම දේවල් නැති වෙන තත්වෙකට පත්වෙනවා. ඒව ගැන බලලම දැන ගන්න. ඉතින් ඒ ජේස් සිල්කො එක්ක ගහපු ගිවිසුමකට කවුන්සිලේ අය කැමති වෙයිද? අන්ඩර්සිටි එකේ අයට එහෙම නිදහසක් දුන්නොත් මොනව වෙයිද? ඒවා මේ කොටස බැලුවාම තේරෙයි.

එහෙනම් පලවෙනි කතා සමය මෙසේ නිමා වෙනවා. පුළුවන් විදිහට කොටස් වල ලිපිටික ලිව්වේ, ලිපි ලියන්න වැඩිය දක්ශ නෑ. ඉතින් එහෙමයි කියලා මේ සීරිස් එක මගහැර ගන්න එපා එහෙම වුනොත්, සීරිස් බලන කෙනෙක් විදිහට ලොකු පාඩුවක් ඒක.

ඊට අමතරව, සයිට් එකේ සීරිස් සබ් කරන්න අරන් මග නැවතිලා තියෙන සීරිස් ඔයාල දකින්න ඇති. ඉතින් ඒවට ඔයාලගෙන් එල්ල වෙන දෝශාරෝපන නිසා සයිට් එකෙන් අලුත් සීරිස් දෙන එක ගැන දෙපාරක් හිතනවා, මොකද මග නවත්තන්න සීරිස් දීල තේරුමක් නැති නිසා. ඒකෙන් වෙන්නේ බයිස්කෝප් එකට ගොඩවදින ඔයාල අමනාප වෙන එක විතරයි. ඉතින් මේ සීරිස් එක මං ඉල්ල ගත්ත කොහොම හරි නවත්තන්නැතුව ඇදගෙන යන්නම් කියලා, ඉතින් මට මේ සීරිස් එක කරන්න බාරදුන්න හසන්ත අයියට සහ චාමර සම්පත් අයියට ස්තූති කරනවා සහ මේ කතාමාලාව සමඟ රැදිල හිටපු ඔයාලටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ඊලඟ කතා සමයටත් අනිවාරෙන් සබ් ගේන්නම් ආවහම.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු, ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,499 downloadsDownload Arcane-S01-E09.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

7,499 downloadsDownload Subtitles16 KB

24 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Dasun

    Supiri mchn.gindarama gindara....

  3. Anuja Lakshitha

    thanks ayye sub ekat

  4. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  5. කාවින්ද

    ට්‍රෝල්හන්ටර්ස් සීසන් ටිකටත් මේ වගේම සුපිරි සබ් ටිකක් හදල දෙන්න ඈකිදෝ

    1. Bimsara Yashan(ඔලිව)

      උත්සාහයක් දරන්නම් සහෝ.

  6. kevin D...

    Thanks...

  7. Amila konara

    සබ් එකට ස්තූතියි සහෝ

    ඇරත් කිව්ව වගේ මග නැවතුන සීරියස් ටිකටත් සබ් දාගෙන යමු

  8. Pahasara

    Thankz...

  9. A,K...

    mekanam maga nawaththanna epa kalekin dakka hoda animation series ekak . sub ekath kiyala wadak na ekath top level eke thiyenawa . good luck oyala hamotama

    1. Bimsara Yashan(ඔලිව)

      ඔයාගෙ අදහසට ස්තූතියි සහෝ. ජයවේවා!

  10. Anonymous

    Thanks sago sub walata❤

  11. ML

    Thanks sago sub walata❤

  12. Sameera

    Mn dakapu supirima sub tikak thma thanks kollo

    1. Bimsara Yashan(ඔලිව)

      ඔයාගෙ අදහසට ස්තූතියි සහෝ. ජයවේවා!

  13. Disas

    ejen ali the movie 2019 sinhala sub pls

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Sandaruwan

    ගොඩක් ස්තූතියි... ස⁣හෝ...

  16. සංජන චමෝද්

    ඔන්න අයියෙ ඔක්කොම බෑව.
    දැන් තමා බලන්න ගන්න ගන්නෙ. 🤗
    මුලු සීසන් එකටම සබ් ගෙනාවට ගොඩාක් ස්තූතියි

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  17. udara damith

    elaaaaaaaaaaaaaaaaaaa

  18. ishu

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.. ඔක්කොම ටික ගත්ත හොදේ. ගොඩක් අය හොදයි කියපු නිසා බලන්න හිතුන. උබට පිං මේකට සබ් දුන්නට..

  19. Nimashi

    S02ka episode 3k awa ewta subtitles dennko

  20. Anonymous

    බොහොම ස්තුතියි ඔබලා මේ කරන සේවයට

  21. Sahan Gayantha

    thanks wewa Yashan saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.