Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles සුබ දවසක් හිතවතුනි. අද මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ තුන්වැනි කතාංගයයි. වෛද්‍ය ඔසීල් මෙනෙන්ඩස් සහෝදරයන් එක්ක සාකච්ඡ කරමින් ඔවුන්ගේ පාපොච්චාරණ පටිගත කරගන්නේ වෛද්‍ය ආචාරධර්ම අනුව සේවාදායකයාගේ රහස්…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
සුබ දවසක් හිතවතුනි. අද මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ තුන්වැනි කතාංගයයි. වෛද්‍ය ඔසීල් මෙනෙන්ඩස් සහෝදරයන් එක්ක සාකච්ඡ කරමින් ඔවුන්ගේ පාපොච්චාරණ පටිගත කරගන්නේ වෛද්‍ය ආචාරධර්ම අනුව සේවාදායකයාගේ රහස්‍යභාවය සුරැකීමට බැඳී සිටින බව පවසමින්. ලයිල් මුලදී ඊට දැඩිව විරුද්ධ වුණත් පසුව එයට එකඟ වෙනවා. ඒ ඔහුගේ බාල සහෝදරයා වන එරික් කළ අමනෝඥ ක්‍රියාවෙන් පසුවයි. මේ අතර වෛද්‍ය ඔසීල් එක්ක ආරවුලක් ඇතිකරගත් ජූඩලෝන් ඔහුගෙන් පලිගැනීමට පොලිසියට වෛද්‍ය ඔසීල් විසින් පටිගත කළ මෙනෙන්ඩස් සහෝදරයන්ගේ පාපොච්චාරණය ගැන කියන හැටි පහුගිය කොටසින් ඔබ දකින්න ඇති. අද එතැන් සිට….
අද පළ වන කතාංගය ගැන:
තුන්වැනි කොටස – “Brother, Can You Spare a Dime?” – “සත දහයක් නැද්ද, මල්ලි?”
අධ්‍යක්ෂණය – Paris Barclay
තිර රචනය – Ian Brennan & David McMillan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 7.6/10

එරික් සහ ලයිල් දෙදෙනා නීති උපදේශක ජෙරල්ඩ් චාලේෆ් සහ නීතිඥ රොබර්ට් ශපීරෝ සමඟින් අධිකරණයේ පෙනී සිටිමින් (වමේ) එම සිදුවීම ටෙලිනාට්‍යයේ ප්‍රතිනිර්මාණය කෙරුණු අන්දම (දකුණේ).
අද කතාව ආරම්භ වෙන්නේ ජූඩලෝන්ගේ අනාවරණයෙන් පස්සේ ඇතිවෙන සිදුවීම් එක්ක. හිටිහැටියේ වෛද්‍ය ඔසීල්ගේ නිවෙසට අධිකරණ නියෝගයක් ලබාගෙන ඇතුලුවෙන පොලිසිය ඔසීල්ගෙන් මෙනෙන්ඩස් සහෝදරයන්ගේ පාපොච්චාරණයේ හඬ පට ගැන විමසා සිටිනවා. මේ සිදුවීම එක්ක අසරණ වන වෛද්‍ය ඔසීල්ට සිදුවෙනවා පොලිසියට ඒ හඬ පට නිරාවරණය කරන්න. මේ ඔස්සේ ක්‍රියාත්මක වන පොලිසිය එරික් සහ ලයිල් මෙනෙන්ඩස් අත්අඩංගුවට ගැනීමට ඔවුන් හඹා එනවා. මේ අතර යම් හෙයකින් වෛද්‍ය ඔසීල්ගේ හඬ පට පොලිසිය අතට පත් වුවහොත් තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගැනීමට ඔහු සිය මිතුරන් දෙදෙනෙකුට පවසනවා. කෙසේවෙතත් ලයිල් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. මේ අතර ටෙනිස් තරඟාවලියක් වෙනුවෙන් ඊශ්‍රායලයට ගමන් කරන එරික් මේ ආරංචිය දැනගෙන ඊශ්‍රායලයෙන් පිට වන්නේ ඊශ්‍රයලයේදී ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට පත්ව මැදපෙරදිග රටක සිරගත වුවහොත් ඔහුගේ රටේ ව්‍යවස්ථාවෙන් ඔහුට හිමිවී තිබෙන පුරවැසි අයිතීන් වලංගු නොවන හෙයින්. ආපසු එන එරික් ගුවන්තොටුපලේදීම අත්අඩංගුවට පත් වෙනවා. ඔවුන්ට තමන් ගත කළ සුඛෝපභෝගී ජීවන රටාවෙන් හිටිහැටියේම ඇදවැටී සිරගෙදර දුක්ඛිත ජීවිතයට හැඩගැහෙන්නට සිදුවෙනවා. මේ අතර කීර්තිමත් නීතිඥ රොබර්ට් ශපීරෝව ඔවුන් වෙනුවෙන් විත්තියේ නීතිඥයෙක් ලෙස බඳවා ගැනීමට මෙනෙන්ඩස් පවුලේ ඥාතීන් තීරණය කරනවා. ඔව් මේ අර American Crime Story : The Peoples vs O.J. Simpson කතාවේ ඔබ දැනගත් සිම්සන් නඩුවේ විත්තියේ නීතිඥ රොබර්ට් ශපිරෝම තමයි. නමුත් මෙවර ඒ චරිතය නිරූපණය කරන්නේ John Travolta නෙවෙයි, Savator Xuereb විසින්. රොබර්ට් ශපීරෝගේ මැදිහත්වීමෙන් එරික් සහ ලයිල්ට නිදහස් වන්නට පොටක් පාදාගත හැකිවෙයිද? ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන මෙනෙන්ඩස් පවුලේ ඥාතීන් තෘප්තිමත් වේද? මේ අතර එරික් ලයිල්ගෙන් විමසන්නේ කුඩා කළ ඔවුන්ගේ පවුල තුල තිබුණු රහසක් හෙළි කිරීමට මෙය සුදුසු වෙලාවද යන්නයි. ඒ ඔවුන්ගේ ගැලවීමට තවත් තුරුම්පුවක් ලෙස යොදා ගැනීමටයි. එය කුමක්ද? ලයිල් සහ එරික්ගේ විත්තියේ නීතිඥයා ලෙස ලෙස්ලි ඒබ්‍රම්සන් මහත්මිය සම්බන්ධ වන්නේ කෙසේද? ඇයගේ සහය මඟින් හෙළි කරන මෙනෙන්ඩස් පවුලේ රහස් මොනවාද? අපි බලමු මේ ටික අද කතාංගයෙන්….
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්. එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්! තෙරුවන් සරණයි
එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
516 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-2024-S02-E03-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro sub ekata