Watch Trailer

Arcane [S02: E04] Sinhala Subtitles | වීරයෙක් සඳහා බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඇක්ට් දෙකේ පලවෙනි කොටස නැතිනම් සීසන් දෙකේ හතරවෙනි කොටස අරගෙන ආවා. මේක ඇතුලුව එපිසෝඩ් 5, 6 නිකුත් වුණේ නොවැම්බර් 16 වෙනිදා. හිතාගන්න බැරි ගොඩක් දේවල් වෙන්නට නියමිතයි ඉදිරියට. එහෙනම් අපි මෙතෙක් කතාව මතක් කරන් ඉමු සහ ඒ වගේම මතක් කරන්න ඕනෙ කලින් කොටස් තුන බලපු නැති අය මෙතනින් එහාට කියවන්න එ…

ඔන්න එහෙනම් ඇක්ට් දෙකේ පලවෙනි කොටස නැතිනම් සීසන් දෙකේ හතරවෙනි කොටස අරගෙන ආවා. මේක ඇතුලුව එපිසෝඩ් 5, 6 නිකුත් වුණේ නොවැම්බර් 16 වෙනිදා. හිතාගන්න බැරි ගොඩක් දේවල් වෙන්නට නියමිතයි ඉදිරියට. එහෙනම් අපි මෙතෙක් කතාව මතක් කරන් ඉමු සහ ඒ වගේම මතක් කරන්න ඕනෙ කලින් කොටස් තුන බලපු නැති අය මෙතනින් එහාට කියවන්න එපා. කට්ටියට මතක ඇතිනේ කේට්ලන්, වයි ඇතුලුව කන්ඩායමක් හදන් සෝන් වලට යනවා ජින්ක්ස්ව හොයන්. ඒ ගිය ගමනෙදි මොවුන්ට ජින්ක්ස්ව හම්බෙනව සහ වයිට ජින්ක්ස්ව අල්ලගන්න හැකි වුණාද කියලත් අපිට කලින් කොටසෙදි බලාගන්න හැකිවුණා. ඒ සිද්ධ වුණ දේ මොකක් වුණත්, ඒක නිසා කේට්ලන් වයිගෙන් වෙන් වෙනවා. මේ අතරෙදි හෙක්සටෙක් වැඩ එපා වුණු වික්ටර් තීරණය කරනවා ජේස්ව දාල ආයෙත් සෝන් වලට යන්න. දැං ජේස් වැඩ කරන්නේ තනියම. ඒත් එක්කම එකෝ ඇතුලු පිරිස ජීවත් වෙන තැන ගහට අමුතු බලපෑමක් ඇතිවෙලා තියෙනව එකෝ දකිනවා. පස්සෙ එකෝ හයිමඩින්ගර් එක්ක ජේස්ගෙ ලැබ් එකට යනවා. එහිදි මෙයාල හිතන්නේ ඒකට හේතුව හෙක්ස්ටෙක් අධික බාවිතයේ හේතුවක් කියලා. ඒකෙ ඇත්ත නැත්ත බලාගන්න හෙක්ස්ගේට් කුලුනෙ අන්ඩර්සිටි එකේ තියෙන කොටසට ගියාම නොසිතපු දෙයක් සිද්ධ වෙන බව ඔයාලට මතක ඇති.  මේ අතරෙදි ඇම්බෙසා පිල්ටෝවර් වල පාලනය අතට ගන්න කුමන්ත්‍රණයක් කරන ගමනුයි ඉන්නේ කවුන්සලර් සැලෝව නම්මගෙන. මොකද ඇම්බෙසා නොක්සියස් වලදි බ්ලැක් රෝස් කියලා කල්ලියක් එක්ක පැටලිලා ඒකෙ ප්‍රතිවිපාක ඇගේ පස්සෙන් පන්නන නිසා. කොහොම හරි ඇගේ ඒ වැඩ කෙලවර වෙන්නේ මෙල්ටත් නොසිතූ දෙයක් සිද්ධ වෙලා සහ පිල්ටෝවර් වලට යුධ නීතිය ක්‍රියාත්මක කරලා එහි අණ දෙන ජෙනරාල් වශයෙන් කේට්ලන්ව පත් කරලා. ඇම්බෙසා හදන්නේ කේට්ලන්ව ඇයට උවමනා විදිහට ‍යුද්ධෙට යොමු කරන්න, ඇයට ඒක ලේසි වෙනවා මොකද කේට්ලන් ඒ වෙද්දිත් ඉන්නේ දැඩි වෛරයකින් සෝන් ගැන.  එහෙනම් ඔහොමයි මෙතෙක් කතාව සිද්ධ වුණේ. ඉන් පසු කොහොම දේවල් සිද්ධ වෙලා ඇතිද? බලාගන්න එක දැන් ඔයාලට බාරයි. එහෙනම් ඊලඟට පස් වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,418 downloadsDownload Arcane-S02E04.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

4,418 downloadsDownload Subtitles14 KB

6 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    නියමයි සහෝ ආපු ඉක්මනටම දෙනවනේ
    උපසිරසියට බොහෝම ස්තූතියි.

  2. Anonymous

    දවසෙන් සබ්..... ආදරෙයි සහෝ.... ඊලග එකත් ඉක්මනට ඕනි

  3. Vihanga101

    Thank you bro sub ekata enakan balan hitiye

  4. Kavee

    Thank u sahoo ❤️

  5. Akila Dilhara

    Thanks for Sub...

  6. Sahan Gayantha

    thanks a lot Yashan saho sub ekata