Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles සුබ දවසක්! මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ හත්වැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කා හෝසේ මෙනෙන්ඩස් සහ කිටී මෙනෙන්ඩස්ගේ අතීත කතාවෙන් පටන් ගත්ත ඔවුන්ගේ සුන්දර ජීවිතය විවිධ හැලහැප්පීම් මැදින් ගමන් කර අව…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
සුබ දවසක්! මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ හත්වැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කා හෝසේ මෙනෙන්ඩස් සහ කිටී මෙනෙන්ඩස්ගේ අතීත කතාවෙන් පටන් ගත්ත ඔවුන්ගේ සුන්දර ජීවිතය විවිධ හැලහැප්පීම් මැදින් ගමන් කර අවසානයේ ඛේදජනක අන්දමින් සිය දරුවන් දෙදෙනා අතින්ම ඝාතනය වීම දක්වාම ගමන් කළේ කෙසේද යන වග. එයින් දැක්වුණේ මෙතෙක් ඔබ දරුවන්ගේ දෘෂ්ටිකෝණ වලින් දුටු කතාව මියගිය මාපියන්ගේ ඇසින් පෙනෙන විධියයි. අද කොටසින් ආයෙත් ඔබ දකින්නේ මේ මිනීමැරුම් වලින් පසුව එරික් සහ ලයිල් ගෙවන වර්තමාන ජීවිතයයි. අද කතාව එතැන් සිට…
අද පළ වන කතාංගය ගැන:
හත්වැනි කොටස – “Showtime”- “සංදර්ශනය”
අධ්‍යක්ෂණය – Michael Uppendahl
තිර රචනය – David McMillan & Reilly Smith & Todd Kubrak
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 7.5/10

මෙනෙන්ඩස් නඩුවේ විත්තියේ නීතිඥවරියක වුණු ජිල් ලෑන්සිං (වමේ) සහ ඇයගේ චරිතය නිරූපණය කළ Jess Weixler (මැද වමේ), කීර්තිමත් නීතිඥ රොබට් ශපීරෝ (මැද දකුණේ) එම චරිතය රඟ දක්වන Salvator Xuereb (දකුණේ)
අද කොටසේ මොකද වෙන්නේ? ලයිල් සහ එරික්ගේ නඩු විභාගය ආරම්භ වීමෙන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. අධිකරණයේදී ඇතිවෙන උද්වේගකර තර්ක කිරීම් මධ්‍යයේ විත්තිය උත්සහ කරන්නේ එරික් සහ ලයිල් මේ මිනීමැරුම් සිදු කළේ හුදෙක් වස්තු තණ්හාවෙන් හෝ වෛරයකින් නොවෙන බවත්, ඔවුන් ජීවිත කාලයම මුහුණදුන් විවිධ ලිංගික අඩන්තේට්ටම්, කායික සහ වාචික හිංසා, සියල්ලම සහ අවසානයේ දෙමව්පියන් විසින් තමන්ව ඝාතනය කරනු ලැබීමට ඉඩ ඇතැයි ඔවුන්ට තිබු බිය නිසා බවයි. මේ අතර පැමිණිල්ල දිගින් දිගටම උත්සහ කරන්නේ මෙය දෙමව්පියන්ගේ උරුමය හිමිකරගැනීම වෙනුවෙන් සිදු කළ ඝාතනයක් බවයි. ජනමාධ්‍යයේ අවධානය මේ නඩුවට ප්‍රබලව යොමුවෙන නිසා මේ නඩුව විශාල ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වෙනවා. මේ අතර සමාන්තරව දිවෙන අනෙක් කතාව මාධ්‍යවේදී ඩොමිනික් ඩන්ගේ දියණිය මෙන්ම හොලිවුඩයේ සුප්‍රකට නිළියකද වුණු එලන් ඩන් 1982දී සාහසිකයෙකු විසින් ගෙල සිරකර මරා දැමීමෙන් ඩොමිනික්ට ඇතිවුණු චිත්තවේගීය කම්පනය පිළිබඳ කතාවයි.

ඩොමිනික් එලන් ඩන් (වමේ) ඇය විසින් 1982 දී රඟපෑ සුප්‍රකට Poltergeist සිනමාපටයේ දර්ශනයක් (දකුණේ). එහි දකුණු කෙළවරේ සිටින්නේ ඩොමිනික්ය.
ඩොමිනික් එලන් ඩන් නැමැති 22 හැවිරිදි සුරූපී නිළිය 1982 ඔක්තෝම්බර් 30 වැනිදා සිය පෙම්වතා වුණු ජෝන් තෝමස් ස්වීනි විසින් ඇයගේ නිවෙස ඉදිරිපිට තණ පලස මතදී ගෙල සිර කිරීම හේතුවෙන්, දින ගණනාවක් රෝහලේ කෝමා තත්වයක සිට අවසානයේ නොවැම්බර් 04 වැනිදා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා. ඇයගේ මරණයෙන් පසුව, මිනීමැරීමට තැත් කිරීමේ (Attempted Murder) චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ මිනීමරු පෙම්වතා වුණු ස්වීනි, පළමු ගණයේ මිනීමැරුමක් (First Degree Murder) වෙනුවෙන් කළ චෝදනාවට නිවැරදිකරු වී, ස්වේච්ඡා මිනීමැරුමක් (Voulantary Manslaughter) සඳහා වරදකරු වීමෙන් වසර තුන හමාරකට සිරගෙයට නියම වුණා. මේ අසාධාරණය ගැන දැඩිලෙස කලකිරුණු මාධ්‍යවේදී ඩොමිනික් ඩන්, අපරාධකරුවන් කුඩාකල අපයෝජනයට ලක් වීම නිසා මිනීමැරුම් වලින් නිදහස් කරවීමට ගෙන එන විත්තියේ නීති තර්ක නිසා මිනීමරුවන් නිදහස් වීමට එරෙහිව මාධ්‍යයේ ස්වේච්ඡා සටනක් ගෙන ගියා. මෙනෙන්ඩස් නඩුව ඔහුගේ නිර්දය විවේචනයටත් දැඩි අවධානයටත් ලක් වුණා. විත්තියේ නීති තර්ක වලින් එරික්ට සහ ලයිල්ට නිදහස් විය හැකි වෙයිද? නැතහොත් පැමිණිල්ලේ චෝදනාව ඔප්පු කරගන්නට හැකි වෙයිද? අද කොටස බලලම දැනගන්න.

එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ, Monster.2022.S02E07.720p.NF.WEBRip.x264-Ga laxyTV [173 MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
547 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-2024-S02-E07-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


