Watch Trailer

Arcane [S02: E05] Sinhala Subtitles | සැබවින්ම මෘගයා කවුරුන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සීසන් දෙකේ පස් වෙනි කොටස. දෙවෙනි ඇක්ට් එක ඉවර වෙන්න තව එක කොටසයි. කට්ටිය මේ වෙනකල් කතාව බලන්න ඇතිනේ? කතාව එන්න එන්නම උද්වේගකර වුණා මේ වෙනකල් ඔන්න දැන් ලෑස්ති වෙන්න හැඟීම්බර වෙන්න එහෙනම්. මොකද මේ කොටස් දෙක ඔයාලව අනිවාරෙන් කම්පනේට පත් කරයි. ඒ තරම් අති විශිෂ්ට කොටස් දෙකක් තම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සීසන් දෙකේ පස් වෙනි කොටස. දෙවෙනි ඇක්ට් එක ඉවර වෙන්න තව එක කොටසයි. කට්ටිය මේ වෙනකල් කතාව බලන්න ඇතිනේ? කතාව එන්න එන්නම උද්වේගකර වුණා මේ වෙනකල් ඔන්න දැන් ලෑස්ති වෙන්න හැඟීම්බර වෙන්න එහෙනම්. මොකද මේ කොටස් දෙක ඔයාලව අනිවාරෙන් කම්පනේට පත් කරයි. ඒ තරම් අති විශිෂ්ට කොටස් දෙකක් තමයි ඔයාලට මේ නරඹන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි විතර නැතුව කතාව පැත්තට හැරෙමු,

පිල්ටෝවර් වලට යුධ නීතිය ක්‍රියාත්මක කරලා කොමාන්ඩර් වශයෙන් කේට්ලන්ව පත් කරනවා. ඇම්බෙසා තමයි දැන් ජෙනරාල්. ඇය අන්ඩර්සිටි එකේ තර්ජන අඩු කරන්නත් එහි පාලනය ආයෙ ලබාගන්නත් සමත් වෙනවා. හැබැයි තාම ජින්ක්ස්ව නම් හොයාගන්න බැරි වෙනවා. ඇම්බෙසාගෙ දැඩි පාලනය යටතේ එන්ෆෝසස්ලා සෝන් ජනතාවට දැඩි විදිහට පීඩා කරනවා. ඉතිං සෝන් ජනතාව වීරයෙක් වෙනුවෙ විශ්වාසය තියන්න ගන්නවා. ඒ වීරයා වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ජින්ක්ස්. හැබැයි සිද්ධ වුණ දේවල් එක්ක ජින්ක්ස්ට හැමදේම එපා වෙලා හැම දේකින්ම ඈත්වෙලා තමයි දැන් ඉන්නේ එයාගෙ යාළුවා ඊෂාත් එක්ක. හැබැයි සෙවීකා නම් නිතර නිතර ඇයට බල කරනවා සෝන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කියලා, ජින්ක්ස් ඒවා කනකට ගන්නෑ. ඒත් මතක ඇතිනේ කලින් කොටසෙ සිද්ධ වුණ ඒ සිදුවීම නිසා ජින්ක්ස්ට සිද්ධ වෙනවා ඉස්සරහට එන්න. මේත් එක්කම දරුණු මෘගයෙක්ගෙ ප්‍රහාරයකුත් එල්ල වෙනවා. ඒ මෘගයාට කියන්නේ වෝරික් කියලා. ඒ මෘගයා ඇත්තටම කවුද කියලා කලින් කොටසෙදි පොඩි ඉගියක් දුන්නත් මේ කොටසෙදි හරියටම ඔහු කවුද කියලා ඔයාලට බලාගන්න හැකිවෙයි.  ඒ වගේම සෑහෙන පිරිසක් තුන් වෙනි කොටසෙදී අතුරුදහන් වෙනවා ඔයාලට මතක ඇති, ජේස්, හයිමඩින්ගර්, එකෝ, මෙල්. ඒ අය ගැන කලින් කොටසෙදි මුකුත්ම කියවුණේ නැති වුණාට මේ කොටසෙදි ඔයාලට යම්තාක් දුරකට දැනගන්න ලැබෙයි. එහෙනම් හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙටනේ බාලාගන්න හැකිවෙන්නේ. ඉවසලා ඉන්න. මේ කොටස නිකුත් වෙන්නේ නොවැම්බර් 16 වෙනිදා. මේ වෙනකොට හතරවෙනි කොටසට IMDb දර්ශකේ 9.3 ඉතාම ඉහල අගයකුත්, පස් වෙනි කොටසට එහෙමත් නැතිනම් මේ කොටසට 9.6 ඉතාම ඉහල අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. දැනට ඉතාම සාර්ථක විදිහට ආකේන් දෙවෙනි කතා සමය දිග හැරෙනවා, බලාගෙන ඉමු මෙයාල අවසානෙත් මේ වගේම හොඳට කරයිද කියලා. එහෙනම් හයවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,845 downloadsDownload Arcane-S02E05.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,845 downloadsDownload Subtitles15 KB

8 comments

  1. Hesara

    සුපිරියක් සහෝ.....ඊලග එකත් ඉක්මනට ඕනි.....

  2. Kavee

    Thank u saho, Next Ep ekt ikmntama denna ❤️
    Good Luck

  3. Anonymous

    Thank you machan. sub eka supiri

  4. baiscopelkISHU

    සබ් එකට තෑන්ක්ස් මචන්..

  5. Akila

    Thanx saho.....ඊලග එකත් ඕනී...

  6. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
    ඉතුරු එපිත් ඕන.

  7. Akila Dilhara

    Thanks for Sub...

  8. Sahan Gayantha

    thanks a lotBimsara saho sub ekata