ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැ…

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැඩිපුර කල් ගියාට වාසල සහෝදරයා තරහා වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා 🙂
දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක 2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා. ඒ වගේම Stephen Amell (ඔලිවර්) , Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.
කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය දූෂණය කරපු අයගෙන් නගරය බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .
ඒ වගේම මේ කතාවේ දෙවෙනි සිසන් එකේ කොටස් ඉක්මනට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපිත් එක්කම ඉන්න… . . ^_^
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB සියළු කොටස් (2.95GB) මෙතනින් බාගන්න
5D5D57FF587D4ADFB6E5A81FD5B0CFA924C0A7A0350 MB සියළු කොටස් (7.62GB) මෙතනින් බාගන්න
FE4F34B5CDDDF7BD9F67819068AC927BC222EB0F1.20 GB සියළු කොටස් (29.86GB) මෙතනින් බාගන්න
4BFB2E703AEF135FB452D750F17116FE056585FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
18,499 downloadsDownload Arrow-Complete-Season-011.zip1.5 MB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
3 comments
DAMER
එල්.සී. දමැල්
:) උපසිරැසියට තුති……. :)
nilanka_baiscop
THANKS
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍