Watch Trailer

Arrow [S05 : E09] with Sinhala Subtitles | එවලින් ඔයා.. . . [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කඩු, කිනිසි, පොලු, දුනු, ඊතල, ගල්, මුල් තියාගෙන මග රැකගෙන ඉන්නවද දන්නේ නෑ මට ගහන්න බලාගෙන. 😀 පරක්කු වෙනවා කියලා මෙහෙමත් පරක්කු වෙනවද නේද? හිතුවෙවත් නැති විදියට සබ් එක දෙන්න දවස් 3ක් පරක්කු වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි සිකුරාදා මට කැම්පස් එකේ එක්සැම් එකක් තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වුන න…

Arrow S5-1

කට්ටිය කඩු, කිනිසි, පොලු, දුනු, ඊතල, ගල්, මුල් තියාගෙන මග රැකගෙන ඉන්නවද දන්නේ නෑ මට ගහන්න බලාගෙන. 😀 පරක්කු වෙනවා කියලා මෙහෙමත් පරක්කු වෙනවද නේද? හිතුවෙවත් නැති විදියට සබ් එක දෙන්න දවස් 3ක් පරක්කු වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි සිකුරාදා මට කැම්පස් එකේ එක්සැම් එකක් තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වුන නිසා සබ් දෙකම දෙන්න ගොඩක් පරක්කු වුනා. ඒ වගේම ඉවසලා බැරිම තැන අපේ ඇඩ්ඩින් අයියලාටත් ගොඩක් අය මැසේජ් දාලා තිබුනා කියලා ආරංචි වුනා. ඒ නිසාමයි පුලුවන් තරම් ඉක්මනට සබ් එක ගෙනාවේ. මං හිතනවා ඔයාලා මාත් එක්ක තරහා නැතිව ඇති කියලා. ඉතින් ගිය සතියේ ක්‍රොස් ඕවර් එක කොහොමද? ඔයාලා Super Girl, Flash, Arrow, Legends of Tomorrow කතා හතරම බැලුවා නේද? අද කොටස බලලා ගිය සතියේ කතාවට මොකද වුනේ කියලා නම් අහන්න එපා. මොකද ගිය සතියේLegends of Tomorrow කතාවේ එලියන්ස්ලා පැරැද්දුවා. ඉතින් ඒ නිසා මේ සතියේ ඇරෝ කතාව ආයෙමත් පරණ සුපුරුදු මාතෘකාවට ඇවිල්ලයි තියෙන්නේ. ඉතින් සති දෙකක් ගියපු නිසා කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු නේද?

පසුගිය කොටසින්… . .

මේ විස්තරය 7වෙනි කොටස ගැන. වුන දේවල් වල හැටියට මේ කොටස බැලුවට පස්සේ නිකන් හිතෙනවා මේ කොටස හොදම කොටසද කියලත්. මොනවා වුනත් මේ සින් එක මේ වගේ ගොඩක් කොලිටියට තියේවි කියලා අපි කවුරුවත් හිතුවේ නැනේ. මොකද මේ සිසන් එක ගොඩක් පුදුම සහගත වගේම පිස්සු හැදෙන දේවල් වලින් පිරිලා තිබුනා. මේ කොටස මේ සිසන් එකේ දැනට මම ගොඩක්ම කැමති එපිසොයිඩ් එක වෙන්නේ.

විජලාන්ටිගෙන් අපි පටන්ගමුකෝ. මම හිතුවේ එයා මේ කොටසේ ගොඩක් හොද කෙනෙක් විදියට ඉදිවි කියලා. පහුගිය සති කිපයේ ඔලිවර්ගේ පහුගිය අවුරුදු කීපය ගතවුනේ කොහොමද කියලා ටිම් එක දැනගත්ත එකත් එක්ක මේක හොදට ගලාගෙන ගියා. මට හිතාගන්න බැරි මේ විජලාන්ටිට සතුරෙක් කියනවද මිතුරෙක් කියනවද කියලා. මොකද අනාගතයේදි අනිවාර්යයෙන්ම අපිට ආයෙමත් මෙයාව දකින්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් මේ විජලාන්ටි විදියට රගපාන්නේ කවුද කියලා කලින්ම CW එකෙන් කියලා තිබුනේ. ඒ නිසා සමහර අයගේ කුතුහලයත් ටිකක් අඩුවෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒක නොදන්න අයට නම් ඉස්සරහට ඒක දැනගන්න එක ලොකුම ලොකු පුදුමයක් වේවි.

මේ සිසන් එකට ගොඩක් කැමති වෙන්න හේතු ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම මෙතන කියන්න අමාරුයි. එකක් තමයි තියාගෙයි ලෝරන්ස්ගෙයි අතර තියෙන සම්බන්ධය. තියාගේ ස්පීඩි චරිතය නැති වුනාම මොන වගේ විදියට එයා කතාව දිගේ ගලාගෙන යයිද කියලා පොඩි සැකයකුත් ඇති වුනා. හැබැයි දැන් නම් එයාගේ චරිතයට නම් පුදුමාකාර දේවල් කරලා තියෙනවා එයාට බලයක් තියෙන චරිතයක් දිලා. මේ එපිසොයිඩ් එකෙන් මම හිතන්නේ තියයි ලාන්සුයි එයාලගේ ජිවිතවල තියෙන හොද පැත්ත පෙන්නුවා. ඒ දෙන්නා මේ කතාවේදි හොදට ගැලපෙන නිසා අපිට ඉස්සරයට එයාලා දෙන්නා අතරේ තාත්තා දුව බැදිම ගොඩක් දකින්න පුලුවන් වේවි. තවත් හොද දෙයක් තමයි ගොඩක් වෙලාවට එයාලා ඇරෝ ටිම් එකෙන් එලියට වෙලා උදව් කරන්න හදනවා. ඉතින් එයාලා ටිම් එකත් එක්ක ඉද්දි, ඒක ඉවරයක් වෙලා එයාලා ආයෙමත් ටිම් එකට එයි කියලා අපි බලාගෙන ඉන්නවා. පුද්ගලිකව මං කැමතියි එයාලා දෙන්නා වෙනුවෙන් විතරක් කොටසක් වෙන් කලානම් හරි. හැබැයි ඉතින් එහෙම කලොත් එයාලා අතිතයේ වුන දේවල් ගැන මතක් කරන එක තමයි සම්පුර්ණයෙන්ම කරන්න වෙන්නේ. ඒ වුනත් අපිට ඇරෝ කතාවේ අතීතය ආයෙමත් අලුත් කරගන්න පුලුවන් වෙයි. හැබැයි ඉතින් මේ වැඩේ ප්‍රායෝගික දෙයක් නම් නෙවෙයිනේ.

මේ කොටසේ තිබුන ලොකුම දේ තමයි අන්තිමේට කරපු හෙලිදරව්ව. ඒ ආරටමිස් එහෙම නැත්නම් එවලින් ප්‍රොමෙතියස් වෙනුවෙන් වැඩ කරන එක. ප්‍රොමෙතියස් කියන්නේ කවුද කියලා නම් අපිට තවම හිතාගන්න බෑ. ඒත් මම හිතන විදියට ඉස්සරහට තියෙන කොටස්වල ඒක කියන එක ලොකුවටම පෙන්වයි. හැබැයි ඉතින් මේ හැමදේකින්ම ප්‍රොමෙතියස් කියන්නේ විජලාන්ටි වෙන්නත් පුලුවන් කියලා කාට හරි හිතෙන්න පුලුවන්. මොකද මතකද අර විජලාන්ටි ආර්මටිසුයි මිස්ටර් ටෙරෆිකුයි ඉන්න වාහනයට පහර දෙනවා. හැබැයි එතන වුන සිද්ධිය අපිට පෙන්නුවේ නෑ. ඇරෝ එයා ගැන ඇහුවම එයා පණපිටින් ඉන්නවා කියලා විතරයි කිවේ. සමහර විට විජලාන්ටි කියන්නේ ප්‍රොමෙතියස් එක්ක වැඩ කරන කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ආර්ටමිස්ට මොකුත් කරන්න එපා කිවද දන්නෙත් නෑනේ.

සමස්ථයක් විදියට ගත්තාම මේ කොටස නම් ඇරෝ කතාවේ තිබුන පුදුමකාර ගොඩක් දේවල් පිරුන කොටසක්. මොකද අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් මේ කොටසේදි වුනා. හැබැයි ඉතින් මේ දේවල් වලින් ලොකු දෙයක් අනුමාන කරන්න බෑ මොකද තවම කතාවේ කොටස් 7යිනෙ ගියේ. මොනවා වුනත් මේ කතාව ඉස්සරහට ලොකු වෙනසක් කරන එක නම් විශ්වාසයි.

මේ සතියෙන්…. . .

ඉතින් ගියසතියට කලින් කලින් කොටසේ අපි දැනගත්තානේ එවලින් ප්‍රොමතියස් වෙනුවෙන් වැඩකරනවා කියලා. ඉතින් එයා මොකටද මේ ප්‍රොමෙතියස් එක්ක වැඩ කරන්නේ? එහෙම හොර වැඩක් කරන්න මොකක්ද හේතුව? ඒ වගේම මේ නිසා ඇරෝ ටිම් එකට මොනවා වෙයිද? ටිම් එකේ කවුරු හරි මේ ගැන දැනගයිද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් හිතට එන්න ඇති නේද? ඔව් ඔව් මටත් ඔය හැමදේම හිතුනා. ඉතින් ඒ ප්‍රශ්න ගොඩකට මේ කොටසින් ඔයාලට උත්තර ලැබෙයි. ඒ විතරක් නෙවෙයි ප්‍රොමෙතියස් ගැන සම්බන්ධකම් ගොඩක් මේ කොටසේ ඇතුලත්. ප්‍රොමෙතියස් මෙච්චර ඔලිවර් පස්සේ පන්නන්නේ ඇයි කියලා අපිට තවම හිතාගන්න බැරිවුනා නේද? ඒ ගැන නම් ගොඩක් ලොකු විස්තරයක් මේ කොටසේ තියෙනවා. ඉතින් හිතාගන්න පුලුවන්නේ මේ කොටස කොයි වගේ පුදුමාකාර කොටසක් වෙයිද කියලා. එහෙනම් තවත් බලාගෙන ඉන්නෙ නැතිව මේ කොටස බලන්න… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

ප.ලි. – දුකෙන් වුනත් කියන්න ඕනි මීලග ඇරෝ කොටස එන්නේ 2017 අවුරුද්දෙයි. ඔව් ඔව් මාසයක් විතර තව බලන් ඉන්න වෙනවා. හැබැයි හරිම දිනයක් ගැන නම් තවම ආරංචියක් නෑ. මං හිතන්නේ පස්සෙ දවසක අපිට ඒ හරිම දිනේ දැනගන්න පුලුවන් වේවි. ගොඩක් දුරට මේ කතාවත් ෆ්ලෑෂ් ආයෙත් ටෙලිකාස්ට් වෙන සතියෙම පෙන්වන්න ඉඩ තියෙනවා. ඉතින් මොකද මෙච්චර ලොකු නිවාඩුවක් කියලා කට්ටියට හිතෙනවා ඇති නේද? වෙන මොකුත් නිසා නෙවෙයි හැම සැරේම වගේ  මේ සැරෙත් මිඩ් සීසන් බ්‍රේක් එක තමයි මේ ඇවිත් තියෙන්නේ. ඒ වගේම නත්තලත් ලගටම ඇවිත්නෙ තියෙන්නේ. ඒ නිසා හැම ටීවි සිරියස් එකක්ම වගේ මේ කාලයේ විකාශය වෙන්නේ නෑ. මොකද අපිට වෙනසක් නැති වුනාට ඒ රටවල් වල මේ කාලයේ හිම වැටෙන සීතල කාලයක් නිසා ගොඩක් අය ගෙවල්වල ඉන්නේ නෑ. ඒ වගේ දවස්වල කතාව පෙන්වලා වැඩක් නෑනේ. ඉතින් ඒ නිසා දුකෙන් වුනත් අපිටත් මාසයක් විතර ඉවසාගෙන ඉන්න වෙනවා. මොනවා වුනත් ඇරෝ කතාව තව තවත් ඉස්සරහට රසවත් වෙනවා කියලා නම් විශ්වාසයි.

එහෙනම්, බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම

සාමය සතුට පිරිසුභ නත්තලක් වගේම

ටිවි සිරියස් පිරී ඉතිරෙන සුභ නව වසරක් වේවා… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

9,501 downloadsDownload Arrow.S05E09.Baiscopelk.com_.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

9,501 downloadsDownload Subtitles30 KB

31 comments

  1. රන්දීර

    සබට ස්තුතියි

  2. Chalana RUkshan

    thnx bro...

  3. Sanindu Lakkitha

    Gofak thnx machan.. good luck.. Budusaranai..

  4. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  5. Suu

    thank You :)

  6. තෙනුර නවාංජන

    උපසිරැසියට බොහෝම ස්තූතිය සහෝ..කැම්පස් එකේ වැඩයි අනෙක් වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ලබන අවුරුද්දේ හමුවෙමු. අසිරිමත් නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා..ඔබට ජය..!!!!

  7. Dasitha147

    bohoma sthuthie saho obalage me sewayata!

  8. Captain America

    සබ් එකට තෑන්ක්ස් සහෝ!

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    උබටත් සීතල නත්තලක් සහ සුබ නව
    වසරක් වේවායි පතනවා..එහෙනම් ලබන වසරේ
    ආපහු හම්බවෙමු..ඔබට ජයෙන් ජය.

    1. CMX

      Krampus 2 එකට සබ් දෙන්නකො...

  10. Bobby

    Thank you very much kavindu for sab

  11. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  12. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    සුබ නත්තලක් වේවා.
    loral merila ne neda .

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Manoj

    tnx bro sub 1ta

  15. thiran

    saho wadath nathi eke mekata sub eka dennako patta phara pereda awith thiyenne

    Spectral.2016.HDRip.XviD.AC3-EVO

  16. Dasun

    Ewalin oya....
    Iyaa haloo

  17. Eranda Madhushan Premarathna

    #Thnx brow

  18. Jeewana Lakshan

    Thanks Bro.

  19. sherlock galle

    Thanks

  20. භානුක කුලතුංග

    සබට ස්තූතියි සහෝ..

  21. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  22. Sanath Indika

    thx broo

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. hashan

      machan runtime error ekak enawa download karanna be.. [email protected] ekata sub eka evanawada?

  24. wasula

    10th avilla...

  25. DEWMIN VINURAKA

    Arrow episodes Baiscope ekata danne kawadda Aiye......?

  26. Ipzuka

    10 denne nadda

  27. ashan lankanath

    thanks .............................................................................................

  28. Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

  29. lakshan

    ගොඩක් ස්තුතියි සහෝ සබට