Watch Trailer

Arrow [S05 : E08] with Sinhala Subtitles | පිටසක්වලින් ආක්‍රමණයක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

Flash ක්‍රොස් ඕවර් කොටසින්… . . . ඔන්න ඉතින් කට්ටිය හැමෝම බලාගෙන හිටපු CW මෙගා ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි දවස තමයි අද. Super Girl, The Flash කොටස් මේ වෙද්දි විකාශය වෙලා ඉවරයිනේ. ඇත්තටම කිවොත්, ඒ ගියපු කොටස් ගැන විස්තර කරන්න ගොඩක් අමාරුයි. මොකද මම දැක්ක විදියට ෆ්ලෑෂ් කොටස නම් නිකන් ඇවෙන්ජර්ස් ෆිල්ම්…

4 Night Crossover AFSD

Flash ක්‍රොස් ඕවර් කොටසින්… . . .

ඔන්න ඉතින් කට්ටිය හැමෝම බලාගෙන හිටපු CW මෙගා ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි දවස තමයි අද. Super Girl, The Flash කොටස් මේ වෙද්දි විකාශය වෙලා ඉවරයිනේ. ඇත්තටම කිවොත්, ඒ ගියපු කොටස් ගැන විස්තර කරන්න ගොඩක් අමාරුයි. මොකද මම දැක්ක විදියට ෆ්ලෑෂ් කොටස නම් නිකන් ඇවෙන්ජර්ස් ෆිල්ම් එක වගේමයි. ඒ හැගීම නිසා ෆ්ලෑෂ් කොටසේ හොද නරක කියන්න නම් ගොඩක් අමාරුයි මොකද මොනවා වුනත් මම ආසාවෙන් බැලුවානේ. ඔව් ඔව්, අපි මීට කලින් සීසන් වල ඇරෝ ෆ්ලෑෂ් ක්‍රොස් ඕවර් කොටස් බලලා තියෙනවා. ඒත් ඒ කිසි දේකට මේ සිසන් එකේ වුන දේ සම කරන්න බෑ. මොකද ටිවි සිරියස් 4ක් එකතු වෙලා ගොඩක් සුපිරි වීර චරිත මේ කතාවට සම්බන්ධ වෙන නිසා. ඒක සීයට සීයක්ම සාර්ථකයි කියන්න බෑ, ඒත් මේ ක්‍රොස් ඕවර් එකේ නම් ඇගට දැනෙන නියම වෙනසක් තියෙනවා. ඒක නේද අපි මේ කතා වලින් බලාපොරොත්තු වෙන්නේ?

ෆ්ලෑෂ් කොටසේ ලොකු පුදුමයක් වුනා නේද, අපි දැක්කා වීරයෝ වීරයොන්ට විරුද්ධව සටන් කරනවා! හැබැයි ඉතින් බෙරීටයි ඔලිවර්ටයි අනිත් වීරයෝ පරද්දන්න විනාඩියක්වත් ගියේ නෑ. පේන විදියට 2016 කියන්නේ වීරයන්ට විරුද්ධව වීරයෝ කියන සංකල්පය ගොඩක් පෙන්වපු අවුරුද්දක්, හැබැයි ඉතින් එහෙම වෙද්දි සමහර කතා නම් එපාත් වෙනවා. හැබැයි ඉතින් මේ කතා හැම එකකම මේ වීරයොන්ට විරුද්ධව වීරයෝ කියන සංකල්පය වුනේම නැති නිසා මං හිතන්නේ නෑ මේ කතා වලට කිසි හානියක් වුනා කියලා. අනික, ඒ ෆයිට් ටික නම් ඇග හිරිවට්ටන තරම් ආසා හිතෙන විදියට තිබුනා. ඒ කොහොම වුනත් අර නිකන් ආයුධ පාවිච්චි කරලා සුපිරි බලයන් පාවිච්චි කරලා දෙපිල බෙදිලා කරන සටන් විතරක් තිබුනමත් හරියන්නේ නෑනේ. ඒ නිසා වෙන්නැති ඔලිවරුයි සාරයි අතින් සටන් කරන කොටසකුත් කතාවට එකතු කරලා තිබුනා. හැබැයි ඉතින් ටීවි සිරියස් එකක් විදියට අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි.

ඒ වගේම කතාවට අමතරව මේ ක්‍රොස් ඕවර් එකට ආසා හිතෙන පොඩි පොඩි අමතර දේවල් කීපයකුත් වුනා. ඔයාලා ෆ්ලෑෂ් කතාවේ අතර මැද කතා හතරෙම ලාංඡන මතුවෙලා පසුබිමෙන් ඒ කතා හතරෙම මියුසික් ගානට ගැලපෙන විදියට ගියපු එක දැක්කද? ඒ විතරක්ද සුපිරි බල දැකලා ඩිගල් පුදුම වුන එක. ඒ වගේ තව තව පොඩි පොඩි දේවල් නිසා අපේ විනෝදය තවත් වැඩි වුනා කියන්න පුලුවන්. අනික ඒ වගේ දේවල් වලින් වාසියක් ගන්න එක නම් මේ කතා හතරෙම අනාගතයට හොදයි. මොකද එයාලගේ ප්‍රේක්ෂකයෝ කැමති ආසාව වැඩිවෙන විදියේ දේවල් දෙන්නත් ඕනිනේ. අනික මේ කතා ලියන අයත් මේ විදියට ලොකු ක්‍රොස් ඕවර් එකක් කරන්න අපි වගේම හීන දකින්නත් ඇති. ආ… ඇයි තව අර ඒලියන්ලා ඉන්න තැනට යන්න හදද්දි සුපර් ගර්ලුයි හීට් වේව්ගෙයි පොඩි රණ්ඩුව කොහොමද? මං හිතනවා මං වගේම ඔයාලත් ඒ කොටසට නම් ආසා වෙන්න ඇති. තව ඒ වගේ දේවල් ගැන කතා කලොත් මේ කතා වල ඉන්න ප්‍රධාන චරිත වල එක එක බලයන් ගැන අනිත් අය දැනගන්න එකත් මේ එකතුවේදි වුනා. උදාහරණයක් විදියට කේට්ලන්ට බලයක් තියෙනවා කියලා කට්ටිය දැනගත්ත එක, තව ග්‍රීන් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා අයරිස් දැනගත්ත එක, ඒ විතරක්ද මේ හැම කෙනාම බෙරීගේ ෆ්ලැෂ් පොයින්ට් එක ගැන දැනගත්ත එක වගේ දේවල් ගන්න පුලුවන්. ඉතින් මේ හැමදේම ගොඩක් හොදට ගලාගෙන යන විදියට අපිට ආසා හිතෙන විදියට හදලා තිබුනා.

ඇත්තටම, අපි හිතුවට වඩා මේ කොටසේදි ෆ්ලෑෂ් පොයින්ට් එකේ බලපෑම පෙන්වලා තිබුනා. මේ වෙනකන් මං හිතුවේ නෑ ඒකට ඒ තරම් දෙයක් වෙලා ඇති කියලා. අර රෙකෝඩ් යුද්ධයක් ආවම බෙරීව විශ්වාස කරන්න එපා කියලා බෙරී ලෙජන්ඩ්ස්ලාට කියලා තිබුන එක නිසා බෙරීට වැඩ කරන්න පුලුවන් සීමාව ගොඩක් අඩු වුනා. ලෙජන්ඩ්ස්ලාට ඒ ගැන අමුතු හැගීමක් වගේම තරහක් ආපු එක ගැන මොකුත් කියන්නත් බෑ. මොකද එයාලා ගොඩක් මහන්සි වෙනවානේ වෙනස් වුන ටයිම් ලයින් එකේ අවුල් තැන් හරිගස්වන්න. ඒත් මට ටිකක් විතර අමුත්තක් දැනුනා ඒ මැසේජ් එක බෙරී ටයිම් ලයින් එක වෙනස් කරලා ෆ්ලෑෂ් පොයින්ට් එකක් ඇති කරපු නිසාමද ආවේ කියලා. මං හිතනවා ඒ මැසේජ් එකේ බෙරීව විශ්වාස කරන්න එපා කියන එක හැර අපි නොදන්න වෙන මොකුත් නැතිවේවි කියලා. කොහොම වුනත් ඇයි එහෙනම් මේ අවුරුදු 40කට පස්සේ කියන මැසේජ් එකකින් මේ හැමදේම මෙයාලා දැනගන්නේ, මෙච්චර මේ වර්ථමානයේ ඉන්න බෙරීගෙන් ෆ්ලෑෂ් පොයින්ට් එක ගැන ඕනි හැම විස්තරයක්ම දැනගන්න අවස්ථාව ලැබිලා තියෙද්දිත්? ඒක මට නම් ටිකක් විතර විශ්වාස කරන්න වගේම හිතන්න අමාරු දෙයක් වුනා.

කොහොම හරි ඊයේ විකාශ වුන ෆ්ලෑෂ් කොටස මෙගා ක්‍රොස් ඕවර් කතා මාලාවේ කොටස් හතරෙන් දෙවැනි එකයි, ඉතින් ෆ්ලෑෂ් කොටස හොදද නරකද කියලා මේ කතාව ඉවරයක් වෙනකන් කියන්න බෑ. මොකද මේ කොටසේ අවුල් තැනුත් ටිකක් තියෙනවා. වොලි මොකටද මේ එක පාරටම වද දෙන්නේ? එයාට වේගයක් ලැබුනා තමයි, කිඩ් ෆ්ලෑෂ් වුනා තමයි, මේ වගේ අමාරු වෙලාවක වද දෙන්නේ නැතිව හිටියා නම් වොලි ගැන කට්ටයට ඇතිවෙන තරහා අඩුකරගන්න තිබුනා. අනික අර ස්ටේන් ගෙදර ගියපු වෙලාවේ එයාට එක එක දේවල් පෙනුන එක? එයා ගෙදර ගියාම එයාගේ බිරිද වෙනුවට දුව හිටපු එක? ඒ මොකක්ද ඒ? මේ වගේ බහුබූත තැන් ටිකක් ඇරෙන්න හැමදේම මේ ඇරෝ කොටසට ගැලපෙන විදියට තිබුනා. ඒ ගැම්ම CW එක දිගටම ගෙනියයි කියලා අපි හිතමු.

අද Arrow ක්‍රොස් ඕවර් කොටසින්. .  .   .

ඉතින් ඊයේ ෆ්ලැෂ් ක්‍රොස් ඕවර් කොටස ගැන අපි කතා කලානේ. මං හිතනවා ඔයාලා මේ ඇරෝ කොටස බලන්න කලින් ෆ්ලෑෂ් කොටස බලන්න ඇති කියලා. ඉතින් ෆ්ලැෂ් කතාව ඉවර වුන වෙලාවේදි අපේ සුපිරි වීරයෝ හැමෝම එලියට වෙලා මොකද කරන්නේ කියලා කතා කර කර හිටියා. හැබැයි කවුරුවත් නොහිතපු විදියට ඒ අයගෙන් කීප දෙනෙක් එකපාරටම එතනින් අතුරුදහන් වෙලා යන්න ගියා. හැබැයි ඉතින් බෙරීයි සුපර් ගර්ලුයි ඒ දෙයින් බේරුනා. එතනින් එහාට මොකක් වෙයි කියලද හිතන්නේ? ඔලිවර් එකපාරටම නැගිටිද්දි එයා ඉන්නේ ලස්සන ලෝකයක. ඒ ලෝකයේ එයාගේ පවුලේ හැමෝම ඉන්නවා. ඔලිවර්ගේ අම්මයි තාත්තයි පවා ඉන්නවා. ඒ විතරක්ද ඊලග දවසේ ඔලිවර්ගේ වෙඩින් එකත් තියෙනවා. වෙඩින් එකක් තියෙනවා නම් මනමාලියක් ඉන්නත් ඕනිනේ. ඒ කවුරු කියලද හිතන්නේ? වෙන කවුරුත් නෙවෙයි ඔලිවර්ගේ මනමාලිය වෙන්නේ ලෝරල්. පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි තවත් පුදුම හිතෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ මොනවද කියලා මම කියන්නේ නෑ, මේ කොටසින් බලාගන්න… . . ^_^

 මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Supergirl Episode 08

The Flash Episode 08

Legends of Tomorrow Episode 07

 

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

14,129 downloadsDownload Arrow.S05E08.Baiscopelk.com_.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,129 downloadsDownload Subtitles29 KB

48 comments

  1. Gihan Iddamalgoda

    thanks 4 sub.

  2. ජනිර ජයප්‍රභා

    බොහ‍ොම ඉස්තුති :-) :-)

  3. Zoysa

    patta saho. sub 1 denakan iiye idan balan hitiye

  4. Isuru Dilshan

    ela

  5. Thanuj

    Thnx brooo sub ekata....

  6. SAJITH UDITHA

    Sub එක පරක්කු මොකෝ කොල්ලො... කමක් නෑ ඉතිං පරක්කුවෙලාහරි දැම්මනෙ. ඒත් වෙන සිංහල සබ් එකකින් බලන්න උනා හදිසි නිසා. ඒත් අනිවා මේකෙනුත් බලනවා. ජයවේවා....

    1. Janiya

      Mokda e site eka

    2. Udara Damith B/K

      එහෙම කියන්ඩ බෑ

  7. එල්.සී. දමැල්

    Thankz

  8. Nirodha uthpala

    Hadesseya hinda sub natuwa baluwe kotas 4 ma bn ivaseeeme seemava nattatama natuwa geya email crossovereign eakak hinda danatama legend of tomorrow part eakath balala ivarai ah thx again sub eakata obata jaya

  9. Nimesh

    Sub eka danakal baiscop eke ude idan kerakenwa..puluwn ikmnta sub eka dunnata thanxx saho..ilaga ekath puluwn ikmnta denna..jaya..

  10. Yohan Lakmal

    thnx machan sub ekatata

    mm hithanne ilaga crossover ekata young justice legue ekath join wei mokada eke charitha godak me wenakota handunawala deela ewarai

  11. nuwan

    thanq sahooooo.......

  12. Hasitha Nuwan

    Kavindu bro.... thankz for sub..... parakku wela hari dunna ekata puluwannam labana sathiye idan hari kalin denna balanna bro.... ada mama 100 wathawakata wada awa baiscopelk site ekata....... #jaya_wawa_bro

  13. Hasitha Nuwan

    Kavindu bro…. thankz for sub….. parakku wela hari dunna ekata puluwannam labana sathiye idan hari kalin denna balanna bro…. ada mama 100 wathawakata wada awa baiscopelk site ekata……. #jaya_wawa_bro

  14. Pragathii

    Thanq Dude

  15. Uma

    සහෝ ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ එකේ සබ් එක ලේට් කරන්න එපා ප්ලීස්..

  16. kalana prabod

    Thanx saho sub ekata degatama karan yan

  17. කවිදු චතුරංග

    dan oa flash sub eke nodi oka dunne ai

    1. සමන් ප්‍රසාද්

      ප්ලීස් බීලා ඉන්න වෙලාවට කමෙන්ට් කරන්න එපා.
      ෆ්ලෑෂ් දීලා ඉවරයි.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Sanjula Jeter

    Thank's Bro!

  20. sherlock galle

    Thanks

  21. Zoysa

    iiye 2nd comment 1 daganna try kalata eroor connection nisa beri una. anyway katha set 1 nam supiri. supergirl kotasa nam set 1ta match une nathi nisa data tika gena nam patta dukayi. :P tnx saho sabata. puluwan hemawelawema arrow-flash walata comment 1k aniwa danna try 1k denawa. site 1 slow unu dawasata tamayi comment 1 daganna beruwa yanne. digatama sub denna. sub dena anith ayatath tnx. mokada man ewata comment karanna yanne nethima taram nisa meken wath tnx karanna epeyi. :D tnx kavindu saho.

  22. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  23. silent$

    Pattttaaaaaaaaaaaaaaaaaaaaa Thanxxxxxxxxxxxxxxxxxxxx

  24. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  25. Jeewana Lakshan

    Thanks Bro.

  26. Reshan

    thanks...

  27. Udara Damith B/K

    බොහොම ස්තූතියි . ටොරන්ට් එක බාගත්තට වැඩිය ගේමක් දුන්නා සිංහල සබ් බා ගන්ඩ..

    1. Nasha

      Ow ban.site eka maaaara slow

  28. Hima Benaragama

    thanq sub ekata

  29. Captain America

    සබ් එකට ස්තූතියි සහෝ!

  30. charith vishwa

    වැඩ තියගෙනත් අපිට සබ් දෙනවට බොහොම ස්තූතියි සහෝ....

  31. Amila Mudalige

    Thanks saho

  32. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Senura weragala

    Thanks bro

  35. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  36. Chaminda Jayarathna

    ස්තුතියි සහෝ

  37. Dasitha147

    bohoma sthuthie saho! jaya wewa!

  38. dulan chathuranga

    ela

  39. Udara Damith B/K

    9 ya ikmanata dendooooooooooooooooooooooooooooo

  40. ashan lankanath

    thanks

  41. sathis udeshana

    Maka download karanna kohomadha?

  42. Thisaru Nadeeshan

    Thank you

  43. Sajithlakshan

    ස්තුතියි සහෝ

  44. Mevandhanushka

    Thanks