ඉතින් කොහොමද ඔයාලට. දැන් කට්ටියට ඇරෝ කියලා ටීවි සිරියස් එකක් තිබ්බා කියලත් මතකද දන්නේ නෑ නේද? ඇයි ඉතින් මාස එක හමාරක් විතර කතාව විකාශය වුනේ නෑනේ. ෆ්ලෑෂ් කට්ටිය වගේම ඇරෝ කට්ටියත් නත්තලටයි අලුත් අවුරුද්දටයි නිවාඩු ගත්ත හින්දා අපිටත් ලොකු නිවාඩුවක් ලැබුනා. කොහොම හරි දැන් නම් ෂුවර් එකටම ගොඩක් අයට කලින්…

ඉතින් කොහොමද ඔයාලට. දැන් කට්ටියට ඇරෝ කියලා ටීවි සිරියස් එකක් තිබ්බා කියලත් මතකද දන්නේ නෑ නේද? ඇයි ඉතින් මාස එක හමාරක් විතර කතාව විකාශය වුනේ නෑනේ. ෆ්ලෑෂ් කට්ටිය වගේම ඇරෝ කට්ටියත් නත්තලටයි අලුත් අවුරුද්දටයි නිවාඩු ගත්ත හින්දා අපිටත් ලොකු නිවාඩුවක් ලැබුනා. කොහොම හරි දැන් නම් ෂුවර් එකටම ගොඩක් අයට කලින් කොටසේ මොකද වුනේ කියලා මතක නැතිව ඇති නේද? හරි සුපුරුදු පරිදි කලින් කොටසේ වුන දේවල් ගැන අපි ටිකක් කතා කරමු.
ඇරෝ කතාවේ මිඩ් සිසන් බ්‍රේක් එකට කලින් තිබුන කොටස ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ෆ්ලෑෂ් කතාවෙත් මිඩ් සිසන් බ්‍රේක් කොටස ගොඩක් හොදට තිබුන නිසා ඇරෝ කතාව ගැනත් ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටියා. ඉතින් මං හිතන්නේ ගොඩක් අයට ඒ කුතුහලය වගේම ත්‍රාසයත් ලැබෙන්න ඇති. අපි කලින් කොටසේ සිද්ධ වුන පොඩි දෙයක් ගැන කතා කරමු. මතකද බෙරී ටයිම් ලයින් එක වෙනස් කරපු එක ගැන ලොකු කතාවක් ගියා. ගොඩක් අයට ඒ වෙනස ගැන අවුල් ගියා. ඒ වුනාට ඒ වෙලාවේ රසවත් දෙයකුත් වුනා. කාල තරණය ගැන කතා වුන නිසා එයාලා කතා වුනානේ බෙරීට කාලය හරහා ගිහින් මේ ප්‍රොමෙතියස් කියන කෙනාව පරද්දලා දාන්න පුලුවන් කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවේ වයිල්ඩ් ඩෝග් නම් කිවේ එහෙම කලොත් නම් ඩිගල්ට තව ළමයි පහක් විතර හම්බවෙලා තමයි නවතින්නේ කියලා. ඒ තැනට මට නම් ආසා හිතුනා.
මේ කොටසේදි අපිට ප්‍රොමෙතියස් ඉන්න තැන් ගොඩක් හම්බවුනානේ. ඒ කියන්නේ අපිට දැන් ටික ටික ප්‍රොමෙතියස් කියන්නේ කවුද කියලා ගැඹුරින් දැනගන්න පුලුවන් වේවි. හැබැයි අපි කාටවත් තවම කිසිම අදහසක් නෑ මේ කවුද කියලා. ඒ නිසාම තමයි මේ කතාව තවත් රසවත් වෙන්නේ. කොහොම වුනත් අපිට දැනගන්න ලැබුනානේ මේ ප්‍රොමෙතියස් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්මයි කියලා. ඒ වගේම මෙයා හොද දුෂ්ටයෙක් වෙන්නෙ මොකද එයා ඔලිවර්ට හොදට ගැලපෙනවා. මතකද එයාලා දෙන්නා ෆයිට් කරපු විදිය. දෙන්නට දෙන්නා පරාද නෑ. හැබැයි ඉතින් ප්‍රොමෙතියස්ගේ සැලස්මවල් වලට ගහන්න නම් ඔලිවර්ට බෑ. හැබැයි ඉතින් මම නම් හිතන්නේ නෑ මේ ප්‍රොමෙතියස් එයාගේ ප්‍රතිවාදියාගේ සෘණ පැත්ත පාවිච්චි කරලා සටන් කරයි කියලා. හැබැයි ඉතින් මේ ප්‍රොමෙතියස් මොළය වෙහෙසන සෙල්ලම් කරන එකත් අපිට එක විදියක වෙනසක් වගේම අලුත් අත්දැකිමක් වෙනවා.
මේ කොටස තවත් වෙනස් දෙයක් වෙන්නේ මොකද ඇරෝ කතාවත් එක්ක යන ෆ්ලෑෂ් සහ සුපර් ගර්ල් කතා දෙකේම මිඩ් සිසන් බ්‍රේක් එකේදි එයාලා දෙන්නම සතුටින් ඉද්දියි කතාව ඉවර වුනේ. ඒ වුනාට ඇරෝ නම් අවුල් ගොඩක් මැද දැන් ඉන්නේ. මොකද හැම දෙයක්ම අවුල් ගිහින් තමයි නැවතුනේ. කර්ටිස්ගේ පෙම්වතා එයාව අතහැරලා ගියා, ෆෙලසිටිගේ පෙම්වතාව මරලා දැම්මා තව පොලිසියෙන් ඩිගල්වත් අල්ලාගත්තා. ඒ නිසාම මෙතනින් පස්සේ කතාව ගොඩක් දුරට වෙනස්ම පැත්තකට යයි කියලා අපිට හිතන්න පුලුවන්.
ඒ වගේම කලින් කොටස අවසානයේදි ලොකු දෙයක් වුනා නේද? ඔයාලට මතක ඇති ලෝරල් ආපහු ඇවිත් ඉන්න එක. ඒත් ඉතින් අපිට සාධාරණ සැකයක් එනවා කොහොමද ඇත්තටම එයා එහෙම ආවේ කියලා. ලෝරල් මුලින් මැරුණම, අපි හැමෝම හිතුවේ දිගටම එයා ඒ විදියට මැරිලම ඉදිවි කියලනේ. හැබැයි මම හිතන්නේ දැන් කතාව ලියන අයට ඒක අවුල් හිතිලද කොහෙදෝ ආයෙමත් එයාව ගෙනල්ලා තියෙනවා. හැබැයි ඉතින් ඒ ඇත්තටම ලෝරල්ද කියලා කියන්න නම් බෑ. ගොඩක් දුරට එයා දෙවැනි ලෝකයේ ලෝරල් වෙන්නත් පුලුවන්. මං හිතන්නේ ඔයාලා හැමෝම ෆ්ලෑෂ් කතාව බලන නිසා මේ දෙවැනි ලෝකය ගැන කතාව දන්නවා ඇතිනේ. හැබැයි ඉතින් මොනවා වුනත් අද කොටසේදි නම් අනිවාර්යයෙන්ම මේ හුටපටය ගැන මුලින්ම විස්තර කරාවි. මොනවා වුනත් කොහොම වුනත් මේ අපේ පරණ ලෝරල්මයි කියලා පිලිගන්න නම් ඇරෝ රසිකයෝ කවුරුවත් කැමති නැතිවේවි. මොකද මේ කතාවේ මැරෙන හැමෝම ආපහු මරණයෙන් නැගිටලා එනවනේ. 😀 ඇත්තටම මේ මොකක්ද කියලා දැනගන්න අපි පරක්කු වෙන්නේ නැතිව අද කොටස බලමු…. . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,274 downloadsDownload Arrow-S05E10.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
51 comments
Isuru Chamara
melan
elama digatama sub karanna gd luck bohoma iskothui me karana sewayata
Induru banneheka
Thanks godak , 150 denek download Karan yaddi cmnt ekakuth dala giya nam watinawa
Gihan Iddamalgoda
thanks 4 sub.
D.Chamara
bohoma sthithi sahoo
Nirodha uthpala
Suba supiriyatama ikmanata dunna eaka Gana mage avanka uttamacharaya digatama denna labeva keya hadavatinma partana karanava bro
Sasindu
Thanks for sub.
Supun Sandeepa Wimalarathna
Ela Bro Thankz Bro
Zeal
Thanx Sub 1ta
pasindu
උපසිරැසියට ස්තූතියි............!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......silent$
Patttaaaaaaaaaaaaaaa
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
kushani sanjula
බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
එල සහෝ දිගටම දෙන්නUdara Damith B/K
බොහොම ස්තුතියි..
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Ravindu Rukshan
thx
Ajith Priyantha
sub akata thanks yaluwa
Sanath Indika
thx broo
kawinda gayashan
thanks for sub
direct link
tvmansala.com
risitha
niyamae
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
damith tharanga
thanks macho
Lakshan
Thanks Bro.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ….
Chalana Rukshan
thnx bro...
Dhanushka
ela ela brothers .thankz subtitle walata .oyalata jain jayama wewa.
baiscope eke okkotama tnxsherlock galle
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
ela ela..........!
Amila
Tnx mchn.mchn iba kiwa ewa kalin spisode eke tibbada kiyalawath mata mathaka ne ban e tharamata meka amathakaa wela :)
Mahesh
Sub ekata thanx bro
ප්‍රදීප්
ස්තූතියි :)
Pushpakantha Sadaruwan
thank sub akata. jayawewa
ashan lankanath
thanks .......................................................................................................
අසංක
ඉස්සර නං ඇරෝ හොඳයි. (Season 1 & 2). දැන් නන් මෙලෝ රහක් නෑ . ඇරෝ නෙවේ. ඇරියෝ !
Samuditha sankalpa
Ane me umba danna ekak kiyapn season 2 and season 5 thma ptta
Dilanki
Ammmmee athi yanthan awa 10..thankzz macn balan idalama epa una.kalin tikath mathak kalapu ekath hodai godaakkk..thankxx bro jayawewa arrow sub dena oya ath dekataa...
Rachitha Isanka
sub ekata thanks bro...
Nima
Thanks
mindika
thanks !!!!!!!!!!!!!!!!!!
Suu
thank u
සයුරු තරංග
Sub ekata thankq sahooo
pawa s jayathilake
thanks
Sihina
Pattama pattai bn. Uba mara seewayak karanne. Mamath kmathi oyala ekka ekathu wela meh wadeta udau karanna. If u like to join me contact me on my email.
Thanxකවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජය වෙවා..
Amila Mudalige
Sub ekta Thanks saho
mindika
thanks !!!!!!!!!!!!!!!!
Dasitha147
bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya
lakshan
උපසිරැසියට බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elma