Watch Trailer

Arrow [S05 : E18] with Sinhala Subtitles | විසුරුවා හැරීම [සිංහල උපසිරැසි සමඟ]

ඒඩ්‍රියන් චේස් දවස් 6ක් තිස්සේ හිර කරගෙන ඉදලා, භයානක දඩුවම් දිලා, තමන්ගේ පවුලේ අයව යහලුවන්ව මරණවා කියලා තර්ජනය කරාට පස්සේ ඔලිවර් ක්වින් පිලිගත්තා එයා මිනි මරන්න කැමතියි එයාට ස්ටාර් සිටි එකේ නරක මිනිස්සු මරන්න ඕනි වුනා කියලා. විශේෂයෙන්ම එයාගෙ තාත්තගේ ලිස්ට් එකේ හිටපු නරක මිනිස්සුන්ව. ඔලිවර්ගෙ පැත්තෙ…

Arrow S5-1

ඒඩ්‍රියන් චේස් දවස් 6ක් තිස්සේ හිර කරගෙන ඉදලා, භයානක දඩුවම් දිලා, තමන්ගේ පවුලේ අයව යහලුවන්ව මරණවා කියලා තර්ජනය කරාට පස්සේ ඔලිවර් ක්වින් පිලිගත්තා එයා මිනි මරන්න කැමතියි එයාට ස්ටාර් සිටි එකේ නරක මිනිස්සු මරන්න ඕනි වුනා කියලා. විශේෂයෙන්ම එයාගෙ තාත්තගේ ලිස්ට් එකේ හිටපු නරක මිනිස්සුන්ව.

ඔලිවර්ගෙ පැත්තෙන් එයා එයා ගැන කවදාවත් නැතිව පැහැදිලිව දැක්කද? පේන විදියට එයා කරපු හොද දේවල් වලට වඩා නරක දේවල් තමයි දැන් එයාට පෙනිලා තියෙන්නේ. සමහර විට ඒක ඇත්ත වෙන්න පුලුවන්. සමහර විට එයා මිනිස්සු මරන්න කැමති වෙන්න පුලුවන්. ඒත්, අවංකවම, සිසන් 1දි එයා මරන්න හදපු, මරපු මිනිස්සුන්ට ඒ ඉරණම ලැබෙන්න ඕනි. මොකද එයාලා ගොඩක් දූෂිත අයයි. ඒ වගේම ප්‍රේක්ෂකයෝ විදියට නරක මිනිස්සුන්ට වද දෙන එක/ මරන එක එක්තරා විදියක විනෝදයක්. අතිතයේ ඉදන්ම අපිට ටිකෙන් ටික තේරුනා ඔලිවර්ට මිනිස්සු බේරන එකට වඩා මිනිස්සු මරන එක ගොඩක් හොදට කරන්න පුලුවන් කියලා. මතකද 3වෙනි සිසන් එකේදි ක්වෙන්ටන් ලාන්ස් විශේෂයෙන් ඔලිවර්ට කිවා එයා මහජනතාවගේ හතුරා කියලා, එයා ‘ඇරෝව’ අයන් හෙයිට්ස් වලට ගෙනියද්දි, එයාට බේරාගන්න බැරි වුන එයාගේ පවුලේ වගේම යාලුවෝ ගැන මතක් කරලා. සිසන් 3දි ඒ කියපු දේ නම් ඔලිවර්ට ගහපු කනේ පහරක් වගේ වුනා මොකද එයා කරපු හොද වැඩ සහ එයා බේරාගත්ත මිනිස්සු ප්‍රමාණය නිසා.  ඒ වගේම මතකද සිසන් 1දි ඩිගල් ඔලිවර් විරයෙක් කියලා කිවම ඔලිවර් කිවා එයා විරයෙක් නෙවෙයි කියලා. පේන විදියට මේ හැමදේකින්ම ඔලිවර්ට වෙලා තියෙන්නේ එයාගේ වැඩ වල එක පැත්තක් දකින්න විතරයි. ඒ තමයි නරක පැත්ත. ඉතින් දැන් සිද්ධ වෙන්නේ එයාගේ චරිතය ඉස්සර කරපු දේවල් ගැන විචාරයක් වෙන එකයි. අනික ඒ දේවල් ගොඩක් ඇත්ත කියලත් ඔලිවර්ට වගේම අපිටත් තේරෙනවානේ.

 

ඔලිවර්ට එයා මිනිමරන්න කැමති කෙනෙක් කියලා හිතුනත්, අවංකවම මට හිතෙන විදියට එයා ඒ දේවල් කරද්දි දැනෙන ගැම්මෙන්, කට්ටිය පස්සේ පන්නන එකෙන්, අපරාධවලට විරුද්ධව සුපිරි විරයෙක් විදියට කරන සටන ගැන ගොඩක් සතුටු වෙනවා. ඔලිවර් පොඩි කාලයේදි, එයා එයාගේ නරක ජිවිතය ගැන ගොඩක් ආඩම්බර වුනා. දැන් අර දූපතට ගියාට පස්සේ, ඒ ජිවන රටාව සුපිරි විරයෙක්ගේ ජිවිතයක් වෙලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එයා වේගයෙන් වැඩ කරන්න කැමතියි වගේම සමහර වෙලාවට ඒක නිසා මිනිස්සු මැරෙනවා. එයා ඇත්තටම නගරාධිපති විදියට ග්‍රීන් ඇරෝට එලියක් දෙනවා. කොහොම වුනත් එයා සම්පුර්ණයෙන්ම ග්‍රීන් ඇරෝමයි. එයා කබාය දාගත්තම වෙනස්ම කෙනෙක් වුනත්, එයාට එයාට එයා කරපු හොද දේවල් දකින්න තවම බැරි වෙලා තියෙනවා. ඒ මොකද අර හිර කරගෙන හිටපු කාලය පුරාවටම ඒඩ්‍රියන් එහෙමත් නැත්නම් ප්‍රොමෙතියස් එයාගේ සිතුවිලි පැත්තකට තල්ලු කරලා දැම්මා එයා කරපු වැරදි දේවල් විතරක් මතු කරලා පෙන්වන්න. මොකද චේස් කලින් ඉදන්ම දැනගෙන ඉදලා තියෙනවා ඔලිවර්ගේ හිතේ කොනක මේ අදහස තියෙනවා කියලා. ඉතින් එයා ඒ අදහසම ඔලිවර්ට විරුද්ධව ආයුධයක් විදියට පාවිච්චි කලා. ඉතින් ඒ දේවල් නිසා ඔලිවර් කොච්චර නම් මානසිකව වැටුනද, එයා කොච්චර නම් පැරදුනාද කියලා තේරුම් ගන්න පුලුවන්නේ ඔලිවර් ආපහු බේරිලා ඇවිත් කර්ටිස්ටයි අනිත් අයටයි එයාගේ වැඩ ඉවරයි කියලා කියපු එකෙන්.  මේ පාපොච්චාරණයෙන් කොච්ච නම් ඔලිවර්ගේ මානසිකත්වය බිද වැටුනද කියලා අමතුවෙන් කියන්න ඕනි නෑනේ නේද? අපි හිතමු ඒක ඔලිවර්ගේ සම්පුර්ණ බිද වැටිමක් නෙවෙයි කියලා. එයා සිසන් තුනක් තිස්සේම මිනිස්සු මරන්නේ නැතිව හිටියා. ලෝරල්ගේ මරණයෙන් පස්සේ, ඩේමියන් ඩාර්ක්ව අල්ලාගන්න එයා ආපහු මිනි මරන්න පටන් ගත්තා. ඒ වගේම එයා ඩිගල් කියපු දේ පිලිගත්තා එයා තවම ඒක නවත්වලා නැ කියලා. එයාගේ හිතෙන් එයා චේස් කියපු දේවල් එක්ක සංසන්දනය කරලා බලනවා ඇති. හැබැයි කොහොම වුනත් ඒක හරිම දේ නෙවෙයි කියලා වුන දේවල් එක්ක ඔලිවර්ට තාම තේරෙන්නේ නෑ.

අනිවාර්යයෙන්ම කලින් සතියේ කොටස ගොඩක් බලවත් කොටසක්. ඒ වගේම අතිතයේ සිද්ධ වුන දේවල් ගොඩක් තිබුන නිසා කතාව බලන්න අපිට තවත් ආසා හිතුනා. ඇරෝ චරිතය රගපාන ස්ටෙපන් ඇමෙලුත් එයාගේ චරිතයට ගොඩක් හොද සාධාරණයක් ඉෂ්ට කලා. අනිවාර්යයෙන්ම මේ විදියට රගපාන්න එයා ගොඩක් මහන්සි වෙන්න ඇති. මොකද එයා කලින් කොටසේ හැම විනාඩියකම වගේ කතාවේ හිටියා. ඒ වගේම අතිතයේ කොටස් වල ෆයිට් නම් ගොඩක් හොදට නිර්මාණය කරලා තිබුනා. ඔලිවර්ගේ දුනු ඊතල සටන වගේම අතින් පයින් කරපු සටනුත් අඩුවක් නැතිවම තිබුනානේ. මං හිතන්නේ මේ හැමදේම මතුවුන එකේ ඔලිවර් අනිවාර්යයෙන්ම මිනි මරනවද නැද්ද කියන අදහසේ ඉන්නේ නැතිව ඉස්සරහට යන්න එයාගේ හිත හදාගනිවි. මොකද හැම සිසන් එකකදිම මේ ගැන අනිවාර්යයෙන්ම කතා වුනානේ. ඔලිවර් මිනිමරන එක නොකරද්දි නම් හොදයි ඒත් එහෙම නොකරම බැරි අවස්ථාවල කරන්න වෙනවානේ.

 

අවසානයට, කලින් කොටසේ පාවාදුන්න එවලින් මැරුණ නැති එකට ගොඩක් අය කැමති නැතිවෙන්න ඇති. මොකද එයා තමයි ඇරෝ ටිම් එක පාවා දුන්න පළවෙනි සහ එකම කෙනා. එයා ලෝරල්ට අපහාස කලා වගේම ඔලිවර්ට දෙපාරක් පිටුපැවා. ඒ නිසා එයාව කොහෙත්ම නිදහස් කරන්න නම් බෑ. ඉතින් කලින් කොටසේ අන්තිමේට කිවා වගේ ඔලිවර් මේ හැමදේම එපා වෙලා ඇරෝ ටිම් එකේ වැඩ නවත්වලා දායිද? අපි ඒ ගැන දැනගන්න මේ සතියේ කොටස බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

7,230 downloadsDownload Arrow.S05E18.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

7,230 downloadsDownload Subtitles32 KB

51 comments

  1. Príñçë Ark

    Thanks sahooo..!! <3

  2. Heshan

    Woow tnx bro

  3. Ravindu Rukshan

    thx

  4. Ravindu Madumal

    thnq

  5. Suu

    thanks

  6. Nati

    Tahanks.

  7. Viraj

    Sub ekata thanks saho..

  8. මේනක...

    ela ela enakan balan hitiye thanx

  9. silent$

    Thnxxxxxxxxxxxx

  10. shen

    thnks saho sub ekata...

  11. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  12. Indika

    ස්තුතියි සහෝ සබට...............!

  13. Nimesh

    Elm.. thnx

  14. hashan

    Thanks bro sub akata
    Legends of tomorrow saben nawatha hamuwemu

  15. Nirodha uthpala

    Niyamai saho obata jaya

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    බුදුසරණයි..ජය වේවා..

  18. Lakshitha Amakara

    thank you brother :)

  19. Haritha nayanajith

    Thanks bro

  20. Ipsitha Sahan

    Thankui ayye

  21. Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

  22. melan shamika

    sub ekata thns mcn digatma sub karamu obaja jaya

  23. tv series පිස්සෝ.....

    ස්තූතියි සහෝ.........

  24. kent

    Thanx bn

    hash eka >> 14829AA1B57D5AD73CB5C9D66083C8998FF6AACB

  25. AJ

    Thanks

  26. සමරවීර

    ස්තුතියී මචෝ

  27. ප්‍රදීප්

    තුති

  28. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  29. stranger

    Thanks

  30. Sudheera Kasun

    Thanks bro..!

  31. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!

  32. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  33. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  34. nirosha

    ලිපිය කියවෙල ඉවරෙ වෙද්දිම අරකත් ඩවුන්ලොඩ් උනා. ලොකු විස්තරයක් මෙ විඩියට දිලා අපිව දෑනුවත් කරන එකට ගොඩක් ස්තූතියි.එවලියන් ගෑනනම් මාත් එකගයි.

  35. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. chalana

    thnx bro...

  38. wasantha

    උපසිරැසියට ස්තූතියි සහෝ...

  39. Udara Damith B/K

    ela

  40. madushan

    thank sub akta...

    ගිය සතියේ කොටස තමයි හොදම ඒක ARROW එකේ..

    ..................................

  41. piyumal sanjeewa

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  42. Amila Mudalige

    Thanks saho sub ekta

  43. ashan lankanath

    thanks

  44. damien

    Supiri. Thanks.

  45. Malith Rubasinghe

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  46. eranga tissera

    elaz bn congranz''

  47. Dilesh shanilka

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  48. madhawa ranasingha

    thanks bro

  49. dishan

    Thanks machan ubala loku kapa kirimak karanawa.

  50. tinush

    Jaya wewa!!!

Load more comments