Watch Trailer

Ascension (TV Mini-Series 2014) [S01 : E04] Sinhala Subtitles | ක්‍රිස්ටා [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොදින් ඉන්නවද? ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ හතරවෙනි කොටසත් අරගෙන ආව. මේ කලින් කොටස් දිහා හැරිලා බැලුවොත් අපි දැක්ක ascension එක ඇතුලේ මිනීමැරුමක් වෙනව. කැප්ටන් යානාවේ දෙවනියට බාරදෙනවා මිනීමැරුම ගැන පරීක්ෂණය කරන්න.ඔය අතරේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා නේ ascension කවදාවත් ගුවන් ගත කරලා නෑ කියල. මේ…

කට්ටිය හොදින් ඉන්නවද? ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ හතරවෙනි කොටසත් අරගෙන ආව. මේ කලින් කොටස් දිහා හැරිලා බැලුවොත් අපි දැක්ක ascension එක ඇතුලේ මිනීමැරුමක් වෙනව. කැප්ටන් යානාවේ දෙවනියට බාරදෙනවා මිනීමැරුම ගැන පරීක්ෂණය කරන්න.ඔය අතරේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා නේ ascension කවදාවත් ගුවන් ගත කරලා නෑ කියල. මේ දක්වා බලපු කතාවේ මුලික හරය මේ ටික නේ, එහෙනම් පහුගිය කොටස ගැන කතාකරල ඉමු. ගල්ට් තමන් කරපු විමර්ශනය ගැන විශ්වාසෙකින් නෙමෙයි ඉන්නේ, එයා ඔෆිලියාට කියනවා නේ වා අගුලේදී වුන සිදුවීම එක්ක ස්ට්‍රොක්ස් ගැන තිබ්බ සැකය නැතිවෙලා යනව කියල මොකද ස්ට්‍රොක්ස් කවදාවත් වෙඩි තියන්න දැනගෙන ඉදල නෑ. කතාව පටන්ගන්නෙම බෝම්බයක් පුපුරලා නේ පස්සේ ඒ බොම්බේ තිබුන කාමරේ බිත්තියේ ලියල තියනව “No Future” කියල වාක්‍යක්, මතක ඇති මේකට සම්බන්ද දෙයක් තිබ්බ දෙවැනි කොටසේදී. ගල්ට් තුයි වැන්ඩහාස් තුයි ලෝරලයිව මරල දාපු උමග හොයාගත්ත වෙලාවේ එතනත් ලියල තියනව NF (No Future) කියල, කොහොම හරි පස්සේ නෝරා ජේම්ස් ගෙන් දැනගන්නව නේ  No Future කියන්නේ පහල තට්ටුව්වල භාවිතා වෙන ඉගියක් කියල. ඔය අතරේ නෝරගෙයි ජෙම්ස්ගෙයි අතර සම්බන්දෙ ටික ටික වැඩෙනව දකින්නත් පුළුවන්. ඒක නිසාම තමයි ජේම්ස් නිලදාරීන් පුහුණු කිරීමේ පාසලට බැදෙන්නේ ගල්ට් ගේ මාර්ගයෙන් නේ එකට එයා ලෝරලයි හංගගෙන හිටිය ටේප් ඒක පාවිච්චි කරා මතක ඇති. කොහොම හරි පිපිරිම ගැන හොයන්නෙත් ගල්ට් පස්සේ මේ පිපිරිම වලට සම්බන්ද කෙනා ඩ්වයිට් කියල හොයාගන්නව නේ.  ඩ්වයිට් කියන්නේ ස්ට්‍රොක්ස් ගේ හිමිකම් නොකිව දරුවා , එයා ස්ට්‍රොක්ස් ගේ මරණේ පලිය ගන්න හදන්නේ යානාවේ තැනින් තැන බෝම්බ පුපුරුවල. කොහොම හරි අන්තිමට ගල්ට් එයාවත් නවත්තනව. පහුගිය කොටසේදී අපිට පැහැදිලි විස්තරයක් බලාගන්න පුළුවන් වුනා අවුරුදු විස්සකට කලින් යානාවේ වුනා කියන පිපිරිම ගැනත් ගල්ට් ගේ අතීතය ගැනත්. යානාවේ ඇතුලේ මේ සිද්දි ටික වෙනකොට යානාවෙන් එලියේත් හොද හොද සිද්දි සිද්ද වුනා නේ. වෝරන් ට ඩොක්ටර් එන්ස්මන් ගැන සැක හිතිල එයාව අදීක්ෂණය කරන්න වෙනම කෙනෙක් එවනවා, හැබැයි මේ එවන කෙනයි (කෘගර්) ඩොක්ටර් එන්ස්මන්තුයි අතරේ ලොකු හිත හොද කමක් ඇතිවෙන්නේ නම් නෑ. කෘගර් ටිකෙන් ටික ඩොක්ටර් එන්ස්මන් බොරු කරනව කියල හොයාගන්නව නේ, ඒත් අපිට දැනගන්න හම්බවෙනවා වෝරන් ගේ ඇත්ත වුවමනාව ඩොක්ටර් එන්ස්මන් ගැන හොයනවට වඩා ascension ඒක ඇතුලට තමන්ගේ කෙනෙක් ව දාගන්න එක කියල. ඔය ඔක්කොම විස්තර අතරතුර ascension  එකේ ඇත්ත අරමුණත් අපිට දැනගන්න පුළුවන් වුනා නේ අවසානයටම තව අපුරු දෙයක් සිද්ද වුනා ජුලියට් ගේ නැතිවුන මාලේ ඩොක්ටර් එන්ස්මන් අරන් ගිහින් එයාගේ නෝනට දෙනව දකින්න ඇති නේ. ඒ කියන්නේ යානාව ඇතුලේ එන්ස්මන්ගේ මිනිහෙක් ඉන්නවා කියන එක. පහුගිය කොටසේ ප්‍රධානවම වුනේ මේ ටික නේ.

අද කොටසෙදි ලොකු අවධානයක් දීල තියෙන්නේ ක්‍රිස්ටාට (ලෝරලයි මැරිලා ඉන්න කොට හොයාගත්තු ගෑනු ළමය). ඔයාල දැනටමත් දන්නව නේ එයා ටිකක් අමුතු කෙනෙක් කියල. මේ කොටසෙන් ක්‍රිස්ට ගැන තියන ප්‍රශ්න වලට ගොඩක් උත්තර ලැබේවි. යානාව ඇතුලේ ඉන්න එන්ස්මන් ගේ හවුල්කාරය ගැනත් දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව බලන්නකෝ අනිත් කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

1,713 downloadsDownload Ascension.Episode.04.Baiscopelk.com_.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

1,713 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Isuru Dilshan

    Thanks kollo meka patta katawa...

  2. nipun_k

    thankz sub ekata

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa...

  6. Udara Damith Dissanayaka

    eka සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා