Watch Trailer

Breathe [S01 : E01] Sinhala Subtitles | ජීවිතයක් වෙනුවෙන් මාරයෙක් [සිංහල උපසිරැසි සමග]

කෝ මේකේ ගැටගහලා තිබ්බ හෙල්මට් එක? රාහුල් හතර වටේම බැලුවත් හෙල්මට් එක නම් හොයාගන්න බැරිවුණා. උස්සපු එකාට සාප කර කර රාහුල් බයික් එක ස්ටාට් කරගත්තා. මහ වැස්ස.. රෑ හතට විතර ඇති. වැඩි දුරක් යන්න උනේ නෑ. කොහෙන්දෝ ආපු කාර් එකක් බයික් එකේ වැදුනා. බයික් එකත් පෙරලගෙන රාහුල් මීටර 10ක් විතර දුරට පාරේ ඇදීගෙන ගි…

කෝ මේකේ ගැටගහලා තිබ්බ හෙල්මට් එක?
රාහුල් හතර වටේම බැලුවත් හෙල්මට් එක නම් හොයාගන්න බැරිවුණා.
උස්සපු එකාට සාප කර කර රාහුල් බයික් එක ස්ටාට් කරගත්තා.
මහ වැස්ස.. රෑ හතට විතර ඇති.
වැඩි දුරක් යන්න උනේ නෑ. කොහෙන්දෝ ආපු කාර් එකක් බයික් එකේ වැදුනා.
බයික් එකත් පෙරලගෙන රාහුල් මීටර 10ක් විතර දුරට පාරේ ඇදීගෙන ගියා.
ඉහින් කනින් ලේ බේරීගෙන එද්දී, නැගිටගන්න හැදුවත්
බැහැ, කකුලක් බයික් එකට යට වෙලා.
කාර් එකෙන් බැහැපු මිනිහෙක් අඬාගෙන වගේ දුවන් ආවා.
අතේ මොකක්දෝ දෙයක් තිබ්බත් එක්ක.
මිනිහා කෑ ගහගෙන රාහුල්ගේ ෆෝන් එක ගත්තා
අරන් ඉස්පිරිතාලේ නොම්බරේ ඔබලා රාහුල්ගේ කනෙන් තිබ්බා.
“ඇම්බියුලන්ස් එකක්, වාලවල්කර් පාරට” රාහුල් ෆෝන් එකට මිමිණුවා.
වේදනාව යටපත් කරගෙන රාහුල්ට සහනයක් දැනුනා.
හැමදේම හරිය කියල හිතෙන්නැති.
ඒත් ඒ පොඩි වෙලාවකට විතරයි.
අර මිනිහා බිමට නැමිලා තඩි ගලක් දෝතින්ම ගත්තා
රාහුල්ගේ මුණට අතාරින්න තප්පර දෙකක් තියෙද්දී,
ඈතින් ඇම්බියුලන්ස් සද්දෙකුත් ඇහුනද කොහේදෝ.
“මට සමාවෙන්න, රාහුල්”

හැමෝටම ලැබුවාවූ සිංහල හින්දු අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියන ගමන් ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දට අලුත්ම තෑග්ගක් අරන් එන්නයි. ඔව්, හින්දි වෙබ් සීරිස් එකක්. පට්ට පතුරු වෙබ් සීරීස් එකක්. හින්දි කියපු ගමන් දුවන්න හදන්නෙපා අර මහගෙදර, ප්‍රවීනා වගේ කතන්දර වගේ වෙන්නැති කියලා හිතාගෙන. අනිත් අතට ඉතින් දැන් හින්දි වෙබ්සීරීස් ගැන අමුතුවෙන් කියන්නත් ඕන නෑ. අපේ සමීර සහෝ අරන් ආපු Inside Edge බැලුවා නම් අනිවා ඔයා මේවයේ තියෙන රහ හොඳ හැටි අඳුරනවා. Inside Edge අරන් ආපු ඇමසන් සමාගමේම ඊළඟ නිර්මාණය මේක කියලා කිව්වොත්?? ආයේ වෙන ගැරන්ටි මුකුත්ම ඕන නෑ නේද? මේ වෙද්දීත් ඩවුන්ලෝඩ් කරන්න දාන්න ඇති. නොදන්නා අය ඔහොමම ඉන්ඩකෝ එහෙනම්, තව ටිකක් මේ ගැන කියන්නම්.

2018 වසරේ කවුරුත් කම්පනයට පත් කරපු ඉන්දියන් නිර්මාණය මේකයි කිව්වොත් මම හරි මම හිතන්නේ. ට්‍රේලරේ දැකපු ගමන් මේක ගැන කවුරු කවුරුත් බලාපොරොත්තු පොදී බැඳගත්තා. ජනවාරි මාසේ 26 විකාශය ආරම්භ කරපු කොටස් 8කින් විතරක් තියෙන මේ වෙබ් සීරීස් එක කාගේත් ඇඟ සීතල කරලා මේ වෙද්දී IMDb 8.9ක සුපිරිම අගයක් වාර්තා කරලත් තියෙනවා. මනාප සංඛ්‍යාව 5000 ඉක්මවලා. දැනෙන කම්පනය නම් උපරිමයි. පලවෙනි එපියේ පලවෙනි විනාඩි 2ම ඇති ඔයාලව මුළු සීරීස් එකට ඇඳ බැඳ තියාගන්න. රංගනයෙන් දැකලා නුපුරුදු අය නම් නෙමේ එකතු වෙන්නේ. කවුරුත් දන්න මාධවන්,අමිත් සාධ්, සප්නා පබ්බි සහ ශ්‍රීස්වරා ප්‍රධාන චරිත වලට පණ පොවනවා. මම ආයෙත් කියනවා, ට්‍රේලරේ බලන්න, සැකයක් නෑ ඊළඟට ඔයාගේ අත යන්නේ ඩවුන්ලෝඩ් බට්න් එකටයි. ඉන්දියන් සීරීස් එකක් කියලා දෙපාරක් හිතන්න දෙයක් නෑ. පලවෙනි එපිය විතරක් බලන්න. 

පොඩ්ඩකට යමු IMDb පැත්තට, බලපු අයගේ අදහස් දැනගන්න.
 
Chirag Jain මෙහෙම කියනවා,

” මේක මාර ෂෝ එකක්. ඇමසන් සමාගමටයි Baby (2016) චිත්‍රපටියේ නිෂ්පාදකයන්ටයි ස්තුතී වෙන්න ඕන මේකට ජීවය දුන්නට. මේක මම එදා මෙදා තුර බලපු සුපිරිම ඉන්දියන් ෂෝ එකක්. හැගීම් දැනීම් සහ අපරාධමය පසුබිමක් එක්ක මුහු වෙච්ච නියම සංයුතියක්. මාධවන් ඇත්තටම දක්ෂ නළුවෙක්, තමන්ගේ චරිතය නියමෙටම කරනවා. සාමාන්‍ය හින්දි චිත්‍රපට හෝ ටෙලිකතා වගේ නෙමේ මෝඩ පසුබිම් වාදන ගීත සහ ඕනවට වඩා වැඩි දර්ශන ඇත්තෙම නෑ. කතාව උපරිමයි. රචකයා කොටසින් කොටස බොහොම පරිස්සමට ලියලා. බලන්නම වටිනා කතාවක්.” (ලකුණු ප්‍රමාණය 10/10)

doshiniravp මෙහෙම කියනවා,

“මගේ ජීවිතේට මම බලපු හොඳම ටීවී ෂෝ එකක්. අනිවාර්යෙන්ම සමහර US ටීවී සීරිස් වලට තරඟයක් දෙන්න පුළුවන් නිර්මාණයක්. සමහර වෙලාවට Breaking Bad එකත් මතක් වෙනවා. ඉන්දියාවට තවත් මේ වගේ ෂෝ අවශ්‍යමයි. සුපිරි ලිවීමක්, ඊට නොදෙවැනි රංගනයක්, නොහිතන වෙලාවට සිද්ධ වෙන නොහිතපු දේවල්. අමිත් සාධ්ගේ රංගනය මාව පුදුම කරා. වචන දෙකක් නා. මුළු කතාවම ලියවිලා තිබුණේ මාධවන්ගේ චරිතය මත. ඔහුත් සුවිශේෂියි. අනිවාර්යෙන්ම ඔබ බැලිය යුතුම එකක්.” (ලකුණු ප්‍රමාණය 10/10)

deojitsinghමෙහෙම කියනවා,

පුදුම කතාවක්නේ. හැම කොටසෙම “අම්මටහුඩු” කියලා කියවෙන මොකක්හරි කෑල්ලක් තියෙනවා. එක කොටසක් ඉවර වෙච්ච ගමන් ඊළඟ කොටසට අත යන්නේ ඉබේටමයි. අවසන් කොටස තමා මේ කතා සමයට දෙන්න පුළුවන් නියමම අවසානය. ත්‍රාසය, බලාපොරොත්තුව, කම්පනය, හැගීම් එක්ක මුළු කතාවම සමබර වෙලා තිබ්බා. හොඳ වෙලාවට මේක තවත් එක පළිගැනීමේ කතාවක් වුණේ නැත්තේ. ඉන්දියන් කතාවක මම බලපු සමබරම කොටස් 8 තමා මේ. හැම කෙනාම තමන්ගේ චරිතය හොඳටම කරා, A+ එකක් දෙනවා. ලකුණු 10ක් දෙනවා, හැබැයි ඒකත් මදි මේ ෂෝ එකට නම්. තාමත් මේ ගැනමයි කල්පනාව”  

එහෙනම් තව මුකුත් කියන්න අවශ්‍ය නෑ කියලා හිතෙනවා. තවත් දැනගන්න ඕන නම් යන්න IMDb පිටුවට. මේ වගේ ප්‍රේක්ෂක විචාර 90ක් විතර කියවගන්න පුළුවන්.
එහෙනම් මේ ඉල්ලීම අද ඉඳන් දිගටම දවස් 8ක් අපිත් එක්ක එකතු වෙන්න කියලා විතරයි. පාඩුවක් වෙන එකක් නම් නැහැ. හමුවෙමු එහෙනම් දෙවැනි කොටසත් එක්ක. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

9,519 downloadsDownload Breathe-S01E01-720p-WEB-DL-x264-AAC-E-Subs-Hindi-375MB-CraZzyBoY.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

9,519 downloadsDownload Subtitles21 KB

44 comments

  1. Bandaramudiyansi

    Thank you... thank you malli .. okkama tika ona... oya dunna kiyanna balannama ona

  2. Kaushan Herath

    ට්‍රේලරේ බලන්න දෙයක් නෑ.ලිපිය කියවද්දි බලන්නම හිතුනා.පරක්කු කරන්නෙ නැතිව සබ් අරන් එන්න සහෝ.නැත්තං කොච්චර හොඳ එකක් උනත් බලන එක එපා වෙනවා.සබට ස්තූතියි

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අනිවා බෑමක් තමයි
    ජය

    ලැබුවාවූ වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!

  4. KGSILVA

    හම්මේ අලුත් අවුරුද්ද නැගලා යන සිඉන් එකක් තියෙන්නේ.කවද මේකේ සබ් දෙයිදෝ කියල බලන් හිටියේ.දිගටම කරමු..

    ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා

  5. Viraj

    thanks saho.. meka denakalmai balan hitiye..ithiri tikatath ikmanata demu..

  6. malinda shayaman

    සිංහල උපසිරැසියට ස්තූතියි link akak dannako plz

  7. සනිඳු ලක්ඛිත

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බයිස්කෝප් සහොදර,සහෝදරියෝ සියලු දෙනාටම වගේම බයිස්කෝප්වසීන් සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා...!
    නියම අවුරුදු තෑග්ගක් නෙහ් ගෙනල්ලා තියෙන්නේ. ඉන්දියන් ටෙලි නාට්‍ය ගැන තිබ්බ කුජීත හැගීම වෙනස් කරපු සීරිස් එකක් තමා ඉන්සයිඩ් එජ්..මේක ඊලග එක වේවි අනිවා..! බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බුදුසරණයි..!

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  9. diyashan

    Meka sub enakanmai hitiye bro..thankz and happy new year to all baiscopianz

  10. Eranga Sandaruwan

    අර කිවුවත් වගේ ඇමසන් නම් බය වෙන්න දෙයක් නෑ. (Inside Edge වගේ මේකත් ගෙදර කට්ටිය ඉන්න වෙලාවට බලන්න බැරි එකක්ද දන් නෑ)

    ඒනම් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න හදන්නේ නැකතට කලින්ම.

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා...

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa...
    Suba Aluth awruddak wewa……

  12. Kanchaka

    Thanks bro..........

  13. sachintha

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    02 වෙනි කොටසෙන් හමු වෙමු
    ජය

    baiscopedownloads එකේ දීලා තියන web dll එකට සබ් එක ගැලපෙන්නේ නෑ නේ සහෝ...

  14. AsithaDilruwan

    thanks saho

  15. Udara Damith Dissanayaka

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  16. Nimesh sasanka

    meka enkal blan hitiye...thanx sub eka ikmnata genawta...suba aluth auruddak wewa...

  17. OshankaNW

    LABUWAWU ALUTH AWRUDDA SUBAMA SUBA ALUTH AWRUDDAK WEWA.....

    Madawan innawanam ela.sab ekata thanks saho........

  18. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  19. TharakaWAS

    Thanks bro...

  20. supun madushanka Fernando

    Thanks bro sub ekata,meka enakam thamai bln idiye..puluwannam "valor" ekatath sub denna blanna..
    Baiscopedownloads eka weda karanne neththe ai???

  21. RK

    suba aluth auruddak wewa kiyanagaman,mewage supiriyakata suba genawata romba thankzzzz,jayen jayama wewa!!!!

  22. Purnima

    සා.. නියමයි මයුර :) . මහගෙදරටත් මේ ගැන්මෙන්ම සබ ඒක දෙමු :)

  23. D.Chamara

    kiyala thiyana wediyata balanna hithanwa
    aniwarayan balanna oni baohoma sthuthi sahoo

  24. රොයිලි

    මයුරත් TV කරන්න ගත්තද? නියමයිනේ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. LouisEx

    403 :(

  26. sadeepaT

    maddy innawanm ithin aniwa bamak thama

  27. kusal lakindu

    ස්තූතියි.

  28. Tharaka Nuwan Dilhara

    සුභ අලුත් අවුරුද්දක් වේවා මයූ...
    හොඳ වැඩක්.
    ජය..!!!

  29. kasun sudangama

    thanks aiye hoya hoya hitapu tv show ekak thama thank you

  30. Thisal

    ස්තූතියි

  31. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  32. kodagoda

    tnx sahoo supiriyak wage math hindi drama asa naa eth mekanum balanna hituna oyage lipiya hindama goodluck

  33. Ushan-tharindu

    s1 e1-e10 sinhala sub walata thanks

  34. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි...

  35. Eranda Malith 2.0

    Thanks mcn

  36. nishannw

    ස්තූතියි සහෝ.ජය වේවා

  37. nisala_d

    Thank you bro...!!!

  38. Milind@

    Thanks saho

  39. M.W. Dilhani

    thank you so much

  40. BTC

    Thanks bro..

  41. සචින්ත කල්හාර බෙනට්

    thanks for this show

  42. sahangayantha

    thanks a lot saho sub ekata

  43. tharidu16

    thanks machi

  44. Anonymous

    Thnx for sub ...❤️