Watch Trailer

Ascension (TV Mini-Series 2014) [S01 : E05] Sinhala Subtitles | ඔස්ටෙරා [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද, ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ පස්වෙනි කොටස අරගෙන තමයි අද ආවේ. දැන් කතාවේ කොටස් හතරක් ඉවර කරපු නිසා යානාවේ පරිසරය නීති රීති ගැන වගේම වෙන දේවල් ගැන පොඩි අදහසක් ඇති නේ මේ ලිපියෙන් වැඩි විස්තර කිරීමක් කරනන් බලාපොරොත්තු වෙන්නේ නෑ. පහුගිය කොටසෙ විශේෂම සිද්දිය වුනේ ක්‍රිස්ටා වටා ගෙතුණු සිද…

හැමෝම හොදින් ඉන්නවද, ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ පස්වෙනි කොටස අරගෙන තමයි අද ආවේ. දැන් කතාවේ කොටස් හතරක් ඉවර කරපු නිසා යානාවේ පරිසරය නීති රීති ගැන වගේම වෙන දේවල් ගැන පොඩි අදහසක් ඇති නේ මේ ලිපියෙන් වැඩි විස්තර කිරීමක් කරනන් බලාපොරොත්තු වෙන්නේ නෑ. පහුගිය කොටසෙ විශේෂම සිද්දිය වුනේ ක්‍රිස්ටා වටා ගෙතුණු සිද්දි දාමය. කලින් කොටසෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ක්‍රිස්ටා විශේෂ ළමයෙක් කියල, මොකද මුලින්ම එයා දැනගන්නව එන්නත් මාත්‍රා වල මොනවා හරි ප්‍රශ්නයක් තියනව කියල. පස්සේ ඩොක්ටර් එන්ස්මන් ට කොහොම හරි ක්‍රිස්ටට බෙහෙත දිගන්න ඕන නිසා ඒක කිරි වීදුරුවකට කවලම් කරල දෙන්න උත්සාහ කරා. ඒත් ක්‍රිස්ටට ඒක ඒකත් දැනුන නේ, මතක ඇති නේ හංගල තිබුන කැමරාව දිහා බලාගෙන කිරි වීදුරුව බිමට හලපු හැටි :3. කොහොම කොහොම හරි මෙච්චර කාලයක් යානාවේ හොල්මන් කරපු අභිරහස් මිනිහ කවුද කියලත් ගිය කොටසේදී දැනගන්න ලැබුන නේ. ඒ ජුලියට් බ්‍රයිස් ගේ මහත්තය රොබර්ට් බ්‍රයිස් කියල. ඒ වගේම කිස්ටා දැනගෙන හිටිය එයා කොහොමටවත් දැනගන්න බැරි කාරනා. 9/11 සිදුවීම, කෙනඩි ඝාතනය වගේ දේවල්. මේ දේවල් කොහොමටවත් යානාවේ ඉන්න අය දන්නේ නෑ මොකද යානාව 1960 ගණන් වල ඉදල පිටස්තර ලෝකයත් එක්ක කිසිම සම්බන්දයක් නැතුව නේ තිබුනේ. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් වෙනව ලෝරලයිව මරල තියෙන්නෙත් රොබට් කියල. කොහොමහරි ක්‍රිස්ටගේ හැකියාවන් දැකල එන්ස්මන් නම් සතුටු වෙනවා. ඔය අතරේ කැප්ටනුයි වියෝන්ද්‍රයි අතරෙත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනව නේ ජැකී නිසා. කොහොමහරි අවසානෙට දැනගන්නව මෙච්චරකාලයක් රෝස් වෙනුවෙන් ඔත්තු බලල තියෙන්නේ ජැකී කියල. මේ අතරේ කෘගර් එයාගේ වාර්තාව සම්පුර්න කරගෙන යනව නේ හැබැයි එයාට මේ වියාපෘතිය ගැන වත් ඩොක්ටර් එන්ස්මන් ගැන වත් වැඩි පැහැදීමක් නෑ ඒක නිසාම එයා මේ වියාපෘතිය ගැන ඇත්ත ලෝකයට කියන්න කියල හිතාගෙන එළියේ කෙනෙක් එක්ක වැඩ කරනව දකින්න ඇති නේ. හැබැයි මේක හැමෝටම හොරෙන් කරන්නේ ඔය අතරේ කෘගර් ටත් හිතෙනව නේ යානාව ඇතුලේ එන්ස්මන් ගේ කවුරුහරි කෙනෙක් ඉන්නව කියල. ඉතින් පහුගිය කොටසෙ සිද්ද වුනේ මුලිකවම ඔය ටික තමයි.

අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි මෙච්චර කාලයක් කතාවේ කතාකරපු උපත් ලැයිස්තුව කියන්නේ මොකද්ද කියල. ඒ වගේම තවත් විශේෂ සිදුවීම් ගොඩක් බලාගන්න පුළුවන් වෙයි. නිකන් ස්පොයිල් කරන්නේ මොකටද නේ :v එහෙනම් කතාව බලන්නකෝ. ආපහු ඇසෙන්ෂන් අවසාන කොටසෙන් හමුවෙමු. ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

1,259 downloadsDownload Ascension.Episode.05.Baiscopelk.com_.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

1,259 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P