ලිපිය- හෙළිලි හේමමාලි අම්මෝ… 12 දාලා කියලා දැක්ක ගමන් මූණට ආව හිනාව! ප්‍රතිචාර වලින්ම පේනවා කට්ටිය කොයි තරම් මේ ආදර කතාවට ආදරේ කරනවද කියලා. ආදරේ වචන වලින් කියන්න දඟලන මේ සුන්දර ආදරය වෙනුවෙන් හැමදාමත් ආදරයෙන් බලා ඉන්න ඔයගොල්ලෝ තමයි, බයිස්කෝප් අඩවියේ ඉන්න ආදරණීයම රසික රසිකාවියෝ. ඉතින්, වෙනදා වගේම පහු…

ලිපිය- හෙළිලි හේමමාලි
අම්මෝ… 12 දාලා කියලා දැක්ක ගමන් මූණට ආව හිනාව! ප්‍රතිචාර වලින්ම පේනවා කට්ටිය කොයි තරම් මේ ආදර කතාවට ආදරේ කරනවද කියලා. ආදරේ වචන වලින් කියන්න දඟලන මේ සුන්දර ආදරය වෙනුවෙන් හැමදාමත් ආදරයෙන් බලා ඉන්න ඔයගොල්ලෝ තමයි, බයිස්කෝප් අඩවියේ ඉන්න ආදරණීයම රසික රසිකාවියෝ. ඉතින්, වෙනදා වගේම පහුගිය කොටස මතක් කරලම අද කොටස ගැන අපේ ආදරණීය යාලුවොන්ට කියන්නයි මේ ලෑස්තිය. 12 බලන්න කලින් 11 මොකද වුනේ කියලා මතක් කරගෙනම හිටියොත් හොඳයිනේ?
කට්ටියට මතකද දන්නේ නෑ, මුරාත්ට කෝල් එකක් ආවා නේජාත්ගෙන්. ඒකෙන් කියවුනේ දිදෙම්ගේ දරුවා ගබ්සා වෙලා කියලා. ඉතින්, ආරංචිය දැන ගත්ත ගමන් මුරාත් ඉස්පිරිතාලෙට දුවන් යනවා. මුරාත් විතරක් නෙවෙයි, මුරාත්ගේ පවුලම එතන. දිදෙම් බොහොම දක්ෂ විදියට එතනදි රඟපානවා. ඒ රඟපෑම කොයි තරම්ද කියනවා නම් මුරාත් සෑහෙන දුකට පත් වෙනවා, ඩේර්‍යා ඒ කිව්වේ මුරාත්ගේ කුඩම්මත්, දිදෙම්ව ඒ වෙනුවෙන් වර්ණනා කරනවා. මොකද, මේ දෙන්නා එකතු වෙලානේ ඒ සැලැස්ම ගැහුවේ.
මේ අතරේ අස්ලියි, ඉපෙක්නුයි එකතු වෙලා හයාත්ට සේරම විස්තරේ කියනවා, දිදෙම්ට දරුවෙක් ලැබෙන්න නෑ ය, ඒ වගේම එයා දැන් දරුවා ගබ්සා වුනා කියලා රඟපානවය, දිදෙම්ගේ බොරුව ඔප්පු කරන්න සාක්ෂි නෑ ය, මුරාත් ඒ බොරුවලට රැවටිලා නැති වුන දරුවා ගැන දුක් වෙනවය කියල. මේවා අහුවම හයාත්ට හොඳටම කේන්ති යනවා. කේන්තියයි, දුකයි දෙකම නිසා හයාත් බෙරිහන් දීගෙන මුරාත්වයි, දිදෙම්වයි හමු වෙලා දිදෙම්ගේ බොරුව කියන්න දුවනවා. හැබැයි අස්ලි මැදිහත් වෙලා හයාත්ට තේරුම් කරනවා, හයාත් තවම මුරාත්ට ආදරෙයි කියලා නැති නිසා මුරාත් කොහොමද හයාත්ගේ හිතේ තියන දේ දන්නේ කියලා. කොහොමින් ඔහොම හරි දවස් දෙකක් තිස්සේ දිදෙම්ව කොටු කරන්න අස්ලි සාක්ෂි හොයනවා. ඒත් එයාට මොකුත්ම හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඔහොම ඉද්දී තමා ටුවෙල්, මුරාත්ගේ ගෙදර යන්නේ. හේතුව තමා කුලුදුල් දරුවා ඉපදෙන්නත් කලින්ම නැති වුන නිසා ඇති වුන දුකට ලෝකේ කඩවසම් ම බොස් දවස් දෙකකින් ඔෆිස් ඇවිත් නෑවිත් ඉඳීම. ටුවෙල් ඇවිත් අඟර දඟර දාලා කොහොමහරි මුරාත්ව ඔෆිස් එක්කරගෙන යනවා. ඒ අතරේ හයාත්ට පණිවුඩයක් යවනවා, කුරුල්ලා කූඩුවට පියඹලා එන්න හදන්නේ, ඒ නිසා කිරිල්ලට ලෑස්ති වෙලා ඉන්න කියලා. හම්මෝ, ඉතින් මේක ඇහුවම හයාත් ඔෆිස් යන්න පිස්සුවෙන් වගේ ඇඳුම් හොයනවා. මෙදා සැරේ හයාත් ලෑස්ති වෙන්නේ වෙනම දෙයක් කරන්න. එයාගේ රූපෙන්, හැසිරීමෙන් මුරාත් කොලුව ව පිස්සු වට්ටලා, තමන් ආදරේ කරන්නේ මුරාත්ට නෙවේ කියලා හඟවන්න. එතකොට මුරාත් රුසියාවටත් වඩා වැඩියෙන් ඉරිසියාවෙන් පුපුරන්න ගන්නවනේ. එතකොටවත් එයා ආදරේ කරන්නේ තමන්ටයි කියලා පිලිගන්න තැනට ගේන්නයි හයාත්ට ඕනේ. අපරාදේ කියන්න බෑ, වැඩේට ටුවෙල් දෙන සහයෝගේ නම් කියලා වැඩක් නෑ. මතක ඇතිනේ, හයාත්ගේ ඇඳුම වර්ණනා කරලා, වටයක් කැරකැවෙන්න කියලා මුරාත්ගෙන් ලස්සනයි කියලා කියව ගත්තා, ලිෆ්ට් එකේදි මුරාත්ට හයාත්ගේ ගාවින් එන විලවුන් සුවඳ කියන්නත් වුනා.
ඔන්න ඊට පස්සේ තමා සෙල්ලමේ හොඳම හරිය පටන් ගන්නේ. හයාත්, මුරාත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ ඉපෙක් හයාත්ට කෝල් කරනවා, ඒත් හයාත් රඟපාන්නේ ඒක ආවේ කොල්ලෙක්ගෙන් වගේ. කීප සැරයක්ම හයාත්, මුරාත් ඉන්න තැන මේ කෝල් සෙල්ලම කරනවා. හයාත් ඒකෙන් විනෝද වෙන්න වෙන්න, මුරාත් ගේ හිතේ මේ කෝල් කරන කොල්ලා කවුද කියලා දැනගන්න කුතුහලේ වැඩි වෙනවා විතරක් නෙවේ හයාත් ගැන කේන්ති එනවා. මුරාත්, හයාත් ගැන වද වෙවී ඉන්න අතරේ දොරුක් මුණ ගැහෙනවා. මුරාත්, දොරුක්ගෙන් අහනවා එකපාරටම ගෑනු කෙනෙක් වෙනස් වෙන්නේ මොකද කියලා, එතකොට දොරුක් කියනවා, ” එයාගේ හිතේ මොනවා හරි තියෙන්න පුලුවන්, නැත්නම් එයා කේන්තියෙන් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ඇවිත් වෙන්න පුලුවන්” කියලා. දොරුක් ඒක අල්ල ගන්න උපායකුත් කියනවා, ඒ තමයි ඒ කෙල්ලට බෑ කියන්න බැරි දෙයකට කතා කරන්න කියලා. ඉතින්, මුරාත්, හායිත්ට කතා කරනවා කෑමට එලියට යන්න. ඒත් අපේ හයාත් කෙල්ල බොහොම විනීත විදියට ඒ යෝජනාවට බෑ කියනවා. එයා වෙන කෙනෙක් එක්ක කෑම ගන්න යොදා ගෙන තියනවා කියලා කියනවා. එයා ගැන හිතේ කැමැත්තක් තියනවා, ඒත් මුලින්ම එයා කරන්නෙ සෙල්ලමක්ද කියලා බලලා, ඊට පස්සේ ඒ කෙනාට එයාගේ ජීවිතේට එන්න අවස්ථාවක් දෙන්න හිතාගෙන ඉන්නේ කියලත් කියනවා. මේවා අහලා මුරාත්ට පිස්සු හැදෙන්න වගේ. පව් නේද අසරණයා!
ලොකුම කට්ටක් කන්නේ කෙරම් නේද? මාසයක් තිස්සේ ඉපෙක්ගේ වචනේ වෙනුවෙන් බලා ඉන්නවා. දකින්න ඇතිනේ, ලකුණු දාගෙන, දාගෙන ගිහින් අන්තිමේ කෙරම්, ඉපෙක්ගේ තාත්තගෙ ෆෝන් කෝල් එකට උත්තර දීලා වැඩේ අනා ගත්ත හැටි!
හයාත් කෙල්ල ගෙදර ගිහින්, ඉපෙක්ටයි, අස්ලිටයි එයාගේ මේ වීර ක්‍රියාව ගැන කියනවා. සැලැස්මේ ඉස්සරහට යන්න නම් හයාත්ගේ කොල්ලා විදියට රඟපාන්න කෙනෙක් හොයා ගන්නත් ඕනනේ. අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන නොගන්න, උගත්, බුද්ධිමත් තරුණයෙක් හොය හොයා ඉද්දී, හැමෝගෙම ඇස් යන්නේ ඉබෝ දිහාවට. අකමැත්තෙන් වුනත් ඉබෝ කොලුවා හයාත්ට උදව් කරන්න කැමති වෙනවා.ඒ වෙනුවෙන් මුලින්ම ඉබෝ ව හඳුන්වලා දෙන්නේ දොරුක්ට. ඉබෝ ප්‍රචාරණ නියොජිතයෙක් කියලා දැන ගත්තම දොරුක්ට ඕන වෙන්නෙ එයාව සාර්ටේ එකත් එක්ක සම්බන්ධ කරගන්න. ඉබෝ සාර්ටේ එකට ගෙන්න ගන්නවා කියන්නේ මුරාත්ට මුණ ගස්වන්න පුලුවන් කියනෙක, ඊටත් වඩා හයාත්වයි, ඉබෝවයි එකට දැක්කම මුරාත් ව ඉරිසියාවෙන් පුපුරවන්න පුලුවන්! හිතුවා වගේම ඉබෝ කියන්නේ හයාත් ෆෝන් එකෙන් මල්කඩන කොල්ලා කියලා දැන ගත්තම මුරාත් ට ඉබෝව නයාට, අදුකොල වගේ පේන්න ගන්නවා. මුරාත් ගේ හිතේ තියන ආදරේ එයාගේ කටින්ම ගන්න ටුවෙල් සැලැස්මක් ගහන්නේ ඔන්න එතකොටයි. ටුවෙල් මුරත්ටයි, හයාත්ටයි, දොරුක්ටයි ආරාධනා කරනවා එයාගේ ගෙදර සාදයක් තියනවා කියලා. ඒකට එන්න පුලුවන් ජෝඩු වලට විතරයි. දොරුක් – අස්ලි, හයාත්- ඉබෝ ඒ සාදෙට එනකොට මුරාත් එන්නේ තනියෙන්. මතක ඇතිනේ, මුරාත්, ඉබෝ එක්ක තරඟෙට කෑම හදපු හැටි එහෙම.
මේ අතරේ දිදෙම්ට ආපහු සාර්ටේ එකේ වැඩට එන්න කියලා මුරාත් කැමැත්ත දෙනවා. සාර්ටේ එකට එන දිදෙම්ට හයාත්ව මුණ ගැහුනම, හයාත් කිව්වනේ, දිදෙම්ගේ බොරුව එයා දන්නව කියලා. ඒක අහලා දිදෙම්ට හීන් දාඩිය දානවා. දිදෙම් කෙලින්ම යන්නේ ඩේර්යා ගාවට. හයාත් මේ සේරම මුරාත්ට කීවොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන නිසා ඩේර්‍යා හොඳ සැලැස්මක් ගහනවා. ඒකේ හැටියට ඩේර්‍යා, දිදෙම් එක්ක හයාත්ගේ ගෙදර යනවා. ඒ කිව්වේ සූනා පෙක්ටාස්ගෙ ගෙදර. එතනදි එයාල දැන ගන්නවා, සූනා මාසෙකින් ගෙදර ඇවිත් නෑ කියලා. ඔන්න එතනදි සාර්ටේ එකේ වැඩ කරන හයාත් ගැන සැක හිතෙන්න ගන්නවා.
හොඳම ටික ඒ එක සිද්ධියක්වත් නෙවේ, අවසාන වුන විදිහ නේද? මොකද කියන්නේ මුරාත්, හයාත්ට ආදරේ කියයිද? අද එතන ඉඳන් බලන්නකෝ එහෙනම්.
යන්න කලින් සමාව ඉල්ලන්න කැමතියි උපසිරැසිය පරක්කු වෙච්ච එකට. සති දෙකකට පස්සේ තමා මේ හම්බවෙන්නේ. අන්තර්ජාලයේ කිසිම විදිහක උපසිරසි ගොනුවක් තිබ්බේ නෑ මේ කොටසට. මින් ඉදිරි බොහෝ කොටස් වලත් එමමයි. ඉතින් පුද්ගලික වැඩ අස්සේ කාල රාමු හදාගෙන, වීඩියෝ දෙක තුනක් බල බල තමා මේකට උපසිරැසිය කරේ. බැරිම තැන උර්දු වලින් තියන කොටස් කීපයකුත් බලලා තමා මේක කොහොම හරි සම්පුර්ණ කරගත්තේ. ඒවා කිය කිය ඉන්න ඕන දේවලුත් නෙමේ උනාට, අද නම් කියන්නම හිතුනා. පුළුවන් ඉක්මනටම ඉදිරි කොටස් අරන් එන්න අපි උත්සහ කරන්නම්. එතෙක් ඉවසිල්ලෙන් ඉන්න කියන එක තමා ඉල්ලීම. අද ලිපියත් ලස්සනට ලියලා දුන්නු හෙළිලි නගාටත් ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් සමුගන්නවා. ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,723 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E12.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
64 comments
MAALnath
bimbi
අම්මෝ දාලා !
කරදරයක් කරන්න හිතාගෙන නම් නෙවෙයි පරක්කු නිසාමයි මැසේජ් දාල ඇහුවෙ
නවත්තල කියල බය උනා
සති කීපයක් ගෙවිල ගිය නිසා ඊලග එක ඉක්මණට දෙමු
ජය !!!sahan 3 x i
ammoh thnks sub ekata...13th ikmnta denna balanna......jaya
Shiromal
Elama..
Thanks for sub..
Good Luck..
Balagena inna tharamata story eke rasa wedi weno..
Late unata aulak ne bro..manju4300
ඇති යන්තම් , මන් හිතිවේ එකත් ඉවරයි කියලා...... මේක ඉවරවෙනකන්න් කරගෙන යමු.... ඔබගේ සියලු කරටුතු සර්ටක වේවා.... ජයෙන ජයම වේවා.........
THE NEW FOLDER
THANKS BROOOOOOOOOOOOOOOOOOOO
Upul Sampath
Sub ekata thanks
aisandakelum
thanks machan...
lal
Anyway you people doing grate joob, salute to all .
geeganagamage
බොහොම ස්තුතියි ලස්සන කථාවක්
Amimac
thanx bro puluvan ikmanata denna balanna
Shahin
Thanks bro
Ganukahirun
Thanks
Ravi28
sub ekata Thanks puluwan ikmanata 13 denna
rawidu
THNKS SUB EK DUNNAT.. ME KARANA KEPAWIMATA KIYANNA WCHANANE SHAHOOOOOOOOO. THANKS
nipunvid
menna mn adanawa :') :')..thank you very very very much..ilagata 13 hode
Chintha123
මේක එනකන් බලන් හිටියෙ දවස් ගානක් තිස්සෙ,තෑන්ක්ස් මේක දුන්නට, 13ත් පුලුවන් ඉක්මනට ගේන්ඩෝඕ, සබ් නම් සුපිරි
kanish0803
Sub ekata thanks,,
Godak kal balan hitiya mek enkl,
Den ithin 13 enkl balan innawa.
Ikmanat ekth dndaKushan Charuka
Thank you very much Mayura Soraj සහෝ... දවසගානෙම ඇවිල්ලා බැලුවා 12 කෝ කියලා.. අපි වෙනුවෙන් මහන්සි වෙනවට ගොඩක් ස්තූතියි... අපිත් ඊළග එපිය එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ... ඒ ක දැන් හැමෝම දන්නවනෙ.. ඉක්මනින් සබ් දෙන්න කියලා අපිට ඔයාලට කියන්න බෑ ඔයාලා ගොඩක් මහන්සි වෙනවා සබ් හදන්න .. මේ කතාවට ඉංග්‍රීසි සබ් එක හොයාගන්නත් බැරි නිසා තවත් මහන්සි වෙනවා.... සබ් එක පුළුවන් තරම් ඉක්මනින් දෙනවනම් අපි ගොඩක් කැමතියි... කොහොම වුනත් බොහොම ස්තූතියි ..... 13 වෙනි එපියෙ සබ් එක එනකල් බලන් ඉන්නවා ..... ජය වේවා...
Pradeep Rathnayake
ammo ati yntham bohoma pin ahhh api dnnwa oyala kana katta thanks alot...
madusha
dawasa gane awith balala geya ada dai kiyala. ikmanata epi 13 denna thnq sub ekata.
Rumesh Roshan
godaaaak sthuthiy saho. eelaga ekath oyata puluwan widiyata denna.
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxx
Isurudomain
Thank You............. All the best......!!!!
Udithakavinda123
Thnxxx bn....balan hitiye
frozen
thanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz a lot
frozen
thanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz a lot
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdulan5520
thank u macho.. awlak na puluwan widiyata diyan machan .. all the best
DasunHasanka
ammmoooo 12 epiya dakka kal. thanks friend !!!! ikmanatama anik aawath danna puluwan wennna ona ! jaya wewa !
kanimaxx
සබ් එක දිගටම දේමු බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha Suminda
sub akata thanks. english subtitle hard sub karapu copy google ake search karala hoya ganna puluwan. mama english sub aken serama kotas tika baluwa. habai ithin kala ramu hadan thama sinhala sub aka karaganna wenne. good luck. thanks sub akata.
Mayura
බොහොම ස්තුතියි ඔබේ යෝජනාවට. ඒ බැලුව නම් ඔයා දන්නවත් ඇතිනේ අඩුපාඩු රාශියක් ඒ උපසිරසියේ තියෙනවා කියලා. විනාඩි 5,6ක් ප්ලේ වෙන්නේ එකම ලයින් ටික. කාල රාමු හදාගැනීමෙන් පමණක් සම්පුර්ණ උපසිරසියක් හදාගන්න වෙන්නේ නෑ. අපි මේ ඉදිරිපත් කලේ ඒ අඩුපාඩු හැකිතාක් දුරට අවම කරපු උපසිරසියක්. ස්තුතියි ආයෙත්
uvi
බොහොම ස්තුතියි
hansaka gihan
thnkz soo much brodh
good work
carry ondulanjana
ගොඩක් ස්තූති. 13 ඉක්මනට දෙන්න.
kvkasun
Sub eka download karanna behene
403 not found error ekak enawakasun tharuka
sub eka download kranna bane..page not found kiyala error 1k enwa..
t.m.s anuruddika
ow.sub eka ganna baha
Achi
Thanks
Sandapamini
ගොඩාක් ස්තූතියි සබ් එකට......දිගටම සබ් දෙන්න....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeeN
sub ekata jaya unata ko 13 thama nane... me kathavath epa vena ekai venne kattiyata. sub hadanda godak mahansi vena eka aththa eth sub ekak enakal balan inna api ganath poddak hithamu neda
Ishan007
Thanx machn sub ekata.. digatama sub diyan.. sub eka enakn api maga balaagena inne..
ChithRaka
Ikmnata denna balanna...!! Thanks for sub..!!
theesh
peeez bn, sub ikmanata diynko....
subodha
Thanks
TharakaWAS
sub 1kata bohomathma stutui..
oyla amaruwen hari api wenuwn karana me maha sewayta kiynna wachna naha.
bohomathma pin..e wagema stutui.
ilaga kotas tikat puluwan ikmanata denna.nawatanna nm epa.plz.
api meka harima asawen balnne...
digatama me sewaya karan ynna oyla hamotma sktiya twa twat labewa...
jaya wewa.....!!!!abeethakulathunga
thax bro...
Wolwerine.
Next episode plz.
lahiru@007
meke digatama sub denna plz
manju4300
13 13 13 13 13 13 13 13 13 13 13 KOoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks ....................good luck .................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--