Watch Trailer

Breathe [S01 : E08] Sinhala Subtitles | අවසන් සුසුම අතරින් [සිංහල උපසිරැසි සමග]

රියා තමන්ට ඉස්සරහින් වාඩිවෙලා හිටිය කබීර් දිහා බැලුවා. ඒත් ඇයට පෙනුනේ පසුතැවිලි වෙච්ච, බීලා නැති නාස්ති වෙච්ච කබීර් නෙමෙයි. තමන් ආදරේ කරපු පෙම්වතාවයි.. තමන් ආදරේ කරපු සැමියවයි.. මට සමාවෙන්න.. ඇය හඬ අවදි කරා.. කාරණා කෙසේ වෙතත් ඔහු තාමත් ඇයට ආදරෙයි ඇයට එක දැනුනා. හැමදේම අවසානේ ඔහු ඇයව මාරයාගෙන් ගලවගත…

රියා තමන්ට ඉස්සරහින් වාඩිවෙලා හිටිය කබීර් දිහා බැලුවා.
ඒත් ඇයට පෙනුනේ පසුතැවිලි වෙච්ච,
බීලා නැති නාස්ති වෙච්ච කබීර් නෙමෙයි.
තමන් ආදරේ කරපු පෙම්වතාවයි..
තමන් ආදරේ කරපු සැමියවයි..
මට සමාවෙන්න.. ඇය හඬ අවදි කරා..
කාරණා කෙසේ වෙතත් ඔහු තාමත් ඇයට ආදරෙයි
ඇයට එක දැනුනා.
හැමදේම අවසානේ ඔහු ඇයව මාරයාගෙන් ගලවගත්තා.
දැන් ඔහු යන්නම යන්නේ.
ඇයට හිස්බවක් දැනුනා…
හැමදේම ඉවර උනා, ඔහු යන්නම යනවා..
ඔහු බෑගයත් අරන් එළියට බැස්සා..
“ගිහින් එන්න” ඈ අවසානෙට මිමිණුවා.
කබීර් රැගත් රථය ඈතට ඈතට ගියා..
රියා ඒ දිහා බලන් හිටියා
ඔව්, ඔහුත් ඒ දිහා බලන් හිටියා.
මාරයා.. කට කොනක හිනාවකුත් එක්ක..
ඊළඟ බිල්ලට වෙලාව!

දවස් 7ක් හෙලපු සුසුම් පෙලේ අවසන් සුසුම හෙළන්නයි මේ සුදානම් වෙන්නේ. පහුගිය කොටස එක්ක එකතු උනා නම් දකින්න ඇති අච්චර අහිංසක ඩැනි, දැන් ඉන්න තැන ගැන. ජීවිතේට මුලින්ම මිනිහෙක්ව මරපු දවස, මැරිච්ච මිනිහට වඩා ඩැනි අඬන්න ඇති. මිනිහට වමනෙත් ගියා මතක ඇති. ඒත් දැන් මිනීමරන එක මිනිහට හරිම සුළු දෙයක්. ලැයිස්තුවෙන් පිට කෙනෙක්ටත් පහුගිය කොටසෙදි අවස්තාව හම්බවුණා තමන්ගේ ජීවිත ගමනට සමු දෙන්න. අලුත් ජීවිතයක් පටන් ගන්න හිටපු කෙනා, ඩැනිගෙම මනමාලි වෙන්න හිටපු කෙනා. දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ. නායර්ගේ මිනීමැරුම පස්සෙන් යන කබීර්ට ශක්තිමත් සාක්ෂි ටිකක් හම්බවුණා. හැම සාක්ෂියක්ම එල්ල වුණේ රාඕගේ පැත්තටනේ. රාඕ මිනීමරුවා බව තහවුරු උනා. කබීර් සැනසුම් සුසුමක් හෙලන්න ඇති රියාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙච්ච එකට. ඒ කොටස අවසානෙදි කබීර් රියාගෙන් සමුගත්තා තාවකාලිකව, අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන. හැබැයි සැබෑ ඝාතකයා තමන්ගේ වැඩේ අවසන් අදියරට ඇවිල්ලයි තිබුණේ. ඉතින් මොන දේ සිද්ධ වුණත් ආපසු හැරීමක් මිනිහගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

සමුගන්නයි මේ සූදානම. බොහොමත්ම බොහොමත්ම ස්තූතියි මේ කතාමාලාව එක්ක එකතු වෙච්ච හැමකෙනෙක්ටම. තවමත් නොබලපු අය ඉන්නවා නම්, බලන්න කියන්නේ නැහැ, මීට එහා මට කියන්නත් බැහැ. අවසන් කොටසින් පපුවට බරක් නම් නොවැරදීම එක්වෙයි. ඒ බර විඳගන්න. මේ වෙද්දී දෙවන සමයක් ගැන ආරංචි එහෙම නම් මුකුත් නැහැ. සමහරවිට දෙවන කතා සමයක් එන එකකුත් නැහැ. වැඩි බලාපොරොත්තු මොකටද නේද? හැබැයි එකම එක සුබ ආරංචියක් තියෙනවා. බයිස්කෝප් අපි ඔයාලට තවත් මේ වගේ සුපිරිම සුපිරි හින්දි වෙබ්සීරිස් එකක් අරන් එන්න කටයුතු යොදලා ඉවරයි. ඔව්, අද හෙටම. ඇඟිලි ගනින්න පටන් ගන්න එහෙනම්. ආයෙමත් ස්තූතියි මා එක්ක එකතු උනාට. සමුගන්නම්. මේ අවසන් හුස්මයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

5,920 downloadsDownload Breathe-S01-E08.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

5,920 downloadsDownload Subtitles17 KB

52 comments

  1. demon

    Thnkz bro

  2. sujithj

    ela brooo.. thawa me wage series 1k dennaa. jaya weewaaa..

  3. thimalF

    patta machan , mayura suraj saho thwath me wage api wadiya awadanaya yomu nowunu india wage ratawalin mewage hoda katha aran ei kiyala hithanawa. jaya !

  4. THE NEW FOLDER

    THANKS BROOO...............

  5. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata supirima tv series niyamaiiii..

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුති සහෝ උපසිරසට..බලපු හොදම කතා වලින් එකක් මේක. ඊලග හින්දි සීරිස් එක දෙනකම් බලාගෙන ඉන්නවා සහෝ. බුදුසරණයි..ජය වේවා..!

  7. Thisal

    බොහොම ස්තුති සහෝ උපසිරසට..බලපු හොදම කතා වලින් එකක් මේක............ මේ වගේ කතා සෙට් උනොත් ආයෙත් දිපන් මචන්

  8. Nimesh sasanka

    thnx saho..pattama series ekak meka..

  9. Chathu_00

    අන්තිම කොටස විතරයි බලන්ට ඉතුරු...
    ඒකත් බලනවා...
    මේක මයුර සුරාජ් දැක්කා කියන එකට මට තහවුරු වීමක් ලැබුණොත් පොඩි යෝජනාවක් තියෙනවා කරන්ට...
    පුලුවන් නම් ඊළඟ එක ට කලින් උත්තරයක් දෙන්ට...

    1. Mayura

      ඔව් දැක්කෝ. කියන්න.

    2. Chathu_00

      https://www.baiscope.lk/prison-break-s01complete-නිදහස-සොයා…

      මේකට ගිහින් බලන්ටකෝ...
      ඔක්කෝම එකම පිටුවේ තියෙනවා...

      දැන් ඔයාල ඊළඟට කරන්ට යන එකත් සම්පූර්ණයෙන් ඉවර වෙච්ච කතා මාලාවක් කියලා හිතනවා...

      ඉතින්, ටිකක් පරක්කු වුණත් කමක් නෑ එක වැර දැම්මා නම් හොඳයි කියන එක තමයි මගේ හැඟීම...

      ඔයා ඔයාගේ වෙලාව ගන්ට...
      ඔක්කෝම ඉවර කරලා ඉවර වෙලා එක වැර මේකට දාන්ට...

  10. Damithkumara

    tnx bro....

  11. Chami.S

    Thanks..
    Good Luck..

  12. ajith00129

    තවත් මේ වගේ පට්ට එකක් ඕන බ්‍රෝ ඉක්මනට , ස්තූතියි සබ් වලට සහෝ

  13. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි .....

  14. Thilina Chamara

    Thank you machan

  15. jayadari

    thanks a lott

  16. darshana100

    godaaak thanks saho budusaranai

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Kanchaka

    Thanks..
    Good Luck..

  20. Bandaramudiyansi

    ඇයි දන් නැ සමහර ඔය ටිවි සිරියස් වලට ඇලුම් කරන රසිකයන්ට මෙක වැඩි ඇහැ නොගියෙ... කියන්න වචන නැ සුපිරිම සුපිරි කතාවක්... ගොඩක් ස්තුතියි මල්ලි... සබ් නම් ගින්දර

  21. RK

    mekata suba dunnata thankzzzzz,,,,,kalekata passe balapu supirima tv series ekak........

  22. D.Chamara

    niyami sahooniyamai degatama kargena wata bohoma sthuthi sahiii sahooo

  23. Suranjan

    Thanks machan.......jayawewa......!

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  25. Nuwanc

    Tnx bro all da best

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. siyath dasanayaka

    Thank you very much!!

  28. sujith67

    මේක නම් සුපිරිම කතාවක්.. අවසාන කොටස එනකම් ඇඟිලි ගණිමින් බලන් හිටියෙ..

    සබ කරපු සගයාට බෙහෙවින්ම තුති, අපිට ලස්සන කුතුහලයෙන් පිරි කතාවක් බලන්න සැලැස්වූවාට...ඔයාගෙ මහන්සිය අපතෙ ගියේ නැහැ..
    පුළුවන් නම් නැවත ලස්සන හින්දි කතාවක් බලන්න සලස්වන්න..

    ( පොඩ්ඩක් timing එහා මෙහා වෙලා තිබ්බා, කතා කරන දේවල් එක්ක සමපාත නොවෙන විදියට.. ඒක ලොකු අවුලක් නැහැ KMP Player එකෙන් synchronize කර ගත්තාම)...

  29. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  30. TRD

    ඉංග්‍රීසි කතාමාලා අතර හිරවෙලා හිටපු අපිට වෙනස්ම අත් දැකීමක් ලබා දෙන්න මහන්සි උනාට ගොඩක්ම ස්තුතියි...ජයෙන් ජය....!!!!!

  31. anidithialahakoon

    Thank you very much for subtitles...

  32. Helili Hemamali

    එපි 8 ම එක හුස්මට බලලයි මේ කමෙන්ට් එක දාන්නේ, නියමයි මල්ලි. මේක නියම අත්දැකීමක්. එක එපියක් පැය ගානක් අදින්නෙ නෑ, කුතුහලේ උපරිමයි, නිර්මාශීලිත්වෙ අතින් වුනත් ඉහලයි, කතාව ගලා යන විදියත් අපූරුයි. හැමදාම එකම රාමුවෙ කොටු වෙලා නොඉද අලුත් දෙයක් කරාට ස්තූතියි. අපි බලන් ඉන්නවා මල්ලි හෙමීට හෙමීට ගිහින් හරි මේ අවුරුද්ද ඇතුළත 100 ගහයි කියලා. ඊලග සීරිස් එකත් අනිවා බලනව. ජය!

  33. GodDamn

    Thanks bro sub okkotama

  34. Denuwan lucifer

    Niyamai Thanks Saho

  35. Dilruk lahiru

    Thanx MCN sub ekt dn mekata Kwara wechchi eke puluwnnm blindspot natharawechchi Thana idn sub eka dhnkoo

  36. praveen ranasinghe

    බොහොම ස්තුති සහෝ උපසිරසට..බලපු හොදම කතා වලින් එකක් මේක.

  37. Saranga J. Liyanagama

    බොහොමත්ම ස්තුතියි මචං…
    ජයවේවා..!!!

  38. Ashker

    Thanks

  39. Maduwa306

    Thanks bro

  40. Eranda Malith 2.0

    Thanks mcn.

  41. nishannw

    ස්තූතියි ....ජය වේවා

  42. nisala_d

    Thank you bro...!!!

  43. Milind@

    Thanks saho

  44. M.W. Dilhani

    thank you so much

  45. BTC

    Thanks bro...

  46. malshika

    THNKS SAHO.JAYA WEWA

  47. Anonymous

    Thanks Machooo....!!! Jayaweva....!!!

  48. sahangayantha

    thanks a lot saho sub ekata

  49. Hari

    Tnx bro sub walata.. patta series eka.. ජය වේවා.!!!

  50. R_deshan

    ගින්දරම කතාවක්...තෑන්ක්ස් සහෝ සීරීස් එකටම සබ් දුන්නට!!!