ලිපිය- හෙළිලි හේමමාලි ඔන්න මඟ බලා ගෙන හිටපු 13 වෙනි කොටස අරගෙනයි ආවේ. වෙනදා වගේම කලින් කොටසේ මොකද වුනේ කියලා බලලා ඉමු එහෙනම්. මතක ඇතිනේ තුවාල් සාදයක් ලෑස්ති කරා කියලා. ඒ සාදේ මූලිකම අරමුණ තමයි මුරාත්ගේ ආදරේ හයාත් ට කියන්න සලස්සන එක. මුරාත් හයාත්ව උස්සගෙන එද්දි හැමෝම හිතන්න ඇත්තේ දැන් ආදරෙයි කියයි,…

ලිපිය- හෙළිලි හේමමාලි

ඔන්න මඟ බලා ගෙන හිටපු 13 වෙනි කොටස අරගෙනයි ආවේ. වෙනදා වගේම කලින් කොටසේ මොකද වුනේ කියලා බලලා ඉමු එහෙනම්.

මතක ඇතිනේ තුවාල් සාදයක් ලෑස්ති කරා කියලා. ඒ සාදේ මූලිකම අරමුණ තමයි මුරාත්ගේ ආදරේ හයාත් ට කියන්න සලස්සන එක. මුරාත් හයාත්ව උස්සගෙන එද්දි හැමෝම හිතන්න ඇත්තේ දැන් ආදරෙයි කියයි, දැන් ආදරේ කියයි කියල වෙන්න ඕන. හැබැයි මුරාත් නම් ලේසියෙන් ආදරේ කියන්නේ නැති පාටයි. මුරාත් තකහනියක්ම හයාත් ව උස්සගෙන ඇවිත් කියන්නේ ඉබ්‍රාහිම් හයාත්ට ගැලපෙන්නේ නෑ කියලයි. මොනවා කරන්නද ඉතින්. අහිංසක හයාත් කෙල්ලගෙ බලාපොරොත්තු කඩ වෙනවා.

ඒ අතරේ අස්ලි – දොරුක් දෙන්නා නම් එකම විකාරයක් කරපු හැටි මතක ඇති. දොරුක් බීමතින් නිසා වාහනේ ගෙනිච්චේ අස්ලි. ඊට පස්සේ ගෙදර ගිහින් දොරුක් නාන තටාකෙට පැනලා, කකුල උලුක් වෙලා වගේ රඟපාලා, අස්ලිවත් තටාකෙට බස්ස ගෙන විනෝද වුනා මතක ඇති. හයාත්ගෙ බලාපොරොත්තු කඩ වෙද්දී, අස්ලිට නම් බලාපොරොත්තුවේ සහන් එලියක් මතු වීගෙන එන හැඩයි. දොරුක්ගෙ ගෙදරදිම නින්ද ගිය අස්ලිව උදේ ඇහැරවන්නේ දොරුක්ගේ අම්මා ඩේර්‍යා. නියම නැන්දම්මා, ලේලි හමුවක් නේ. හැබැයි අස්ලි නම් කිව්වෙම දොරුක් කියන්නෙ එයාගෙ යාලුවෙක් ය කියලයි. ආච්චි අම්මටත් අස්ලිව සෑහෙන හිතට අල්ලනවා. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

ඒවා එහෙම වෙනකොට ඉපෙක්ගේ ආදර කතාවට නම් කණ කොකා හඩාවිදෝ කියලා සැකයක් එනවා. මොකද, තාත්තා එක්ක සම්බන්ධකම් තියා ගන්න එපා කියලා පොරොන්දු කර ගත්තට පස්සෙත් කෙරම් ඉපෙක්ගෙ තාත්තා එක්ක කතා කරපු නිසා. ඉපෙක් තීරණය කරගෙන ඉන්නේ කෙරම්ට කරුණු පැහැදිලි කරලා, සම්බන්ධය නවත්තන්නයි. ඇත්තෙන්ම කිව්වොත් ඒක කෙරම්ගේ පරිවාස කාලේ වගේනේ. හැබැයි කෙරම් කොල්ලා එකපාරටම රෑ පානේ ඉපෙක් හොයා ගෙන ඇවිත් ඉපෙක්ගෙ තාත්තා එක්ක කතා කරපු බව කියනවා. මේ නිසා ඉපෙක් කෙරම් ගැන ගොඩක් සතුටු වෙනවා, වගේම තිබුන ආදරේ වැඩි වෙනවා. ඊට පස්සේ කෙරම් යනව ඉපෙක්ගේ තාත්තව හමුවෙන්න. සුපුරුදු පරිදිම තාත්තට ඕන කරන්නේ කෙරම්ගේ සල්ලි කඩා ගන්න. හැබැයි තාත්තා නොහිතපු විදියට ඉපෙක් එතනට එනවා. මේ නිසා තාත්තගෙ සේරම සැලසුම් වතුරේ යනවා.

ඒ අතරේ දිදෙම්, ඩේර්‍යා දෙන්නා සතර කන් මන්ත්‍රනෙ කරන්නේ හයාත් මාසයක් තිස්සේ ගෙදර නෙවේ නම් හිටියේ කොහෙද කියලා. දිදෙම්ට පොඩි සැකයක් එනවා, සූනා පෙක්ටාස් විදියට හයාත් රඟපානවද කියලත්. ඒත් ඩේර්‍යා නම් එහෙම දෙයක් හිතන්නවත් කැමති නෑ. හැබැයි ඉතින් හයාත් කියන්නේ සූනා නෙවේය කියල දැන ගත්තොත් එදාට ඩේර්‍යා මොකක් කරාවිද. දැනට නම් මේ යටිකූට්ටු සූත්තරකාරියෝ දෙන්නා කල්පනා කරන්නේ දිදෙම් ගැබ් අරන් නැති කතාව හයාත් අල්ල ගත්තේ කොහොමද කියලයි. දෙදෙම් කෙරම්ගෙනුත් අහනවා හයාත් ඉන්නේ කොහෙද කියලා. දිදෙම්ට වැඩියෙන්ම දැන ගන්න ඕනේ හයාත් ඉන්නේ මුරාත් එක්කද කියලා. මොකද සූනගෙ ගෙදරින් කිව්වනේ සූනා මාසෙකින් ගෙදර ආවේ නෑ කියලා. මේ පටලැවිල්ල නිසා කෙරම් ඇවිත් ඉපෙක්ගෙනුයි, අස්ලිගෙනුයි අහනවා හයාත් ඉන්නේ කොහේද කියලා. ඒ දෙන්නට උත්තර නැතුව අන්තිමේ කියන්නේ හයාත් ඉන්නේ ඉබෝ එක්ක කියලා. දිදෙම් ඕවා ගැන හොයන අතරේ ඒ අතරේ ඩේර්‍යා උනන්දු වෙන්නේ ඒ ගැන නෙවේ, මොකද එයාට දොරුක්ගෙන් දැනගන්න ලැබුනනේ මුරාත්ගෙ අලුත්ම ව්‍යාපෘතිය ගැන. එයා හදන්නෙ ඒක කඩා කප්පල් කරලා මුරාත්ව වට්ටන්නයි. ඒ වෙනුවෙන් දිදෙම් හොරෙන්ම ලිපි ගොනුවක් පන්න ගාත්තා මතකනේ.

මේ අතරේ හයාත් මෝඩයා වගේ ඩේර්‍යට කියනවා දිදෙම් ගේ බොරුව. එයාට සාක්ෂි නැති නිසා දිදෙම්ට දරුවෙක් ලැබෙන්න හිටියෙ නෑ ය කියලා මුරාත්ට නොකියවපු වගත් කියනවා. ඔය අතරේ මේ මගුල් සක්වලේ කමුරාක් – ෆාදික් ජෝඩුව තවත් පරක්කු නොකර විවාහ ගිවිස ගත්තා කියලා මතක ඇති. කෙරම් එහෙම කිව්වට මුරාත්ගෙයි, හයාත්ගෙයි දෙන්නගෙම හිත් නොසන්සුන්. ඒ දෙන්නම තමා ඒකට වග කියා ගන්න ඕනේ. හයාත්, ඉබ්‍රාහීම් එක්ක මුරාත්ට අටවපු උගුලේ හයාත්ම අහු වෙලා වගේ හයාත්ට දැනෙන්න ගත්තා. මේ අතරේ දොරුක් මුරාත්ගෙන් ඇහුවනේ හයාත් ගැන. දොරුක් අහන්නේ ඇයි කෙලින්ම ගිහින් හයාත්ගෙන් අහන්නෙ නැත්තෙ කියලා. මුරාත්ට ඒකට ධෛර්යයක් නෑ ලු, ඒ වුනාට දොරුක් ඇහුවම එහෙනම් හයාත්- ඉබෝ දෙන්නා එක්ක සෙල්ලමක් කරමුද කියලා එයා ඒකට නම් හා කිව්වා. මොකද මුරාත් දන්නවා, හයාත් මේ කරන්නේ සෙල්ලමක් කියලා, හයාත් ආදරේ එයාට, ඒක එයාගේ කටින්ම අහන්න නොඉවසිල්ලෙන් ඉන්නේ කියලත්. කොහොමහරි ඩේර්‍යගෙ සැලැස්ම අනුව එයා මුරාත්ගෙ සංකල්පේ හොරකන් කරලා පත්තරේට ඇඩ් එකක් දැම්මා, මේක දැකලා දොරුක්, මුරත් හැමෝම කලබල වෙනවා. ඇතුලේ විස්තර පිටට යන්න ඇත්තේ ඉබෝගෙන් කියලා මුරාත් සැක කරන්න ගත්තා, හයාත්ටත් බැන්නා. හැබැයි, හයාත්ගේ සෙල්ලම, ලෙල්ලම වෙන්නේ ඉබෝ එක්ක හරිම හැගීම්බර විදියට හයාත් ඉන්නව, මුරාත් දැක්කහම. මුරාත්ට ඒ පාර නම් හිතෙනවා මේ දෙන්නා ඇත්තටම ආදරේ කරනවා කියලා. ඉපෙක්, අස්ලි දෙන්නා හයාත්ට කියනවා, කෙරම්ට එයාලා කිව්ව කතාව. ඉබෝ එක්කයි හයාත් ඉන්නෙ කියලා. මේක අහලා හයාත්ට යකා නගිනවා. මුරාත් ඒක දැන ගත්තොත් එයාගෙ මූණවත් බලනෙකක් නෑ කියලා. කොහොමහරි ඉෂ්ට දේවතාවි වගේ ඉපෙක්, අස්ලි දෙන්නට පිහිට වෙන්නෙ තුවාල්. හැබැයි තුවාල් කරන්නේ ඒ දෙන්නා හිතන්නෙවත් නැති වැඩක්. තුවාල් කෙලින්ම මුරාත්ට කියනවා, හයාත්-ඉබෝ දෙන්නා කරන්නෙ රඟපෑමක් ය කියලා. ඒක ඇහුවම මුරාත් ගේ කට කනේ. අනිත් අතට ඉබෝ කොයි තරම් නෑ කිව්වට එයාටත් හොරෙන් එයා ඇත්තටම හයාත්ට ආදරේ කරන්න අරගෙනද මන්දා. ව්‍යාපෘතිය අසාර්ථකයි කියල දැන ගත්තම ඩේර්‍යා, දිදෙම් දෙන්නා උඩ පනිනවා.

හැබැයි දෙන්නා බිමට වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මොකද ඉබෝ ආයිත් සටනට අවතීර්ණ වෙලා, අලුත්ම සංකල්පයක් එක්ක අලුත්ම මොඩ්ල්ස්ලා දෙන්නෙකුත් හොයාගෙන හිතුවටත් වඩා ලස්සනට ෂූට් එක කරානේ. ” සාර්ටේ ඔබව සමීප කරවයි…” ඒවා එහෙම කිව්වට ඒකෙන් මුරාත්- හයාත් දෙන්නා තමා සමීප උනේ.

කොහොමහරි පහුගිය කොටස අවසාන වුනේ බොහොම සතුටු හිතෙන විදියකට නේ. මුරාත් අන්තිමේ තීරණේ කරා, හයාත්ට එයා ආදරේ කරන බව කියනව කියලා. ඉතින්, අපි බලන් ඉමු එහෙනම් හැමදේම ලස්සනට සිද්ධ වෙයිද කියලා.

යන්න කලින් තව මතක් කිරීමක් කරන්නම්. අද සිංහල උපසිරැසිය අරන් එන්නෙ අපේ මේ හයාත්-මුරාත් ආදර කතාවට අලුත් සහෝදරයෙක් වෙන හිරාන් එරන්ද මල්ලි. උපසිරැසියේ අඩුපාඩු තිබුන කොටස් කීපයක්ම මයුර සුරාජ් සහෝගෙ අතිනුත් සම්පූර්ණ වුනා. ඉතින් ඊලග කොටසත් අනිවාර්‍යෙන්ම අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,104 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E13.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,104 downloadsDownload Subtitles61 KB

45 comments

  1. TharakaWAS

    Ammo....enkan maga balan hitiye....
    Sub 1kata Thanks malli...
    digatama karan yamu...
    sub dena oyla hamotama bhomathma stutui....!!!
    Jaya wewa....!!!

  2. Cmj

    Thanks bro!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. bimbi

    හම්බේ ....සති 2කටත් වඩා බලන් හිටියා
    එනිවේ,ස්තූතිවන්ත වෙනව සබ ගෙනාවට හිතුවෙ මේ සතියත් බලන් ඉන්න වෙයි කියල
    මන් දන්න තරමින් නම් ඊළග කොටස ගේන්නෙ ඉෂාන් සහෝ ..ඉක්කන්ට දෙන්න ලැබේව කියලා ප්‍රාර්තනා කරනවා
    ජය !

  5. Pradeep Rathnayake

    Thanks mallo ilaga kotasanam ikmnta denna blna apita balan idala epa wei nattam...

  6. Wolwerine.

    thanks

  7. MAALnath

    Thanks .........................good luck ............................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  8. Kushan Charuka

    අම්මෝහ්.... ගොඩක් දවස් බලන් හිටියා... #ස්තූති එරන්ද සහෝ... ඊළග කොටසට උපසිරැසිය ඉක්මන්ට ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා... ..
    ජය වේවා... ☺️

  9. nipunvid

    denakan eka digata balagenama hitiyaa...thank you very much!!
    good luck!!

  10. madhavi82

    thank you. waiting for epi.14. Please upload soon.

  11. manju4300

    ගොඩක් දවස් බලන් හිටියා… දවස ගානේ ඇවිත් බැලුවේ කෝ කෝ කෝ කියලා... පැය 2 ක් තියන කතාවක් සබ් කරන එක ලේසි නැ නමුත් මේක බලන අපේ හිත් සනසන පිනම ඇති ඔයාලට...... #ස්තූති සහෝ… ඊළග කොටසට උපසිරැසිය ඉක්මන්ට ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා… ..
    ජය වේවා… ☺

  12. shanM

    appe athi yanthan

  13. smk1333

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.....!!!

  14. surenfernando

    Thank you bro...waiting for epi.14...

  15. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ….

  16. crazy_chamikim

    index\ask laftan anlamaz kiyala google eke type karahama eka digata sub tika enawa...oyalata lesi wei eken english subtitles tika hoyaganna..puluwn ikmanata sub tika denna broo....

    1. crazy_chamikim

      index\ask laftan anlamaz english subtitles

    2. lahiru@007

      niyamai

  17. jmcmadushan

    Dasa ridenawa para bala idala....

    1. jmcmadushan

      bohoma pin oba karana me sewayata..!!

  18. prabhath lakmal

    ගොඩක් ස්තූතියි සහෝ.... ඊලග එක ඉක්මනට දාමු .....

  19. dulan5520

    thanx broo

  20. lahiru@007

    bohoma thuthi.

  21. gihan perera

    Thank you.........

  22. uvi

    ස්තූතියි සහෝ

  23. Rumesh Roshan

    kohma hari sub eka dunnata thanks
    eelaga ekath dennaaaa.

    1. harsha95

      machn mn laga 9 wenakn vitarai epi tyenne anith ewa download krnna link eka ewapnko,,, pluwannm lku deyak

  24. Udith

    thnx wewaa

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
    lipiyatath thanks HELILI sis...

  26. hansaka gihan

    thnx kollow

  27. N_R

    Thanks.

  28. Manoj1980

    thnx

  29. Shahin

    Thanks

  30. Jassim

    Thank you so much.

  31. kanish0803

    Ela
    Thanks
    14 ikmanata denda balanda plz..

  32. saduhiru1

    niyamai ..digatama wade demu..thanks

  33. shanM

    14 kooooo

  34. Ama_wasana

    Thank you

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. saduhiru1

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  37. Susitha Liyanage

    we can't log into baiscope downloads and download the subtitle? something went wrong. can some one help

  38. SanjulaJeter

    thanks

  39. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

  40. suranuwan

    thanks..

  41. Shadow125

    tnx :)