කොහොම කොහොම හරි මුරාත්ගෙ අම්මාවත් හම්බුනා. හැබැයි ඒ මුරාත් දකින්න බලාපොරොත්තු වුන විදියට නම් නෙවේ. මේ දෙන්න හදන්නේ 22 වෙනි කොටස. ඒ කියන්නේ තව කොටස් නවයකින් වගේ කතාව අහවරයි. එහෙනම් පුරුදු විදියටම මම කලින් කොටස මතක් කරලා ඉන්නම්කෝ. මුරාත්ගෙ අම්මව මුරාත්ට රෝහලේදි දකින්න ලැබුන තැනින් තමයි 21 කොටස පටන් ග…

කොහොම කොහොම හරි මුරාත්ගෙ අම්මාවත් හම්බුනා. හැබැයි ඒ මුරාත් දකින්න බලාපොරොත්තු වුන විදියට නම් නෙවේ. මේ දෙන්න හදන්නේ 22 වෙනි කොටස. ඒ කියන්නේ තව කොටස් නවයකින් වගේ කතාව අහවරයි. එහෙනම් පුරුදු විදියටම මම කලින් කොටස මතක් කරලා ඉන්නම්කෝ.
මුරාත්ගෙ අම්මව මුරාත්ට රෝහලේදි දකින්න ලැබුන තැනින් තමයි 21 කොටස පටන් ගත්තේ. හසාල්, මුරාත්ව දැක්ක ගමන් ලෙයිලත් එක්ක පැන ගන්නවා. ආයිත් අම්මව මග හැරුන නිසා ඒකටත් මුරාත්ගෙන් කන පුරවලා බැනුම් අහන්න වෙන්නේ හයාත්ට. හසාල්ට සල්ලි දුන්නෙවට එහෙම බැන්න මතක ඇතිනේ. ඒ අතරේ හසාල් එක්ක පැන ගත්ත ලෙයිලා, පැදුරටත් නොකියා එතනිනුත් පැනලා යනවා. හසාල්ටත් හොඳ වැඩේ නේද! ලෙයිලා එහෙම ගිහින් මුරාත් ගැන මතක් කර කර මත්පැන් බොනවා. මුරාත්ව මුණ ගහෙන්න එයා මුරාත්ගෙ ගෙදරට ගියාම දේර්‍යා එයාව පන්න ගත්තා. එයාට මුරාත්ව මතක් වෙලා දුක දරා ගන්න බැරුව මුරාත්ට ඇමතුමක් ගන්නවා, නමුත් එයා මොකුත් කියන්නෙ නැතුව අඩන්න ගත්තම මුරාත්ට තේරුම් ගියා මේ කතා කරන්නේ එයාගේ අම්මා කියලා, ඔන්න ඊට පස්සේ මුරාත් ආයිත් ඒ හෝඩුවාවන් හරහා, අම්මව හොයන්න ගන්නවා.
ඊට පස්සේ මතක ඇති සාර්ටේ එකට අමුත්තෙක් ආවා! එම්රේ තමයි එයාගේ නම. ආව ගමන් හයාත්ගෙ රූපෙ වර්ණනා කරන්න ගිහින් හයාත්ගෙන් කෝපි සංග්‍රහයක් භුක්ති වින්ද හැටි, ඊට පස්සේ තුවාල් එම්රේව ආදරෙන් පිලිගත්ත හැටි, එම්රේ හයාත්ට රස කැවිලි කවන්න හදපු හැටි, ඒක දැකලා මුරාත්ට තරහා ගිය හැටිත් මතක ඇති. ඔය සිදුවීම් වල අවසාන ප්‍රතිඵලේ වුනේ හයාත්ට, ආයතනේ තහනම් වුන එකයි. හයාත්ට නම් දැන් මුරාත්ගෙ නියෝග අහලයි, ඒවා පිලිපැදලයි ඇති වෙලා ඉන්නේ. සිසිරයේ කතන්දරෙනුත් හයාත්ව අයින් කරලා දාලා, හයාත්ට උත්සවයට එන්නත් එපා කියලා මුරාත් කිව්වා මතක ඇති, ඒත් හයාත් ඕවා අහන කෙල්ලෙක්ද! මුරාත්ට පාඩමක් උගන්නන්න උත්සවේට ගිහින්, අන්තිමේ එම්රේ එක්ක මුරාත් ගහ මරා ගන්න තැනටම ගියේ නම් හයාත්ගේ ඒ මුරණ්ඩුකම නිසා තමයි. හයාත් මුරාත්ගෙන් ඉල්ලන්නේ හැමදේම අමතක කරලා, සතුටින් ඉන්න කියලයි, එයාට බිරිදගෙ තැන දෙන්න කියලයි. ඒත් මුරාත් ඒකට දක්වපු ප්‍රතිචාරය, හයාත්ගෙ රිදුන හිත තව තවත් පෑරුවා. ඒකේ ප්‍රතිඵලය, හයාත්, මුරාත්ව අතෑරලා එයාගේ ගෙදර ආව එකයි.
මේ අතරේ නේජාත් ගෙදරින් ගියා කියලා දැනගන්න ලැබුනා. මුරාත්ගේ අම්මා මතු වුන ගමන්ම වගේ නේජාත් අතුරුදහන් වුන එක නම් ටිකක් සැකයි. ඒක දැන ගත්ත ගමන් දේර්‍යා පිස්සුවෙන් වගේ අසීමේ නෝනටත් බැන්නා.අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
හයාත්-මුරාත් දෙන්නා නම් කොහොමහරි විවාහ වුනානේ, ඔන්න පහුගිය කොටසෙ දකින්න ඇති කෙරම්-ඉපෙක් දෙන්නත් විවාහ වෙන්න කතා කරගත්ත හැටි. ඒ දෙන්නා කෙලින්ම කතා කරද්දී, තව දෙන්නෙක් කියා ගන්න බැරි තම තමන්ගෙ ආදර කතා එකිනෙකාට කියා ගත්තා, ඒ තමයි හැස්මට් සීයයි, අස්ලි කෙල්ලයි. හැස්මට් සීයා, අසීමේ ආච්චි ගැන කියද්දී, අස්ලි එයාගේ හිතේ ඉන්න එකම ආදරේ දොරුක් ගැන කියන්න ගත්තා, අන්තිමේ හැස්මට් සීයා නිසාම අස්ලි මහ රෑ දොරුක් හොයාගෙන ගියා මතක ඇති. ඔන්න ඒ විදියට අස්ලි-දොරුක් දෙන්නගේ ආදරේ ඒ දෙන්නට දෙන්නා කියා ගත්තා. හයාත්ගේ ආදරේට කණකොකා අඩලා ඉන්න වෙලාවෙ ඉපෙක් නම් හදන්නේ කසාද බදින්න. මුරාත්ට එයාගේ වරද තේරිලා හයාත්ව ගෙදර එක්කගෙන යන්න ආවත්, හයාත් බෑ කිව්වා, ඒ විතරක් නෙවේ හයාත් මගුල් මුද්දත් ගැලෙව්වා. ඔය අතරේ උත්සවේදි එම්රේ එක්ක රණ්ඩු කරන් අවනම්බු කර නිසා තුවාල්, මුරාත් එක්ක ගොඩක් කලකිරීමෙන් ආයතනෙන් අයින් වෙලා යන්න ගියා.
ඔය අතරේ කෙරම්, අසීමේ ආච්චි, මුරාත්, දොරුක් මේ සෙට් එකම එනවා හැස්මට් සීයගේ අවසරේ ගන්න විවාහෙට. හැබැයි එතනදි කවුරුත් නොහිතපු දෙයක් තමයි වෙන්නේ. මොකද කට්ටිය ආවේ ඉපෙක්-කෙරම් දෙන්නා ගැන කතා කරන්න වුනාට, අන්තිමේ හැස්මට් සීයා කියනවා එයාට අසීමේ ආච්චිව විවාහ කරගන්න ඕන කියලා.
පහුගිය කොටස අවසාන වුනේ මුරාත්ගේ අම්මා රිය අනතුරක් වෙලා රෝහලේ ඉන්න තැනින්, මුරාත්ට ඒක ආරංචි වෙලා එයා බොහොම දුකින් අම්මා දිහා බලන් හිටියා. ලෙයිලට සනීප වෙයිද? හයාත්-මුරාත්ට සමාව දෙයිද?
එහෙනම් අද කොටස බලන්න ආරාධනා කරලා සමුගන්නම්.
ලිපිය – හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,413 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E22.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
50 comments
Pradeep321
pradeep hashan
sub ekata tnks
digatama sub demubimbi
අද බලාපොරොත්තුවෙන් හිටියෙ
ඉක්මණට ඕන නෑ ගානට වෙලාවට පරක්කු නොකර දෙනවනම් ඒ ඇති
උපසිරසිට සහ ලිපියට ස්තූතියි
ජය !!!Upul Sampath
Thanks for your sub
Achi
Thanks ban
MAALnath
Thanks ...................good luck ............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
tharusha dilmith
thnx sub ekata <3
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
hiru24
sub eka karanawata thanks
chanaka sasalanka
Thanks sub ekata
Pramodha
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdarkneon
meke video copy eka download karagaththe kohenda
sachintha
Baiscopedownload site එකෙන් ගන්න...
sura80
eke ehema dala ne ban
hansaka gihan
sub එකට ස්තූතියි සහෝදරයාහ්
hdimantha
Dan baawa. Bohoma Pin. Digatama karagena yamu. Jaya…!
ChithRaka
Thnx
manju4300
තව චුට්ටයි, අපි මේක ඉවරවෙලා පාටියක දාමු....... මේ මහන්සියට බොහොම පින්, මේ වගේ තව තුර්කි කතා නැද්ද
Hiran Eranda
aniwa saho
Udithakavinda123
Thnx thnx thawaa poddai neeee...
subodha
Thanks
darkneon
baiscope downloads eke meke video copy eka nane. danna kenek kiyannako download karagnna widiya
Sachinanushka
Log wen natuwa ba bro matat okamai yne satiyak vitara baluwa barima tana log una bicecope ekata itapasse gatta
Udith
jaya wewa.. anith ekath ikmanatama krmu....
Ravi28
Ela bro
Amimac
thanx
Manoj1980
thnx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sachinanushka
Godak adarei helili akke oyahe mahansiyata gidak thanks adarei 23 balaporottuwen innwwa adarei
TharakaWAS
Ammooo..Ammooo..Subata thanks...Saho...
Digatama Karan yamu...
Mekata Sub dena oyla homtma godak stutui...
Jayen jayama wewa........!!!!!!!!!!!sura80
meke vidioeka ne ne baiscope eke katawa balnna vidihak ne ne subekata thanks
ERANDA MALITH
Sub ekta thankx
Jayawewa !SR pro
ammoo athiyantan... sub 1ta thanks next epasoid 1ta ikmanata sub denna
nipunvid
උපසිරැසියට බොහොම ස්තූතියි..ඊළඟ එකත් ඉකමනට දෙන්න..ජය වේවා!
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!hiran1998
bohoma sthuthiyi
sanjaya4445
thank you....
madhi.j
great work, thank you
Amal_indika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
ela broPradeep Rathnayake
Thax sahooo ithuri epi tikath ikmnta dennooo...
SanjulaJeter
thank you bro
lakmal chathuranga
tank you jayawewa digatama karmu elaz...
geenath
pithuru thikath dhenno
geenath
api balla inno plz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow125
Tnx :)
Dinukajayasekara56
Elooh....
dulkilakna
බොහොමත්ම ස්තූති ඔබට
ujitha2018
meke line eka diyanko
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks sub ekata digatama sub denna