පමා නොකර මේ අරන් එන්නේ ඔයාල බලන් ඉන්න මේ ආදර කතාවේ 28වෙනි කොටස අරගෙන. මේක නැතුව තව කොටස් තුනයි තියෙන්නේ මුළු කතාවම ඉවර වෙන්න. කලින් කොටස බලද්දී නම් හිතෙන්න ඇතිනේ මුරාත් හයාත් ජෝඩුවව ආයේ වෙන් කරන්න කාටවත්ම බැරි වෙයි කියලා. ඒ වගේම හිනාවෙලත් පණ ගියානේ එමිනේ, චෙමිල් සහ ෆාදික්ගේ වැඩ දැකලා. අද කොටසේ නම ද…

පමා නොකර මේ අරන් එන්නේ ඔයාල බලන් ඉන්න මේ ආදර කතාවේ 28වෙනි කොටස අරගෙන. මේක නැතුව තව කොටස් තුනයි තියෙන්නේ මුළු කතාවම ඉවර වෙන්න. කලින් කොටස බලද්දී නම් හිතෙන්න ඇතිනේ මුරාත් හයාත් ජෝඩුවව ආයේ වෙන් කරන්න කාටවත්ම බැරි වෙයි කියලා. ඒ වගේම හිනාවෙලත් පණ ගියානේ එමිනේ, චෙමිල් සහ ෆාදික්ගේ වැඩ දැකලා. අද කොටසේ නම දැක්කම නම් වැඩි බලාපොරොත්තු තියාගන්න හිතෙන්නේ නෑ නේද? අර වගේ සතුටින්ම කතාව බලන්න පුළුවන් වෙයිද? ආයෙත් මේ ආදරේට කණකොකා අඬන්න අරන් වගේ. කෝකටත් කියලා අරන්ම බලන්නකෝ. කලින් කොටසත් ඒ ගමන්ම මතක් කරලා ඉන්නම්.
කලින් කොටස පටන් ගන්නේ එම්රේ හයාත්ට දක්වන යෝජනාවට හයාත් ප්‍රතිචාර දක්වන විදිහත් එක්කමයි. මුරාත් හයාත්ගෙන් මේ ගැන ඇහුවට, එයා නෙමේ කිව්වේ. අන්තිමට මුරාත් එම්රේව කම්පැනියෙන් එලියට දැම්මානේ.එම්රේ ගියාට ගියේ ආයේ එනවා කියලයි. මොකද දැන් එයාට දෙර්යාගේ උදව් පවා තියෙනවා. අනික දැන් එයත් සාර්ටේ එකේ අයිතිකාරයෙක්. ඉතින් එයාව එලවන වැඩේ එහෙම ලේසි වෙන පාටක් නම් නෑ වගේ නේද? කතාවට අලුත්ම පණක් අරන් අලුත් අමුත්තෙක් ආවා මතක ඇතිනේ. එමිනේගේ ලොකු පුතා, ඒ කියන්නේ හයාත්ගේ අයියා, චෙමිල්. තමන්ගේ අම්මා ඇතුළු පවුලේ හැමෝවම දාලා ගියාට පස්සේ ඔන්න ආයේ හොයන් ඇවිල්ලා. එහෙම නිකන් ඇවිල්ලා විසුමක් වෙන්නේ නැති නිසා, මිනිහා ආවේ හොඳ රඟපෑමකුත් එක්කමයි. මිනිහා එමිනේට කිව්වේ එයාගේ ඇස් දෙක පේන්නේ නෑ කියලනේ. ඒක කිව්වා විතරයි එමිනේත් හැම ප්‍රශ්නයක්ම අමතක කරලා එයාගේ පුතාව පිළිගත්තා. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමා හයාත් කරගත්ත දේවල් ගැන චෙමිල්ට කියන එක. මිනිහා මේ මුකුත්ම දන්නේ නෑනේ. හැබැයි දැන් මිනිහගේ ඇස් පේන්නෙත් නැති නිසා වැඩේ වැඩිය අමාරු නෑ කියලා එමිනේ හිතන්න ඇති. ඒත් අසරණී දන්නවයැ එයාගේ පුතණ්ඩියා කරන්නේ බොරුව කියලා.
තුවාල් මුරාත්වයි හයාත්වයි මධුසමයට යවන්න ඔක්කොම සුදානම් කරලනේ තිබ්බේ. දෙන්නා එලියට බහිද්දීමයි එමිනේ සහ ෆාදික් චෙමිල්ව එක්කන් ඔෆිස් එකට ගොඩ වුණේ. මිනිහගේ ඇස් නොපෙනන හින්දා හයාත් මුරාත් සම්බන්ධෙ වහන් කරන හිටියට, මිනිහා හැමදේම දිහා තක්බීර් වෙලා බලාගෙනයි හිටියේ. ඒ වගේම චෙමිල් තුවල්ව දැකලා පිස්සු වැටුණත් මතක ඇතිනේ. ඔන්න අපේ ඉෂ්ට දේවතාවීටත් කොල්ලෙක් සෙට් වෙයි වගේ. කොහොම හරි අන්තිමට උනේ හයාත් මුරාත්ගේ මධුසමය තවත් කල් ගිය එක. මුරාත් නම් මේකට මල පැනලා හිටියේ. කොහොම හරි චෙමිල්ගෙන් මේ සම්බන්ධෙට අවසරේ ගන්න ඕන නිසා මුරාත් පවුලේ අය එක්ක හයාත්ලගේ ගෙදර ආවා. ඒත් තමන්ට කිසි දෙයක් කියන්න බෑ, හැමදේම තියෙන්නේ තාත්තගේ අතේ කියලා තමා චෙමිල් කිව්වේ නම්. අන්තිමට මුරාත්ට හිස් අතින්ම තමා ගෙදර එන්න උනෙත්.
ඔය අතර හසාල් ලෛලාව හිරකරගෙන සල්ලි ගැන අහනවා. ඒත් ලෛලා නෙමේ ඒ ගැන කියන්නේ. හසාල් කන්න තියා වතුර පොදක්වත් ලෛලාට දුන්නේ නෑ. අඩුගානේ කාමරේට හීටරයක්වත්. එච්චර වද දුන්නමවත් ලෛලා රහස් වමාරයිද කියලයි හසාල් හිතුවේ. ඔය අතර මුරාත් හිතුවේ ලෛලා තමන්ව ආයෙත් දාලා ගියා කියලයි, හසාලුත් ඇවිල්ලා ඒකට පෝර දැම්මා මතකයිනේ. ඔය අස්සේ ලෛලාගේ ඇඳුම් අස් කරන දෙර්යට පත්තර කෑල්ලක් අහුවුණානේ. මොකක්දෝ රිය අනතුරක් ගැනයි තිබ්බේ. එකේ තිබ්බ ෆොටෝ එකක හිටිය පුද්ගලයාගේ මූණ මුරාත්ගේ මූණට සමානයි කියලත් දෙර්යාඅ හිතුනානේ. බලමුකෝ මොනා වෙයිද කියලා.
කොහොම හරි හයාත් මුරාත් ජෝඩුවට චෙමිල්ගේ බොරුව මාට්ටු උනානේ. දෙගොල්ලෝ එකඟතාවයකටත් ආවා. හයාත් මුරාත් ගැන චෙමිල්ගේ තාත්තා දැනගන්නත් බෑ. චෙමිල් අන්ධ නෑ කියලා එමිනේ දැනගන්නත් බෑ. ඉතින් දැන් චෙමිල් මේ සම්බන්ධෙට කැමතියි. හැබැයි එක කොන්දේසියක් පිට. හොඳ කසාද උත්සවයක් ගන්න ඕන. හරි, මුරාත් ඒකටත් කැමති වුණා. ඉතින් කලින් කොටසෙදි හොඳ තුර්කි චාරිත්‍ර ටිකකුත් බලාගන්න අපිට පුළුවන් උනානේ. කෙල්ලව අඬවන චාරිත්‍ර දවස ඉවර වුණේ බීමත්ව හිටිය මුරාත්ගේ කටින් චෙමිල් කරන්නේ බොරුවක් කරන්නේ කියල පිට වෙනවත් එක්කනේ. චෙමිල් හොඳවයින් කෑවා එමිනේගෙන්. චෙමිල්ටත් තරහයි මුරාත් එක්ක. මිනිහා තරහටම තාත්තට ඔක්කොම කියලා දැම්මා. තාත්තා එහෙමම ඉස්තාන්බුල් එන්නයි ලෑස්තිය. එතකොටයි තමන් කරපු වැඩේ බරපතලකම චෙමිල්ට තේරුණේ. මිනිහා මුරාත්ට කියලා කසාදෙ ඉක්මන් කෙරෙව්වා. අන්තිමට කසාද දවසේ උදේම ආපු ආරංචියට චෙමිල් රත් වෙලා ගියා. තාත්තා ඇවිල්ලා ඉස්තාන්බුල් එයාපෝට් එකටම. දෙලෝ රත් වෙච්ච කට්ටිය මගුල් ෆොටෝ ටිකක් විතරක් ගහලා ජෝඩුව මධුසමයට පිටත් කරා මතකයිනේ. ඔය අතර දුෂ්ට එම්රේත් පාර හරස් කරන් ඉඳලා ලොකු කතාවක් කිව්වනේ. අන්තිමේදී හයාත් මුරාත් දෙන්නා එයාලා පෙරුම්පුරාගෙන හිටපු මධුසමය ගත කරන්න කඳුකරයට ආවා. යනවා යනවා ඉවරයක් නෑ ඒත් තුවල් බුක් කරයි කිව්ව හෝටලය නම් හම්බුනේ නෑ. ඒ වෙනුවට දෙන්නා එකම තැන වාහනෙන් කැරකි කැරකි හිටියේ. ඉතින් වාහනේ පෙට්‍රෝලුත් ඉවර වෙච්ච නිසා ළඟ තිබ්බ කවුරුත් නැති පාලු ගෙයක රෑ ගත කරන්න එයාලා තීරණය කරා.
එහෙනම් 28 වෙනි කොටසත් රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා. 29 වෙනි කොටස අරන් රෂීන් ඒවි. ගිහින් එන්නම්. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
2,484 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E28.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
41 comments
sachintha
bimsara_bashitha
Thank
Pramodha
Thanx
Upul Sampath
Thanks sis for your sub
s.jayasinghe
thank u sis. ithuru ep 3 ikkmanate denna balanne
nisala_d
Thank you...!!!
chanaka sasalanka
Thanks sub ekata
Sachinanushka
Tnx akke adarei
nipunvid
thank you very much!
hiran1998
thank u very much
SanjulaJeter
thank you!
Ravi28
sub ekata Thanks
Naveendra_rox
Thank you
manju4300
තිළිණිගේ තිලිණයට තුති.........
Kulanjana Maduranga
SUBATA THANKS SIS....KEEP IT UP....
hansaka gihan
thnx mchn
suranuwan
thank you......
geenath
hodhai mehe makaranna beridha thundhenekta episote 3 ne sub hadhanna kiyala karanam satiyenwedee ahawarai .ela ilaga subeka enakam magabalan innawa
sura80
thanks sub ekata
SR pro
tnx sub tikata
MAALnath
Thanks ..........good luck .............................
Achi
තැන්ක්ස් ඩලෝ
chathurangi93
aasawen balanawa kathawa. Gdaak thankz sub1ta.
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
ජය වේවා...!!!TharakaWAS
ela..ela...
Subata Thanks nangi...
digatama karan yamu...
jaya wewaa.........!!!!!!!!!!!!!!!!!!!!!!!Udara Damith Dissanayaka
බොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියි
Amal_indika
thanks you......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bimbi
තැන්කියු වේවා අනෙකත් ඉක්මණට ගේමු
ජය !Deshani
thank you
yasanth
me episode tika kohenda bn download krnne,kohewath nane
Pradeep
thanks sub ekata
Manoj1980
thnx sub ekata
nivantha
thank you nangi
geenath
ikmanata anith sub tikath dhenna balanna akke
Deshani
thank you :)
geenath
iknata anith sub tikath dhenna rasheen aiiye
geenath
anith sub tikath dhenna rasheen aiiye
geenath
inthima hari yane poddhak ikmanata ewanna puluwan ikmanata dhenna subapatanawa
dulan5520
thank u
hdimantha
Sinhala Upasirasiyata Bohoma Isthuthi saha Bohoma Pin...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය