ඔන්න මේ අරන් එන්නේ කවුරුත් මග බලන් ඉන්න ආදර කතන්දරේ 29වෙනි කොටස. ඒ කියන්නේ අන්තිම එකට කලින් කොටසට කලින් කොටස. වැඩිය පල්හෑලි නැතිව කලින් කොටස මතක් කරලා ඉන්නම් මම. මුරාත් සහ හයාත් මධුසමයට ගියානේ. ඔන්න සතුටුදායක ලෙස පලවෙනි දවස දෙන්නා ගෙව්වා. බාහිර ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ.ෆෝන් දෙකත් තු…

ඔන්න මේ අරන් එන්නේ කවුරුත් මග බලන් ඉන්න ආදර කතන්දරේ 29වෙනි කොටස. ඒ කියන්නේ අන්තිම එකට කලින් කොටසට කලින් කොටස. වැඩිය පල්හෑලි නැතිව කලින් කොටස මතක් කරලා ඉන්නම් මම.

මුරාත් සහ හයාත් මධුසමයට ගියානේ. ඔන්න සතුටුදායක ලෙස පලවෙනි දවස දෙන්නා ගෙව්වා. බාහිර ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ.ෆෝන් දෙකත් තුවල් ගාවනේ. කවුරුත් තමන් ඉන්න තැන දන්නේ නෑ කියලා දෙන්නා හිතන් හිටියට එක්කෙනෙක් නම් දැනගෙන හිටියා. ඒ තමා එම්රේ. මුරාත්ගේ කාර් එකට මිනිහා GPS ගැජමැටික් කෑල්ලක් හයි කරලා දෙන්නා යන තැන කොහොමහරි දැනගත්තා. පහුවදා උදේ මුරාත් කන්න දෙයක් හොයන එලියට ගිය වෙලේ ගෙට රිංගපු එම්රේව දැකපු හයාත්ට දෙලෝ රත් වුණානේ. එම්රේ ආවේ නිකම්ම නිකන් නෙමේ. ලොකුම ලොකු ගිනි ගෙඩියකුත් එක්ක. හයාත්ගේ හිතට ලොකුම ලොකු ප්‍රශ්නයක් ඇතුළු කරලයි මිනිහා ගියේ. ගියේ නෑ හයාත් පිහියක් අරන් මිනිහව එලෙව්වා. මිනිහා මොකක්දෝ ලියවිල්ලක් හයාත්ට පෙන්නුවානේ. ඒක දැකපු ගමන් හයාත් බය වුනා. එම්රේ යන ගමන් පොඩි ෆෝන් එකක් හයාත්ට දීලයි ගියේ, එයාගේ ගනුදෙනුවට කැමති නම් කතා කරන්න කියලා. ඒ ෆෝන් එකේ රෙජිස්ටර් කරලා තිබ්බෙත් එම්රේගේ නම්බරේ විතරයි. ඔක්කොම ගිනි ටික දීලා එම්රේ මුරාත් එන්න කලින් පැනගත්තා. මුකුත් නොදන්නා මුරාත් හයාත් එක්ක සතුටෙන් දවස් ගෙවන්න හිතන් හිටියේ. හයාතුත් මුරාත්ට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නෑ. එයාගේ හිතේ එක දෙයක් වද දුන්නා, ඒ තමයි එම්රේ පෙන්නපු කොලේ. හයාත් හිටිය වගේ නෙමේ ටිකක් වෙනස් වෙලා කියලත් මුරාත්ට දැනෙනවා. ෆෝන් එකක සද්දයක් වගෙත් මුරාත්ට ඇහුනට වැඩිය ගණන් ගන්නේ නැහැ, ෆෝන් තියෙන්න විදිහක් නෑනේ මෙහෙ කියලා. කොහොමහරි තවදුරටත් නිදහසේ මධුසමය ගෙවන්න හයාත්ට හිත දුන්නේ නැහැ. බල කරලා කොහොම හරි ආපහු එයාලා ඉස්තාන්බුල් ආවනේ.

ඔය අතරේ චෙමිල්, එයාගේ දරුවා ගැන එමිනේට කියලා හොඳ පාරවල් ටිකක් කාගත්තානේ. හැබැයි ඒ දරුවා ඇත්තටම කාගේද කියලා දැනගත්ත දවසට තමා එමිනේට තරු පේන්න ගන්නේ. කෙරම් සහ ඉපෙක් යනවනේ ගෙයක් බලන්න. ඔය අතරේදී ඉපෙක්ට එයාගේ නාස්තිකාර තාත්තා හම්බවෙලා එතනත් මත ගැටුමක් ඇතිවෙනවානේ. ඉපෙක්ගේ තාත්තා නිසා කෙරම් ණයට ගත්ත සල්ලි ටිකත් කෙරම්ට නැතිවෙලා යනවා. එනපොට හොඳ නෑ වගේ. ඔය අතර ලෛලාට අමාරු වෙච්ච තැන හසාල්ගේ යාළුවො බය වෙලා ලෛලාව ගිහින් දැම්මානේ. ගෑනි සනීප වෙලා ආයේ සර්සිල්මාස් ගෙදරට ආවා යහතින්. මුරාත්ට එයාගේ පොඩි පුතාව කොහොමහරි හොයාගන්න කියලා ලෛලා ආයාචනය කරා. ඒකෙන් උනේ මුරාත්ගේ හිත ගොඩක් කඩා වැටිච්ච එක. දෙර්යා අස්ලි හමුවත් කට්ටියට අමතක නෑනේ. අස්ලි හොඳ උත්තර ටිකකුත් දෙර්යාට දුන්නා. ඔය අතරේ රසවත් සිදුවීම් ටිකක් උනා චෙමිල් සහ තුවල් අතරත්. වැරදිලා දුන්නු කිස් එක වගේම, හිර වෙච්ච ලිෆ්ට් එකත් මතකයිනේ.

පහුගිය කොටස අවසන් වෙන්නේ හසාල් සහ ලෛලාගේ හමුවීමත් එක්ක. ලෛලා පිහියක් අරගෙනම හසාල්ව හම්බෙන්න ගියේ. හම්බෙච්ච අවස්ථාවෙන් ලෛලා හසාල්ට පිහියෙන් ඇන්නා, ඒත් හසාල් ශක්තිමත්, පහරින් බේරිලා එයා ලෛලා එක්ක පොර බදන්න ගත්තා. කොහොමහරි පොරබදද්දී පිහිය ඇනුනේ ලෛලාටමයි. බය වෙච්ච හසාල් එතනින් පැනලා ගියා. ලෛලා අමාරුවෙන් ෆෝන් එක අරන් මුරාත්ට කෝල් එකක් ගත්තා. මුරාත් ලෛලා ඉන්න තැනට එද්දී එයාගේ ප්‍රාණය සුන් සිරුර උද්‍යානයේ වැටිලා තිබුණා.

අද එතැන් සිට..

මේකත් එක්ක මේ කතාමාලාවට මගෙන් වෙන්න තිබ්බ වැඩ කොටස ඉවර වෙනවා.එහෙනම් සමුගන්නවා, යන්න කලින් සුබ ආරංචියක් තියෙනවා. මේ සතියෙන් මේ වැඩේ සම්පුර්ණයෙන් ඉවරයක් කරන්නයි අපේ සූදානම. ඒ කියන්නේ ඊළඟ කොටස් දෙකට සති දෙකක් බලන් ඉන්න ඕන නෑ. මේ සතියෙම බලාගන්න පුළුවන්. ගිහින් එන්නම්. ජය වේවා.

ලිපිය- මයුර සුරාජ්

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

2,636 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E29.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,636 downloadsDownload Subtitles66 KB

24 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. chanaka sasalanka

    thanks sub ekata

  3. Upul Sampath

    ammo romba thanks

  4. TharakaWAS

    ela..ela..ammooo....niyamai...
    dws ganak bala bala hitiye sub 1ka denkn...
    Subata thanks bro....
    itiri 2kat me week 1kema denwa kiwa eka nm lokuma loku suba aranchchiyak...
    ekatat tanks...
    oyla okktma hugak stutuiiiiiiii............me karana sewawata....
    digatma karan yamu.........
    jayen jayama wewa.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. s.jayasinghe

    Thanks bro. Keep it up

  6. MAALnath

    thanks ........................good luck ...............................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  7. pasindu kavishka

    Thanks

  8. geeganagamage

    බොහොම ස්තුතියි

  9. Amal_indika

    thanks bro...
    ela....

  10. SanjulaJeter

    thanks

  11. Kulanjana Maduranga

    subata thanks......

  12. bimbi

    තෑන්ක්ස් බ්‍රදර්
    අන්තිමට සුභ ආරංචියක් !

  13. hansaka gihan

    thnkx machn
    twa suttai tiyemme

  14. suranuwan

    thanks bro....

  15. harshani11112

    ස්තුති මේක එනකම් බලන් හිටියෙ

  16. Sachinanushka

    Hamadamat adarei sub ekata godak tnx

  17. manju4300

    ජය වේවා........... ඉවර වෙනවා කියන කොටත් දුකයි වගේ මොකද කතාව හින්ද නෙමේ මේකේ සබ් කරපු ඔයාලට මේ වගේ සතියක ගානේ කොම්මන්ට්ස් දන්නා බැරි වෙන හින්ද..........

  18. Udara Damith Dissanayaka

    මේකත් ඉවර වෙනවා එහෙනම්

  19. Rumesh Roshan

    thanks lot

  20. sura80

    thanks

  21. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා...!!!

  22. Manoj1980

    thnx sub ekata

  23. hdimantha

    Sinhala Upasirasiyata Bohoma Isthuthi saha Bohoma Pin...!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.