Watch Trailer

Asur [S02 : E02] Sinhala Subtitles | වැලලුණු අතීතය සොයා… [සිංහල උපසිරැසි] (18+)

එදා මෙදාතුර ආපු හොඳම ඉන්දියන් කතාමාලා මොනවද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන අයගේ ප්‍රියතම මුල් කතාමාලා 5 ඇතුලත Asur රැඳෙනවාට කිසි සැකයක් නැහැ. කොරෝනා සමයේ කවුරුත් නිවෙස් වලට වෙලා රැඳිලා ඉන්න අතරේ ඔහේ එලිදක්වපු කතාමාලාවක් කවුරු කවුරුත් පුදුමයට පත් කළා වගේම ලොකු ප්‍රේක්ෂක උන්මාදයක් ඇති කළා. ඉතින්…

එදා මෙදාතුර ආපු හොඳම ඉන්දියන් කතාමාලා මොනවද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන අයගේ ප්‍රියතම මුල් කතාමාලා 5 ඇතුලත Asur රැඳෙනවාට කිසි සැකයක් නැහැ. කොරෝනා සමයේ කවුරුත් නිවෙස් වලට වෙලා රැඳිලා ඉන්න අතරේ ඔහේ එලිදක්වපු කතාමාලාවක් කවුරු කවුරුත් පුදුමයට පත් කළා වගේම ලොකු ප්‍රේක්ෂක උන්මාදයක් ඇති කළා. ඉතින් පළමු කතාසමය අවසන් වෙන්නේ අතෘප්තිකර, කාළකන්නි අවසානයක් එක්ක කියලා බලපු අයට මතක ඇති. ඒ අසම්පූර්ණ අවසානයට රජ කරන්න දුන්නු කාලයේ නිමාව සටහන් කරගෙනම පහුගිය දවසක Asur කතාමාලාවෙ දෙවන සමය එලිදැක්වුනා. ඒ Jio Cinema ඔස්සේ. හරියටම කලින් කතාසමය නැවතුනු තැන ඉඳන් මේ කතාසමය දිග හැරෙනවා. Oni Sen විසින් තමා මේ වතාවෙත් කතාසමය අධ්‍යක්ෂණය කරලා තිබ්බේ. ඉතින් දෙවන කතාසමය කියලා නැහැ පලමු කතාසමයෙන් දුන්නු ඒ ගතිය එහෙමම දෙන්න සමත් වුණා කියලා තමා නරඹපු හැමෝම කියලා තිබ්බේ නම්. 8.5ක නොසැලෙන IMDb අගයත් ඒකට සාක්ෂි දරනවා ඇති.

ඉතින් ඊයේ ඉඳන් අපි පටන් ගත්තා කොටසින් කොටස සිංහලෙන් බලන්න ගන්න. චාමික සහෝදරයා ගෙනාපු පලමු කොටස බලන්න ඇති. පොඩි සාරාංශයක් මතක් කරලා ඉන්නම්. ශුබ් තමන්ගෙ දඩයම් සෙල්ලම පටන් අරන් තිබ්බේ. ඒ CBI කණ්ඩායම අල්ලේ නටවන ගමන්මයි. පහුගිය කොටස බලපු අයට මතක ඇති නිඛිල් ඇතුළු පිරිස ඉස්සරහම ශුබ් දඩයම් 3 සිද්ධ කරා. කිසිම හෝඩුවාවක් තිබ්බෙ නම් නැහැ. දැන් මේ අකොටසින් නිඛිල් ඇතුළු පිරිස මේ ගැන විමර්ශනය කරනවා බලාගන්න පුළුවන්. DJ මේ හැමදේකින්ම ඈත් වෙලයි හිටියේ. සිද්ධ වෙච්ච දේවල් නිසා ඇතිවෙච්ච කලකිරීම නිසා මිනිහා ආශ්‍රමයකට වෙලයි කල් ගෙව්වේ. නිඛිල් සහ නෛනාත් දෙතැනකට වෙලා තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන හිටියත් මියගිය දුව ගැන හිත හිත ගොඩක්ම විඳෙව්වා. නෛනා නිඛිල්ගෙන් නීත්‍යානුකූලව වෙන් වෙන්නත් තමා කටයුතු කරලා තිබ්බේ. මේ හැමදේම මැදින් තමා අර උඩ කියපු ප්‍රහාරය ශුබ් දියත් කරලා තිබුණේ. මේ වැඩේ නවත්තන්න කිසිම අදහසක් ශුබ්ට තිබුණේ නෑ වගේම මේ ප්‍රහාරයන්ට මූණ දෙන්න තරම් ලොකු ශක්තියකුත් CIB කණ්ඩායමට තිබුණෙත් නෑ.

බලලා ඉමු එහෙනම් මේ කොටසත්. තුන්වෙනි කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

10,375 downloadsDownload Asur.S02E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

10,375 downloadsDownload Subtitles19 KB

9 comments

  1. Anonymous

    වැඩ රාජකාරි මධ්‍යයයේ මෙම උපසිරසිය ලබා දුන්නාට ස්තුතියි සහෝ

  2. චාමික මධුශාන්

    සබ් එකට ස්තුතියි සහෝදරයා

  3. viraj

    thanks...........

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Anonymous

    Thanks jayawewa....!

  7. Sahan Gayantha

    thanks a lot sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Gihan

    Thanks for the subtitle.......Good Luck