Watch Trailer

Citadel [S01 : E05] Sinhala Subtitles | නාඩියා හැමෝම හිතන කෙනාද? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙදි නාඩියා ටියර්-වන් වලට අලුත් කෙනෙක් ගේනවා. ඔව් ඒ තමා සෙලෙස්ට්. මෙයාව ගේන්නෙ Oz-කී එක ගැන හොයන්න සිල්ජ් සහෝදරවරු ලගට යවන්න. යවන්න කලින් මේසන් ලොකු උපදෙස් මාලාවක් සෙලෙස්ට්ට දෙනවා. කොහොමහරි මොකක්හරි දෙයක් නිසා සෙලෙස්ට්ගෙ…

ඔන්න එහෙනම් පස්වෙනි කොටසට අදාල උපසිරැසියත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙදි නාඩියා ටියර්-වන් වලට අලුත් කෙනෙක් ගේනවා. ඔව් ඒ තමා සෙලෙස්ට්. මෙයාව ගේන්නෙ Oz-කී එක ගැන හොයන්න සිල්ජ් සහෝදරවරු ලගට යවන්න. යවන්න කලින් මේසන් ලොකු උපදෙස් මාලාවක් සෙලෙස්ට්ට දෙනවා. කොහොමහරි මොකක්හරි දෙයක් නිසා සෙලෙස්ට්ගෙන් කාලෙක ඉදන් තොරතුරු ලැබෙන්නෙ නැති නිසා මේසන් තීරණය කරනවා මෙහෙයුමක් දියත් කරලා Oz-කී එක ලබාගන්න. මේහෙයුමේදි සෙලෙස්ට් වගේම ඇන්ඩර්ස්වත් අල්ලගන්න පුළුවන් වෙනවා. හැබැයි Oz-කී එක අතුරුදන් වෙලා. ඉතිං මේසන් සැක කරන්නෙ ඒක සෙලෙස්ට් එයාගෙ සහෝදරයා බේරගන්න විකුණන්න ඇති කියලා.

ඒ නිසාම මේසන් ග්‍රේස්ට සහා අනික් අයට ඒත්තු ගන්වනවා සෙලෙස්ට්ගෙ මතකය සදහටම නැති කරලා දාන්න කියලා. ඒක ඒ විදිහටම සිද්දැනවා. හැබැයි තවමත් ප්‍රශ්නයක් ඉතුරු කරලා තමා මේ හැමදෙයක්ම සිද්දවෙන්නෙ.

එහෙනම් මේ කොටසත් ඔයාලම බලලා රස විදින්න. අවසන් කොටසින් හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,917 downloadsDownload Citadel.S01E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,917 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..

  2. විමා

    සබට බොහොම ස්තුතියි බන්.

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Minu

    Godak Sthuthi..Jaya wewa!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P