2020 වර්ශයේ නිකුත් වුණු මිත්‍යා කතා පිළිබද හා අපරාධ ගණයට අයත් Asur වෙබ් සිරීස් එක කතාවන් 8කි යුතු වේ. ඉන්දියානූ මිත්‍යා ප්‍රබන්ධයකට අයත් රාක්ෂයෙකුගේ නමක් තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ. Oni Senගේ අධ්‍යක්ෂණය යටතේ හැදෙන මෙම කතා මාලාව සදහා අපි කවුරුත් දන්න අර්ශද් වර්සි ප්‍රධාන නළුවෙක් විදියට ඉන්නවා. කතා…

2020 වර්ශයේ නිකුත් වුණු මිත්‍යා කතා පිළිබද හා අපරාධ ගණයට අයත් Asur වෙබ් සිරීස් එක කතාවන් 8කි යුතු වේ. ඉන්දියානූ මිත්‍යා ප්‍රබන්ධයකට අයත් රාක්ෂයෙකුගේ නමක් තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ. Oni Senගේ අධ්‍යක්ෂණය යටතේ හැදෙන මෙම කතා මාලාව සදහා අපි කවුරුත් දන්න අර්ශද් වර්සි ප්‍රධාන නළුවෙක් විදියට ඉන්නවා. කතාවේ අන්තර්ගතය වෙන්නේ නාදුනන මිනීමරුවෙක් එක් එක් පෙදෙස්වල ජීවත් වෙන එක් එක් වයස් වල ඉන්න ස්ත්‍රී හා පුරුෂ ලිංග භේදයකින් තොරව මිනිසුන් තෝරාගෙන ඔවුනට බිහිසුණු ආකාරයේ මරණයක් සලස්වන අපරාධ ක්‍රියාවලියක් තමයි කතාවේ යන්නේ. මේ මිනීමරුවා සිදු කරන හැම මරණයක මරණ පරීක්ෂණය කරන කණ්ඩායමේ තමයි අපේ ප්‍රධාන නළුවත් සහය නළුවත් ඉන්නේ.
පසුගිය කතාවෙන්,
අපිට බලාගන්න පුළුවන් ධනංජය රාජ්පුත් කියන්නේ මරණ පරීක්ෂණ සිදුකරන ඉහළ පෙලයේ නිලධාරියෙක්. එයාට වාර්තා වෙනවා එක් මරණයක්. එයා ඒ මරණයේ මිනිය විමර්ශනය කරද්දී බලාගන්න පුළුවන් වෙන්නේ, බල්ලන් විසින් සපා කා තිබෙන හා දවස් ගණන් කල් ගිය මරණයක්. ඒ මිනියේ ඇගිලි කිහිපයක්ම අඩුයි. ඒත් ඒක ඇගිල්ලක් මුවහත් තලයකින් කපා දැමූ ආකාරයක් තියෙන්නේ. මේ මිනියේ මූණට මිනීමරුවා ඔහුගේ සංකේතය පෙන්වන්න එක් වෙස් මුහුණකුත් දාලා තිබුණා. ඒත් මේ මිනිය කාගෙද යන්න එයාලට හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ ධනංජයට දක්ෂ සිසුවෙක් හිටියා. එයා තමයි නිකිල් කියන්නේ. මේ දෙන්නා අතරේ කාලෙකට කලින් මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. ඒ දේ කතාවේ පෙන්නන්නේ නෑ ඉස්සරහට පෙන්නයි ඒ මොකක්ද කියල. මේ නිකිල් විශ්වවිද්‍යාලයක ලෙක්චර් කෙනෙක්. එයා කරන්නේ එයා කැමති ජොබ් එක නෙවෙයි. මෙයා තමන්ගේ පවුලේ අයගෙන් දුරස් වෙලා ආයෙම එයා කලින් අස් වුණු ජොබ්ට ඒ කියන්නේ මරණ පරීක්ෂා කරන්න යනවා. ධනංජය කසාද බැදපු කෙනෙක්. ඒත් එයයි එයාගේ බිරිදයි වෙන්වෙලා ඉන්නේ. මෙයාලා වැඩි කතා බහක් යන්නේ නෑ. මැසේජ් කරනවා විතරයි. මෙයාට මැසේජ් එකක් එනවා එයාගේ බිරිදගෙන් මන් ඔයාට පුදුම කිරීමක් එවලා ඇති බලන්න කියල. ඒක ලියුමක්. ඒ ලියුම ඇතුළෙ පෙන් එකක් තිබිලා ඒක බැලුවම තියෙන්නේ ධනංජය බිරිඳව මරණ හැටි අර වෙස් මූනක් දාගෙන ඉන්න කෙනා තමයි ඒක කරන්නේ. එහෙමයි කතාව ඉවරවෙන්නේ.
අද කතාවෙන්,
නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. අද කතාවෙත් මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය නම් හොයාගන්න පුළුවන්, ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් පත්කරනවා. නිකිල්ට හොයාගන්න පුළුවන් වෙනවා. මේ අලුතින් හම්බවුණු මිනියෙයි ධනංජයගේ බිරිදගේ මිනියේ අතරේ සම්බන්ධයක් තියෙනවා කියල. මේවා කරලා තියෙන්නේ කවුද? ඒක කවුද කළේ කියලා මන් කියනවට වඩා බලලම ඉන්නකෝ.
එහෙනම් ඊළග කතාවෙන් හම්බවෙන්නම් කියන ගමන් ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි!🙏
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
16,056 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
22 comments
Rasindu Perera
Lasantha Chandimal
මේක නියම කතාව....එපි ටිකේ සබ් ඉක්මනට දීලා ඉවර කරමු යාලු......සුබ පැතුම්......
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
-SH-
Supiri bro..itiri tikat ikmntama denna..
Prabodha20
Sthuthi sahoo...
Pavan Wijesiriwardana
amboo danakn bln hitiye mchn pattama patta.. tnks a lot
indika75
Thanks..
-චානක ඉඳුනිල්-
සුපිරි
Suranjan
Thanks jayawewa....!
ලහිරු
පසියා එල මචං .ඊ ලඟ එක කවද්ද දාන්නෙ
mindika
Thanks !!!
MAALNATH
Thanks .............good luck ................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ඉෂු
මෙකෙ සීසන් 2 එක දෙන්නකො
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
supiri
lakshan
thanks ......................
Anonymous
Thanks For Subtitles........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි….සබ් එකට තැන්ක්ස්…