ඔන්න නැවතත් Anime Series එහෙකට උපසිරැසි අරන් ආවා. ඇත්තම කියනවානම් මේකට උපසිරසියක් දාන්න මම බොහොම කාලයක් ඉදලා පෙරුම් පුරමින් හිටියේ. ඔන්න එහෙම කරලා අන්තිමේදී පලවෙනි සීසන් එක ඉවර කරගත්තා. දැන් ඉතින් දෙවැනි තුන්වෙනි ඒවාට සබ් දාන්න පටන් ගන්න ඕනේ. මේ පාර අරගෙන ආවේ Anime වශයෙන් ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය…
ඔන්න නැවතත් Anime Series එහෙකට උපසිරැසි අරන් ආවා. ඇත්තම කියනවානම් මේකට උපසිරසියක් දාන්න මම බොහොම කාලයක් ඉදලා පෙරුම් පුරමින් හිටියේ. ඔන්න එහෙම කරලා අන්තිමේදී පලවෙනි සීසන් එක ඉවර කරගත්තා. දැන් ඉතින් දෙවැනි තුන්වෙනි ඒවාට සබ් දාන්න පටන් ගන්න ඕනේ.
මේ පාර අරගෙන ආවේ Anime වශයෙන් ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය Attack on Titan කියන කතා මාලාවයි. මම කලින් කරපු උපසිරැසි වලදීත් කිහිප දෙනෙක් මේකට සබ් ඉල්ලලා තිබ්බා. ඔන්න එහෙනම් ඒ අයටත් දැන් මේක බලන්න පුළුවන්.
කතාව ගැන කියනවනම්, වසර ගණනාවකට ඉහතදී ටයිටන් නමින් හැදින්වෙන විශාල මිනිස් ස්වරූප සහිත මිනිසුන් ආහාරයට ගන්නා යෝධයින් ජීවින් කොට්ටාසයක් හේතුවෙන් මිනිස් වර්ගයා වද වී යන තරමට විනාශ විය. මොවුන්ගෙන් ආරක්ෂා වීමට මිනිසුන් විශාල තාප්ප තුනකින් වට වූ භූමියක වාසය කරයි. හුගක්ම බියජනක දෙය නම්, මොවුන් මිනිසුන් ආහාරයට ගන්නේ බඩගින්නට නොව තම විනෝදය පිණිසම පමණක් වීමයි. ඉතින් අර කලින් කියූ තාප්ප වල ආරක්ෂාව ලබාගෙන මිනිසුන් වසර සීයකට අධික කාලයක් කිසිම ටයිටන් තර්ජනයකින් තොරව සාමයෙන් ජීවත් වුණා. කොහොම වුනත් ඒ නිදහස සහ සාමය කොලෝසල් ටයිටන්ගේ මතු වීමත් සමග සුනු විසුනු වී ගියේය. කොලෝසල් ටයිටන් මිනිසුන්ගේ ආරක්ෂිත බැමි කඩා දමන ලදී. මේ නිසා පිටතම තාප්පයේ රැකවරණයේ සිටි මිනිසුන් සියලු දෙනාම මෙම රකුසන් අතින් මරණයට පත් වේ.
මෙම ජනයා අතර සිටි එරන් යේගාර් දිවි බේරාගත් නමුත් තමන්ගේ පවුලේ අය ඔහු ඉදිරියේ අමු අමුවේ මැරෙනු දැක ත්රාසයටත් ඊටත් වඩා කෝපයටත් පත්ව කවදා හෝ මෙම කුරිරු ජීවින් කොට්ටාසය පොලොව මතු පිටින් තුරන් කිරීමට අධිෂ්ටාන කර ගනියි. මේ හීනය සැබෑ කර ගැනීමේ අරමුණින් ඔහු තමන්ගේ පවුල මෙන් හිතවත් තම යහළු ආර්මින් ආර්ලේට් සහ යෙහෙළි මිකසා ආර්ක්මන් සමග සර්වේ කොප්ස් නම් හමුදා බලකායට බැදෙයි.
මෙම කතා මාලාව myanimelist වෙබ් අඩවියේ 8.49 ක ලකුණක් සහිතව ජනප්‍රියත්වය අතින් දෙවෙනි තැන හිමිකරන් සිටිනවා. මෙහි පලවෙනි සීසන් එක ජපානයේ විකාශය කෙරුනේ 2013 වසරේදීය. මේ නමින්ම හැදින්වෙන “මන්ගා” පොත පාදක කරගෙන මෙය සජීවිකරණය කලේ wit studios ආයතනයයි.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
20,985 downloadsDownload Attack-on-Titan-S1-E01-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
35 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් දෙමු..
ජය වේවා.!Hashan M. Priyadarshana
මචං මේ series එකයි 2015 ආපු Attack on Titan film දෙකයි සම්බන්ධයිද.. මේ series එකෙන්ද ඒ film දෙක හැදුවෙ
Navodani Thilini Sasanika
Ow meka base karan hadala tyenne, me deela tyenne original series eka
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
mikey
supiri macho ehenam okkotama denna. mamat patan gannawa balanna me episode ekenma. elam
Ishan Madusha
සුපිරි,අවන්කවම කියනවනම් මේකට සබ් දෙනකම් අවූරුදු 6 බලන් හිටිය...
පට්ටම ස්තූතියි සහෝ.ජය වේවා..!Navodani Thilini
මේක දෙනකන් ගොඩක් කල් බලන් හිටියා. උපසිරසියට ස්තූතියි මල්ලි.
geeganagamage
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්
Anonymous
Thank you බන් සබ් එකට
DAs
Meka download kra ganne kohomada kiyala danna kenek kiyanna puluwanda ??
isuru srinath sjs
තව ටිකකින් www. baiscopedownloads. co එකේ බලන්න .
Chanu Mikhail
බොහොම ස්තූතියි..!
Anonymous
Thanks jayawewa......!
goiya
supiri digatama kargena yanna
Himal
Mn season 3 ma baluwa machn eth sub ekata thanz puluwan nam kawuru hari fate zero,unlimited blades works wage series walatath sub denna try karanna sub ekata thanz
Sam fisher
සබ් දෙනකම් බලං ඉදල ඉදල දන්න ඉංගිරිසියෙන් බැලුව සිසන් තුනම.සුපිරිම කතාවක් බලන අයටනම් තෙරෙයි හොද ඇනිමෙ එකක් කියන්නෙ මොකද්ද කියල
තමන්නා
අම්මො සුපිරී කඩ්ඩෙන් බලන ගමන් හිටියේ .පට්ට මචන් කට්ටිය දැන් ඇනිමේ බලන එකට එනවා සබ් එන එකෙන් සුපිරි <3
Thanusha
Thanks saho
සචින්ත කල්හාර බෙනට්
බොහොම ස්තූතියි. ඉතිරි ටිකත් ඉක්මණට දෙමු.
Bhagyasingh
niyamaine...maruma anime eka.. thank you Ravindu bro
podda
Ammo supiri. denakan maga balagena hitapu ekka.
thanks bro!!!!!!!!!Pasiya 619
පලවෙනි සීසන් එක නම් බැලුවා.නමුත් සබ් එකට තෑන්ක්ස්
sahan
khmda download krgtte episode tika?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pathum Winchester
anime බලනවානම් මේක අනිව බලන්න ඕනි කතාවක්
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Ruvindu thathsara
ගොඩක් ස්තූතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
D.S
Thank You bro!
Pavith Wijesooriya
මේ සුපිරි ඇනිමේ සිරීස් එකට සබ් දෙන්න අයියා අතගහපු එක නම් ලොකු දෙයක්.උපසිරසි ටික නම් පට්ටම.ගොඩක් ස්තූතියි....❤️
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Henuka
සමහර එවා පෙන්නන්නේ නෑ නේ අයියේ
Anonymous
thank u bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S1] EP01 & EP02 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s1-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ