Watch Trailer

The Umbrella Academy [S01 : E03] Sinhala Subtitles | අසාමාන්‍ය ලෙස සාමාන්‍යය වීම [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ තුන්වෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටසින් දකින්න ඇතිනේ ෆයිව්ව අනාගතේ හිරවෙන හැටි. ඒ කාලෙදි ෆයිවු ඇහැක් හොයාගන්නවා. ඒක ලූතර් ළඟ තිබුණ නිසා එයා හිතන්නෙ ඒක ලෝක විනාශයට සම්බන්ද කෙනාගේ කියලා. ඉතිං ඔහු ඒ හරහා ලෝක විනාශය නවත්ව…

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ තුන්වෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.

කලින් කොටසින් දකින්න ඇතිනේ ෆයිව්ව අනාගතේ හිරවෙන හැටි. ඒ කාලෙදි ෆයිවු ඇහැක් හොයාගන්නවා. ඒක ලූතර් ළඟ තිබුණ නිසා එයා හිතන්නෙ ඒක ලෝක විනාශයට සම්බන්ද කෙනාගේ කියලා. ඉතිං ඔහු ඒ හරහා ලෝක විනාශය නවත්වන්න උත්සහ කරනවා. ඒ වගේම කතාවට අලුතින් දෙන්නෙක් එකතු වෙනවා. ඔවුන් නමින් හේසල් සහ චාචා. පේන විදිහට ඔවුනුත් ලෝක විනාශයට සම්බන්ධයි වගේ. ඒ වගේම වාන්යාට අලුත් ශිෂ්‍යයෙක් හමුවෙනවා. මේ වෙද්දි දියේගෝ සහ පොලීසිය ඩෝනට් කඩේ ෆයිවු කළ ඝාතන ගැන හොයන්න පටන් ගන්නවා. ඒ වගේම හේසල් සහ චචා ෆයිවුට පහර දෙනවා. අවසානයේදී පෝගෝ ලබා දුන්න වීඩියෝවලින් ඇලිසන් අභිරහසක් විවෘත කරගන්නවාත් ඔයාලා දකින්න ඇතිනේ.

ඉතිං අද කොටසත් කුතුහලයෙන් පිරිලා තියෙන්නෙ. ඇත්තටම ඇලිසන් දැක්කෙ මොකද්ද, ඒක පවුලට සම්බන්ද වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ.

එහෙනම් ඉතිං ගිහින් එන්නම්. හතර වෙනි කොටසින් නැවත හමුවෙමු.

අද කොටස:- Extraordinary
IMDb අගය:- 8.0
ධාවන කාලය:- විනාඩි 56
අධ්‍යක්ෂණය:- Andrew Bernstein
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,544 downloadsDownload The-Umbrella-Academy-S01-E03.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

9,544 downloadsDownload Subtitles55 KB

11 comments

  1. Shaggie

    Thnks mchn

  2. Deshani

    Thank you

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Ayesh Prashan

    Thnak You

  6. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa..........!!!!!!!!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thankx machan

  9. podda

    thanks !!!

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  11. Udeera Jayasekara

    Thanks sub ekta