Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP01 & EP02 Sinhala Subtitles | ‌ඔටුන්නෙහි සත්‍ය හිමිකරුවා [සිංහල උපසිරසි සමඟ]

සීසන් තුනේ පාර්ට් 1 වල පළවෙනි කොටස් දෙකට උපසිරසි අරන් ආවා. එහෙනම් කලින් සීසන් එකේ අන්තිම කොටස් ගැන මතක් කරමු. එරන්ව අරන් රයිනර්, බර්ටෝල්ට් සහ යුමිරෙ ඝණ කැලෙන් වෝල් මරියා තාප්පෙට පැනලා යද්දි ඒ පස්සෙ එර්වින් ඇතුලු සර්වේ කෝප්ස්ලා පන්නනවා. මිකාසා ඇතුළු 104 වෙනි බලකායෙ හේවායො එරන්ව අර තුන් දෙනාගෙන් ගලවග…

සීසන් තුනේ පාර්ට් 1 වල පළවෙනි කොටස් දෙකට උපසිරසි අරන් ආවා. එහෙනම් කලින් සීසන් එකේ අන්තිම කොටස් ගැන මතක් කරමු. එරන්ව අරන් රයිනර්, බර්ටෝල්ට් සහ යුමිරෙ ඝණ කැලෙන් වෝල් මරියා තාප්පෙට පැනලා යද්දි ඒ පස්සෙ එර්වින් ඇතුලු සර්වේ කෝප්ස්ලා පන්නනවා. මිකාසා ඇතුළු 104 වෙනි බලකායෙ හේවායො එරන්ව අර තුන් දෙනාගෙන් ගලවගන්න සටන් කරන අතරෙ එර්වින් ටයිටන් රංචුවක්ම දක්කගෙන එයාලා ඉස්සරහට එනවා. එතනදි එරන්ව ගලවගන්න පුළුවන් වුනත් එයාලා ආපහු යද්දි රයිනර් ටයිටන්ලා එයලා යන පැත්තට විසික් කරනවා. හැමෝම අසීරු තත්වෙක ඉන්න වෙලාවෙ එතනට එන්නෙ ඇටෑක් ඔන් ටයිටන් පළවෙනිම කොටසෙදි එරන්ගෙ අම්මව කාලා දාපු ටයිටන්. එතනදි එරන්ට හැඟීම් එක්කම ලොකු කේන්තියක් එනවා. ඒත් එයාට මුකුත් කරගන්න විදියක් නෑ තාම ඇඟ යථා තත්වෙට පත් වෙලා නැති නිසා. හානෙස් එයාලා වෙනුවෙන් පළිගන්න අර ටයිටන් එක්ක සටන් කරනවා. ඒත් හානෙස්ටත් ජවිතෙන් වන්දි ගෙවන්න වෙනවා එරන්ගෙ අම්මට වුනා වගේම. ඒත් ඒ වෙලාවෙදි අමුතු දෙයක් සිද්ධ වෙනවා. එරන්ගෙ කෑ ගැහිල්ලට ටයිටන්ලා සේරම අර ටයිටන්ව කන්න එනවා. ඒ විතරක් නෙවෙයි හැමෝම ටයිටන්ලා රයිනර්ව වට කරගන්නවා. ඒක මොන වගේ බලයක්ද කියලා දන්නෙ නැති වුනත් රයිනර් කියන විදියට එයා “සම්බන්ධිකාරක” කෙනෙක් කියලයි හඳුන්වන්නෙ. ඒ ගැන දැනට මුකුත් දන්නෙ නැති වුනත් එතනින් එහාට එයාලා මුහුණ දෙන දේවල් මීළඟ කොටස් වලින් බලාගන්න පුළුවන් වෙයි.

තව කියන්න ඕනෙ මේකෙ පාර්ට් 2 ලොකු ප්‍රේක්ෂක පත්‍රිචාර ලබාගත්ත සීසන් එකක්. සටන්/ ක්‍රියාදාම අතින් ඉහළම තැනක තියෙනවා. ඒකට යන්න කලින් වැදගත් සිද්ධි ටිකක් මේ පාර්ට් 1 වල සිද්ධ වෙනවා. ඒ නිසා දිගටම මේක මෙහෙමම බලන් යමු කියන ගමන් එහෙනම් ඊළඟ කොටස් දෙකෙන් මුණගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,983 downloadsDownload Attack-on-Titan-S3-Part1-E01-E02.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

13,983 downloadsDownload Subtitles26 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
    ජය වේවා.!

  4. Anonymous

    Sub Ekata Thanks Sis..

  5. viraj

    ele, digatama denna, jaya

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. chanu mikhail

    thank u :)

  8. kausn

    thank you so much
    hamdama udeta ngittama balanne mekata sub delada kiyala

  9. Kevinv

    Thank you akke ikmnta anith tikath danna good luck

  10. podda

    adarei Titan kenek tharan
    thanks sub ekata!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  13. sasmitha pasan

    mata thama season 3 wala download links hoyagann bariuna kata hari udawwak denn puluwanda

    1. එල්.සී. දමැල්

      baiscopedownloads . co

  14. adesh

    season 4 ektat tak gaala daanooo dn kastiya okata pissu watila wage sub hoyanawa

  15. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අක්කේ මේ එපි දෙකට උපසිරසි ලබා දුන්නට...

  16. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ.. මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  17. gihan

    බොහෝම ස්තුති උපසිරසියට