“අට්ටුරාද්හි මියගිය නීන්තාල් වරුන්ගේ සහ ඉගුටුන්ගේ පළිගන්නා ආත්ම ආර්ත්දල්හි සුළඟට සහ භූමියට පහර දී තිබෙන නිසා, අප ඔවුන් සනසා ආපසු යැවීමට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය නායක ටාගොන්, අට්ටුරාද් සහ ආර්ත්දල් නිල් පැහැ ලෙයින් වසා දැමීමට වග කිව යුතු නිසා ඔහු තමන් කළ දෙය ආපසු ගත යුතුයි. ඔබ මහා දෙවොල වෙත ගොස්, ඉස…

“අට්ටුරාද්හි මියගිය නීන්තාල් වරුන්ගේ සහ ඉගුටුන්ගේ
පළිගන්නා ආත්ම
ආර්ත්දල්හි සුළඟට සහ භූමියට පහර දී තිබෙන නිසා,
අප ඔවුන් සනසා ආපසු යැවීමට බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය නායක ටාගොන්,
අට්ටුරාද් සහ ආර්ත්දල් නිල් පැහැ ලෙයින් වසා දැමීමට වග කිව යුතු නිසා
ඔහු තමන් කළ දෙය ආපසු ගත යුතුයි.
ඔබ මහා දෙවොල වෙත ගොස්,
ඉසොදුන්යොන්ග්ගේ සෙනම්සානි පූජාවට සහභාගි විය යුතුයි.”
සායා අවසානයේ ටියාල්හාගෙන් තම පළිය ගන්නවා. මේ නිසා ඩන්බ්යොක් මිය යනවා මෙන්ම ටාගොන්ට ආසා රොන්ගේ දියණිය සමඟ විවාහා වීමට සිදුවෙනවා. ටියාල්හා තම පියා අත්හැර දමමින් ටාගොන් වෙනුවෙන් කටයුතු කරනවා මෙන්ම තම ගෝත්‍රයේ නායිකාව බවටත් පත් වෙනවා. ඩන්බ්යොක් මියගියේ දෙවියන්ගේ කෝපය නිසා බවට පැවසෙන නිසා ඔහු වෙනුවෙන් නියමාකාර චාරිත්‍ර කිරීමට ටාගොන්ට නොහැකි වෙනවා. ඒ නිසා ඔහු මුබෙක්ව පිටත්කර හරින්නේ තම සහෝදරයා හට මරණ චාරිත්‍ර රහසින් සිදු කිරීමටයි.මේ අතර ටාගොන්ගේ අණ පරිදි ඉයුන්සම් ලෙස පෙන්නුම් කරන මිනිසෙක් රැගෙන එන ඩේකන් සෙබළුන් ඔහුව උණු ජලයේ ගිල්වා මරාදමනවා. මේ අතර ටාගොන් රාජ්‍යයේ බලය ලබා ගැනීමට ඇමති මණ්ඩලයක් ස්ථාපිත කර ගෝත්‍ර නායකයින්ගේ හොඳ හිත දිනාගන්නා අතරම තමන්ගේ බලයත් වැඩි කර ගන්නවා. මේ අතරේදී ටාන්‍යා සායාට සේවය කරන අතරේදී තමන්ගේ පියාණන් ජීවත්ව සිටි බව දැනගන්නට ලැබෙනවා. සායා නිසාම ඔවුන් දෙදෙනාට නැවත හමුවීමට ඉඩ ලැබෙනවා. නමුත් තමන්ගේ තුවාල හොඳ නොවී තිබෙන විටදී පවා තම මිතුරන්ට උදව් කිරීම සඳහා පිටව යන ඉයුන්සම්ට නම් මුහුණ පෑමට සිදුවන්නේ වාසනාවන්ත සිද්ධියකට නොවෙයි. වහලුන් මිළඳී ගත් අය ඔහුව අල්ලාගන්නවා වගේම ඔහු ඉගුටුවෙකු බව දැනගැනීමෙන් පසු ඔහුට වඳ දෙනවා. මේ අතරේදී ඉයුන්සම් මිය ගිය බව සායාගෙන් දැනගන්නා ටාන්‍යා අවසානයේ ඉයුන්සම්ට සිදුවූයේ කුමක්ද යන්න සෙවීම වෙනුවෙන් ජීවත්ව සිටීමට අදිටන් කරගන්නවා.
සායාව තම ස්වාමියා වශයෙන් හඳුන්වාගනිමින් සායාගෙන් රාජ්‍ය පිළිබඳ ඉගෙනගන්නා ටාන්‍යාට ඉගෙනගන්නට ලැබෙන්නේ මොනවාද? වහලුන්ව මිළඳීගත් මිනිසුන් ඉයුන්සම්ව රැගෙන යන්නේ කොහේද? ටාගොන් හට බලය ලබා ගැනීමට ආසා රොන් ඉඩ දේවිද? ආසා සින්ගේ වක්‍ර උරුමක්කරුවන් වන ආසා වංශයට කළ හැක්කේ මොනවාද? ආසා සින්ගේ නියම උරුමක්කරුවන් සැඟවී සිටින්නේ කොහේද? මුබෙක් සිදු කරන්නට යන්නේ කුමක්ද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,238 downloadsDownload Arthdal.Chronicles.E09.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
5 comments
sachintha
Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි