Watch Trailer

Avatar: The Last Airbender [S02 : E05] Sinhala Subtitles | අතීත වැ‍රැද්ද [සිංහල උපසිරැසි සමඟ]

අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන බව ඔහුට පැහැදිලි…

අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන බව ඔහුට පැහැදිලි වුණා. ඒ අතරට මිනිසාත් ඇතුළත්. ජාති ආගම් කුල මල කිසිවකින් තොරවම. ඇන්ග්ට ඒ දේ පැහැදිලි වුණා විතරක් නෙවෙයි ඔහුට ඒ දේ දැනුණා. ඒත් කටාරා සහ සොකා අතීත හිත මායාවකින් වගේ දකිද්දි ඈන්ග්ට පෙනුණ දේ නම් තවමත් අභිරහසක්.

මේ පාර කට්ටිය එක දූපතකට ගොඩබහිනවා. ඒ දූපතේ අවතාර් දිනය ලෙසින් නම් වුණු මහා උත්සවයක් පැවැත්වෙනවා. ජීවමාන අවතාර් වන ඈන්ග්ට ගරු සත්කාර කරන්නටනම් නොවෙයි. කොටිම්ම මේක ගරු බුහුමන් පුදන්නට කෙරෙන කටයුත්තක් පවා නෙමෙයි. මේක කරන්නේ අවතාර්ට නිග්‍රහ පිණිසයි. හේතුව මේ දුපතේ අනාදිමත් කාලයක පටන් පැවත එන එක්තරා පුරාවෘත්තයක්. අග්නි ජාතික කුමරිය ඇතුළු හඹා එන්නන්ගෙන් මුවාවක් සොයන අවතාර්ට මේකනම් ළය හෑල්ලු කරවන තැනක් නෙමෙයි. මේ මිනිස්සු මහ අමුතු මිනිස්සු වගයක්. බාගෙට පිස්සුයි. මේ අය අවතාර්ව අල්ලගෙන; කළ අතීත වැ‍රැද්දට දැන්වත් දඬුවම් කරන්ඩ උත්සාහයක් ගන්නා අතරේ මේකෙන් ගැළවිළා නමත් ශුද්ධ කරගන්ඩ අවස්ථාවක් ඈන්ග්ට හිමිවෙන්නෙත් හරි අපූරු විදිහකටයි!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

2,172 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E05.rar15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,172 downloadsDownload Subtitles15 KB

24 comments

  1. samaith4

    patta machan :)

  2. quik

    thanks

  3. Isuru

    elakiri thawath akaka deela...jaya

  4. kalinga

    නියමයි සබ් එක ගත්තා :)

  5. elakiri

    එළකිරි මචං ජය වේවා!

  6. ccnp

    Thanks

  7. Sadun

    niyamai saho.......comment adu una kiyala ganan ganna epa saho,meka balana aya dannawa saho meka pattama 1k kiyala...

  8. Fernando

    maxxxa cartoon akak

  9. Bandula

    thnx

  10. Dilan-

    elama thama machan

  11. “චූටී මල්ලි”

    එල සහෝ
    තෑන්ක්ස්

  12. shani

    thanks

  13. mudiya / මුදියා

    නියමයි නියමයි.එක දිගටම දෙන්න.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  14. hasithadn

    thankz...........

  15. gayan

    thanx

  16. d. chamara

    niyamai niyamai....

  17. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  18. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  19. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  20. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  21. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  22. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

  23. Anonymous

    GG bro ❤

  24. Hasiya

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️