Watch Trailer

Avrodh the Siege Within [S01 : E01] Sinhala Subtitles | නව යුගයේ යුධ වීරයින්.! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි අදත් අප සුපුරුදු ලෙසින් වෙබ් අඩවියට ගොඩවෙන්නේ කෝවිඩ් 19 නැමැති වසංගතයේ බලපෑම නිසාවෙන් ලොවම ඉතා තීරණාත්මක අවදියක තිබියදි. සියලුම අත්‍යාවශ්‍ය කටයුතු පවා නතරව ඇති අවස්ථාවක ලෝක සිනමා කර්මාන්තයද අතිශය ඛේදනීය තත්වයක තිබියදි සිනමා කලා ක්ෂේත්‍ර‍යටම පමණක්…

සුභ දවසක් වේවා.! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි අදත් අප සුපුරුදු ලෙසින් වෙබ් අඩවියට ගොඩවෙන්නේ කෝවිඩ් 19 නැමැති වසංගතයේ බලපෑම නිසාවෙන් ලොවම ඉතා තීරණාත්මක අවදියක තිබියදි. සියලුම අත්‍යාවශ්‍ය කටයුතු පවා නතරව ඇති අවස්ථාවක ලෝක සිනමා කර්මාන්තයද අතිශය ඛේදනීය තත්වයක තිබියදි සිනමා කලා ක්ෂේත්‍ර‍යටම පමණක් ඉඩෝරයට පතිත වන ධාරානිපාත වර්ශාවකට සමකල හැකි කතාංග නවයකින් යුත් Web Series එකක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි අද අප පැමිණියේ, එහෙම උපමා කිරීමට හේතුව මේ කතාංග නවය නරඹා ඔබම අත්දැක ගන්නයි කියා ඔබට ආරාධනා කරමින් තවත් වැඩිය ඒ ගැන කතා නොකර ඉක්මණින්ම කතා මාලාවට අදාල වෙන තොරතුරු ගැන පොඩ්ඩක් අවධානය කර බලමු.

මුලින්ම මේ කතාමාලාව සම්බන්ධව ඉන්දියාවේ තිබෙන තත්වය ගැන යම කිවහොත් 2016 වසරේ සැප්තැම්බර් මස 29 දින ඉන්දියාවේ ජම්මු කාශ්මීර් හි ඌරී (Uri) නම් ප්‍රදේශයෙහි සිදුවූ සර්ජිකල් ස්ට්‍රයික් (Surgical Strike) නැතිනම් 2016 සැප්තැම්බර් මස 18 දින උදෑසන 05.30 පැයට ඉන්දීය හමුදා සෙබලුන් 19 දෙනකුට මරු කැඳවමින් තවත් සෙබළුන් 30 කට පමණ තුවාල සිදුකරමින් Jaish-e-Mohammed නම් ත්‍ර‍ස්ථවාදී කණ්ඩායම විසින් කරන ලද සාපරාධී මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඉන්දීය හමුදාව විසින් Jaish-e-Mohammed ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඇතුලු පිරිසට එල්ල කල මාරාන්තික ප්‍ර‍හාරය ගැන සෑම ඉන්දීයානුවෙක්ම දන්නවා. තව මුළු මහත් ලෝකයත් දන්නවා. හැබැයි ඒ ප්‍ර‍හාරය සිදුකරන්නට පෙරාතුව ඉන්දීය රජයට එල්ලවුන දේශපාලන බලපෑම්, ජාත්‍යන්තර බලපෑම්, බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් එල්ල වූ බලපෑම් එරටම මාධ්‍ය විසින් සිදුකළ බලපෑම් ආදි කරුණු ගැන සෑම ඉන්දියානුවෙක්ම දන්නේ නෑ කියලයි ඉන්දියාවේම බොහොමයක් දෙනා කියන්නේ.! සිදුවීම වෙච්ච ඉන්දියාවේ තත්වය එහෙම නම් ලෝකය ගැන අපි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැතිවෙයි නේද.😀

ඉන්දියාවේ තත්වය එහෙම වෙද්දි අපේ සමහර අයට හිතෙන්න පුලුවන් අපිට මොකටද මේවා.? ඔන්න ඔය වගේ දේවල්.! මගේ නම් පුද්ගලික අදහස මෙහෙමයි ඉන්දියානු සිනමා රසිකයන් වගේම ඕනම භාෂාවක ඕනම රටක නිර්මාණය වෙන හොඳ සිනමාපට, කතාමාලා බලන අය හැමොටම අපේ අසල්වැසි රටේ කලාකරුවෝ පිරිසක් මෑතකදීම සිදුවුන මේ වගේ සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු ඉතා ඉහල ඇගයීම් වලට පවා ලක්වුන හොඳ යහපත් ප්‍රේක්ෂක පැසසුම් ලැබුණ කතාවක් බැලුවයි කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ කියලයි මම කියන්නේ.! මොකද මේක Based on True Event සහ War, Action වගේ වර්ගකිරීම් කිහිපයකටම අයිති එකක් නිසා.! නැවතත් කියන්නේ එහෙම වර්ගීකරණයට අයත් නිර්මාණ රසවිඳින අය මේක මඟ ඇර ගන්න නම් එපායි කියල.!

මේ කතා මාලාවට ලැබුන විචාරක පැසසුම් කිහිපයක්…!

විචාරක අඩවි විසින් මේ කතා මාලාව සබැඳිව ලබාදී ඇති ප්‍ර‍සාදයන් කොහොමද යන්න ඉහත තිබෙන රූපයෙන් පෙනී යනවා ඇති. එසේ නම් මේ කතා මාලාවත් නරඹලා ඔබගේ වටිනා අදහස් උදහස්ද පහල ඇති කොමෙන්ට් තීරුවේ දක්වලා යන්නත් කියලා ඉල්ලා සිටින අතරම ලිපිය අවසාන කරන්නට මත්තෙන්⁣ මේ කතා මාලාව අන්තර් ජාලයට නිකුත් වූ විගසම සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට MTR තරිඳු රුක්ෂාන් පෙරේරා වන මාගේ ආරාධනය පිලිගෙන කිසිදු පැකීලීමකින් තොරව මා සමඟින් අත්වැල් බැඳගත් අපගේ බයිස්කෝප් පවුලේ සමාජික සාමාජිකාවන් වන ශසිත් සඳරුවන්, යුරාන් ධනුක, දිල්ශාන් සචින්ත සහ සුභාෂිණි මල්ලව ආරච්චි යන සහෝදර සහෝදරියන්ව විශේෂ ස්තූති පූර්වක සිහිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඔවුන් ⁣නොසිටියා නම් මේ කතාමාලාවට මෙතරම් ඉක්මණින් ඔබ වෙත සිංහල උපසිරැසි නිර්මාණය කර ගෙන ඒමට නොහැකි වීමට ඉඩ තිබුනා.

මේ කතා මාලාව විකාශනය උනේ ජූලි මස 31 වෙනිදා Sony Liv කියන ඩිජිටල් මාධ්‍ය ආයතනය ඔස්සේ.! එතකොට මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ Rahul Singh සහ Shiv Aroor විසින් රචිත “India’s Most Fearless” කියන පොත ඇසුරින්! කතා මාලාව නිෂ්පාදනය කරල තියෙන්නේ Applause Entertainment, Irada Entertainment නමින් හැඳින්වෙන සමාගම් ද්විත්වය විසින්.! රංගනයෙන් දායක වෙන්නේ Amit Sadh,Darshan Kumaar,Madhurima Tuli,Ananth Narayan Mahadevan,Vikram Gokhale යන නළු නිලි කැල විසින් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Raj Acharya විසින් මෙහි විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් නම් ඒ මෙහි තිබේන පසුබිම් සංගීතය ගැන. ඉතාමත් ගැලපෙන උචිත අයුරින් පසුබිම් සංගීතය නිර්මාණය කර පසුබිම් සංගීතයෙන් පවා ප්‍රේක්ෂක ආකර්ශණය ලබාගැනීමට හැකිවි තිබෙන බව නම් අවිවාදයෙන් කිවයුතු කරුණක්.! තිර රචනය දෙබස් මෙන්ම සංග්‍රාමික පරිසරයකින් හෙබි පසුබිම් නිර්මාණයද ඉතා ඉහල මට්ටමක තිබෙන බව කිව යුතුමය.

එසේ නම් තවත් මේ සර්ජිකල් ස්ට්‍ර‍යික් (Surgical Strike) එක ගැන තවත් මේ ලිපියෙන් ලොකු විස්තරයක් කරන්න යන්නේ නෑ මොකද උඩ කියලා තියෙන දේවල් හැර තවත් දේවල් කියන්න ගියොත් කතා මාලාවේ බලන්න දෙයක් නැතිවෙයි. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ තවත් දෙයක් තමයි මේ කතාව වගේම තවත් සත්‍ය සිදුවීම් අලලා වෙනත් සිනමා කර්මාන්තයන් හි නිපැයුනු මෙවන් කලා නිර්මාණයන් මීට පෙරත් අප මෙන්ම ඔබද රසවිඳ ඇති බව නම් නොඅනුමානයි.! හැබැයි ඒ සෑම අවස්ථාවකදීම අපට මෙන්ම ඔබටත් අප ගැනම යම් ශෝකයක් ඇති වනවාත් ඇති.! අපටත් මෙවැනි වීරකතා හෝ විරුවන් ගැන විස්තර තිබුනාට ඇයි දැන් අපට මේවගේ දෙයක් රසවිඳීමට හෝ මතක් කර කර අභිමානයකින් කතා කිරිමට නැත්තේ.? අන්න ඒ කාරණය ගැන ඔබටත් හිතෙනවා ඇති.! මා දැන් ඔබට මේ ඒත්තු ගන්වන්නට යන්නේ කුමක්දැයි කියා ඔබ හොඳාකාරවම දන්නවායි කියා මට විශ්වාසයි.!

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,242 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

3,242 downloadsDownload Subtitles20 KB

21 comments

  1. Prabodha

    Godak sthuthi....

  2. Prabodha

    Sthuthi obata...

  3. මයුර

    සබට ස්තූතියි අයියේ..
    බාලා තියාගත්තේ බලමු එහෙනම්..

  4. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ !!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Anonymous

    aluth ewa denna godak aya innawa. eth dan karan yana ewege subs parakkui. aluth ewa karana kenekta dennako miss wena subs karala danna. Star girl Episodes dekak awila. kawruth ekata subs denne ne.

  7. Milan

    E-01 ake withrada subtitles tynne thawama

  8. Chamiya_A.$.K

    පට්ට.uri:surgical strike ෆිලුම බලපු කෙනෙක්නන් කතාව කොහොම එකක්ද කියලා දන්නවා❤️❤️.සබට තෑන්ක්ස්.දිගටම ගේමු

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අයියේ...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

    1. Raveen

      mata meke torrent eka baganna puluwan web ekak kiyanawada plz

    2. Anonymous

      Torrentgalaxy.to

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Tharindu07

    Thanks Machooooo........!!!!!

    1. Raveen

      me season eka baganna puluwan torret web ekak kiyanna puluwanda,

    2. tharidu16

      ayi bn biscopedowload eke thiyenne

  12. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  13. tharidu16

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sahangayantha

    thanks a lot saho sub ekata

  16. sahangayantha

    thanks a lot saho

  17. Hari

    ගොඩාක් පිං කරන්නාවූ සේවයට.. ඔන්න බලන්න පටන් ගත්තා.. ජය වේවා!!!!!