ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 05 වෙනි කොටස අරගෙන ආවා. අගෝස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breathe කතාමාලාවේ නිර්භීත පොලිස් නිළධාරීයා වූ කබීර් සාවන්ත් ලෙස තම රංගන දායකත්වය ල…


ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 05 වෙනි කොටස අරගෙන ආවා. අගෝස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breathe කතාමාලාවේ නිර්භීත පොලිස් නිළධාරීයා වූ කබීර් සාවන්ත් ලෙස තම රංගන දායකත්වය ලබාදුන් Amith Sadh හමුදා මේජර්වරයෙක් ලෙස මේ කතාමාලාවට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඔබට බොලිවුඩ් චිත්‍රපට තුලින් දකින්නට ලැබුන ප්‍රකට චරිත වන Darshan Kumaar, Vikram Gokhale, Anath Narayan, Neeraj Kabi වැනි විශිෂ්ට නළු නිළි කැළක් මෙයට සම්බන්ධ වෙනවා. ඉන්දියානු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන ඌරී ප්‍රහාරය සහ එවකට එයට පිඹුරුපත් සැකසු දේශපාලනික පසුබිම ගැන තමයි මේ කතාමාලාවෙන් වැඩිපුරම විස්තර වෙන්නේ. ඉතින් පළවෙනි කොටසේ MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියා මේ ගැන කදිම ලිපියක් දීලා තියෙනවා. ඒ වගේම තරිඳු අයියගෙම අදහසකට අනුව හමුදාවේ අය භාවිතා කරන උපකරණ සහ සමහර ව්‍යයවහාර වචනයන් ගැනත් කෙටි හැඳින්වීමක් අපි ඔයාලා වෙනුවෙන් දීලා තියෙනවා. ඉතිං පසුගිය කොටස අපේ ශෂිත් සඳරුවන් සහෝ ඔයාලට ගෙනාවනේ, ඒ නිසා අපි අද කොටස පොඩ්ඩක් මතක් කර ගමු.
අද කොටස වෙන් වෙන්නේ ඌරී ප්‍රහාරයේ ආරම්භය වෙනුවෙන්, මේජර් විදීප් සිංට අනුමැතිය ලැබුනම තමන්ගේ කණ්ඩායම තෝරගන්නවා. ඒ වගේම මේ ප්‍රහාරයට කලින් දේශපාලනික පසුබිම හැදෙන්නේ කොහොමද කියලා අද ඔයාලට බලාගන්න පුලුවන්. ඒ වගේම හැම දේටම ඔලුව දාන අපේ ප්‍රවීණ මාධ්‍යවේදිනිය නම්රිතාට මොකද වෙන්නේ කියලා අද බලා ගන්න පුළුවන්. වැඩිය කියන්න බෑ කතාව ස්පොයිල් වෙන නිසා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලන ගමන් මේ කතාමලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මාවත් සම්බන්ධ කරගත්තට අපේ සහෝදර තරිඳු රුක්ෂාන් අයියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, රසික ඔබටත් ස්තූතිවන්ත වෙනවා. මේ කොඅටස බාගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම ගිහින් එන්නම්. නැවත ඊළඟ කොටසින් හම්බෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,940 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
8 comments
chamindu lakshitha
Prabodha
Sthuthi obata
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Suranjan
Thanks jayawewa.....!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Avrodh the Siege Within [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිප්‍රහාරය දියත් කිරීම… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Avrodh-the-Siege-Within-1.2.jpg)



Thanks BRO...Bandish Bandits එකටත් සබ් ඕනේ..