දින තුනක් පුරාවට මුණ ගැහුණු ඉෂාන්ලගේ අනන්‍යාලගේ කතාන්දරේ අවසානම ජවනිකාව. මොකද හිතෙන්නේ, කතාව හොඳයිද! නෑ, එක්කෝ දැන්මම කියන්න හදිස්සි වෙන්නෙපා!! මේ එපිසෝඩ් දෙකත් බලන්න. වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වුණහම ම ඇවිත් හොඳ නරක කියන්න. බාගෙට නතර කරනවට වඩා හොඳයිනේ, සම්පූර්ණයෙන්ම ඉවර කරනෙක. එකට ජීවත් වෙන්න තීරණේ කර…

දින තුනක් පුරාවට මුණ ගැහුණු ඉෂාන්ලගේ අනන්‍යාලගේ කතාන්දරේ අවසානම ජවනිකාව. මොකද හිතෙන්නේ, කතාව හොඳයිද! නෑ, එක්කෝ දැන්මම කියන්න හදිස්සි වෙන්නෙපා!! මේ එපිසෝඩ් දෙකත් බලන්න. වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වුණහම ම ඇවිත් හොඳ නරක කියන්න. බාගෙට නතර කරනවට වඩා හොඳයිනේ, සම්පූර්ණයෙන්ම ඉවර කරනෙක.
එකට ජීවත් වෙන්න තීරණේ කරන ඉෂාන් සහ අනන්‍යා ඔන්න අලුත් ගෙදරට ආපු පළවෙනිම දවස!
බඩු අස් කරලා පැයක් ගියේ නෑ, බෙල් එක වැදෙනවා,
බැලින් නම් ඉෂාන්ගේ අම්මලා….
අම්මලා දන්නවයැ ඉෂාන්ගේ ගෑණු ළමයා ගැන! ඔක්කොම වැඩ හබහ්…
ඔය අස්සේ අම්මලා ඉස්සරහා අනන්‍යා ඇවිත් ඉෂාන්ට කියනවා,
“ඉෂාන්, මම ප්‍රෙග්නන්ට් වෙලා!”
අද කතව ගැන මන් කියන්නේ ඔය වාක්‍ය පහ විතරයි, එතනින් එහා වෙන හැමදෙයක්ම ඔයාලම බලලා දැනගන්න.මේ කතා මාලාවේ මුල එපියේ ඉඳන්ම මට උදව් කරපු මිත්‍රයෙක් ඉන්නවා, අපේ බේනුකයා!! මිනිහා තමයි වැරදි අඩුපාඩු හරි ගස්සවලා ඔක්කොම පිළිවෙලක් කරලා විස්තර එහෙම හොයාලා දුන්නේ. ඉතින් ඒ වෙනුවෙන් සම්පූර්ණම ස්තූතියි යන්නේ ඕනේ එයාට. ඉතින් පුරා දවස් තුනක් ගෙනාපු Awkward Conversations With Girlfriend කතා මාලාව මෙතනින් සදහටම නිමාවට පත් වෙනවා. ආයේ ඉෂාන්ලගේ අනන්‍යාලගේ පිස්සු ආදර අන්දරේ Renew වෙන්නේ නැහැ. හැබැයි මේ වගේම තවත් අලුත්ම මිනි සීරීස් එකක් තියෙනවා,
Awkward Conversations With Parents! කියන නමින්. දැන්මම බැරි වුණත් ඔයාලගේ කැමැත්ත අකැමැත්ත අනුව ඒකත් උපසිරැසි කරනෙක ගැන හිතලා බලන්නම්. පටන් ගත්තු දවසේ ඉඳන් ගොඩක් දෙනා කියපු කතාවක් තමයි, අනේ Runtime එක තව පොඩ්ඩක් වැඩි වුණා නම් කොච්චර දෙයක්ද? කියලා… මාත් පිළිගන්නවා කතාව. තව පොඩ්ඩක් දිග එපිසෝඩ් ටිකක් ආවනම් ඇත්තටම මරු. මොනා කරන්නද ඒත් ඉතින්! කොහොම නමුත්, මෙච්චර කල් කතාවත් එක්ක එකතු වුණු හැමදෙනාටම බොහොම ස්තූතියි. ඔය පහළින් තියෙන ටිකත් කියෝගෙනම යන්න.
ගොඩක් අයට ඉන්දියන් වෙබ් සීරීස් නිකන් ඇලජික් වගේ… පොඩ්ඩක් මූණුපොතේ හොයලා බැලුවොත් ඉන්දියාවෙන් ගහන්නේ ඉෂි අම්මලගේ කතායි අඩි හයේ මසාලා චිත්‍රපටි විතරයි, කියන අන්දකයිප්පු මතේ ඉන්න ගෝනිබිල්ලෝ ඕනේ තරම් බලාගන්න පුලුවන්. ඒ මහත්තුරුන්ට කියන්නේ පොඩ්ඩක් ගිහින්
TVFලගේ මිනි සීරීස් එකක් බලලා එන්න,
Netflixලගේ Prime Videoලගේ ඇක්ෂන් ත්‍රිලර් එකක් බලලා එන්න,
TSP, Karippu වගේ Youtube චැනල් පැත්තට ගොඩ වෙලා එන්න,
ඉන්දියානු සිනමා කර්මාන්තය කියන්නේ මස්ගුලි පුරෝගත්තු ලෝකල් සුපර් මෑන්ලගේ ජිම් එකක් විතරක්ම නෙමෙයි. එතනින් එහා තියෙන ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් වේවි, පොඩ්ඩක් මහන්සි වුණොත්!
හොඳයි එහෙනම්! පුරාජේරුකතනය අහවරයි. කතාවත් අහවරයි. ඔය පහළ තියෙන හිස් ඉඩකඩේ මොනවා හරි ලියන් ගියා කියලා අපි කවුරුවත් අමනාප වෙන්නේ නැහැ. මොකද මේ දෙන උපසිරැසියෙන් අපිට ලැබෙන එකම හයිය, ඔය පහළ ඉඩකඩේ ලියවෙන අකුරු පේළි කීපය විතරයි!
කතාමාලාව ගැන හැම අදහසක්ම එතන අකුරු කරගෙනම යන්න. තවත් කතාවක් සමඟින් ඉක්මනටම මුණ ගැහෙමු.
ජය වේවා.!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,184 downloadsDownload Awkward-Conversations-with-Girlfriend-S01-E05-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
12 comments
geeganagamage
Hashan
තෑන්ක්ස් සබ් ටිකට Awkward Conversations with Parents එකටත් සබ් කරමු :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Pcvenom
wade patta
geeganagamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට .
Lasantha
Patta..
Thawath ekak one..Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
නියම කතාවක්...
මේ වගේ තවත් එකක් අරන් එන්න...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!හසිදු රසාංජන
සුපිරි මචන්. ඊලග එකත් ඕනේ. බොහොම ස්තූතියි
Achi
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි මේ ලස්සන කතා මාලාව අවසන් වෙනතුරු අරගෙන ආවාට .