Watch Trailer

Awkward Conversations with Girlfriend (2020-) [S01 : E03 & E04] Sinhala Subtitle | කලින් කෙල්ලද? දැන් කෙල්ලද? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කතාංග දෙක දීලා ටික දවසකුත් වෙනවනේ, ඔන්න එහෙනම් තුන්වෙනි සහ හතර වෙනි කතාංග දෙක ගෙනත් තියනවා. පෞද්ගලිකවම මම නම් වැඩියෙන්ම හිනා වුණු එපිසෝඩ් දෙක තමයි මේ.. විශේෂෙන්ම හතරවෙනි කතාංගය, වැඩි විස්තර කියන්න කලින් මතක් කරන්න ඕනේ, ඔයා මේ කියවන්නේ Awkward Conversations With Girlfriend මිනි-සීරීස් එකේ පළව…

පළවෙනි කතාංග දෙක දීලා ටික දවසකුත් වෙනවනේ, ඔන්න එහෙනම් තුන්වෙනි සහ හතර වෙනි කතාංග දෙක ගෙනත් තියනවා. පෞද්ගලිකවම මම නම් වැඩියෙන්ම හිනා වුණු එපිසෝඩ් දෙක තමයි මේ.. විශේෂෙන්ම හතරවෙනි කතාංගය,

වැඩි විස්තර කියන්න කලින් මතක් කරන්න ඕනේ,

ඔයා මේ කියවන්නේ Awkward Conversations With Girlfriend මිනි-සීරීස් එකේ පළවෙනිම ආටිකල් එක නම් එපා! කියවන එක නවත්තන්න! පහළ තියෙන ලින්ක් එකෙන් පළවෙනි ආටිකල් එකට මාරු වෙන්න. සම්පූර්ණ විස්තරේම ඇති. ඒක කියෝලම මේකට එන්න.

හොඳයි එහෙනම් මතකනේ මුල් එපිසෝඩ් දෙකේදී ඉෂාන්ට වුණු අකරතැබ්බිය? මේ එපිසෝඩ් දෙකත් ඊට දෙවෙනි නැහැ. කොහොමත් මේ දවස්වල College Romance කතාවලට පොඩි ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා වගේ. කොහොමෙන් හරි, ඒ කතා වැඩක් නෑනේ… අපි බලමු අද කතාන්දරේ!

තුන්වෙනි එපියෙන්,

ඉෂාන්ගේ පෙම්වතිය අනන්‍යායි, මිනිහගේ රූමා සචින්ගෙ පෙම්වතිය ශිවානියි, පොඩි කතාබහක ඉන්න වෙලාවක්! ඔය වෙලාවෙදි වෙච්චි සිදුවීමක් හින්දා සචින්ගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ශිවානි දන්නවා කියලා, අනන්‍යා දැනගන්නවා. හැබැයි ඉෂාන්ගේ පාස්වර්ඩ් එක අනන්‍යා දන්නෑ.

“සචින්ගේ පාස්වර්ඩ් එක ශිවානිට දෙන්න පුලුවන් නම් ඔයාගේ පාස්වර්ඩ් එක මට දෙන්න බැරි ඇයි? ”
සුපුරුදු බරබරය අනන්‍යා පටන් ගත් වගයි~
තමන්ගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඉල්ලුවොත් ඔයා දෙනවද?
සත්‍ය, පිවිතුරු, අකලංක ප්‍රේමවන්තයෝ ටික නමි කියාවි, අනේ දෙනවා නේන්නම්… එයාගෙන් හංගන්න දෙයක් තියෙනවද මට?

එකපාර දෙක තුනක් මේන්ටේන් කරන පරම පිවිතුරු සෙට් එක කියාවි, පිස්සුද බන්! ඒ මොන එහෙකටද? මගේ හැමදේම එයා දැන ගන්න ඕනේ යැ!! ඔතනින් ඔයා අයිති මොන ගොඩටද? උත්තරේ දෙන ගමන් බලන්නකෝ ඉෂාන් අයිති වෙන්නේ මොන ගොඩටද කියලා.

හතරවෙනි එපියෙන්,

දෙන්නා යනවා හොද ඉතාලි රෙස්ටුරන්ට් එහෙකට රෑ කෑම ගන්න කියලා. ඔතන ඉඳන් කෑම ඕඩර් කරන අස්සේ කඩේට එනවා අමුත්තෙක්. එයාව දැකපු ගමන් ෂොක් වෙන්නේ ඉෂාන්ව. බැලින් නම්, ඉෂාන්ගේ කලින් පෙම්වතිය, පාලක්! පොඩ්ඩක් හිතන්නකෝ. ඔයා, ඔයාගේ ගෑණු ළමයාත් එක්ක කඩේකට වෙලා ඉද්දි එකපාරටම ඒ කඩේටම ඔයාගේ කලින් ගෑණු ළමයාත් ආවොත්? ඒක නම් මදෑ,

ඒ කෙල්ල ඇවිත් ඔයාලා ඉඳන් ඉන්න මේසෙම වාඩිවෙලා දැන් යාලු වෙලා ඉන්න ගෑණු ළමයත් එක්ක කයියක් ගහන්න ගත්තොත්? හම්බේ ඉතින්. අපි ඒ ගැන කතා නොකර ඉමු. මේ ජරමර අස්සේ ඉෂාන්ට මොනවා වුණාද කියලා හොයාගන්න නම් හතර වෙනි කතාංගය බලන්නම වෙනවා.

Awkward Conversations With Girlfriend ඉන්දියන් මිනි වෙබ්-සීරීස් එකේ 2/3ක්ම වෙද්දි අහවර වෙලා තියන්නේ. දැන් ගේන්න තියන්නෙ අන්තිම කොටස් 02 විතරයි. මතකනේ එදත් කිව්වා, සහෝදර ඔබෙන් ලැබෙන ප්‍රතිචාර තමයි අපිවත් ඉක්මන් කරවන්නේ. කොහොම වෙතත්, හිතේ තද කරන් ඉන්න අදහස් උදහස් ඔක්කොම මෙතනින් බිම තියන්න. මොකද ඉෂානුයි අනන්‍යාලයි ඔයලාත් එක්ක ඉන්නේ තව එක දවසක් විතරයි. හැකි ඉක්මනින්ම 05වෙනි සහ 06වෙනි කොටසුත් ගේන්නම්.

ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,423 downloadsDownload Awkward-Conversations-with-Girlfriend-S01-E03-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

2,423 downloadsDownload Subtitles22 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ.

  3. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. Asela Hemantha

    Thnkzz Bro. Wating for next episode

  6. Mokith

    great job. ituru tikat ikmninma dendoo

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!