පලවෙනි කොටසින්ම අපේ මේ අපරාධ නාට්‍යයට අමුතු රසයක් එකතු වුනානේ. ඒකට ලොකුම හේතුව වුනේ අපි ප්‍රවෘත්ති වල දැකලා තිබුන ඉරාකයේ යුද්ධය, ඒ විදිහටම මේ නාට්‍යය තුලත් දකින්න පුලුවන් වුන එක. ඒ වගේම මේ කතා මාලාවෙන් මැදපෙරදිග යුද කලාපයක ජීවත්වීමේ සංකීර්ණතාවය, කරදර සහ සැකයන් කියන මේ සේරම කැටුව සිත් ඇදගන්නා සුළු ව…

පලවෙනි කොටසින්ම අපේ මේ අපරාධ නාට්‍යයට අමුතු රසයක් එකතු වුනානේ. ඒකට ලොකුම හේතුව වුනේ අපි ප්‍රවෘත්ති වල දැකලා තිබුන ඉරාකයේ යුද්ධය, ඒ විදිහටම මේ නාට්‍යය තුලත් දකින්න පුලුවන් වුන එක. ඒ වගේම මේ කතා මාලාවෙන් මැදපෙරදිග යුද කලාපයක ජීවත්වීමේ සංකීර්ණතාවය, කරදර සහ සැකයන් කියන මේ සේරම කැටුව සිත් ඇදගන්නා සුළු විදිහට මේ කතාව ගොතලා තියෙනවා. හරි එහෙනම්. මේ තමයි තුන්වෙනි කොටස බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ. ඉතින් වැඩි කතා නැතුව පසුගිය කොටසින් වුන දේ මොකක්ද කියලා බලමු.
අල් කෆාජි තමන්ගේ අතුරුදහන් වුන දියණිය වන සෝසන්ව හොයාගෙන යද්දී, බ්‍රිතාන්‍යය රජයෙන් ඉරාකයට ආපු නිලධාරියෙක් වන ටෙම්පල් කියන පුද්ගලයාව කෆාජිට හම්බවෙනවා. ඉතින් මේ ටෙම්පල් කියන පුද්ගලයා හදන්නේ ඉරාකයේ නැතිවෙලා ගිය පොලිස් බලකාය නැවත ගොඩනගන්නයි. ඉතින් මේ සදහා කෆාජිගෙන් උදව් ඉල්ලනවා. කෆාජිත් මේකට කැමති වෙනවා. ඒ වගේම කෆාජි මේකට නිකම් නෙමෙයි කැමති වෙන්නේ. කෆාජි ඉල්ලීමක් කරනවා ඇගේ බාල දියණිය වන මුරූජ් ට තියෙන වකුගඩු රෝගයට බෙහෙත් කරන්න ඕනෑ කියලා. මේකට ටෙම්පල් කැමති වෙනවා විතරක් නෙමෙයි එයාලා දෙන්නටම ග්‍රීන් සෝන් එකේ නවාතැන් ගන්න පුලුවන් වගේම, මුරූජ්ට නොමිලේම බෙහෙත් කරනවා කියලත් පොරොන්දු වෙනවා.
එහෙම කියද්දිත් කෆාජි කොහොමද මේකට අකමැති වෙන්නේ?
ඒත්, අපිට දෙවනි කතාවේදී දැකගන්න ලැබුනා මේ හමුදාවත් එක්ක කෆාජි වැඩකරනකොට කෆාජිට ලොකු අපකීර්තියකට මුහුණ දෙන්න වෙනවා. මේ හේතුව නිසාම අල් කෆාජිගේ අසල්වැසියන් ඔහුගේ මහල් නිවාස සංකීර්ණයෙන් ඉවත් වෙන ලෙස කෆාජිගෙන් ඉල්ලනවා. ඒකට හේතුව මේ නිවාස වල ඉන්න පදිංචිකරුවන් සහ පීඩිතයන් අතර තියෙන ආතතීන් උත්සන්න වෙන්න පටං ගන්න නිසයි.
අපිට දැකගන්න ලැබුන විදිහට අල් කෆීජ් කියන්නේ යාලුවන්ට වඩා හතුරන්ව හදාගන්න දක්ෂ කෙනෙක්. ඉතින් පළමුවන කොටසේදී කෆාජිව හමුදා අත්තඩංගුවට අරගෙන එයාට වධ හිංසා කරනවනේ සාලීම් අල් නසීර් කියලා පුද්ගලයෙක්. ඉතින් මේ නසීර් එක්ක කෆාජි ආපහු සැරයක් රණ්ඩුවක් ඇති කරගන්නවා. මේ අපි උපසිරැසි ලබා දුන්න කතාවන්ගෙන් මේ වනකොට ගොඩක්ම කැපී පෙනුන මාතෘකාවක් වුනේ සනාගේ සිදුවීමයි. ඇමරිකානුවන් විසින් ලිංගික අතවරයට ලක්වූ තරුණියකට, ඇය පිළිබඳව ලැඡ්ජා හිතිලා එයාගේ පවුලේ ප්‍රාණ ඇපකාරයෙකු වෙන්න කිබර්ට්ව මරලා දාලා තමන්වත් මරාගන්නවා.
සනාට සෝව්සන් එක්ක සම්බන්ධතාවයක් තිබුනා. ඒ ඇමරිකානුවන් එක්ක වැඩකරනකොට තමන්ව කැන්ඩි කියලා හදුන්වාගෙනයි හිටියේ. එයාලා ඇමරිකානුවන් වෙනුවෙන් වැඩකරේ කොහොමද කියන එක අපිට තාම ප්‍රශ්ණයක්, ඒත් මේකට කොහෙන් හරි සම්බන්ධයක් විශ්ව විද්‍යාලයේ ඉන්න මහාචාර්යතුමිය වන සුබෙයිඩා රෂීඩ්ට තියෙනවා. එක්කෝ වෙලාවකට අපිට නිගමනය කරන්න පුලුවන් ඉරාකයේ ඉන්න තරුණියන්ව මේ මහාචාර්යවරිය ඇමරිකානුවන්ට විකුණනවාවත්ද කියලත්. කැන්ඩි එලියට එන්නේ මේ දෙවෙනි කොටසෙන්. කොන්ඩම් එකක් දාගෙන හිටපු මැරුණ මනුස්සයෙක්ව වාහනේක දාගෙන, කලාපයේ හමුදා මුරපොල වෙතට වාහනේ පදවාගෙන එනවා. ඇය දිවි ගලවා ගන්නවා. මෙතනදී කෆාජිට වෙලාවක් ලැබෙනකම් ඉන්නේ මේ කැන්ඩි එහෙමත් නැත්නම් සාරා එක්ක කෆාජිට කතා කරන්න. ඒකට හේතුව, සාරා එක්ක කතා කරලා තමන්ගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය මොනව වගේම, දියණිය අතුරුදහන් වීමට හේතුව මොකක්ද කියන දේවල් ගැන දැනගන්න. කිසිම කෙනෙක් එයාව බලන්න යන්නේ නැහැ. ඒත් ටෙම්පල් එයා දිහා එලියේ තියෙන කවුලෙන් බලාගෙන ඉන්නවා ලොකු දෙයක් ඔලුවේ තියාගෙන.
ඒ සේරම ලස්සනට කතාව හරහා ගලාගෙන යනවා.
වැදගත්ම දේ තමයි අල් කෆාජි ටෙම්පල්ගේ සහ ඇමරිකානු හමුදාවේ කැප්ටන් පැරොඩිගේ හිත් දානගන්න පටං ගන්නවා. ටෙම්පල්ගේ සේෆ් හවුස් එකක සිදුවුන අපරාධයක කෆාජිගේ පරීක්ෂණ හැකියාව කොයි වගේද කියලා මනාවට පෙන්වනවා. ඒ වගේම කෆාජිගේ හැකියාව නිසාම තමයි කිබර්ට්ගේ මිණිය හොයාගන්න පුලුවන් වුනෙත් අස්සක දාලා තියෙද්දි. ඒ වගේම කැන්ඩිගේ තත්වය හැසිරවීම ගැනත් ඔවුන් ගොඩක් සතුටු වෙනවා.
නමුත් ඒ කිසි කෙනෙක්ට නොදැනෙන්න කෆාජි තනියම ග්‍රීන් සෝන් එක ඇතුලේ තම දියණිය අතුරුදහන් වීම පිළිබඳ රහසිගත පරීක්ෂණයක් සිදුකරනවා.
ඉතින් අද කොටස එතැන ඉදන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා…!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,401 downloadsDownload Baghdad-Central-S01-E03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
5 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…සබ් එකට තැන්ක්ස්…