Watch Trailer

Banshee [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගෙන් වෙන්වූ කල [සිංහල උපසිරසි සමඟ] (18+)

බැන්ෂී තුන්වෙන් කතා මාලාවත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වෙන්නෙම නෑ. ඉස්සර මම කිව්වා ව‍ගේ මේක තවත් ආරම්භයක් විතරයි. නමුත් ගොඩක් දුක්බර ආරම්භයක් වෙන්නත් පුලුවන්. කර්නල් දැන් යකා ආවේශ වෙලා ඉන්නේ. තමන්ගෙ මොලකාරයා ලියෝ එක්ක එකතු වෙලා මිනිහා ගේම ගහනවා. ජොබ් මොන තරම් වැඩ්ඩා වුනත් පොඩිම පොඩි අත් වැරැද්දකි…

බැන්ෂී තුන්වෙන් කතා මාලාවත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වෙන්නෙම නෑ. ඉස්සර මම කිව්වා ව‍ගේ මේක තවත් ආරම්භයක් විතරයි. නමුත් ගොඩක් දුක්බර ආරම්භයක් වෙන්නත් පුලුවන්.

කර්නල් දැන් යකා ආවේශ වෙලා ඉන්නේ. තමන්ගෙ මොලකාරයා ලියෝ එක්ක එකතු වෙලා මිනිහා ගේම ගහනවා. ජොබ් මොන තරම් වැඩ්ඩා වුනත් පොඩිම පොඩි අත් වැරැද්දකින් වැඩේ කණපිට ගැහුවා. ‍හුඩ් ඇරෙන්න අනෙක් තුන් දෙනාම කර්නල්ට අහු වුනා. ඉතින් හුඩ් මොනවා කරයිද මේකට. සල්ලි ආපහු දෙයිද? දන්නෑ බලමු. මේ අතර කායිව අරන් යනවා ෆ්‍රේෂර්ගෙ අය. ඉතින් කායි තන‍ියෙන් උන්ට ගහලා ගිනි තියලා පිට වෙන්නේ. තමන් දෙවියන් ගැන විශ්වාසය ඇති කරගත්තත් ආපහු ඒ විශ්වාසන නැති කරගත්තා. කායි දන්නවා තමන්ට උරුම පලිගැනීම සහ සාහසික බව විතරයි කියලා.

කර්ට් බන්කර්. අනෙක් මාතෘකාව. බන්කර් කියන්නේ පොඩි කාලේ ගොඩක් දුක් විඳපු කෙනෙක්. ඒ නිසාම ඇ‍ඟ පුරා පච්ච ගහගෙන ඉන්නේ. නමුත් හරිම අහිංසක වගේම අවශ්‍ය වෙලාවට අහිංසකකම පැත්තකින් තියලා යකා ආරූඪ කරගන්න කෙනෙක්. බන්කර්ටත් තියෙනවා බැන්ෂී වල අතීතයක්. බන්කර් සහ කැල්වින් කියන්නේ සහෝදරයෝ. මෙයාලා “බ්‍රදර්හුඩ්” කියලා කල්ලියකට සම්බන්ධ වෙලා තමයි හිටියේ. කර්ට් බන්කර් ඒකෙන් අයින් වෙලා පොලිස් රස්සාවට බැඳෙනවා. මේ නිසා කැල්වින් බන්කර් ඇතුලු “බ්‍රදර්හුඩ්” සාමාජිකයෝ ඒකට තරහෙන් ඉන්නේ. ඉතින් විටින් විට කර්ට් බන්කර්ට ප්‍රහාර එල්ල‍ වුනත් කර්ට් ඒවගෙන් සැලෙන්නෙ නෑ. නමුත් හැමදාම ඒක කරන්නත් බෑ. බන්කර් සහෝදරයෝ කියන්නේ ඉස්සරහට අපිට නැතිවම බැරි සුපිරි චරිතය ටිකක්.

දැන් අපි දන්නවා ජොබ් හුඩ් එක්ක අවුලෙන් ඉන්නේ කියලා. ඒ වගේම දන්නවා මේ යාලුවෝ දෙන්නා කො‍හොමද මුණ ගැහුණෙත් කියලා මුලින්ම. ජොබ් එදා ඉඳන්ම දිවේ කුණුහරපේ තියාගෙන හිටපු සුපිරිම මොලකාරයෙක්. ගොඩක් අය ජොබ් පස්සෙන් එනවා මොකද ජොබ් සුපිරිම වැඩ කරපු පොරක් නිසා. ඒවා ගැන අද දැනගන්න පුලුවන්. ඉතින් අදින් තුන්වනි සීසන් එක ඉවර වුනාට බලන කෙනාට මේ මොකක්ද යකෝ වුනේ කියලා ‍‍ලොකු කුතුහලයක්, දුකක් ඇති කරලයි ඉවර වෙන්නේ. එහෙනම් හතරවෙනි සීසන් එකෙන් හම්බවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

14,885 downloadsDownload Banshee.S03E10.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

14,885 downloadsDownload Subtitles21 KB

17 comments

  1. Chandima Prasad

    තෑන්ක්ස් මචං මේ සීසන් එකත් කලින් ඒවා වගේම වෙලාවට තිතටම සබ් එක දුන්නට..ඇත්තටම මේ ෆට්ට කතාව බලන්න ආසාව ඇති උනේ උබේ සබ් එක නිසාමයි....ඊලඟ සීසන් එකත් මේ ගැම්මටම දියං..උබට ජයවේවා රංග ප්‍රසන්න...

  2. හසා

    ගොඩක් ඉක්මනට මේකේ sub දුන්නට thanks මචං..ඊලග සීසන් එකක් ඉක්මනට දෙන්න❤️

  3. Bobby

    Thank you very much Bro for the Sub

  4. Anonymous

    බොහෝම ස්තූතියි සහොදරයා ඉක්මනට සබ් එකත් දුන්නා ඔක්කෝගෙම.අනිත් එකත් ඉක්මනට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Theekshana

    Thank you bro

  8. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  9. හසා

    S4 එකේ සබ් දෙන්නේ නැද්ද??

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. shan

    සුපිරි සහෝ..දැන් තමයි සීසන් 3 ඉවරකරන්න යන්නේ..

  12. RaZoR

    Thanks for the sub mcn <3

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Ashen Dilhara

    Thank you so much Ranga ayye...

  15. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  16. viraj

    thanks.............

  17. Anonymous

    ඔයාට බොහොම පිං සහෝ අපි වෙනුවෙන් මේ සීරිස් එකට සබ් කරන්න මහන්සි උනාට. ජය වේවා ඔයාට. බොහොම පිං. බොහොම ස්තුතියි..